Monday, February 28, 2011

song

අභියෝග වලට වෛර නොකළ යුතුයිFebruary 28, 2011 06:00 pm


එල්ල වන අභියෝග හා බාධා කිරීම් වලට වෛර නොකළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එකී අභියෝග හා බාධා කිරිම් අපව ශක්තිමත් කරනා බවත්,එබැවින් එකී අභියෝගයන් සතුටින් බාරගත යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද(28)පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නව පිහිනුම් තටාකය පාසල් දරු දැරියන්ට පවරාදීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

උගතමනා ශිල්පය රජ මැතිදුන්ටවත් අත්පත් කර ගත නොහැකි බවට වන ආප්තෝපදේශයද ජනාධිපතිවරයා විසින් මෙම අවස්ථාවේදී සිහිපත් කරන ලදී.

බාලවිය යළිත් අත්පත් කරගත නොහැකි බැවින් අධ්‍යාපනයට නිසි තැන ලබා දී මැනවින් අධ්‍යාපනය හැදෑරීම,ක්‍රීඩා කෞෂල්‍යයන් පෙන්වීම හා ප්‍රගුණ කිරීමද ඉතා වැදගත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

පෞද්ගලික ඔසු සැල් වැටලීම ඇරඹෙයිFebruary


දිවයින පුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සහ විලවුන් අළෙවි කරන මධ්‍යස්ථාන වැටලීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විලවුන් උපකරණ හා ඖෂධ පිළිබඳ ජාතික අධිකාරිය තීරණය කර තිබේ.

විශේෂයෙන්ම තත්ත්වයෙන් බාල ඖෂධ හා විලවුන් උපකරණ අළෙවි කිරීම , ගබඩා කිරීම මෙන්ම ඖෂධ අළෙවියේ දී නියමිත ප්‍රමිතීන්ට අනුව කටයුතු නොකිරීම යන කරුණු මුල් කර ගෙන මෙම වැටලීම් සිදු කිරීමට නියමිතය.

ඇතැම් පෞද්ගලික ඔසුසැල් පුහුණු ඖෂධවේදියෙකුගේ සේවය නොමැතිව පවත්වාගෙන යන බවත් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ එකම ශීතකරණයක් තුළ ගබඩා කිරීම ද දැක ගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

විලවුන් උපකරණ සහ ඖෂධ පිළිබඳ ජාතික අධිකාරිය මඟින් පසුගිය වසරේ වැටලීම් 239ක් සිදු කර ඇති අතර එයි 203ට එරෙහිව නඩු පවරා රුපියල් මිලියන 2ක මුදලක් දඩ වශයෙන් අය කර ගෙන තිබේ

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එපා කියූ 400 ක් අත්අඩංගුවට


ඉන්දියාවේ,චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසා දමන ලෙස ආණ්ඩුවට බල කරමින් විරෝධය පෑ දකුණු ඉන්දීය දේශපාලනඥයින් වන වයිකෝ,පී.නැදුමාරන්,පාණ්ඩියන් ඇතුළු 400 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.‍

මෙම විරෝධතා පා ගමන සඳහා අවසර ලබා ගෙන නොතිබීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පොලීසිය සඳහන් කර තිබේ.

ඉන්දීය එම්.ඩී.එම්.කේ පක්ෂ මහ ලේකම් වයිකෝ ගේ සහභාගිත්වයෙන්,පී.නැදුමාරන්ගේ නායකත්වයෙන් තවත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ගණනාවක සහභාගිත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

එල්.ටී.ටී.ඊ නායක වී.ප්‍රභාකරන්ගේ මව වූ පාර්වතී අම්මාල් මිය ගේ සොහොනට බලු මළකුණු ගෙන විත් දැමීමට විරෝධය පාමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතාවයක් පැවැත්වීමට දකුණු ඉන්දීය ද්‍රවිඩ නායකයින් තීරණය කර තිබුණු බව ඊයේ සඳහන් කෙරිණි.

ඒ අනුව අද(28)චෙන්නායි,මයිලපූර්හි තාගේෂ්වර උද්‍යානයෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කෙරුණු අතර එය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දක්වා පැමිණ තිබේ.

පාර්වතී අම්මාල් මිය ගේ අදාහන කටයුතු සිදු කළ දින රාත්‍රීයේ කිසියම් වූ සන්නද්ධ පිරිසක් විසින් වෙඩි තබා මරා දමන ලද බල්ලන් තිදෙනෙකුගේ මළ කුණු සොහොනට ගෙනවිත් දමා තිබු බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.

මෙම සිදුවීම ම්ලේච්ඡ ක්‍රියාවක් බවත්,මෘත දේහය දහනය කළ සොහොන මැදින් වාහනයක් එහා මෙහා පදවාගෙන ගොස් තිබීම නිසා මිනී අළු විසිරී තිබුණු හෙයින් ඇගේ මරණය වෙනුවෙන් නිසි පරිදි චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදුකරන්නට අවස්ථාව නොලැබුණු බවත්ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ ශිවාජිලිංගම් මහතා මීට පෙරාතුව ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් මෙම නින්දිත ක්‍රියා මාර්ගයට එරෙහිව දකුණු ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉවත් කරගත යුතු බවට බල කරමින් අද දිනයේ විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේපයට බලපෑ හේතු වාර්තාවක් අධිකරණයට


පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම් වලට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද(28) දින නියම කර ඇත.

අදාළ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට බලපෑ හේතු දැ‍ක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

මැතිවරණ නීති කඩකිරීම් වලට අදාළව ඉදිරිපත් වූ චෝදනා වර්ග 11 ක් යටතේ එම ප්‍රතික්ෂේප කිරීම් සිදුකර ඇති බව ඒ පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳව වර්ගීකරණයක් දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අධීකරණය මෙම නීති කඩකිරීම් පිළිබඳව සොයාබලා සුදුසු තීන්දුවක් ලබාදිය යුතු බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම් සියල්ල මාර්තු මස 08, 21, 22, 23, 28 සහ 29 යන දිනවල විභාග කිරීමට තීන්දු කරනු ලැබීය.

බදුල්ල -පස්සර නාය යාම තවදුරටත් -ප්‍රවේශම් වන්නැයි ඉල්ලයි


බදුල්ල - පස්සර මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේ පවත්නා නාය යෑම් අවදානම් තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

නාය යාමට ලක්වන ප්‍රදේශයේ පස් මහමාර්ගයට වැටීමේ ඉඩකඩක් පවතින බැවින් රිය පදවන්නන් ප්‍රවේශම් විය යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.

මේ වන විට නාය යෑම් අවදානමට ලක්ව ඇති නිවාස හයක පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීමට ද කටයුතු යොදා ඇත.

අදාළ ප්‍රදේශයේ තිබු වතු රෝහලක්, දේවස්ථානයක්, ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් මෙම නාය යෑම් අවදානමට ලක්ව ඇති බව සඳහන්ය.

ලිබියාවේ ශ්‍රී ලාංකිකයින් 36 ක් යළි දිවයිනට February 28, 2011 12:17 pm


ලිබියාවේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් එහි සේවයේ නියුක්තව සිටි ශ්‍රී ලාංකිකයින් 36 දෙනෙකු මේ වන විට දිවයිනට ගෙන්වා ගෙන ඇතැයි විදේශ‍ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊයේ(27) දිනයේ පුද්ගලයින් නව දෙනෙකු සහ අද(28) අලුයම තවත් පුද්ගලයින් පිරිසක් දිවයිනට පැමිණි බව එම කාර්යාංශය සඳහන් කරනු ලැබීය.

ඔවුන් මෙරටට‍ ගෙන්වා ගැනීම සඳහා ගුවන් ටිකට් පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදී තිබේ.

දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් මේ ආකාරයෙන් ලිබියාවේ සිරවී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු යොදා ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

තමිල් අරුසකච්චි තනිව තරගකර දිනුවොත් දේශපාලනයෙන් සමුගන්නවාFebruary 28, 2011 11:03 am


නැගෙනහිර පළාත සඳහා ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය තනිව තරගකර ජයග්‍රහණය කළහොත් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව එම පළාත් මහ ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි.

මඩකළපුව නගරයේ රුපියල් කෝටි 07 .5 ක වියමින් ඉදිකරන ලද නව බස් නැවතුම්පළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මධ්‍යම රජය සමග එක්ව කටයුතු කරන එකම පක්ෂය සිය පක්ෂය පමණක් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නැගෙනහිර පළාතට සංවර්ධනය සහ බලය ලබාගත හැක්කේ මධ්‍යම රජය සමග එක්ව කටයුතු කළහොත් පමණක් බව ද චන්ද්‍රකාන්තන් මහතා අවධාරණය කර සිටියේය.

ජනතාව තුළ ආවේගයක් ඇතිකරන දේශපාලනයක නිරතවුවහොත් ජනතා මතය වෙනස්විය හැකි බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

හර්ෂ අබේවික්‍රම නව ගුවන් හමුදාපති ධුරයේ වැඩ බාරගනියිFebruary 28, 2011 10:36 am


එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සුළු මොහොතකට පෙර 13 වන නව ගුවන් හමුදාපතිවරයා ලෙස නිල වශයෙන් සිය ධුරයේ වැඩ බාර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා පසුගිය දා පත්කරනු ලැබීය.

විශ්‍රාම ලබන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාට සුබ පැතීම සඳහා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී ඊයේ(07) උත්සවයක් පැවැත්වුණි.

එහිදි ගුවන් හමුදාපතිවරයාට අයත් නිල යෂ්ටිය නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාට පිරිනැමීම සිදුවිය.

ගුවන් හමුදාපතිධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මෙතෙක් වැඩ බැලූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

මහින්ද සමරසිංහ අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අමතයිFebruary 28, 2011 09:47 am


අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද(28) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේ 16 වන සැසිවාරය ඇමතීමට නියමිතය.

එම සැසිවාරය මේ දිනවල ජිනිවාහිදි පැවැත්වෙයි.

මෙම සැසිවාරය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් නියෝජිත පිරිසක් පසුගියදා පිටත්ව ගියේය.

