Tuesday, June 1, 2010

Police Cookery Lessons

තරු රැගෙන කොළඹට එන්නට. . .


කොළඹ නගරය හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ක්‍රියාත්මක වන නව දුම්රිය සේවය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත විය. මෙම සති අන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලට සඳහා සහභාගි වන කීර්තිමත් අමුත්තන්ගේ ගමනාගමන පහසුව සඳහා මෙම විශේෂ සේවාව දියත් කර ඇත.adaderana

සුරාව ගැන ප්‍රශ්න පමණක් කියන්න


සෞඛ්‍ය අමාත්‍යාංශය අද සිට හඳුන්වාදී ඇති නව දුරකථන සේවාව වෙත යොමු කළ හැක්කේ දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය පිළිබඳ ගැටලු පමණක් බව එම අමාත්‍යංශය අවධාරණය කරයි. අදාළ දුරකථන සේවාව නම් කර ඇත්තේ"දුම්කොළ හා මධ්‍යසාර නිවාරණ උපදේශන ඇමතුම් සේවාව"නමිනි.

ඒ අනුව අංක"1948"ඔස්සේ දුම්කොළ හා මධ්‍යසාර සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ජනතාවට අවස්ථාව හිමිවේ. මෙම දුරකථන සේවාවට වෙනත් සෞඛ්‍ය ගැටලු යොමු ‍නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඉදිරියේදී මෙම සේවාව පොලිසිය සහ සුරාබදු‍ දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගනිමින් වඩාත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. adaderana

ජයලත් සීපා හි කෙටුම්පතක් ඉල්ලයි


ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන"සීපා"ගිවිසුමේ කෙටුම්පතක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. යෝජිත"සීපා"ගිවිසුම පිළිබඳ ශ්‍රි ලංකා රජය විසින් මෙතෙක් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බව එම ලිපිය මගින් ජයලත් ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

ඒ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ජනතාව තුළ මතුව ඇති සැකය දුරුකිරීම සඳහා ගිවිසුම සම්බන්ධයෙන් දැනුවත් වීම අවශ්‍ය බව ජයලත් ජයවර්ධන මහතා පවසයි. අවශ්‍යතාවක් පවතින්නේ නම් යෝජිත"සීපා"ගිවිසුමේ කෙටුම්පතක් ලබාදීමට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එකඟ වු බව ද ජයලත් ජයවර්ධන මහතා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත. adaderana

ආනයනික වාහන බද්ද 50 % න් පහලට


ආනයනික වාහන සඳහා මෙතෙක් අය කළ රේගු බදු ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි 50% න් අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අතරම අනෙකුත් භාණ්ඩ සඳහා පනවා තිබූ 15% ක් වූ අධි බද්ද ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශයේ බලධාරියෙක් අප කළ විමසීමකදී කියා සිටියේය. adaderana

ලංකාව ගැන කියන්න කොමසාරිස්වරියට අයිතියක් නෑ -ජී. එල්


ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පවසයි. මානුෂීය මෙහෙයුම සමයේ සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර කමි‍ටුවක් පත් කළ යුතු බවට නවනීදම් පිල්ලේ මහත්මිය සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් ඔහු එම අදහස් පළ ක‍ළේය.

ජි.එස්.පී.ප්ලස් බදු සහනය ලැබීමේ අවසන් තීරණය සම්බන්ධයෙන් මෙතක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද ජි.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව ඔහු පෙන්වා දෙයි. එම සාකච්ඡාවල ප්‍රගතියක් දැකිය හැකි බව ද ජි.එල්.පීරිස් මහතා පවසයි. ජි.එස්.පි. ප්ලස් බදු සහනය ලබාදීම පිළිබඳ යුරෝපා සංගමයේ අවසන් තීරණය අගෝස්තු මස 15 වැනිදා නිකුත් වනු ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේය. adaderana

