Saturday, November 9, 2013

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිති

ශී‍්‍ර ලංකාිඒ’ කණ්ඩායම සහ කෙන්යානු ජාතික කණ්ඩායම අතර පසුගියදා ශී‍්‍ර ලංකාවේදී පැවැති විස්සයිරැු20 කි‍්‍රකට් තරගාවලියේදී පිත්තෙන් සාර්ථක දස්කම් පෙන්වීමට ශී‍්‍ර ලංකාවේ තරුණ පිතිකරුවෝ සමත් වූහග කිසිදු පෙර සූදානමකින් තොරව හිටි අඩියේ සංවිධානය කෙරුණු තරගාවලියකදී තමන් ලද අවස්ථාවෙන් ප‍්‍රයේජන ගැනීමට ශී‍්‍ර ලංකාිඒ’ පිතිකරුවන් සමත් වූ නමුත් මෙම තරගාවලිය පැවැතියේ අන්තර්ජාතික විථ20 ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකාවේ :ශ්‍රේණිගත ලකුණු 128 යි*ිඒ’ කණ්ඩායමත් අන්තර්ජාතික විථ20 ශ්‍රේණිගත කිරීම් අනුව 14 වැනි ස්ථානයට පත්ව සිටින කෙන්යානු පිලත් :ශ්‍රේණිගත ලකුණු 41* අතර බව සැලකිය යුතුයග තරග 7 කින් සමන්විත තරගාවලියේදී ළහිරු තිරිමාන්නල නායක දිනේෂ් චන්දිමාල් සහ කිත්රුවන් විතානගේ තරග 4 ක් බැගින් කී‍්‍රඩා කරමින් ලකුණු 40ග00 ඉක්මවූ සාමාන්‍යයක් රඳවාගත් අතර ඇන්ජලෝ පෙරේරාගේ තරගයක සාමාන්‍යය 35ග50 ක් වියග එහෙත් සෙසු පිතිකරුවන් අතර තමාගේ සුවිශේෂී ස්වභාවය යළිත් වරක් පසක් කළ කුසල් ජනිත් පෙරේරා තරග 2 කට පමණක් කී‍්‍රඩා කරමින් ලකුණු 135 ක් ලබාගත්තේ තරගයක සාමාන්‍යයද ලකුණ 135ග00 ක් ලෙස රඳවා ගනිමිනිග තරග 4 කට බැගින් කී‍්‍රඩා කළ ළහිරු ජයරත්න සහ රමිත රඹුක්වැල්ල කඩුලූ 6 ක් බැගින් දවාගත් අතර ජීවන් මෙන්ඩිස් තරග 3 කදීකඩුලූ 6 ක් දවාගත්තේයග තරග 4 කදී ඕවර 14 ක් යැවූ ශාමින්ද එරංගගේ ඕවරයකින් කෙන්යානු පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 4ග42 ක් පමණි

ටෙලි නළු සුරාජ් මාපාට ආපු අසභ්‍ය SMS එක

ප‍්‍රකට ටෙලි නළු සුරාජ් මාපා ලබන සතියේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසන් වටයේ තරග කරුවෙකු ලෙස සහභාගී වන්නට නියමිතව සිටිනවා. ඒ අතර වාරයේ ඔහුට නාඳුනන එස්එම්එස් තර්ජන කරුවන්ට මුහුණු දෙන්නට සිදුවෙලා. තමාට ඊර්ෂ්‍යා කරන අය තමාව වට්ටන්නට එස් එම් එස් වලින් හිරිහැර අතවර කරන බවත් තමාගේ මතුවීම ඉවසන්නට අමාරු අයකු තමාටත් ඇසුරු කරන මිතුරන්ටත් එස් එම් එස් එකක් පතුරා ඇති බවත් සුරාජ් ගොසිප් ලංකා වෙත දන්වා සිටියා. මින් ඉහත සුරාජ් මාපාට අසභ්‍ය එස් එම් එස් එකක් එවූ පුද්ගලයෙකු ගැන ඔහු මිරිහාන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දුරකථන සමාගම් දත්ත ඔස්සේ ගොස් එම පණිවිඩය යැවූ කෙනා පොලිසිය අල්ලාගත් නමුත් ඔහු ඒ සඳහා උපදෙස් දුන් අය පොලිසියට හෙළි කර තිබුනේ නැත. එම ප‍්‍රශ්නය දුරදිග ගෙනයන්නට අකමැතිවීම නිසා සුරාජ් ඔහුට එරෙහිව නඩු මගට එළැඹුනේද නැත. නැවත වතාවක් සුරාජ්ට කරදර කරන්නේ පෙර වතාවේත් නීතියෙන් ගැළවුණ පුද්ගලයන්ද යන්න සුරාජ්ගේ සැකයට බඳුන්ව තිබෙනවා. ඔහු පවසන්නේ තමා මේ අවස්ථාවේ පුහුණුවීම් වල යෙදෙන බවත් මේ වෙනුවෙන් නැවත පොලිසි ගානේ යාමට සූදානම් නැති නමුත් මේ ගැන රටට හෙළිකිරීම අවශ්‍ය බවත්ය.