නීතිපති මොහාන් පීරිස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් මීට සහභාගී වී සිටින අතර එක්සත් ජාතීන්ගේ ජිනිවා කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂෙනුකා සෙනවිරත්න මහත්මිය ද සමුළුවට එක්ව සිටියි.

ශ්‍රී ලංකා දූත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෙයි සමඟ මෙරට වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද සඳහන්ය

ඇන්ඩෲ විජේසූරිය ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයටFebruary 28, 2011 08:59 am

ඇන්ඩෲ විජේසූරිය මහතා නව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත්ව තිබේ.

ජනක නානායක්කාර මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ ලේකම් ධුරයට පත්වීමත් සමග ඇන්ඩෲ විජේසූරිය මහතා මෙම ධුරයට පත්ව ඇත.

ඡන්ද කටයුතු වලට රාජ්‍ය දේපළ දුන්නොත් ගාස්තුවක් අය කළ යුතුයිFebruary 28, 2011 08:20 am


කිසියම් දේශපාලන පක්ෂයක මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ ලබාදෙන්නේ නම් ඒ සඳහා අනිවාර්යෙන්ම ගාස්තුවක් අය කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ති‍බේ.

අදාළ දේපළ ලබාදිය යුත්තේ දේශපාලන පක්ෂ විසින් ඒවා ඉල්ලුම් කරණු ලබන අනුපිළිවෙල අනුව බව ද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා රාජ්‍ය දේපළ ඉල්ලා සිටිය ද එය ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට හේතුව ලේඛනගත කර ඉදිරිපත් කළ යුතු බව ද එමගින් දැනුම් දී ඇති බව සඳහන්ය.

කිසියම් දේශපාලන පක්ෂයක මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රජයේ දේපළ නොමිලයේ ලබාදීම රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කිරීමක් ලෙස සලකනු ලබන බව ද මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

රජය හා දෙමළ ජාතික සන්ධාන තවත් සාකච්ඡාවක් හෙටFebruary 28, 2011 08:15 am


දෙමළ ජාතික සන්ධානය සහ රජය අතර තවත් සාකච්ඡාවක් හෙට(01) පැවැත්වීමට නියමිතය.

රජය සමග පවත්වන මෙම සාකච්ඡාව සඳහා ප්ලොට් සංවිධානයට ද ආරාධනා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

ප්ලොට් සංවිධානයට මෙම සාකච්ඡා සඳහා ආරාධනා කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඊ.පී.ඩී.පී. සංවිධානයට ද මෙම සාකච්ඡා සඳහා ආරාධනා කිරීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ වව්නියාව දිස්ත්‍රික් ප්‍රධානියෙකු අද දෙරණට සඳහන් කළේය.

උතු‍රේ වැසියන් නැවත පදිංචි කිරීම, ඉඩම් අහිමි වූ වැසියන් සහ යාපනයේ ධීවරයින් මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහිදි දීර්ඝ වශයෙන් රජය සමග සාකච්ඡා කරන බව ඔහු ප්‍රකාශ කළේය.

පොලිස් ඩිෆෙන්ඩරයට අයෙක් බිලි-4 ට තුවාල



බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ සන්නස්ගම ප්‍රදේශයේදී පොලිස් සේවා වනිතා ඒකකයේ ප්‍රධානීන් පිරිසකට ආරක්ෂාව සපයමින් ගමන්ගත් ඩිෆෙන්ඩරයක් අනතුරට පත්වීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

අද කතරගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වූ මෙම පිරිස යළි කොළඹ බලා එමින් සිටියදී සන්නස්ගම ප්‍රදේශයේදී ඩිෆෙන්ඩරය යතුරුපැදියක ගැටී පාරෙන් ඉවතට ඇදී ගොස් තිබේ.

එහිදී යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා ඩිෆෙන්ඩරයට යටවී මිය ‍ගොස් ඇති අතර තුවාල ලැබූ සිව් දෙනා රත්නපුර ‍රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ තිදෙනෙකු මෙන්ම තවත් සිවිල් වැසියෙකු තුවාල ලැබූ පිරිසට අයත් බව සඳහන් වේ.

පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස කටයුතු කරනු ලබන්නේ පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ බිරිඳ හෙයින් ඇයට ආරක්ෂාව සපයමින් ධාවනය වූ ඩිෆෙන්ඩරය මෙලෙස අනතුරට ලක්ව ඇති බව නිල නොවන ආරංචි මාර්ග සනාථ කර

Sunday, February 27, 2011

බාධක නොතැකූ රියදුරා දුම්රිය ඇංජිමේ ගැටී එතැනම මියයයිFebruary 27, 2011 04:40 pm

කොළඹ-හලාවත දුම්රිය මාර්ගයේ කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේදී දුම්රිය ඇංජිමක හැපී අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද සවස 4.00 ට පමණ ගණේමුල්ල ප්‍රධාන මාර්ගයෙන් පැමිණි අත් ට්‍රැක්ටරයක් දුම්රිය මාර්ගය වසා තිබියදී මුරකපොල්ල නොතකා ඉඩකඩ තිබූ තැනකින් අත් ට්‍රැක්ටරය ඇතුළු කරවූ බවත්,එහිදී ඒ වන විට දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් පැවති දුම්රිය ඇංජිමක ගැටුණු බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

අත් ට්‍රැක්ටරය පැදවූ තැනැත්තා ඒ මොහොතේම එතැනදීම මිය ගිය බව සඳහන් වේ.

ඊයේ රාත්‍රීයේද මෙම ස්ථානයේ දී තවත් අයෙකු දුම්රියේ ගැටී මරුමුවට පත් වූ අතර මීට සති දෙකකට ඉහතදී තවත් කාන්තාවක්ද මෙම ස්ථානයේදීම අනතුරට ලක්වී මිය ගොස් ඇත

එදා රාත්‍රං,මිල මුදල් කොල්ලකරුවෝ අද අල,පරිප්පු කොල්ල කනවාFebruary 27, 2011 03:06 pm

අලුතෙන් මුද්‍රණය වූ 5000 නෝට්ටුවේ මීට පෙර මුදල් නෝට්ටුවල දක්නට ලැබුණු සිංහයා ලකුණ නැත්තේ ආණ්ඩුවේ වත්මන් භාවිතයට සිංහයා නොගැලපෙන බව ආණ්ඩුව කල්පනා කරන නිසා විය හැකි යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මුදලේ වටිනාකම අද හෑල්ලූ වී ඇති නිසා රුපියල් පන්දහසේ නෝට්ටු මුද්‍රණය කරන්නට සිදුව ඇති බවත්,රුපියල් දහසකින් ගත් භාණ්ඩ මිලදී ගන්න අද රුපියල් පන්දහසකට වඩා වැය වන බවත් ජ.වි.පෙ ප්‍රචාරක ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ වත්මන් භාවිතාවට අනුව නම් ගැලපෙන්නේ සිංහයෙකු නොව නරියෙකු බවත්,අද නාගරික ජනතාව විශාල අසීරුතාවකට පත්ව සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(27)පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

"අද වන විට ජනතාවට දරා ගන්න බැරි තරමට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින්. ආණ්ඩුව පනවන අධික බදු නිසා බඩු මිල ඉහළ යනවා. ඒ විතරක් නොවෙයි, ඒකක 120ට වඩා පරිභෝජනය කරන නිවාසවලට, කර්මාන්ත ශාලාවලට, වෙනත් ආයතනවලට විදුලිය බිල 8%කින් ඉහළ නංවා තිබෙනවා. කර්මාන්ත ශාලාවල විදුලිය බිල ඉහළ ගියාම එහි නිෂ්පාදනය කරන භාණ්ඩවල මිලත් ඉහළ යනවා. අද වැඩි දෙනාගේ අවධානයට ලක් වෙන්නේ එළවළු මිල ඉහළ යාම පමණයි. නමුත් විදුලිය ගාස්තු ඉහළ යාම නිසා මදුරු කොයිල් එකේ සිට, සබන් කැටේ, දත් බෙහෙත් එකේ සිට මිල ඉහළ යමින් තිබෙනවා. ඒ විතරක් නොවෙයි. පාසල්වල මූලික අවශ්‍යතා ඉටු කරන්න සිදු වී තිබෙන්නේත් දෙමාපියන්ට. ඩෙස්පුටු, කළු ලෑල්ල පමණක් නොවෙයි චෝක් කෑල්ල පවා අරගෙන දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ දෙමාපියන්ට. පොත් බෑගයට සල්ලි ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා.

ආශ්චර්යවත් සෞඛ්‍ය සේවාවක් තිබෙනවා කියා ඇමතිවරයා කිව්වාට රෝහල්වල දැඩි ඖෂධ හිඟයක් තිබෙනවා. දඹුල්ල, කුරුණෑගල ඇතුළු රෝහල් ගණනාවක මී උණ රෝගීන්ට දෙන බෙහෙත් නැහැ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පමණක් පසුගිය දිනවලදී මී උණ රෝගීන් 119ක් වාර්තා වුණා. ඔවුන්ගෙන් 12 දෙනකු මරණයට පත්ව තිබෙනවා.

මේ අතරේ ආණ්ඩුව ඉන්දියානු තෙල් සමාගමට ඉන්ධන මිල ඉහළ නංවන්න ඉඩ දුන්නා. අපට තිබෙන ආරංචිවලට අනුව ඡන්දය අවසන් වූ ගමන්ම නැවතත් ඉන්ධන මිල ඉහළ යාමට නියමිතයි. එවිට බස් ගාස්තු, ත‍්‍රී වීල් ගාස්තු ඇතුළු ප‍්‍රවාහන සේවාවල මිල ඉහළ යනවා. එවිට නැවතත් බඩු මිල ඉහළ යනවා. කිරි පිටි මිල ඉහළ යාම ආණ්ඩුව දැන් තාවකාලිකව නතර කර තිබෙනවා. ඡන්දය ඉවර වූ විගස කිරිපිටි වගේම ගෑස් මිලත් ඉහළ යාමට නියමිතයි.