රිතේෂ්, විවේක් හා ලාරා ලංකාවට


බොලිවුඩයේ සුපිරි නළු නිළියන් වන විවේක් ඔබරෝයි, රිතේෂ් දේශ්මුඛ් සහ ලාරා දත්තා ජූනි මස 3 -5 කාලය තුළ පැවැත්වෙන IIFA සිනමා සම්මාන උළෙලට සහභාගි වීම සඳහා අද දින ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 11 වන වරට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම IIFA සිනමා සම්මාන උළෙලට සහභාගි වීම සඳහා නළු නිළියන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. adaderana

රියදුරාගේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙක්


කළුතර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය තිස් වන දින කළුතර පලාතොට මාර්ගයේ බෝගහ හංදිය අසලදී මෙම ත්‍රිරෝද රථ රියදුරා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ කළුතර පොලිසිය ඝාතනය හා සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පවසයි. මෙම ඝාතනය හා සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. adaderana

නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් ද. මෙක්සිකෝවෙන් හමුවෙයි


ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ඇතුළු නීති විරෝධී සංක්‍රමණිකයන් 60 දෙනෙකු දකුණු මෙක්සිකෝවේ චියාපාස්හි ට්‍රක් රථයක් තුළ සිරව සිටියදී එරට පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම පිරිස ඒ වනවිට විජලන තත්ත්වයෙන් ද පෙළෙමින් සිට ඇත. මෙම සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව, මධ්‍යම අමෙරිකාව හා ඉන්දීය ජාතිකයින් ද වන අතර ඔවුන් මෙක්සිකානු සමාජ ආරක්ෂක ආයතනයේ ලාංඡනය සහිත ට්‍රක් රථයක නැගී මෙසේ නීති විරෝධී අයුරින් සංචාරය කර ඇත.

එම ට්‍රක් රථය තුළ එසේ මිනිසුන් ගමන් ගැනීම සඳහා සුදුසු වාතාශ්‍රයක් පැවතී නොමැත. මෙම සංක්‍රමණිකයන් පිරිස සොයාගෙන ඇත්තේ ටක්ස්ට්ලා ගුවාරේස් නගරයේ පොලිස් මුරපොළක සිදුකළ පරීක්ෂණවලදීය. එම ට්‍රක් රථය පසුගිය පෙබරවාරි මාසයේදී මෙක්සිකෝ නගරයේදී සොරකම් කරන ලද රථයක් බවට වාර්තා වී ඇත. මෙම සංක්‍රමණිකයන් පිරිසෙන් 15දෙනෙකු කාන්තාවන් වන අතර එම සියලුම පිරිස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. adderana

ගම නඟා සිටුවීම ප්‍රධාන අරමුණයි -නාමල්


ග්‍රාමීය සංවර්ධනය රජයේ ප්‍රධාන අරමුණ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා දේශපාලනඥයින් කැපවී කටයුතු කිරීමට කාලය උදා වී ඇති බව ඔහු සඳහන් කරයි.

මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු හඳුනාගැනීමේ හමුවට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. ග්‍රාමීය සංවර්ධනයේදී ග්‍රාම නිලධාරීන්ගෙන් ඉටුවන කාර්යය භාරය ඉතා වැදගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පහරදීම ගැන හොයන්න කිසිදු පියවරක් ගෙන නෑ -රංගේ


පක්ෂයේ සාමාජිකයෙකු තමාට පහරදීම සම්බන්ධයෙන් මහ‍ ලේකම්වරයා පවසන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. තමා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දැනුම් දෙන තෙක් තිස්ස අත්තනායක මහතා එම පහරදුන් මන්ත්‍රිවරයාගෙන් නිදහසට කරුණු විමසීමක්වත් සිදුකර නොතිබු බව ඔහු අවධාරණය කරයි. මේ පිළිබඳව තමා ඊයේ දිනයේ තිස්ස අත්තනායක මහතාට ලිපියක් මගින් දැනුම් දුන් බව පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේය. adaderana

නීති විරෝධී ධීවරයින් අත්අඩංගුවට


නීති විරෝධී ආකාරයට ධීවර කටයුතු සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ‍ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදාව පවසයි. පසුගිය දින කිහිපය තුළම එවැනි නීති විරෝධි අකාරයට ධීවර කටයුතු සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා සඳහන් කළේය.

