Tuesday, April 20, 2010

අගමැතිකම බැසිල්ට දෙන්නැයි ඉල්ලීමක්


බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයට පත්කරන ලෙස ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා ජාතික පෙරමුණ පක්ෂයක් ලෙස තනිව තරග කළේ ප්‍රධාන කරුණු 03ක් මුල් කරගනිමින් බව ජාතික පෙරමුණේ නායක විමල් ගීගනගේ මහතා පවසයි. ඒ අතර ප්‍රධාන කරුණ ලෙස ඔවුන් ඉදිරිපත් කරනුයේ ව්‍යවස්ථාවට නව සංශෝධනයක් එක්කරමින් ජනාධිපතිවරයෙකුට වාර දෙකකට වැඩි ගණනක් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට හැකි ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය. එමෙන්ම අගමැති තනතුර සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත්කරන ලෙසත් එසේ ඔහු අගමැති තනතුරට පත්කිරීමේ යම් අපහසුතාවක් ඇතොත් නව ව්‍යවස්ථා සංශෝධනය තුළදීම ලෝකයේ බොහෝ රට වල ඇති පරිදි උප ජනාධිපති තනතුරක් හෝ නිර්මාණය කර බැසිල් රාජපක්ෂ මහතාට නව තනතුරක් පිරිනැමීම යන කරුණු ද එම ප්‍රධාන කරුණු 03 අතර වේ.
මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ලෙස පාර්ලිමේන්තු වරම් අහිමි වුව ද ඉහත කරුණු ඉටුකිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රජය සමග නිරන්තර සංවාදයක නිරතවන බව ද එම පෙරමුණ අවධාරණය කරයි. adaderana

0 comments:

Post a Comment