Wednesday, February 10, 2010

ජනතා විරෝධය මඩින්න ආණ්ඩුව අසාර්ථක උත්සාහයක - දිවයින පුරා විරෝධතාවලට පොලීසිය යොදා පහර දෙති












ජෙනරාල් අත්අඩංගුවට ගත්තාට එරෙහිව දහස් ගණනින් වීදි බසිති


මහින්ද රාජපක්ෂ පාලනය විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉතා අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට විරෝධය පා අද දහස් ගණනින් මහ ජනතාව කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරතවූහ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ දේශපාලන පක්ෂ විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
විරෝධතාවය ආරම්භ කරන අවස්ථාවේ එම ස්ථානයට ආණ්ඩුවේ මැරවරයින් පිරිසක් පැමිණ විරෝධතාකරුවන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර එම අවස්ථාවේ පොලීසිය සහ කැරලි මර්ධන ඒකකය එම මැරයින්ට ආරක්ෂාව සැපයීම කැපී පෙනිණි. කෙසේ වෙතත් එම ස්ථානයට දහස් ගණන් ජනකායක් පැමිණෙනවාත් සමග මැර පිරිස එම ස්ථානයෙන් පසු බසිනු දක්නට ලැබිණි.
බොරු චෝදනා ඉදිරිපත් කර අත්අඩංගුවට ගෙන ඇති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස උද්ඝෝෂකයින් මෙහිදී ආණ්ඩුවට බල කලහ.

අම්පාරටත් ගාල්ලටත් කඳුළු ගෑස්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද දහවල් අම්පාර නගර මධ්‍යයේ ත් ,ගාල්ල නගරයේ ත් පැවති උද්ඝෝෂණ වලට ද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කරයි.
උද්ඝෝෂකයින් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කළ නිසා පිරිස විසුරුවා හැරීමට මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නට සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. adaderana

කේ.පී යාළුවෙක්-ෆොන්සේකා ද්‍රෝහියෙක්


එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක කේ.පී දැන් ආණ්ඩුවේ මිත්‍රයෙකු වී සැපෙන් සිටින බවත්,‍සරත් ෆොන්සේකා මහතා දේශ ද්‍රෝහියෙකු කොට නීති විරොධී ලෙස රඳවාගෙන ඇති බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී,ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව හෙතෙම කියා සිටියි.
හමුදා පනත අනුව සලකා බැලුවද හිටපු හමුදා නිලධාරියෙකු හෝ හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේදී පැය 24 ට කලින් වගකිවයුත්තකුගේ අත්සනක් සහිතව දැනුම් දිය යුතුව තිබුණත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ බලහත්කාරයෙන් පැහැරගෙන යාමක් ලෙස බවද විපක්ෂ නායකවරයා කියා සිටියේ අද සවස පැවති මාධ්‍ය හමුවකදීය.
ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව කියා සිටියද එහෙව් මණ්ඩලයක් ගැන ව්‍යවස්ථාවේ අන්තර්ගතව නැති බවත්,මෙම රඳවා ගැනීම මුළුමනින්ම දේශපාලන පළිගැනීමක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හමුදාවෙන් විශ්‍රාම ගිය කෙනෙකු විපක්ෂයේ දේශපාලනයට සහය දැක්වීම වැරැද්දක් හැටියට සලකන්නට කිසිදු හැකියාවක් නැතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

නිධන් හොරු බේරන්න ජේලර්ට අල්ලස්


නිධන් හොරුන්ගෙන් 1,50,000 ක අල්ලසක් ලබා ගත් බව කියන බන්ධනාගාර ජේලර්වරයෙක් පෙබරවාරි මස 22 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කර තිබේ.
නිධන් වස්තු සොරකම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවන් වී බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් තිදෙනෙකු නිදහස් කර හැරීමට යයි පවසා මෙම ජේලර්වරයා විසින් අල්ලස් ලබා ගෙන ඇතැයි සඳහන් වේ.
අනුරාධපුර ගුවන්තොටුපළ පාර පදිංචිකරුවෙකු වූ සැකකරු අනුරාධපුර බන්ධනාගාරයට අනුයුක්තව සේවය කර තිබේ.
අදාල ජේලර්වරයා 22 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙසද අද ලබා දුන් තීන්දුවේ සඳහන්ව ඇති බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි. adaderana