රන් භාණ්ඩ හොරු තිදෙනෙක් රිමාන්ඩ්


කොළඹ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ වෙළඳ සැලකින් රුපියල් ලක්ෂ 80කට අධික රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු ලබන දෙවැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් එම වෙළඳසැලේ කළමනාකරු, ඔහුගේ සහෝදරයෙකු සහ තවත් පුද්ගලයෙකු පසුගියදා පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම සැකකරුවන් තිදෙනා ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය මෙම නියෝගය ලබාදී ඇත.

අදාළ වෙළඳසැලේ සේප්පුවේ තිබු රුපියල් ලක්ෂ 62ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ 18ක් පමණ මුදල් සැකකරුවන් විසින් කොල්ල කා ඇති බව මෙහිදි පිටකොටුව පොලිසිය අධිකරණයට සඳහන් කළේය. කොල්ලකන ලද රන් භාණ්ඩ හා මුදල් රක්වාන ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. adaderana

නීති වි‍රෝධී සම්බාහන ආයතන වටලයි


නීති වි‍රෝධී ආයුර්වේද සම්බාහන ආයතන වැටලීමේ කටයුතු ආරම්භ කර ඇති බව ආයුර්වේද දෙපාර්ත‍මේන්තුව පවසයි. ලියාපදිංචි වී නොමැති අයු‍ර්වේද සම්බාහන ආයතන රැසක් පිළිබඳ මේ වන විට තොරතුරු ලැබී ඇති බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

පසුගිය වසර තුළ එවැනි ලියාපදිංචි නොවු සම්බාහන ආයතන ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළද, මේ වන විටත් අනවසරෙන් පවත්වාගෙන යන සම්බාහන ආයතන විශාල ප්‍රමාණයක් තිබෙන බව වාර්තා වේ. පසුගිය දින කිහිපය තුළ මහනුවර ප්‍රදේශයේ එසේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතන 15ක් පමණ වැටලු බව ආයුර්වේද දෙපාර්තමේන්තුව සඳහන් කළේය. adadeerana

යුද අපරාධ චෝදනා යළිත් සලකා බලයි


එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් යුද්ධයේ අවසාන අදියර තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බව එක්සත් ජාතීන් යළිත් වරක් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් මේ වන විටත් පශ්චාත් යුද සංහිඳියා කොමිසමක් පත් කර සිදුවීයයි චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනයවීම් මෙන්ම එහි ගොදුරු බවට පත්වූවන් සමබන්ධයෙන් සොයා බලන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය සඳහන් කර ඇත.

එසේ වුවද පෙර අත්දැකීම් මෙන්ම අලුත් තොරතුරු පදනම් කර ගනිමින් ජාත්‍යන්තර නිදහස සම්බන්ධයෙන් වගකීම් සහගතභාවය පිළිබඳ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට හා මහජන විශ්වාසය තහවුරු කිරීමටත් විමර්ශනයක් සිදුකළ යුතු බව වඩා හොඳ බව ඒත්තු ගැන්වීමට බලාපො‍රොත්තු වන බවද ඇය පවසා තිබේ.

ඒ මගින් ශ්‍රී ලංකාවට මෙන්ම වෙනත් රටවලටද විශ්වාසය තහවුරුවන බව මහ කොමසාරිස්වරිය සඳහන් කරයි.

ගැටුම් නිරාකරණය කිරීම සහ නැවත පදිංචි කිරීම් පිළිබඳ තමන්ට යම් තක්සේරුවක් පවතින බවද ඇය ඒ.එෆ්.පී පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ. adaderana

ගුවන් හමුදාපතිට තවත් තනතුරක්


ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ‍රොෂාන් ගුණතිලක මහතා ශ්‍රී ලංකා රග්බි ‍ෆුට් බෝල් සංගමයේ සභාපති ලෙස තේරී පත්වී තිබේ.

