Tuesday, April 20, 2010

zකථානායකZ ලෙඩේට චමල් රෝහල් ගතවෙයි


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 20, ප.ව.6.25) අලූත් ආණ්ඩුවේ කථානායක තනතුරට පත් කිරීමට යෝජනා වී සිටින ජනාධිපති වැඩිමහල් සොහොයුරු චමල් රාජපක‍ෂ මහතා හදිසියේ ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරනු ලැබ සිටී.
ජයවර්ධනපුර රෝහලේ 3 වන වාට්ටුවේ විශේෂ කාමරයක නේවාසිකව සිටින චමල් රාජපක‍ෂ මහතා හදිසියේ රෝහල් ගතවී තිඛෙන්නේ ශාරීරික අසනීපයකට ප්‍රතිකාර ගැනීමට වඩා ඔහුට බලහත්කාරයෙන් පටවන්නට යන කථානායක zලෙඩයZ නිසා බව කියති.
zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තා වන්නේ චමල් රාජපක‍ෂ මහතා කථානායක තනතුර බාර ගැනීම ප්‍රතිෙක‍ෂ්ප කර තිඛෙන බවයි. එසේම ඔහුගේ පවුලේ අයද මෙම තනතුර බාර ගැනීමට අකැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද දැනගන්න තිබේ.
චමල් රාජපක‍ෂ මහතාගේ අකමැත්ත නිසා, එම තනතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ඩිව් ගුණසේකර මහතාට බාර ගන්නැයි ඉල්ලීමක් කළ බවක්ද ඔහු ද එය ප්‍රතිෙක‍ෂ්ප කර ඇති බවද කියති. මේ ප්‍රතිෙක‍ෂ්ප කිරීම ජාතික ලැයිස්තුව නම් කිරීමේදී ඔහුට අවාසියක් වනු ඇතැයි ද කියති.
මේ පිළිබඳව ගුණසේකර මහතාගෙන් zලංකා ඊ නිව්ස්Z විමසූවිට කීවේ zමම මේ ගැන දන්නෙත් නෑ. මගෙන් කවුරුවත් විමසලත් නෑ. දුන්නත් බාර ගන්නෙත් නෑZ කියායි.
මේ අතර සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කර සිටින හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා මන්ත්‍රීවරයකු ලෙස නම් නොකරනු ඇතැයි වාර්තාවේ. පසුගිය ජනාධිපතිවරණ දිනයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඡන්දදායකයකු නොවන නිසා ඔහු දිනුවත් ජනාධිපතිවන්න බැරි බවට රාජ්‍ය මාධ්‍ය හරහා නීති තර්කයක් ඉදිරිපත් කළ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කරන්නට යන බව වාර්තාවේ.

Geetha



ඡන්දය සාමකාමීව අවසන්


නාවලපිටිය සහ ත්‍රිකුණාමලය, කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල පැවති ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී ලෙස පැවැත්වුණු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් පවසයි.
නාවලපිටිය ආසනේ ඡන්දය ප්‍රකාශ කිරීම 55% 60% අතර ප්‍රතිශතයක් ගන්නා බව මහනුවර දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරී ගෝඨාභය ජයරත්න මහතා සඳහන් කළේය. දැඩි ආරක්ෂක විධි විධාන මධ්‍යයේ නාවලපිටිය සහ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද විමසීම අද උදෑසන 7 ට ආරම්භ වු අතර පස්වරු 4ට එය අවසන් විය. නාවලපිටිය ඡන්ද මධ්‍යස්ථාන 37කදී ඡන්ද විමසීමේ කටයුතු සිදුවු අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 50,948කි.
මේ අතර ත්‍රිකුණාමලය, කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ද ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 45 .9%ක් වන බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් නිශාන්ත දිනිත්ප්‍රිය හේරත් මහතා පවසයි. එහි ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී මට්ටමින් සිදුවු බව ඒ මහතා සඳහන් කළේය. කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 977කි. අප්‍රේල් 8 වැනිදා පැවති මහ මැතිවරණ ඡන්ද විමසීමේ දී දුෂණ අක්‍රමිකතා හා බලහත්කාරකම් හේතුවෙන් නාවලපිටිය සහ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දය ශූන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කළේය. adadearna

සාලිය දිසානායක ආරක්ෂාව මැද සභා සැසිවාරයට


රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මධ්‍යම පළාත් සභාවේ සභාපති සාලිය දිසානායක මහතා අද විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ පළාත් සභා සැසිවාරයට සහභාගි විය.
මධ්‍යම පළාත් සභා සැසිවාරයට සාලිය දිසානායක මහතා පැමිණියේ බන්ධනාගාර බස් රථයකින් බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේය. පසුගිය මහ මැතිවරණ කාලය තුළ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතාගේ අධාරකරුවන් සමග ඇතිවු ගැටුමක් හේතුවෙන් සාලිය දිසානායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
කෙසේ වෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් මත අද පැවති පළාත් සභා සැසි වාරයට සහභාගි වීමට සාලිය දිසානායක මහතාට හැකිවිය. පළාත් සභා සැසිවාරයට සහභාගි වීමෙන් අනතුරුව සාලිය දිසානායක මහතා යළිත් වරක් බන්ධනාගරය වෙත රැගෙන යාමට බන්ධනාගර නිලධාරීන් පියවරගෙන තිබේ. adaderana