සත්‍යග්‍රහය කඩාකප්පල් කරන්න ආ ආණ්ඩුවේ මැරයන්ට පහරදී පන්නා දමත


(ලංකා ඊ නිව්ස් -2010.පෙබ.10, ප.ව. 2.20-දෙවන සංස්කරණය) ජනාධිපතිවරණයේ පොදු අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පොදු විපක‍ෂය කොළඹ අලූත්කඩේ උසාවිය අසල පැවැත්වූ උද්ඝෝෂණය හා සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ මැරයන් දැරූ උත්සාහයට ජනතාව දැක්වූ ප්‍රතිරෝධය බරපතල ගැටුමක් බවට වර්ධනය වීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කොස්වත්ත නමැති නාගරික මන්ත්‍රීවරයෙක් සහ තවත් සිවිල් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලැබූහ.
යකඩ පොලූ, ගල් හා මුගුරු ගත් ආණ්ඩුවේ මැරයන්ගේ ප්‍රහාර පසු බස්සවමින් දහස් සංඛ්‍යාත ජනතාවක් පෙළපාලියෙන් අලූත්කඩේ වට රවුම අසලට එක්රැස් වූයේ zරජ පවුලට හෙණ ගහපන්Z යන සටන් පාඨය හ~ නගා පවසමිනි.
රාවුෆ් හකීම්, මංගල සමරවීර, දයාසිරි ජයසේකර, මනෝ ගනේෂන් සහ ශිරාල් ලක්තිලක වැනි විපක‍ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනකු ජනතාව සමග එක්ව මැරයන්ට එරෙහි ජනතා අරගලයට දේශපාලන නායකත්වයක් ලබාදී තිබිණ.
සත්‍යග්‍රහය පවත්වන ස්ථානයට පැමිණීමට ඉඩ නොදී ජනතාව පළවා හැරීමට ආණ්ඩුවේ මැරයන් පොලිසියේ අනුග්‍රහය හා ආරක‍ෂාව ඇතිව ක්‍රියාකරමින් සිටීම නිසා සත්‍යග්‍රහය ආරම්භ වීමට පෙර සිටම ගැටුම්කාරී උණුසුම් තත්ත‍වයක් අලූත්කඩේ අවට දක්නට ලැබුණි. කුළු පොලූගත් කැරලි මර්දන පොලිස්භට කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබුණත්, සාමය රැකීමට වඩා එම පිරිස මැර කණ්ඩායමට ආරක‍ෂාව සලසන ආකාරයක් දක්නට ලැබිණි.
සත්‍යග්‍රහ කරුවන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇතැම් මැරයන් ආවරණයක් ලෙස යොදා ගත්තේ කැරලි මර්දන එAකකයේ පොලිස් බස් රථයයි.
ආණ්ඩුවේ මැරයන් අපේක‍ෂා කළ පරිදි සත්‍යග්‍රහය කඩා කප්පල්කොට විසුරුවා හැරීමට ඔවුන්ට හැකිවූයේ නැත. එA වෙනුවට ජනතාව පෙරට පැමිණි මැරයන් පළවා හරින්නට පියවර ගත්තෙන් පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කොට පිරිස විසුරුවා හැරීමට උත්සාහ කළේය. ජනතාව කඳුළු ගෑස් ප්‍රහාර පෙරළා මැරයන් වෙතට යොමු කරමින් zනීතිය අපට විතරZ යනුවෙන් පොලිසියෙන් ප්‍රශ්න කරනු දක්නට ලැබුණි.
සත්‍යග්‍රහය අඛණ්ඩව පැවැත්වෙන අතර ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන් වාතාවරණයක් මේ වනවිටත් පවතී.

