Tuesday, June 1, 2010

ධනුන ඉදිරිපත් නොවුණොත් දේපළ රාජසන්තකයි


අත්අඩංගුවට ගැනීම සඳහා ‍වරෙන්තු නිකුත් කර ඇති ජෙනරල් සරත් ‍ෆොන්සේකා මහතාගේ බෑනා වන ධනුන තිලකරත්න ලබන ජූනී මස 30 වැනිදාට පෙර අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

එදින පෙරවරු 9.00ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා ලිඛිත නිවේදනයක් සැකකාර ධනුන තිලකරත්න පදිංචිව සිටි නිවස හා ඒ අවට ඇලවීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය රහස් පොලිසියට නියම කළාය.

එදින සැකකාර ධනුන තිලකරත්න අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් ඔහු සතු සියලුම නිශ්චල හා චංචල දේපළ ද රාජසන්තක කරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී කියා සිටියාය.

සැකකරු සතු සියලුම නිශ්චල හා චංචල දේපළ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඇය රහස් පොලිසියට නියෝග කළාය.

හයිකොප් සමාගමේ ප්‍රධානියෙකු වශයෙන් කටයුතු කරමින් යුද හමුදාව රවටා මුල්‍ය වංචාවක් සිදුකර ඇති බවට සැකකාර ධනුන තිලකරත්නට චෝදනා එල්ල වී තිබේ. adaderana

0 comments:

Post a Comment