භාණ්ඩ මිල ඒ ආකාරයට ඉහළ ගොස් තිබෙන අතරේ ආණ්ඩුව අය කරන විවිධ ගාස්තු ඉහළ දමා තිබෙනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ගාස්තු, වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, විදේශ ගමන් බලපත් ගාස්තු, සියලූම විභාගවල විභාග ගාස්තු ඉහළ නංවා තිබෙනවා. රුපියල් 200ක් වූ විභාග ගාස්තු රුපියල් දහසක් දක්වා වැඩි කර තිබෙනවා.

මේ නිසා අද පාරිභෝගිකයා පමණක් නොවෙයි සිල්ලර වෙළෙන්දා පවා අසරණ වෙලා ඉන්නවා. සිල්ලර වෙළෙන්දා අද බඩු විකුණා ගන්න බැරිව සිටිනවා. වෙනදා පොළට ආපු වෙළෙන්දා අද එන්නේ නැහැ. ඒ වගේම, ආණ්ඩුවට බදු ප‍්‍රතිපත්තියක් නැති නිසා තොග වෙළෙන්දාත් අපහසුතාවට පත්ව තිබෙනවා. මේ තත්වය පාලනය කරන්න ආණ්ඩුවට විසඳුම් නැහැ. ඒ නිසා පැලැස්තර අලවමින් සිටිනවා.

එළවළු ප‍්‍රවාහනයේදී පෙබරවාරි පළමුවැනිදා සිට ප්ලාස්ටික් බකට් අනිවාර්යය බවට නීතියත් ගෙනාවා. එවැනි තීරණයක් ගන්නා විට ගොවීන්ට, වෙළෙන්දන්ට බකට් හඳුන්වා දී තිබුණේ නැහැ. ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛනවලට අනුව ප්ලාස්ටික් බකට් ලක්ෂ හතක් අවශ්‍යයි. දැන් මාර්තු පළමු වැනිදා සිට නැවත ප්ලාස්ටික් බකට් අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ වන තුරුත් ඊට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් නිකුත් කර නැහැ. ක‍්‍රියාත්මක කරන්න හදන පැලැස්තර විසඳුමක්වත් හරියට කරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ.

මේ තත්වය නිසා අද රට පුරා තැන් තැන්වල හොරකම්, මංකොල්ලකෑම් සිදු වෙනවා. කප්පම් ඉල්ලීම් වැඩි වී තිබෙනවා. ඉස්සර කොල්ලකෑවේ රත‍්‍රං හෝ මුදල්. නමුත් දැන් චින්තන ආශ්චර්යේ බලමහිමයෙන් වැඩිපුර කොල්ල කන්නේ අල, පරිප්පු වැනි අතශ්‍යවශ්‍ය ආහාර. පසුගියදා රත්මලානේ සිට අකුරැස්ස බලා අල, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ ලොරියක් කොල්ලකෑමට ලක් වුණා.

මේ අතරේ ආණ්ඩුව උත්සවවලට කෝටි ප‍්‍රකෝටි ගණන් නාස්ති කරනවා. හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයට වරාය අමාත්‍යාංශයෙන් පමණක් රුපියන් තුන් කෝටි පනස් ලක්ෂයක් වැය කර තිබෙනවා. ඉන් එක් කෝටි අසූ දෙලක්ෂයක් වැය කර තිබෙන්නේ සංස්කෘතිකාංගයක් සඳහා. ඒ විතරක් නොවෙයි, හෙජිං ගනු දෙනුව නිසා කෝටි 700ක් විතර රටට අහිමි වී තිබෙනවා. මේ තරම් රටේ ප‍්‍රශ්න තිබෙන්නේ ඇමති මණ්ඩලයක් 95ක් පත් කළා. ඒ 95න් 10ක්ම කිසිම වගකීමක් නැති කාර්ය භාරයක් නැති ඇමතිවරු. ඒ බරත් අද දරන්න සිදු වී තිබෙන්නේ ජනතාවට. ආණ්ඩුවේ මේ නාස්තිකාරී වැඩ නිසා එහි බර ජනතාවට දරන්න සිදු වී තිබෙනවා. අද වාහන බලපත‍්‍ර ගාස්තු, විභාග ලියාපදිංචි වීමේ ගාස්තු වැඩි කරන්න සිදු වී තිබෙන්නේ මේ නාස්තිය නිසා. ඇමතිකම් නැති මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රාඩෝ ගන්න කෝටි 148ක් වැය කළා.

රජයේ ආයතනවල සිදු වන දූෂණ, වංචා වළක්වන්න වැඩපිළිවෙළක් නැහැ කියා කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතාම පිළිගෙන තිබෙනවා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අක‍්‍රිය කොට තිබෙනවා. ඒ නිසා කෝප් කමිටුව කිසියම් දූෂණයක්, අක‍්‍රමිකතාවක් සොයා ගත්තත් ඊට දඬුවම් කරන්න යාන්ත‍්‍රණයක් නැහැ." යයි කීවේය. මේ අයුරින් දීර්ඝ ලෙස කරුණු දැක්වූ මන්ත්‍රීවරයා ඉහළ යන බඩු මිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීමේ දැවැන්ත විරෝධතා පා ගමනක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බවත්,මාර්තු මස පළමුවැනිදා ප.ව. 3.00ට කැම්බල් පිටියෙන් එකී පාගමන ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා ගමන් කරන බවත් අවසාන වශයෙන් කියා සිටියේය.

තානාපති සබඳතා දුෂ්කරයි-ඒත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වනවා February 27, 2011 12:58 pm

ලිබියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කිරීමේදී එහි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සම්බන්ධ කරගැනීම දුෂ්කර වී ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බී.බී.සී ලෝක සේවයේ සංදේශය වැඩ සටහනට ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඇතැම් විට කඩින් කඩ තානාපතිවරයා සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණත් එය ප්‍රමාණවත් නොවන බවත් ඉතා සුළු මොහොතකින් එකී සබඳතාවය බිඳ වැටෙන බවත්අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ලිබියාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු මේ වන විට ග්‍රීසියට පැමිණ ඇති බවත්,එම පිරිස ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ මොහොතේ පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

තවත් ශ්‍රී ලාංකිකයින් 400 ක් පමණ ලිබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටින බව හා එම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු යොදන බවද හෙතෙම සඳහන් කර තිබේ.

ලිබියාවේ සිටින ඉන්දියානුවන් ගෙන්වා ගැනීමට නැවක් යැවීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බවත්එබැවින් මේ වන විට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රොමේෂ් ජයසිංහ හරහා ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් නිරූපමා රාඕ මහත්මිය මගින් එකී නෞකාවටම නංවාගෙන ශ්‍රී ලාංකිකයින් පිරිසද ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලමින් සිටින බව විදේශ කටයුතු ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවටම නැතත් අසල්වැසි ග්‍රීසිය,මෝල්ටාව වැනි රටකට හෝ ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ එහිදී අවධානය යොමු කරන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ලිබියාවේ පවත්නා දැවැන්ත අර්බුදය නිසා මේ වන විට ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු ඉතාලි තානාපති කාර්යාලය හරහා සම්බන්ධීකරණය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

නායකඩ කන්ද නාය යෑමේ අවදානමක්..!February 27, 2011 11:02 am

බදුල්ල , මීගහකිවුල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කලුකහකඳුර ගම්මානයට ඉහළින් ඇති නායකඩ කන්දේ නාය නායමත් සමඟ ගල් කඩා වැටීමේ අවදානමක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම කන්දේ සිට පෙරළෙන ගල් කෙළින්‍ම පතිත වනුයේ ප්‍රපාතයේ පහළ ඇති විදුහලට බව ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි.

මේ හේතුවෙන් එම විදුහලට දරුවන් එවීමට පවා ප්‍රදේශවාසීන් බියක් දක්වන අතර අවදානම් සහිත නිවාස වල ජනතාව එයින් ඉවත්වී ඇති බවද වාර්තා වේ.

මීට දිගු කලකට ඉහත දී මෙම කන්දේ සිට දැවැන්ත නායයාමක් සිදුවීම හේතුවෙන් මෙම කන්ද නායකඩ කන්ද ලෙස නම් කොට තිබේ.

මේ පිළිබඳව කඩිනමින් භූ විද්‍යා පරීක්ෂණයක් පවත්වන ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට පත්වීම් 3389 ක්February 27, 2011 10:44 am

රාජ්‍ය කළමනාකරණ සහකාර‍ සේවයේ තුන් වන පන්තියේ නව පත්වීම් 3389 ක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2009 වසරේ පවත්වන ලද විභාගයේ ප්‍රතිඵල මත මෙම පත්වීම් ලබා දෙන බව රාජ්‍ය පර්පාලන හා ස්වදේශන කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම අමාත්‍යාංශය පවසන්නේ ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ වන විටත් පවත්වා අවසන් බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයට 376 දෙනෙකු , මහනුවර දිස්ත්‍රික්කයට 223 දෙනෙකු , ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා 181 දෙනෙකු වන පරිදි දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස මෙම පත්වීම් ලබා දීමට නියමිතය.

මෙම නව පත්වීම් ලබන අප්‍රේල් වන විට ප්‍රදානය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශන කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

වහලයෙන් බිමට වැටී සිවිල් ආරක්ෂකයා මරුටFebruary 27, 2011 10:40 am

හලාවත , ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී වහලයකින් වැටීමෙන් සිදු වූ අනතුරකින් සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

‍ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇති බව හලාවත පොලිසිය ප්‍රකාශ කරයි.

සාලියවැව පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා අඹකැලේ , බීජ පොල් පර්යේෂණ ආයතනයේ ‍ආරක්ෂක කටයුතු වල නිරත වී සිටිය දී මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.

වහලයෙන් බිමට වැටීමෙන් අනතුරට පත් වූ මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලිසිය ප්‍රකාශ කරයි.