දෙවෙනි යුද අධිකරණය මැයි 04 ට කල්යයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය යළි මැයි මස 04 වන දින රැස්වීමට තීරණය කෙරුණු බව යුද හමුදා මාධ්‍ය ප්‍රකශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව මැයි මස 04 වන දින ප.ව.2.30 ට යළි දෙවන යුද අධිකරණය කැඳවෙනු ඇති බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.
අද නාවික හමුදා මූලස්ථානයේදී මෙම දෙවෙනි යුද අධිකරණය කැඳවීමෙන් පසු මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සක්‍රිය හමුදා සේවයේ සිටියදී සිදුකළ බව කියන මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මෙම දෙවන යුද අධිකරණය ක්‍රියාත්මක කෙරේ. adaderana

අම්ල වැස්ස අලි බොරුවක්


ඉදිරි සති කිහිපය තුළ අම්ල වැස්සක් ඇදහැ‍ලෙන බවට පැතිර ගිය දූෂමාන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. කෙටි පණිවිඩ, විද්‍යුත් තැපෑල ආදී විවිධ සන්නිවේදන ක්‍රම ඔස්සේ අප්‍රේල් 20 -28 කාලය තුළ අම්ල වැසි ඇදහැලෙන බවට ප්‍රචාරය වූ පුවත අසත්‍ය පුවතක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව "අද දෙරණ"ට සඳහන් කළේය.
එම අසත්‍ය පණිවිඩ වල දැක්වූයේ මෙවැනි පුවතකි.
"ප්‍රවේශම් වන්න. මෙම මාසයේ 20 -28 කාලය තුළ අම්ල වැසි ඇදහැලීමේ අවධානමක් පවතී. පසුගිය මස 17වන දින චන්ද්‍රයා වටා අඳුරු වළල්ලක් දර්ශනය විය. මෙවැනි දර්ශනයක් ඇතිවන්නේ වසර 750කට වරක්ය. එය සාමාන්‍ය වර්ෂාවක් ලෙස දර්ශනය වුව ද එම වැසි දියට තෙමෙන පුද්ගලයින්ට සමෙහි පිළිකා රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙම පුවත "නාසා" ආයතනයෙනි. ඔබේ පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න"
මේ සම්බන්ධ වාර්තා නයිජීරියාව, පකිස්තානය හා අප්‍රිකාව ආදී ලෝකයේ විවිධ රටවල ජනතාව වෙත ද ලැබී ඇති අතර ඔවුන් මෙම පුවතෙන් බියටත්, කලබලයටත් පත්ව ඇත. මෙම පුවත නාසා ආයතනය ලෙස දක්වමින් ගොතන ලද මුසාවක් බව පසුගිය 16 වන දින මෙම අම්ල වර්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු‍වේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබුණි. adaderana

අගමැතිකම බැසිල්ට දෙන්නැයි ඉල්ලීමක්


බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයට පත්කරන ලෙස ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා ජාතික පෙරමුණ පක්ෂයක් ලෙස තනිව තරග කළේ ප්‍රධාන කරුණු 03ක් මුල් කරගනිමින් බව ජාතික පෙරමුණේ නායක විමල් ගීගනගේ මහතා පවසයි. ඒ අතර ප්‍රධාන කරුණ ලෙස ඔවුන් ඉදිරිපත් කරනුයේ ව්‍යවස්ථාවට නව සංශෝධනයක් එක්කරමින් ජනාධිපතිවරයෙකුට වාර දෙකකට වැඩි ගණනක් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට හැකි ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය. එමෙන්ම අගමැති තනතුර සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත්කරන ලෙසත් එසේ ඔහු අගමැති තනතුරට පත්කිරීමේ යම් අපහසුතාවක් ඇතොත් නව ව්‍යවස්ථා සංශෝධනය තුළදීම ලෝකයේ බොහෝ රට වල ඇති පරිදි උප ජනාධිපති තනතුරක් හෝ නිර්මාණය කර බැසිල් රාජපක්ෂ මහතාට නව තනතුරක් පිරිනැමීම යන කරුණු ද එම ප්‍රධාන කරුණු 03 අතර වේ.
මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ලෙස පාර්ලිමේන්තු වරම් අහිමි වුව ද ඉහත කරුණු ඉටුකිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රජය සමග නිරන්තර සංවාදයක නිරතවන බව ද එම පෙරමුණ අවධාරණය කරයි. adaderana

