Thursday, February 4, 2010

who is next vice president of Sri Lanka

නැවත පදිංචි කිරීම් සඳහා අමෙරිකාවෙන් ආධාර


නැවත පදිංචි කිරීම් කටයුතු සදහා අමෙරිකාව ඩොලර් මිලියන 3ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබාදී තිබේ. මෙම මුදල් උතුරු පළාතේ නැවත පදිංචි කරන ලද 77,000ක පිරිසකගේ සුභසාධන කටයුතු සදහා යෙදවීමට නියමිතය.
ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු , සෞඛ්‍ය , නිවාස පහසුකම් ආදිය සැලසීම සදහා මෙහිදී ප්‍රමුඛත්වය ලබාදෙන බව ද සදහන් වේ. මෙම මුදල ශ්‍රී ලංකා අමෙරිකානු තානාපතිවරිය විසින් ශ්‍රී ලංකා රජයට ලබාදී ඇති බව වාර්තා වේ.

දැයට කිරුළ අද පස්වරුවේ විවෘත වේ


62 වන ජාතික නිදහස් දින උළෙලට සමගාමීව පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය අද පස්වරුවේ විවෘත වීමට නියමිතය.
මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එය හෙට සිට මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව තැබේ. අක්කර 60 ක භූමි භාගයක පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි රැසකින් සමන්විත වේ.
යුද, ගුවන්, නාවික හමුදා මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ප්‍රදර්ශන කුටි ද ඉතා ආකර්ශනීය ලෙස සකස් කර ඇති බව වාර්තා වේ. විදේශ රටවල් 25 ක නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන කුටි ද දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී ජනතාවට දැකබලා ගත හැකිය.

කඩවත වෙළදසැලක ගින්නක්


කඩවත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් වෙළදසැලක ගින්නක් හටගෙන ති‍බෙනවා.
අද පෙරවරුවේ හටගත් මෙම ගින්නෙන් වෙළදසැලට දැඩි හානි සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. පැයකට අධික කාලයක් පුරා ගින්න පැවති අතර ගිනි නිවන හමුදාවේ සහය ඇතිව ගින්න මඩ පවත්වා තිබේ.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව ද වාර්තා වෙයි.

පුරවැසියන් බලගන්වන දේශපාලන විසඳුමක්


උතුරු නැගෙනහිර ජනතාවට ස්වාධීනව ජීවත් විය හැකි වටපිටාවක් උදාකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ගමට බලය ගෙන යමින් උතුරු හා නැගෙනහිර ජනතාව ඇතුළු මුළු රටේම පුරවැසියන් බලගන්වන දේශපාලනමය විසදුමක් ලබාදෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. 62 වන නිදහස් උළෙ‍ෙල් දී ජාතිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.
දැනටමත් මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතා නියෝජිතයින් සමග සාකච්ඡා කර ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.