ලංකාවේ ඉතාලි ගෙදරක අවි ගබඩාවක් ගුවන්යානා නාශක අවි සෙල්ලමට ගෙනැල්ලා


දහඅටවසරක් ඉතාලියේ පදිංචිව සිටිමින් වරින්වර ශී්‍ර ලංකාවට ආගිය අයකුගේ මිනුවන්ගොඩ වල්ලාගල නිවසකින් ගුවන්යානා නාශක අවි දෙකක් ඇතුළු උණ්ඩ තොගයක් මිනුවන්ගොඩ පොලිසිය සොයාගෙන ඇත. ඩබල් බරැල් අවි ද 3003 රයිපල් අච්චු ද, පතුරම් හා විවිධ වර්ගයේ තුවක්කුවලට යොදන උණ්ඩ ද සමග ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත. විනෝදය පිණිස මේ අවි එක්රැස් කළ බව ඔහු කියයි.
lankadeepa

අලූත්කඩේ උද්ඝෙ=ා්ෂණයට තහනමක් ගන්න බැරිවෙයි

ජනරාල් සරත් පොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව විපක්ෂය අලූත්කඩේ පවත්වන උද්ඝෙ=ා්ෂණය තහනම් කරන්නැයි පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් චම්පිකා ජානකී රාජරත්න මහත්මිය ප්‍රතික්ෂේප කළාය. ඊට එරෙහිව තවත් උත්ඝෝෂණයක් එතැනම පැවත්වීම නිසා සාමය කඩවෙතියි කියමින් මේ තහනම පැතීය.
පොලිසියට ඇති බලතල අනුව එවැනි දෙයකදී කි්‍රයාකළ හැකියැයි කී මහෙස්ත්‍රාත්වරිය, නීතියට එරෙහිව කි්‍රයාකරන්වුන් අත්අඩංගුවට ගත හැකියැයි ද කීවාය.lankadeepa

ජනරාල්ට කෑමයි වතුරයි ගෙදරින්


යුද හමුදා අත්අඩංගුවට ගත් විශ්‍රාමික ජනරාල් සරත් පොන්සේකා බැලීමට තමාට දිනපතා පැයක් දී ඇතැයි ඔහුගේ බිරිය අනෝමා zලංකාදීපයටZ පැවැසුවාය.
ඔහු රඳවා සිටින කොටුව නාවික හමුදා මුලස්ථානය කනිෂ්ඨ විවාහක නිලධාරී නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලට උදේ පැය බාගයක්, සවසට පැය බාගයක් වශයෙන් සැමියා බැලීමට ආහාර රැගෙන යන බව ඇය කීවාය.
තම සැමියාගේ ජීවිතයට අනතුරක් වෙතිZයි පවතින බිය නිසා ගෙදරින් ගෙන යන ආහාර හා වතුර පමණක් දෙන බවද ඇය කීවාය.
lankadeepa

විරෝධයකට විරෝධය....


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව අද කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී සත්‍යග්‍රහයක් පැවැත්විණි. විපක්ෂයේ පිරිස් සත්‍යග්‍රහයේ නියැළෙන ආකාරය මෙන්ම පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු උසාවිය ඉදිරිපිට තත්ත්වය කැමරා ඇසට ලක්වූයේ මේ අයුරිනි.

ෆොන්සේකා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ


සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන හෝ පෞද්ගලික ප්‍රශ්නයක් මත සිදුවූවක් නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ෆොන්සේකා මහතා හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළ සමයේ සිදුකළ ක්‍රියා සහ එයින් පසුව සිදුකළ ප්‍රකාශ හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව ඔහු පෙන්වා දෙයි.
සේනාධි නායකයාට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම, හමුදාවෙන් පැනගිය දහස් ගණනක් සෙබළුන් ඔහු යටතේ තබාගැනීම සහ අවි ආයුධ මිලදී ගැනීම යන චෝදනා තුනක් ප්‍රධාන වශයෙන් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති බව අබේවර්ධන මහතා කියා සිටියි.
‍මේ අතර සරත් ෆොන්සේකා මහතා විදෙස් මාධ්‍යයක් හමුවේ සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර අධිකරණයක් හමුවේ සාක්ෂිකරුවෙකු වීමට සරත් ෆොන්සේකා මහතාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