හොරා පොලිස් ජීප් රිය සැබෑ පොලිස් අත්අඩංගුවට


කළුතර- දකුණ පොලීසිය විසින් ව්‍යාජ පොලිස් ජීප් රියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ සවස 4.30 ට පමණ ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ"පොලීසිය"යනුවෙන් නාම පුවරුවක් ප්‍රදර්ශනය කරමින් මෙම ජීප් රිය ධාවනය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ජීප් රථය පොලීසියට අයත් නොවන බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය බවී ඇතැයිද ,සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ද පොලීසිය සඳහන් කරයි. adaderana

රන් බඩුත් එක්ක හොරා මාට්ටු


ලක්ෂ 15 කට ආසන්න ස්වර්ණභාරණ තොගයක් සමග පුද්ගලයෙකු මාලිගාකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මරදාන පොලිසිය පවසන පරිදි ඊයේ පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත.
අදාළ සැකකරු මාලිගාකන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් මෙම ස්වර්ණාභරණ සහ මුදල් සොරකම් කර ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අත තිබී ජංගම දුරකථන කිහිපයක් ද සොයා ගෙන ඇතැයි සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්,ඒ සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.adaderana

අදත් ගුවන් ගමන් 03 ක් අවලංගුයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ලන්ඩන් බලා අද දිනයේ ගුවන් ගත වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 3 ක් අවලංගු කර තිබේ.
ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කරනු ලැබුවේ අද උදෑසන 6.05 ට , 11.20 ට සහ පස්වරු 3.05 ගුවන් ගත වීමට තිබූ ගුවන් වාර 03 ක් මෙලෙස අවලංගු කර ඇති බවයි. මීට අමතරව ලන්ඩන් සිට ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ගුවන් ගමන් වාර 2 ක් ද අවලංගු කර තිබේ.
අද උදෑසන සහ පස්වරුවේ එම ගුවන් යානා 2 ක ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි. අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් වායු ගෝලයට දුම් සහ අළු මිශ්‍රවීම හේතුවෙන් මෙසේ ගුවන් ගමන් අවලංගු කර ඇත.
මේ හේතුවෙන් යුරෝපා රටවල ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියක පමණ කාලයක සිට මෙම තත්ත්වය උද්ගත වී තිබේ. adaderana

අමිතාබ් බච්චන් ලංකාවට


බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන් අද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔහු අද සවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එමෙන්ම අද ඔහු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතය.
IIFA 2010 ජාත්‍යන්තර ඉන්දීය සිනමා සම්මාන උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩ සටහන සඳහා අමිතාබ් බච්චන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම සම්මාන උළෙල ජූනි 03, 04 සහ 05 යන දින වලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙම සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය අනුග්‍රහය දක්වයි. සම්මාන උළෙල පැවැත්වෙන්නේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීය. අමිතාබ් බච්චන් අද රාත්‍රියේ නැවත ඉන්දියාව බලා පිටත්වේ. adaderana

මහින්දානන්ද නාවලපිටියේදී ඡන්දය දෙයි


අද දින නැවත ඡන්ද විමසීම සිදු කරන නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.
මීතලාව එම්.‍එස් අලුත්ගමගේ මහා විද්‍යාලයේ දී අද උදෑසන 8 ට පමණ ඔහු ඡන්දය ප්‍රකාශ කළ බව එහි සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. එම ඡන්ද මධ්‍යස්ථානය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් 2185 දෙනෙකු සිටින අතර නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ සිව්වන තැනට වැඩිම ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ මෙම ඡන්ද මධ්‍යස්ථා‍නයේය.
මේ වන විට ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් දක්වමින් සිටින බව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අද දෙරණට අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. adaderana

දීප ව්‍යාප්ත නිවාස ණය ක්‍රමයක්


ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දීප ව්‍යාප්ත නිවාස ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව සෑම පවුලකටම නිවසක් ලබා දීමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. මෙම නිවාස ණය ලබා දීමේ වැඩසටහන නිවාස ගැටලු පවතින නාගරික ප්‍රදේශ තුළත් බහුතර කොටසක් ජීවත් වන ග්‍රාමීය ප්‍රදේශ තුළත් වතුකරයේත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව නිවාස ණය ලබා දෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ එල්.එස් පලන්සූරිය මහතා ප්‍රකාශ කළේය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාල හරහා මෙම නිවාස ණය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව පලන්සූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.adaderana

"බාබුල්" සමග අසුවෙයි


නීතී විරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන බාබුල් අලෙවි කළ පුද්ගලයෙකු මරදාන කදිරේශන් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ මධ්‍යම දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැ‍ටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී බාබුල් මත්ද්‍රව්‍ය පැකට් 210 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

ලංකාව ආසියානු රග්බි තරගාවලියේ සුපිරි කාණ්ඩයට


ආසියානු කුසලාන රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි. ඒ ඊයේ සිංග්පූරුව සමඟ පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමඟයි. ලකුණු 23 ට 16 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබා ගත්තේය. ආසියානු කුසලාන රග්බි තරගාවලිය මේ දින වල සිංග්ප්පූරුවේ පැවැත්වෙයි. මේ ජයග්‍රහණයත් සමඟ ආසියානු රග්බි තරගාවලියේ සුපිරි කාණ්ඩයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. adaderana