ධනුන ඉදිරිපත් නොවුණොත් දේපළ රාජසන්තකයි


අත්අඩංගුවට ගැනීම සඳහා ‍වරෙන්තු නිකුත් කර ඇති ජෙනරල් සරත් ‍ෆොන්සේකා මහතාගේ බෑනා වන ධනුන තිලකරත්න ලබන ජූනී මස 30 වැනිදාට පෙර අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

එදින පෙරවරු 9.00ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා ලිඛිත නිවේදනයක් සැකකාර ධනුන තිලකරත්න පදිංචිව සිටි නිවස හා ඒ අවට ඇලවීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය රහස් පොලිසියට නියම කළාය.

එදින සැකකාර ධනුන තිලකරත්න අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් ඔහු සතු සියලුම නිශ්චල හා චංචල දේපළ ද රාජසන්තක කරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී කියා සිටියාය.

සැකකරු සතු සියලුම නිශ්චල හා චංචල දේපළ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඇය රහස් පොලිසියට නියෝග කළාය.

හයිකොප් සමාගමේ ප්‍රධානියෙකු වශයෙන් කටයුතු කරමින් යුද හමුදාව රවටා මුල්‍ය වංචාවක් සිදුකර ඇති බවට සැකකාර ධනුන තිලකරත්නට චෝදනා එල්ල වී තිබේ. adaderana

සල්මන්ගේ පැමිණීම අනිවාර්යයි


අයිෆා සම්මාන උළෙල සඳහා තමන් අනිවාර්යෙන්ම සහභාගි වන බව බොලිවුඩ් නළු සල්මන් ඛාන් සඳහන් කර ඇත. එම සම්මාන උළෙල සඳහා සහභාගි නොවන ලෙස ඉල්ලමින් පසුගිය දිනෙක ද්‍රවිඩ සංගමයේ සාමාජිකයින් පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. නමුත් එම විරෝධතාවය සල්මන් ඛාන් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ජූනි මස 3 -5 වන දින පැවැත්වෙන අයිෆා සිනමා සම්මාන උළෙල සඳහා සල්මන් ඛාන් සහභාගි වීමට නියමිතය. මීට පෙර ද එම ද්‍රවිඩ සංගමයේ සාමාජිකයන් පිරිසක් මැයි මස 11 වන දින අමිතාබ් බච්චන්ගේ නිවස ඉදිරිපිට මෙවැනිම උද්ඝෝෂණයක නිරත විය.

ශාසනය නඟාසිටුවන්න අගමැතිගෙන් තල්ලුවක්


බුද්ධ ශාසනයේ චිරස්තතිය උදෙසා නව පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දීමු.ජයරත්න මහතා පවසයි.

පනත් කෙටුම්පත් වලට නෛතික පිළිගැනීමක් ලබාදීම තුළින් බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බව හෙතෙම කියා සිටියේය. ත්‍රෛයිනිකායක මහ සංඝරත්නය සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ ක‍ළේය .

මෙහිදී මහා සංඝයා වහන්සේලා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ නව පනත් කෙටුම්පත් වලට අදාළ යෝජනා තමන්වහන්සේලා වෙත ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව මසක් ඇතුළත අදාළ පනත් කෙටුම්පත් සකසා අවසන් කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

බුද්ධ ශාසන පනත් කෙටුම්පත , සංඝ සභාවක් පිහිටුවීම ,භික්ෂු කතිකාවතක් සකස් කිරීම ,1931 විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා මහා සංඝ රත්නයේ අනුශාසනා ලබාගැනීමට ද තමන් අපේක්ෂා කරන බව අග්‍රාමත්‍යවරයා සඳහන් කළේය.