ආණ්ඩුවේ සැබෑ ජනමතයක් නෑ


2006 වසරෙන් පසු ආණ්ඩුව තුළ සැබෑ ජන මතයක් පිළිඹිබු නොවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
2006 වසරෙන් පසු ආණ්ඩුව තුළ නියෝජණය වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්,ජ.වි.පෙන්,මුස්ලිම් කොංග්‍රසයෙන් මිලදී ගත් හෝ විවිධ තාන්න මාන්න වරදාන ලබා දී තමන්ගේ පැත්තට ඇදගත් මන්ත්‍රීවරුන් පමණක් බවත්, ඔවුන්ට ඡන්ද දායකයා ඡන්දය ලබා දුන්නේ ආණ්ඩුවට මුක්කු ගසන්නට නොවන බවත් හෙතෙම කියා සිටියේය.
එළඹෙන මහ මැතිවරණය හෝ නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට කටයුතු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද මහ ලේකම්වරයා කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

අම්මා දරුවන්ට විෂ පොවයි


කැලණිය, වරාගොඩ ප්‍රදේශයේ මවක විසින් සිය දරුවන් තිදෙනාට විෂ වර්ගයක් ශරීර ගත කිරීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ දරු තිදෙනාට විෂ පානය කරවූ අදාළ මව ද පසුව එම විෂ වර්ගය පානය කර ඇති බවයි.
මේ හේතුවෙන් ඇය ද මේ වන විට රෝහල් ගතකර තිබේ. දරුවන් තිදෙනා වයස අවුරුදු 6ත් 15 ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.
අදාළ මව මෙසේ ක්‍රියාකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

12,000

හොඳම සාක්ෂිය ටිල්වින්ගෙන්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා හොඳම සාක්ෂිය ලබා දුන්නේ ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා බව ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සේවය කරන කාලය තුළ දී ඇමරිකා එක්සත් ජනපදයේ කළ සංචාරයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙද්දී කළ යුත්තේ කුමක්දැයි ෆොන්සේකා විසින් විමසන ලද්දේ තමාගෙන් බව ටිල්වින් සිල්වා ප්‍රසිද්ධියේ පවසා තිබූ බව ඔහු සිහිපත් කළේය.
‍ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට යම් උපදෙසක් ලබා ගත යුතුව තිබුණේ නම් ඔහු කතා කළ යුත්තේ ආරක්ෂක අමාත්‍යංශයට බවත්,එසේ නොමැතිව හමුදා නීතියට පිටින් යමින් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙකුගෙන් ඒ පිළිබඳ උපදෙස් පැතීමෙන්ම ඔහු හමුදා නීති උල්ලංඝණය කරමින් ක්‍රියා කළ පුද්ගලයෙකු බවට තහවුරු වන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසු පැය 24 ක් තුළ මරණයට පත් කළ යුතු අය කවුද,පැය 72 ක් තුළ මරණයට පත් කළ යුතු අය කවුද,හා නිවාස අඩස්සියේ තැබිය යුත්තේ කවුද යන්න පිළිබඳ ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ ගෝලබාලයින් නම් ලැයිස්තු සාදා තිබුණු බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

සත්‍යග්‍රහයට කඳුළු ගෑස්


අලුත්කඩේ උසාවිය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහයට පොලීසිය විසින් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
සත්‍යග්‍රහය පැවැත්වෙන විට එතැනට පැමිණ මැර පිරිසක් හා ගැටුමක් ඇතිවූ බවත්,එකී ගැටුම මැඩ පැවැත්වීම සඳහා මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවත් හෙතෙම පවසයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රඳවා තබා ගැනීමට එරෙහිව විපක්ෂයේ පිරිස් විසින් මෙම සත්‍යග්‍රහය පවත්වනු ලැබිණි.