ගුවන් හමුදාවේ මහ පුටුව භාරදීම අදයි-වැඩ ඇරඹීම හෙටයිFebruary 27, 2011 10:23 am

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා වෙත තමා මෙතෙක් දැරූ ධූරය නිල වශයෙන් පිරිනැමීම අද(27)සිදුවන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා පසුගිය දා පත්කරනු ලැබිණි.

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් ‍ගුවන් හමුදා පරිශ්‍රයේ දී අද පස්වරුවේ නිල වශයෙන් ගුවන් හමුදාපතිධුරය භාර දීම සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.

එයින් ඉක්බිතිව හෙට දිනයේදී(28)එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා සිය නව ධූරයෙහි වැඩ භාර ගැනීම නිල වශයෙන් සිදුකරන බව පැවසෙයි.

ගුවන් හමුදාපතිධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මෙතෙක් වැඩ බැලූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ පිහිටුවීමට රජය තීරණය කර තිබේ

බස් නැවතුම්පොළක මළ සිරුරක්..!February 27, 2011 10:00 am

ඇඹිලිපිටිය - රත්නපුර ප්‍රධාන මාර්ගයේ කහවත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් අසළ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මිය ගොස් සිටි පුද්ගලයාගේ මුහුණේ සීරීම් තුවාල තිබූ බව කහවත්ත පොලිසිය පවසයි.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(27) ‍රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ දී සිදු කිරීමට නියමිතය.

මෙසේ මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කරයි.

මාර්තු 1 ට පෙර කටවුට් නොකවුට්ලු..?February 27, 2011 09:00 am

පළාත් පාලන මැතිවරණයට අදාළව ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර් , කටවුට් සහ බැනර් සියල්ල මාර්තු මස 1 වැනි දිනට පෙර ඉවත් කළ යුතු බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

දිවයිනේ ප්‍රදේශ රැසක පළාත් පාලන මැතිවරණයට අදාළව පෝස්ටර් , කටවුට් සහ බැනර් විශාල වශයෙන් ප්‍රදර්ශනය කර ඇති බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙය මැතිවරණ නීතීය උල්ලංඝණය කිරීමක් වන බැවින් එම සියලු දෑ ඉවත් කිරීමට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව ගාමිණි නවරත්න මහතා පවසයි.

මාර්තු මස 1 වැනි දිනට පෙර එවැනි සියලු පෝස්ටර් , කටවුට් සහ බැනර් ඉවත් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

එසේ නොකළහොත් එම සියලු දෑ ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරන බව ද ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දැව ජාවාරම ජයට ගෙන ගිය පොලිස් සැරයන් මාට්ටුFebruary 27, 2011 08:55 am

පොලිස් සැරයන්‍වරයෙකුගේ මූලිකත්වයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දැව ජවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට අනුරාධපුර අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබේ.

රුපියල් ලක්ෂ 2 ට අධික තේක්ක දැව තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටිය දී මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ලොරි රථයේ සිටි අනුරාධපුර නගරයේ ලී වෙළදසැලක සේවකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පොලිස් සැරයන්වරයා ව්‍යාජ බලපත්‍ර යොදා ගනිමින් කාලයක සිට මෙලෙස දැව ජාවාරමේ නිරත වී ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පොලිස් සැයන්වරයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බව සඳහන්වේ..

ශ්‍රී ලංකාව පරදා පකිස්ථානය තියුණු ජයක් ලබයි February 26, 2011 10:51 pm

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අද(26) පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 11 ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත්විය.

‍ කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් පකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 277 ක් රැස්කරනු ලැබීය.

‍ පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 50 අවසානයේදී කඩුලු 09 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 266 ක් පමණි.

මුරලි ලෝක කුසලාන වැඩිම කඩුලු ලැබූවන්ගෙන් දෙවන තැනට February 26, 2011 08:10 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් දෙවන පන්දු යවන්නා ලෙස වාර්තාවකට හිමිකම්කීමට අද(26) ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමත්විය.

‍ ඒ පකිස්ථාන කණ්ඩායම සමග කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී 56 වන කඩුල්ල ලබාගැනීමත් සමගය.

‍ මීට පෙර එම ස්ථානයේ රැඳී සිටියේ කඩුලු 55 ක් ලබාගෙන සිටි පකිස්ථාන ක්‍රීඩක වසීම් අක්‍රම්ය.

‍ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේන් මැග්‍රාත් කඩුලු 71 ක් ලබාගනිමින් ලෝක කුසලාන ක්‍රිකට් තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයාට හිමි වාර්තාව උසුලයි

සංගක්කාරගෙන් ලෝක වාර්තාවක්

ලෝක කුසලාන ක්‍රිකට් තරග වලදී වැඩිම දවාගැනීම් සංඛ්‍යාවක් සිදුකළ දෙවන කඩුලු රකින්නා ලෙස වාර්තාවකට හිමිකම්කීමට අද(26) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර සමත්විය.

‍ ඒ පකිස්ථාන කණ්ඩායම සමග කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී දවාගැනීම් 38 ක් සම්පූර්ණ කිරීමත් සමගය.

‍ දවාගැනීම් 52 ක් සමග ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් ලෝක කුසලාන තරග තුළ වැඩිම දවාගැනීම් සංඛ්‍යාවක් සිදුකළ පළමු කඩුලු රකින්නාට හිමි වාර්තාවට හිමිකම් කියයි.

මාර්තු 01, 03 මීගමුව ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් වෙනුවෙන් මාර්තු මස 01 සහ 03 යන දෙදින තුළ මීගමුව නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

මීගමුන නගර සභා බල ප්‍රදේශය, දූව පිටිපන, කටුනායක ආයෝජන කලාපය සහ කටුනායක ගුවන් හමුදාව යන ප්‍රදේශ වලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ අනුව එම දෙදින තුළ පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කරයි.

එමනිසා ජලය ඉතා අරපිරිමැස්මෙන් යුතුව පරිභෝජනය කරන ලෙස එම මණ්ඩලය ජනතාව වෙත වැඩිදුරටත් දැනුම් දෙයි.

මාලදිවයින් ජනපති හා ශ්‍රී ලංකා ජනපති හමුවක්

පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා අද(26) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

මාලදිවයින් ජනාධිපතිවරයා සහ දූත පිරිස වෙත අරලිය ගහ මන්දිරයේදී දිවා භෝජන සංග්‍රහය ද පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඊයේ(25) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා අද රාත්‍රියෙහි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මාලදිවයින් ජනාධිපතිවරයා සමග මාලදිවයින් අමාත්‍ය මහමුද් රාසි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුසා මනික්, ඉබ්‍රාහිම් මොහොමඩ්, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් හුසේන් ෂිහාබ් යන පිරිස ද අදාළ අවස්ථාවට පැමිණ තිබේ.

එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රියංකර රත්නායක, රාජිත සේනාරත්න, බන්දුල ගුණවර්ධන, ජෙන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍ය අමාත්‍යවරියන් සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිසක් ද එක්වී සිටියහ.

Thursday, February 10, 2011

පින්නවල අලි අනාථාගාරය වෙනත් තැනකට ගෙනයන්නේ නෑFebruary 10, 2011 04:55 pm

පින්නවල අලි අනාථාගාරය වෙනත් ස්ථානයකට ගෙන යන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල‍ හේරත් මහතා පවසයි.

පින්නවල අලි අනාථාගාරය දෙස් විදෙස් සංචාරකයින්ට වඩාත් ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දැනටමත් සැලසුම් සකස් කර ඇති බව ඔහු සඳහන් කරයි.

අලි ඇතුන් දියනෑම සඳහා මාඔයට රැගෙන යන අලිමංකඩ වෙනුවට වෙනත් අලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව හෙතෙම කියා සිටියි.

එමෙන්ම මාඔය හරහා වේල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඉන්දු -ලංකා බෝට්ටු සේවය හෙට ඇරඹෙයිFebruary 10, 2011 04:41 pm

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පෞද්ගලික මගී හා භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවය හෙට(11) සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව හෙට දිනයෙහි ටොන් 300 ක බරකින් යුත් ලූණු, අර්තාපල් හා ධාන්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් රැගත් යාත්‍රාවක් ඉන්දියාවේ සිට කොළඹ වෙත ළඟාවන බව ද සඳහන්ය.

මෙම බෝට්ටු සේවය වසර 02 ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද ගැටුම් තත්ත්වය නිසා ඇනහිට තිබිණි.

එමෙන්ම තූත්තුකුඩිය හා මාලදිවයින අතර භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කිරීම පිළිබඳව ද මේ වනවිට කටයුතු කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ ප්‍රධානීන් 06 දෙනෙකුට විවෘත වරෙන්තුFebruary 10, 2011 04:24 pm

එල්. ටී. ටී. ඊ සංවිධානය වෙත අරමුදල් සපයා දීමේ චෝදනා එල්ල වී ඇති, තහනමට ලක්ව තිබෙන දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ ප්‍රධානීන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය විවෘත වරෙන්තු නිකුත්කරනු ලැබීය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවෙහි පෙනීසිටියේ නැත.

විත්තිකරුවන් මේ වනවිට අධිකරණය මගහැර සිටින බව මෙහිදී රජයේ නීතිඥවරයා කියා සිටියේය.

එම කරුණු සලකා බැලූ මහාධිකරණය එම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා රහස් පොලිසිය වෙත විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.

දෙමළ පුනරුත්ථාපන සංවිධානය සඳහා ලැබුණු අරමුදල් කොටි සංවිධානයේ අවි ආයුධ මිලදී ගැනීම ඇතුළු ක්‍රියාකාරකම් සඳහා යෙදවූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

අනතුරුව නඩු විභාගය ලබන 22 වන දිනට කල්දැමූ අධිකරණය එදිනට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද රහස් පොලිසියට නියෝග කරනු ලැබීය.