කොළඹින් මහ පුටුවක් හැලෙයි


ඉදිරි මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා එක් මන්ත්‍රී ආසනයක් අඩුවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.පී. සුමනසිරි මහතා පවසන පරිදි පසුගිය මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් විසි දෙනෙකු ‍තෝරා පත්කර ගත්ත ද මෙවර තෝරා පත්කරගැනෙන්නේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු පමණකි.
මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තීරණය කිරීම ලියාපදිංචි ඡන්ද දායකයින්ට අනුරූපව සිදුවන අතර මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව අඩුවීම මෙලෙස එක් ආසනයක් අඩුවීමට හේතු වී ඇති බව වාර්තා වේ.
ද්විත්‍ව ලියාපදිංචියක් සහිත වූ ඡන්දදායකයින් එක් ලියාපදිංචියකට සීමා කිරීමත් සමග කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව අඩු වී ඇති බව සඳහන් වේ
ඒ අනුව අදාළ මන්ත්‍රී ධුරය අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ඇතුළත් කෙරෙන අතර ඒ සමග අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් 9 දෙනෙකු තෝරා පත් කරගැනීමට නියමිත වේ

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් හානියක් නෑ


විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථායිභාවයට බලපෑමක් නොවන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා පවසයි.
ඔහු පවසන පරිදි සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීමත් අත්අඩංගුවට ගැනීමත් අතර සබඳතාවක් නොමැත.
සරත් ෆොන්සේකා මහතා හමුදා නිලධාරියෙකුව සිටියදී සිදුකරන ලදැයි පැවසෙන අයථා චෝදනා සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බව ප්‍රසාද් කාරියවසම් මහතා කියා සිටියි.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා විදෙස් මාධ්‍යකට කරන ලද ප්‍රකාශයක සඳහන් වන්නේ දෙමළ ජනතාවගේ ගැටලු සඳහා බලය බෙදා හැ‍රීමේ දේශපාලන විසඳුමක් පිළිබඳ දැනටමත් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව ඇති බවයි.

ෆොන්සේකා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රඳවා තබා ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඒ සඳහා මූලික කටයුතු මේ වන විටත් සූදානම් බව හෙතෙම අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය..
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පැය 24 ක කාලයක් අත්‍යවශ්‍ය ඖෂධ පවා නොමැතිව සිර කරගෙන සිටි බවත්,තමා ඊයේ අවශ්‍ය කරන ඔෂධ රැගෙන යන තෙක් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

හමුදා අත්අඩංගුවේ පසුවන විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමග සබඳතාවක් ඇති කර දෙන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ල


හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතාට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජන එල්ල කර ඔහුගේ මෝටර් රථයට පහර දී අලාභ හානී සිදුකළ පුද්ගලයෙකුට මාස 6 ක අත්හිටවු සිර දඬුවමක් නියම වී තිබේ..
මෙම නියෝගය ලබා දුන්නේ හලාවත දිසා විනිසුරු කේ.පාක්‍යසුන්දරම් මහත්මිය විසිනි.
පසුගිය ව‍සරේ දෙසැම්බර් 13 වැනි දින හෝ ඊට ආසන්න දිනක හලාවත නගාරධිපතිවරයාට මරණිය තර්ජනය එල්ල කළ බවට ඔහුට එරෙහිව ‍චෝදනා එල්ල වී තිබුණි.
අදාල නඩුව කැඳවු අවස්ථාවේදී ‍ විත්තිකරු චෝදනා දෙකටම වරද පිළිගෙන තිබේ.

ෆොන්සේකා ගැන රතු කුරුසෙට ඉල්ලීමක්


හමුදා අත්අඩංගුවේ පසුවන විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමග සබඳතාවක් ඇති කර දෙන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීමට අනුව ෆොන්සේකා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අතර සබඳතාවක් ඇති කිරීමට උත්සාහ දරන බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රකාශිකා සරසි විජේරත්න මහත්මිය පැවසුවාය.
මේ පිළිබඳ අදාල බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව සරසි විජේරත්න මහත්මිය කියා සිටියාය. එහෙත් මේ වන විටත් එම උත්සහය සාර්ථක වී නොමැති බව ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේ ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයෙකුට ඔහුව හමුවීම සදහා අවස්ථාව ලබා දී ඇති බවයි.