පාර වසා ඇත, කලින් එන්න -ශ්‍රී ලන්කන් දැනුම්දෙයි February 10, 2011 03:55 pm

විදෙස් ගමන් සඳහා කලින් ආසන වෙන්කරන ලද ගුවන්යානය පිටත්වීමට නියමිත වේලාවට වඩා අවම වශයෙන් පැය 04 ට පෙර සිය නිවෙස් වලින් පිටත්ව පැමිණෙන ශ්‍රී ලංකා එයාර්ලයින්ස් මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම ගුවන් තොටුපළ වෙත පැමිණීමේදී විකල්ප පිවිසුම් මාර්ග භාවිත කරන ලෙසද ඔවුන් ජනතාව වෙත දැනුම් දෙයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ශ්‍රී ලංකා -කැනඩා මිත්‍රත්ව මාර්ගය පෙබරවාරි 12 හා 13 යන දෙදින තුළ තාවකාලිකව වසා තිබීම මීට හේතුව බව ද සඳහන්ය.

මේ පිළිබඳව කාරුණික අවධානය යොමුකර සිදුවන අපහසුතාවයන් මගහරවා ගන්නා ලෙස ශ්‍රී ලංකා එයාර් ලයින්ස් මගී ජනතාව වෙත දැනුම් දෙයි.

පිළිතුරු සැපයීමට ඇමති නොමැති නම් නියෝජ්‍ය ඇමති සිටිය යුතුයිFebruary 10, 2011 03:21 pm

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමුකරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට අදාළ ඇමතිවරයා නොමැති නම් නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ පාර්ලිමේන්තු සභා ගැබේ සිටිය යුතු බව කතානායකවරයා දැනුම් දී තිබේ.

අදාළ පිළිතුරු ලබාදීම අවශ්‍ය බැවින් නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ සිටීම වැදගත් බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.

තමා මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

එසේ දැනුවත් කර තිබියදීත් ඔවුන් නොපැමිණීම පිළිබඳ තමාට කළ හැකි දෙයක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට අදාළ අමාත්‍යවරුන් අද දින සභා ගැබේ නොසිටීම සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක දී මෙම දැනුවත් කිරීම් සිදුවූ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

අවතැන් ජන සංඛ්‍යාව 140,665 ට අඩුවෙයිFebruary 10, 2011 09:27 am

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 140,665 දෙනෙකු දක්වා අඩු වී තිබේ.

තවදුරටත් අවතැන් වූ ජනතාව කඳවුරු 584ක් තුළ රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනු ලැබීය.

කෙසේ වුවත් පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17 දෙනෙකු දක්වා ඉහළ‍ ගොස් තිබේ.

පුද්ගලයින් 11 දෙනෙකු විවිධ අනතුරුවලට ලක්ව තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බව සඳහන්ය.

කෙසේ වුවත් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ 10ක් පමණ තවදුරටත් නාය යෑම් අවදානම් තත්ත්වයේ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මේ හේතුවෙන් තවදුරටත් එම දිස්ත්‍රික්ක දෙක නාය යෑම් අවදානම් කලාප ලෙස නම් කර ඇති බව එම සංවිධානයේ භූ විද්‍යා හා නාය යෑම් අධ්‍යයන අංශයේ ප්‍රධානී ආර්. එම්. එස්. බණ්ඩාර මහතා කියා සිටියේය.

මේ අතර ගංවතුර තත්ත්වයන් හේතුවෙන් කොටුවී සිටින මන්නාරම කුංජිකුලම ගම්මානයේ ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ‍ඊයේ(09) පිටත්කර යවා තිබේ.

Sunday, February 6, 2011

ජල ගැල්මෙන් පීඩාවට පත්වූවන් ලක්ෂ දොලහ ඉක්මවයි. - ප‍්‍රදේශ රැසක පාසල් වසා දැමේ.

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් දොලොස් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ පුද්ගලයන් දෙලක්ෂ 50,000 කට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටින බවයි. ඔවුන් තාවකාලික සහන මධ්‍යස්ථාන 689 ක රැදී සිටින බව ඔහු කියා සිටියා. අයහපත් කාලගුණය හේතුවෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 11 ක්. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් පියවර ගෙන ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කළේ. සහන සැලසීමේ වැඩපිළිවෙල ප‍්‍රාදේශීය ලේකම්වරුන් හරහා සිදුවන බව ඔහු කියා සිටියා.

මේ අතර, මල්වතු ඔය පිටාර ගැලීම නිසා මන්නාරම දිස්ති‍්‍රක්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ජාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (06) මන්නාරමේ දී පැවැත්වුණා. සාකච්ජාවෙන් අනතුරුව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු අමාත්‍යවරයා.

ගං වතුරෙන් හානියට පත්වු ප‍්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් නැංවීම සඳහා තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කොළඹ සිට අදාල ප‍්‍රදේශවලට අද (06) දිනයේ පිටත්කර හැරි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වෛද්‍යරවරුන් 12 ක්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් 22 ක්, හෙදියන් සහ ඖෂධවේදීන් ඇතුළු කණ්ඩායමක් ඒ අතර වන බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර, උතුරු මැද පළාතේ සෞඛ්‍ය කටයුතු සඳහා අමතර ගිලන් රථ 6 ක්ද, පිටත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ජලගැලීම් සහ නායයෑමේ අවදානමට ලක්ව ඇති දිස්ති‍්‍රක්කයන්හි ඇතැම් ප‍්‍රදේශවල විදුලිය විසන්ධි කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති විද්‍යා අමරපාල සදහන් කර සිටියේ ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කළ බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විද්‍යා අමරපාල.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ සියලූම පාසල් හෙට දිනයේ සිට දින 03 ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන දිස්ති‍්‍රක් ලේකම් රෝහන කීර්ති දිසානායක.

උතුරු මැද පළාතේ සියලූම පාසල්ද, හෙට සහ අනිද්දා යන දෙදින තුළදී වසා දැමීමටයි පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා අද තීරණය කළේ. එමෙන්ම, නැගෙනහිර පළාතේ දෙහිඅත්තකණ්ඩිය, අම්පාර සහ මහඔය අධ්‍යාපන කලාපවල හැර සෙසු සියලූම පාසල් ලබන බදාදා දින දක්වා වසා තැබෙනු ඇති. මහනුවර ගෝතමී විද්‍යාලය, වලපනේ කීර්තිබණ්ඩාරපුර පාසල සහ මාතලේ ඉඹුල්පිටිය මහා විද්‍යාලය හෙට දිනයේදී වසා තැබෙන බව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප‍්‍රකාශ කළා. ඊට අමතරව ගලේවෙල අධ්‍යාපන කලාපයේ, දඹුල්ල ජාතික පාසල, වීරමොහාන් ජයමහා විද්‍යාලය සහ වෑවල වැව මධ්‍ය මහා විද්‍යාලයද, හෙට දිනයේ වසා තැබෙනු ඇති.

ජලගැලීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කැකිරාව දක්වා සීමා කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියා.

බලාපොරොත්තු වූ පරිදි අද දිනයේ වර්ෂාවේ අඩුවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉඳිකැටිහේවගේ හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද පෙරවරු 8.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ වවුනියාව ප‍්‍රදේශයට බවයි. එය මිලිමීටර 7.3 ක් තරම් අඩු අගයක්. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉඳිකැටිහේවගේ

අඩු පීඩනයේ වෙනසක් නෑ-වැසි අවදානම තුරන් වී නෑ

දිවයිනට ඉහළ වායු ගෝලයේ අඩු පීඩන තත්ත්වය තවදුරටත් පවතින බැවින් වැසි සහිත කාලගුණයේ වෙනසක් සිදුනොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනූව නැගෙනහිර , මධ්‍යම , ඌව , උතුර සහ උතුරු මැද පළාත්වලට කඩින් කඩ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු ‍ප්‍රදේශවල ද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මේ අතර අධික වාර්ෂාව හේතුවෙන් පිටාර ගලමින් තිබු වැව් රැසක ජලමට්ටම පහත බැස ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ආචාර්ය ජි.ජි.ඒ.ගොඩලියද්ද මහතා පවසයි.

මේ අතර වැසි සහිත කාලගුණික තත්ත්වය පහව යන තෙක් නාය යෑම් පිළිබඳ ඉතා සුපරික්ෂාකාරීව සිටින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා කියා සිටියේය.

එසේ වුවද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා සඳහන් කළේ එම දිස්ත්‍රික්කයේ ජලගැලීම් තත්ත්වය ක්‍රමයෙන් බැස යමින් පවතින බවයි. මේ අතර පසුගිය දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව‍ හේතුවෙන් පුද්ගලයන් දොළොස් ලක්ෂ 43,000ක් පමණ පීඩාවට පත්ව තිබේ.

ඔවුන්ගෙන් දෙලක්ෂ 50,000ක් පමණ අවතැන් කඳවුරු 689ක් වෙත යොමුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වර්ෂාව හේතුවෙන් සිදුවු විවිධ අනතුරු වලින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද 11 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජලගැලීම් වලින් විපතට පත්වු අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සංචාරයක නිරතව තිබේ.

ජල ගැලීම්වලින් හානියට පත් කුඹුරු සඳහා නොමිලේ බිත්තර වී ලබාදීමට පියවර ගන්නා බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

කහවත්ත රෝහලේ වෘත්තීය ක්‍රියා මාර්ගය එලෙසම

රත්නපුර , කහවත්ත මූලික රෝහලේ කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටියි.

තම ගැටලුව සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ගෙන යන බව රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.

පසුගිය 4 වන දින රාත්‍රීයේදී බීමත් පුද්ගලයින් කිහිපදෙනෙකු රෝහලට පැමිණ රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝහල් පොලිසියේ නිලධාරීන්ට පහරදීමේ සිදුවීමට විරෝධය පළ කිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ බව සඳහන් වේ.

ඒ අනූව ඊයේ(05)දිනයේ සිට වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සේවා වලින් ඉවත්ව සිටියි.

මේ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වු බව ද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආපදා පෙදෙස් වල ඡන්දය එපා-විමල් ඉල්ලයි

ආපදාවට ලක්වු බහුතරයක් වෙසෙන ප්‍රදේශවල පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස ජාතික නිදහස් පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.

එම පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ලිපියක් මගින් මෙම ඉල්ලීම කර තිබේ.

මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇතිවු ආපදා තත්ත්වය හේතුවෙන් පළාත් රැසක විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

එබැවින් මාර්තු 17 වන දින අදාළ ප්‍රදේශවල මැතිවරණය පැවැත්වීම යෝග්‍ය නොවන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙම ලිපියේ සඳහන් කර තිබේ

ශ්‍රී ලංකාවට එරෙහිව වයිකෝ උපවාසයේ

අද(06)උදෑසන ඉන්දියාවේ නාගෙයි ප්‍රදේශයේ දී මෙම උපවාසය ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලාංකීය මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් ඝාතනය කළ බවට පවසමින් මොවුන් උපවාසය ආරම්භ කර තිබේ.

ඉන්දීය ධීවරයින්ගේ ගැටලුවට මධ්‍යම රජය තමන්ට සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලබා දෙන තෙක් උපවාසයේ නිරත වන බව වයිකෝ පවසයි.

මෙම උපවාසය සඳහා එම්.ඩී.එම්.කේ පක්ෂයේ සාමාජිකයින්ට අමතරව තවත් පක්ෂ කිහිපයක සහයෝගය ලැබී ඇති බව වාර්තා වේ.

උතුරු මැද පාසල් දින 2 ක් වසාදැමෙ

උතුරු මැද පළාතේ සියලුම පාසල් හෙට(07) සහ අනිද්දා(08) දිනයේ වසා තැබීමට තීරණය කර ඇති බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පවසයි.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

මේ අතර නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ,මඩකළපුව යන දිස්ත්‍රික්ක වල සියලුම පාසල් හෙට සිට දින 3ක කාලයක් වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය

එෆ්.එම් දෙරණින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එන්තරවාසියක්

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට ගුවන් විදුලි විස්තර විචාරයේ විකාශන අයිතිය එෆ්.එම් දෙරණට ලැබී තිබියදීත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් එම විස්තර විචාරය ලබා දෙන බවට පූර්ව ප්‍රචාරයන් සිදුකිරීම තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමක් බව පවසමින් එෆ්.එම් දෙරණ සිය නීතිඥයන් මගින් ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා වෙත එන්තර වාසියක් යවා තිබේ.

මෙම එන්තර වාසිය ඊයේ දිනයේ දී යවා ඇත.

ශ්‍රී ලාංකේය පෞද්ගලික ගුවන් විදුලි නාලිකා ඉතිහාසය වෙනස් කරමින් එෆ්.එම් දෙරණ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි විකාශන අයිතිය ලබාගත් පුවත ඉකුත් පෙබරවාරි මස 01 වන දින පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

එසේ වුවද ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරය ලබාදෙන බවට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් දිගින් දිගටම පූර්ව ප්‍රචාරක පට විකාශය කරනු ලැබිණි.

ඒ අනුව මින් ඉදිරියට එවැනි ප්‍රචාරක කටයුතු වලින් වළකින ලෙස හා ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් තමන්ට වූ අලාභය සම්බන්ධයෙන් වන්දි ලබාදෙන ලෙසද දැනුම් දෙමින් එෆ්.එම් දෙරණ සිය නීතිඥයින් වන"කැපිටල් ලෝ චේම්බර්ස්"නීතිඥ සමාගම මගින් ගුවන් විදුලි සංස්ථා සභාපති වෙත මෙම එන්තර වාසිය යවා තිබේ.

ෆොන්සේකා වෙනුවෙන් 8 දා සත්‍යග්‍රහයක්

ලබන 8 වැනිදා කොළඹ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට දැවැන්ත සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සරත් ෆොන්සේකා මහතා සිරගත කර වසරක් ගතවීම නිමිත්තෙන් මෙය සංවිධාන කරන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු ජනතා ව්‍යාපාරයේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය සඳහා පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා එක්විය යුතු බව ඔහු පෙන්වාදෙයි.

අද(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු විජිත හේරත් මහතා පැවසුවේ එක් එක් කාරණා හමුවේ වෙන්ව සටන් කිරීම හෝ එක්ව සටන් කිරීම පිළිබඳ වෙන වෙනම තීරණගත යුතු බවයි.

මන්ත්‍රීවරුන්ගේ උපවාසය මාරාන්තික වෙයිFebruary 6, 2011 12:36 pm

ඇඹිලිපිටිය නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසළ උපවාසයේ යෙදී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අද(06) දහවල් සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඊයේ සිට ආරම්භ කරන ලද මෙම උපවාසයෙන් තමන්ට කිසිදු පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම මන්ත්‍රීවරුන් පවසයි.

මෙම උපවාසයට හේතු වී ඇත්තේ මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී මෙම මන්ත්‍රීවරුන්ගේ නම් ඉවත් කිරීමයි.

මෙම සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් හෙට දිනයේ දී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි.

ජ.වි.පෙන් තරග කළොත් මැරුම්-අපේක්ෂිකාවකගෙන් පැමිණිල්ලක්February 6, 2011 12:30 pm

එළඹෙන පළාත් පාලන මැතිවරණයට පේදුරුතුඩුව නගර සභාවට තරගවදින ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂිකාවක වන තවරාසා පුෂ්පරාණි නැමැති අයට නන්නාදුනන පිරිසක් විසින් මරණ තර්ජන එල්ල කර ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රීයේ තමන්ට නාදුනන පිරිසක් විසින් මරණ තර්ජන එල්ල කළ බවට ඇය විසින් අද(06)පොලීසියට පැමිණිලි කර තිබේ.

ඇගේ නිවසට පැමිණුනු පොලිස් ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පිරිසක් විසින් මෙසේ තර්ජනය කර ඇති බවත්,ජනතා විමුක්ති පෙරමුණ සමග පවත්නා සබඳතා පිළිබඳ මෙම පිරිස විසින් ප්‍රශ්න කළ බවද සඳහන් වේ.

පළාත් පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග නොකරන ලෙසට තරයේ තවරාසා පුෂ්පරාණි නැමැත්තියට අවවාද කළ බවත්,එකී නියෝගය නොපිළිපදින්නේනම් මරා දමන බවට තර්ජනය කළ බවද අද දෙරණ වාර්තාකරු පවසයි.

ජනවාරියේ 11 දෙනෙක් ඩෙංගු මාරයාට බිලිFebruary 6, 2011 12:09 pm

ඩෙංගු රෝගය වැළඳීමෙන් ජනවාරී මාසය තුළ පමණක් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබේ.

ජනවාරී මාසය තුළ පමණක් ඩෙංගු රෝගය වැළඳුනු පුද්ගලයින් 831 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ‍අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඉන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 297 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් 107 දෙනෙකු මේ වසරේ ජනවාරී මාසය තුළ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඩෙංගු රෝගය වැළඳීමෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 5දෙනෙකු වන අතර කළුතර, හම්බන්තොට , මුලතිව් ල අම්පාර, රත්නපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලින් ද එක් පුද්ගලයෙකු බැගින් මිය ගොස් ඇති බව වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයට අදාළව 11 ක් අත්අඩංගුවේ

පළාත් පාලන මැතිවරණයට අදාළ පුද්ගලයින් 11 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

පොලිස් මැතිවරණ කාර්යාලය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ දිනය වන විට මෙම පිරිස අත්අඩංගුවට ගෙන සිටි බවයි.

පළාත් පාලන මැතිවරණ නීතී රීතී වලට පටහැනිව කටයුතු කළ සහ කලහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කරයි.

පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයට අදාළ සිදුවීම් පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද අඩු වී ඇති බව ගාමිණි නවරත්න මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණ නීතී පිළිබඳව අපේක්ෂකයින් දැනුවත් කිරීමේ කටයුතු දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වල මෙහෙයවීමෙන් තවදුරටත් ක්‍රියාත්මක බවද ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Wednesday, February 2, 2011

election

ඇමරිකාවෙන් තුනෙන් එකක් හිමෙන් වැසේ.

ඇමරිකා එක්සත් ජනපදයේ භූමි ප‍්‍රදේශයෙන් තුනෙන් එකක ජනතාව අධික හිම පතනයේ බලපෑමට ගොදුරු වී සිටිනවා. ගුවන්තොටුපල සහ පාසල් විශාල සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ. දශක ගණනාවකින් එරටට බලපෑ දරුණුතම හිම පතනය මෙයයි. චිකාගෝ නුවර හිම පතනයට දැඩි ලෙස මුහුණ පා සිටින ප‍්‍රදේශය වනවා. චිකාගෝ නුවර පාසල් වසා දමා ඇත්තේ වසර 12 කට පසුවයි. ටල්සා නගරය ද අධික හිම පතනයකට ගොදුරු වී ඇති අතර, එම ප‍්‍රදේශයේ ප‍්‍රධානතම පුවත්පත මුද්‍රණය ද වසර සියයකට පසුව නවතා දමා ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ. නිව්යෝක් සහ ඕක්ලොහෝමා යන ප‍්‍රදේශවල හිම ඉවත් කිරිමේ කටයුතු සහ අනතුරට පත්වූවන් සොයා දියත් කරන සහන මෙහෙයුම් ද මේ වනවිටත් කි‍්‍රයාත්මක වනවා.

මේ අතර, ඕස්ටේ‍්‍රලියාවේ කුවින්ස්ලන්ත වැසියන්ට ගොඩබිම වෙත ළගා වෙමින් පවතින යාසි සුළි කුණාටුවෙන් මිදීමට ප‍්‍රමාණවත් කාලයක් නොමැති බව වාර්තා වුණා. මීට පෙර එම ප‍්‍රදේශවලින් ඉවත් වන ලෙස කාලගුණ බලධාරීන් නිවේදනය කළත් එම නිවේදනවලට අනුව ප‍්‍රදේශ අතහැර නොගිය පිරිස් මෙම හදිසි ආපදාවට ගොදුරු වනු ඇති. සුළි කුණාටුව තවත් පැය කිහිපයකින් ගොඩබිම වෙත ළගා වනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ

ඇමති සැප රියේ හැපී කාන්තාවක් මරුටFebruary 2, 2011 09:27 pm

පශු සම්පත් අමාත්‍ය අරුමුගම් තොණ්ඩමාන් මහතාට අයත් මෝටර් රථයක හැපුණු කාන්තාවක් අද(02) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ති‍බේ.

තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් තලවකැලේ නගරයේදී මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන් වේ.

අමාත්‍යවරයාට අයත් මෙම මෝටර් රථය ඒ මොහොතේ නුවරඑළිය සිට කොටගල දක්වා ධාවනය වෙමින් පැවතී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කෙසේ වුවද අද ප.ව 4.00 ට පමණ මෝටර් රථයේ හැපුණු කාන්තාව බරපතල තුවාල ලබා ලිඳුල රෝහලටත්,වැඩිදුර ප්‍රතිකාර සඳහා එතැනින් නුවරඑළිය රෝහලටත් මාරු කර යවා තිබේ.

නුවරඑළිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් අධ්‍යක්ෂවරයා අද දෙරණට කියා සිටියේය.

නායයෑම් අවදානම් කලාප 4 ක් නම් කෙරේFebruary 2, 2011 07:00 pm

පවතින අධික වර්ෂාපතනයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 4ක් නායයෑම් අවදානම් සහිත කලාප ලෙස නම් කරයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් හා භුවිද්‍යා අංශ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසන්නේ නුවරඑළිය , මහනුවර , මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක නායයෑම් අවදානම් සහිත කලාප ලෙස නම් කර ඇති බවයි. මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සිටින ජනතාව තමන් සිටින භූමිය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටිය යුතු බව ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසයි.

නායයෑම් අවදානම් කලාප 4 ක් නම් කෙරේFebruary 2, 2011 07:00 pm

පවතින අධික වර්ෂාපතනයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 4ක් නායයෑම් අවදානම් සහිත කලාප ලෙස නම් කරයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් හා භුවිද්‍යා අංශ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසන්නේ නුවරඑළිය , මහනුවර , මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක නායයෑම් අවදානම් සහිත කලාප ලෙස නම් කර ඇති බවයි. මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සිටින ජනතාව තමන් සිටින භූමිය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටිය යුතු බව ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසයි.

දිස්ත්‍රීක් 7 ට මනාපය දී අවසන්February 2, 2011 04:24 pm

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දිස්ත්‍රික් 7 කට අදාළ මනාප අංක ලැයිස්තු මේ වන විට නිකුත් කර අවසන් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව මඩකළපුව, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල, මාතර, කොළඹ සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට අදාළ මනාප අංක ලැයිස්තු මෙසේ නිකුත් කළ බව නියෝජ්‍ය මැතිවරණ‍ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ලබන 7 වැනිදා වන විට සෙසු දිස්ත්‍රික්කවලට අදාළ මනාප අංක ලැයිස්තු නිකුත් කිරීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා 40,000 ක් පමණ ලැබී ඇති බැවින් ඒවා භාෂා 3 ට අදාළව අකාරාදී පිළිවෙළට සකස් කිරීමට යම් කාලයක් ගත වන බව ඔහු සඳහන් කළේය.

මනාප අංක සකස් කිරීමේ දී තාක්ෂණිකමය වශයෙන් ද යම් යම් බාධාවන් එල්ල වී ඇති බව දේශප්‍රිය මහතා තවදුරටත් ප්‍රකාශ කළේය

විදේශ රැකියා කරන 99%ට අඩු වැටුප් ලැබෙන්නේ නිසි පුහුණුවක් නැති නිසයිFebruary 2, 2011 04:03 pm

වැඩිම විදේශ විනිමයක් අපේ රටට ගලා එන්නේ විදේශ රැකියා හරහා වන මුත් ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 99% ක් විදේශ රැකියා කරන්නේ අඩුම වැටුප් ගෙවන මැදපෙරදිග කලාපයේ බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මේ තත්ත්වය උදාවී තිබෙන්නේ විදේශ රැකියා කරන අයට නිසි පුහුණුව හා රජයේ සහතිකයක් නොමැතිවීම නිසා බව අලහප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේය.

ඉදිකිරීම්, අභ්‍යාස හා පර්යේෂණ ආයතනය( ICTAD)යටතේ පුහුණුව ලබන අයට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් NVQසහතික ලබාදීම වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යාංශය සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය අතර අද (02)අවබෝධතා ගිවිසුමකට එලඹීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අදාළ ගිවිසුමට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, සු.සො.හේවාපතිරණ, නිවාස ඉඳිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්, එස්.එම්.ගෝඨාභය ජයරත්න යන මහත්වරුන් විසින් අත්සන් තබන ලදී.

එහිදී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

ඉඳිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තීරණාත්මක කටයුත්තකට පය තබන මේ මොහොතේ අප සියලූ දෙනාම සාක්ෂිකරුවන් වී සිටිනවා. අප සියලූ දෙනාම එකතු වී ඉදිකිරීරීම් ක්ෂේත්‍රයේ වසරකට පුහුණුව ලබාදෙන්නේ 10,000 කට පමණයි. පෙර දැනුම ඇගයීම( RPL )මඟින් ලබාදෙන සහතික මඟින් ක්ෂේත්‍රයේ නියුතු නිපුණයන්ගේ ආර්ථිකය වගේම ගෞරවයත් හිමිකරදී තිබෙනවා.

2012-2014 කාලය තුල වැඩිම වැටුප් ගෙවන යුරෝපීය වෙළෙඳ පොළ ආක‍්‍රමණය කරන්න අපිට පුළුවන් වේවි. ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයන් බිහිකිරිමට අද (02) අත්සන් තබන ලද මේ ගිවිසුම මහෝපකාරී වෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වූ නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය, විමල් වීරවංශ මහතා ද අදහස් දැක්වීය.

"අපි දෙන්නා අමාත්‍යවරුන් වශයෙන් රාජකාරී වැඩකට සම්බන්ධ වන පළමු අවස්ථාව මෙයයි. 1990 දශකයේ මුල් භාගයේ ලක්දිව හිරු පත්තරවල වැඩකරන කාලයේ මෙතුමාගේ බෝඩිමේ නිදාගෙන ඉදලා උදේට නැගිටලා යනවා. අපි දෙන්නා අද රටේ අනාගතය වෙනුවෙන් වූ ප‍්‍රබල දායකත්වයක් ලබාදෙන තැන් දෙකක වැඩකරනවා. උතුරේත්, දකුණේත් ඇතිවූ සෑම දේශපාලන ගැටුමකම පිටුපස රිදුම් දුන් කණ්ඩායම් දෙකක් නියෝජනය කිරීමේ වගකීම අපිට පැවරිලා තිබෙනවා. මෑත කාලයේ වෙන කවරදාවත් නොතිබූ ආකාරයේ විශාල පිබිදීමක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන බැවින් නිපුණත්වයෙන් යුත් ශ‍්‍රමිකයන් බිහිකිරීමේ අවශ්‍යතාවය වඩ වඩාත් වැදගත් වෙනවා."

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ටී.ඒ.පියසිරි, ඉඳිකිරීම් අභ්‍යාස සහ පර්යේෂණ ආයතනයේ සභාපති, උදුල බණ්ඩාර අවුසදහාමි යන මහත්වරුන්ද මෙහිදී කතා කළෝය

කේ.පී දේශපාලනයට ඒම ගැටලුවක් නෙවෙයිFebruary 2, 2011 03:29 pm

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට ගැටලුවක් නැතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.

අද(02) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් කරූ ජයසූරිය මහතා මේ අදහස් පළ කළේය.

කෙසේවුවත් ඔහු එහිදී සඳහන් කළේ එකී ප්‍රජාතන්ත්‍රවාදය සියලුදෙනාටම එකසේ බලපැවැත්විය යුතු බවයි.

ත්‍රස්තවාදය සහමුලින් පරාජය කළ සරත් ෆොන්සේකා මහතා සිරගතව සිටියදී කේ.පී. වැන්නකු දේශපාලනයට ඒම තුළින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය කුමන තැනක පවතින්නේ ද යන්න මනාව පසක් වන බව කරූ ජයසූරිය මහතා එහදී වැඩිදුරටත් කියා සිටියේය.

දරු සාඵල්‍යතාවය ඉහළ යයිFebruary 2, 2011 03:25 pm

මෙරට සමස්ත දරු සාඵල්‍යතා දර්ශකය ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ කරුණු හෙළි වී ඇත්තේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සිදුකළ තොරතුරු ගවේෂණයකිනි.

1953 වසරේ සිට 2007 වසර දක්වා කාලය සැසඳීමේ දී 1953 වසරේ සාඵල්‍යතා දර්ශකය 5 ක් වශයෙන් තිබුණ ද එය 2000 වසර වන විට 1 දක්වා පහත බැස තිබේ.

එහෙත් 2007 වසර වන විට එම අගය නැවත ඒකක දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බව ගවේෂණයේ දී අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම සාඵල්‍යතා දර්ශකය අඛණ්ඩව පැවතියහොත් 2025 වසර හා 2050 අතර කාලයේ දී මෙරට ජනගහනය දෙගුණ‍යකින් වැඩිවීමේ හැකියාවක් ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වාදෙයි.

එම අභියෝගයට මුහුණ දීම සඳහා මේ වන විටත් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසයි.

හපුතලේ නාය යෑමක්..!නිවාස 32 ක් අවදානම්February 2, 2011 02:07 pm

පවතින අධික වර්ෂාපතනයත් සමග හපුතලේ, දොඩම්අත්ත ග්‍රාමනිලධාරී වස‍මේ කොස්ගහකුඹුර ප්‍රදේශ‍යේ විශාල නායයෑමක් සිදුව තිබේ.

අක්කර දෙක හමාරක පමණ ප්‍රදේශයක් මෙසේ නාය ගොස් ඇති බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් ධර්මසිරි පියසේන මහතා සඳහන් කළේය.

නිවාස 5 ට පමණ බරපතල හානි සිදුව ඇති බවත් තවත් නිවාස 32 ක් පමණ දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මේ හේතුවෙන් එම නිවාසවල ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ බව ද ප්‍රාදේශීය ලේකම්වරයා අද දෙරණට සඳහන් කළේය.

මේ වන විටත් එම ප්‍රදේශ‍යේ දැඩි වර්ෂාපතනයක් පවතින බැවින් මේ හේතුවෙන් නායයෑම් තත්ත්වය තවදුරටත් සක්‍රිය විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

හපුතලේ නාය යෑමක්..!නිවාස 32 ක් අවදානම්February 2, 2011 02:07 pm

පවතින අධික වර්ෂාපතනයත් සමග හපුතලේ, දොඩම්අත්ත ග්‍රාමනිලධාරී වස‍මේ කොස්ගහකුඹුර ප්‍රදේශ‍යේ විශාල නායයෑමක් සිදුව තිබේ.

අක්කර දෙක හමාරක පමණ ප්‍රදේශයක් මෙසේ නාය ගොස් ඇති බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් ධර්මසිරි පියසේන මහතා සඳහන් කළේය.

නිවාස 5 ට පමණ බරපතල හානි සිදුව ඇති බවත් තවත් නිවාස 32 ක් පමණ දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මේ හේතුවෙන් එම නිවාසවල ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ බව ද ප්‍රාදේශීය ලේකම්වරයා අද දෙරණට සඳහන් කළේය.

මේ වන විටත් එම ප්‍රදේශ‍යේ දැඩි වර්ෂාපතනයක් පවතින බැවින් මේ හේතුවෙන් නායයෑම් තත්ත්වය තවදුරටත් සක්‍රිය විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ඩුබායි වලින් පැටවූ හොර සිගරට් තොගයක් මාට්ටුFebruary 2, 2011 02:03 pm

නීති විරෝධී ආකාරයෙන් මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අද(02)රේගු භාරයට ගෙන තිබේ.

ඒ අනුව දුම්වැටි 19 ලක්ෂ 50,000 ක් රේගු භාරයට ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂ පී.ඒ. ඩයස් මහතා සඳහන් කරයි.

මේවා ඩුබායිහි සිට මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද ඩයස් මහතා කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.

වෛද්‍ය නිර්දේශ නොතකා ෆොන්සේකාට කෙනෙහිලි-උණුවතුර පහසුකම් දෙන්නැයි අධිකරණයෙන් තීන්දුවක්..!February 2, 2011 12:08 pm

ශ්වසනාබාධයකින් පෙළෙන සරත් ෆොන්සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් ලබාදිමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (02)බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් සේවයේ යොදවා මොවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සහ ඔහුගේ ලේකම් සේනකද සිල්වා යන අයට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදි මෙම නියෝගය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

මුලින්ම අධිකරණයට කරුණු දැක්වූ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා සති 2 ක කාලයක් තිස්සේ ශ්වසනාබාධයකින්පෙළෙන බවයි.

ෆොන්සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් ලබාදෙන ලෙස බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කර තිබුණ ද එකී පහසුකම් මෙතෙක් ලබාදිමට කටයුතු කර නැතැයි නීතිඥවරයා පෙන්වාදී තිබේ.

බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇත්නම් උණුවතුර පහසුකම් ලබා නොදෙන්නේ මන්දැයි මෙහිදී මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියාය.

ඊට ප්‍රතිචාර දක්වමින බන්ධනාගාර නිලධාරීන් කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් වහා ලබාදීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය නියෝග කර තිබේ.

අනතුරුව දෙවෙනි විත්තිකර සේනකද සිල්වා ට ඇප ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට එරෙහිව කරුණු දක්වමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ විත්තිකරුට ඇප ලබාදුනහොත් අධිකරණය මගහැර පලායන්නට ඉඩඇති බවයි.

කෙසේ වෙතත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්විත්තිකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. අනතුරුව මෙම නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 03 වන දින ට කල්තබන ල

බස් රිය ඇළට පෙරළී ඇඟලුම් සේවිකාවන් 20 ට තුවාලයිFebruary 2, 2011 11:04 am

අම්පාර , තැපැල් හන්දිය ප්‍රදේශයේ දී ඇඟලුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් ඇළකට පෙරළීමෙන් ඇඟලුම් සේවිකාවන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(02) පෙරවරු 6.30ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ ඇඟලුම් සේවිකාවන් 65 දෙනෙකු පමණ ගමන් ගනිමින් සිට තිබේ.

අනතුරින් තුවාල ලැබූ ඇඟලුම් සේවිකාවන් අම්පාර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි

වව්නියාවේ වෙළඳ විරෝධතාවයට තිතFebruary 2, 2011 10:41 am

වව්නියාව බස් නැවතුම්පොළේ පිහිටි වෙළඳ සංකීර්ණයක වාහන ඇතුළු කිරීම තහනම් කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වා ‍ඇති බව සඳහන් වේ.

ඔවුන් වෙළඳසැල් වසා දමා මෙම විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.

පසුව වව්නියාව නගර සභාවේ සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් පොලිසිය සහ ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡා කර තත්ත්වය සමථයකට පත් කර තිබේ.

ඒ අනුව වෙළඳ සංකීර්ණය තුළට වාහන ඇතුළු කිරීමට පොලිසිය අවසර ලබා දුන් බව සඳහන් වේ.
Viewer Comments

කොටගල රෝහලේ හෙදියන් වර්ජනයේFebruary 2, 2011 09:47 am

නුවරඑළිය කොටගල රෝහලේ හෙද කාර්යය මණ්ඩලය වර්ජනයක නිරත වන බව සඳහන් වේ.

රෝහලේ වෛද්‍ය ‍අධිකාරි එන්.විජේසිරි මහතා කියා සිටියේ හෙද වර්ජනය හේතුවෙන් රෝහලේ කටයුතු අඩපණ වී ඇති බවයි.

රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිණිය සමඟ පවතින ගැටලුවක් හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් නුවරඑළිය සහ නාවලපිටිය රෝහල් වලට මාරු කර යැවීමට පියවර ‍ගන්නා බව ද රෝහල් වෛද්‍ය අධිකාරිවරයා කියා සිටියි.

ට්‍රැක්ටරයේ ගැටුණු යතුරුපැදිකරු මරුටFebruary 2, 2011 09:05 am

අම්පාර , තිත්ත වෙල්යාය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. යතුරුපැදියක් සහ ට්‍රැක්ටරයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව සඳහන් වේ. මිය ගොස් ඇත්තේ අම්පාර 5 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(02) මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Viewer Comments

මුල්ලේරියාවෙන් ටී.56 ක් හමුවෙයිFebruary 2, 2011 08:56 am

මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක තිබී ටී-56 වර්ගයේ ගිනි අවියක් ‍සොයා ගෙන තිබේ.

අඩක් සාදා නිම කරන ලද නිවසක මෙය සඟවා තිබී ඇති බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා මිරිහාන විශේෂ විමර්ශන ඒකකයට යොමු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

වැස්සෙන් යළි යළිත් අවතැන්වීම්February 2, 2011 08:37 am

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ පුද්ගලයින් දෙදහස් හතළිස් තුන් දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවත් පවුල් 363කට අයත් පුද්ගලයින් 1583 දෙනෙකු අවතැන් කඳවුරු වල රැඳී සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වන අතර එහි 1361 දෙනෙකු ජල ගැලීම් වලින් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

මේ අතර මාතලේ , යටවත්ත සහ පල්ලෙපොල ප්‍රදේශවල නායයාමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් 102 දෙනෙකු ඉවත් කර ඇති බව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වව්නියාව ප්‍රදේශයේ වැව් 4ක වැව් බැමි කඩා දමා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වැව් කැඩී යාමේ අවදානමක් පවතින හෙයින් බැමි ඉවත් කළ බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වැව් බැමි කඩා දැමීම හේතුවෙන් පහත් බිම් වල වාසය කරන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර බදුලු ඔය පිටාර ගැලීම හේතුවෙන් අන්දෙණිය පාලම ජලයෙන් යට වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

බදුල්ල - වැලිමඩ හා බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයන්ට විටින් විට පස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ග වල වාහන ගමනාගමනයට බාධා සිදු වූ බව සඳහන් වේ.

එමෙන්ම ප්‍රදේශයේ දැඩි මීදුමක් පවතින හෙයින් විමසිලිමත්ව රිය පදවන ලෙස අදාළ අංශ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඉතාලියේදී මිය ගිය ශ්‍රී ලාංකිකයා ගැන සොයයිFebruary 2, 2011 08:33 am

ඉතාලියේ දී මිය ගිය ශ්‍රී ලාංකිකයෙකු හඳුනා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මහජන සහය පතයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ඉතාලියේ දී මොහු මිය ගොස් ඇති බවට‍ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එහෙත් මෙම පුද්ගලයා හඳුනාගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව ද සඳහන් වේ. කුමාර් රොෂාන් , කුමාර් රොෂාන් ඇන්තනි , රාජපතිරණ කුමාර් රොෂාන් ඇන්තනි ආදී නම් කිහිපයකින් මොහු හැඳින්වෙන බව විදේශ සේවා කටයුතු අමාත්‍යාංශය පවසයි.

1985 නොවැම්බර් මස 6 වැනිදා මොහු උපත ලබා ඇති බව ද වාර්තා වන බව අමාත්‍යංශය පෙන්වාදෙයි.

මොහු පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයෙකු වෙත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලෙස එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි

ධීවරයින් තිදෙනා කොල්ලකරුවන්ගෙන් මුදාගන්නවා

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනා නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරන බව ධීවර අමාත්‍යාංශය පවසයි.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ භාරයේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් ‍ඊයේ පෙරවරුවේ වැලිගම ධීවර ‍මෙහෙයුම් මධ්‍යස්ථානය අමතා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ ධීවරයින් තිදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔවුන් පවසා ඇති බව ධීවර අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කරන බවට ධීවර මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතූ අවස්ථාවේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රකාශ කර ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් කෙන්යාවේ නයිරෝබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ධීවරයින් මුදා ගැනීමට කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Viewer Comments