Wednesday, March 3, 2010

දනුන සොයා සීඅයිඩීය හෂාන්ගේ නිවස පීරයි

ශ්‍රී ලංකා කි්‍රකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතාගේ නිවස රහස් පොලීසිය විසින් ඊයේ (02) සෝදිසියකට ලක්කොට තිබේ.
මේ සෝදිසිය කර තිඛෙන්නේ එම නිවසේ සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතා සිටින බවට ලැබුණ ඔත්තුවක් අනුව බව පැවැසේ. දනුන තිලකරත්න මහතා හෂාන් තිලකරත්න මහතාගේ ඥාති සහෝදරයෙකි.
හෂාන් තිලකරත්න මහතා බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක‍ෂයේ මන්ත්‍රීවරයකු වන අතර, අවිස්සාවේල්ල ආසනයේ එජාප සංවිධායක ලෙස ද කටයුතු කළේය. ඔහු පසුගියදා සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්විය. හෂාන් මේ දිනවල ශ්‍රී ලංකවෙන් බැහැරව සිටී.lankae

මංගලගේ ප්‍රබලයෝ රැසක් zඅලියාZට එරෙහිව zඅතZ වැළඳ ගනිත

මංගල සමරවීර මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ මහජන පාර්ශවයේ විධායක පරිපාලන ලේකම් වෛද්‍ය සිසිල් බණ්ඩාර මහතා ප්‍රමුඛ එම පක‍ෂයේ මධ්‍යම කාරක සභිකයින් හා දිස්ත්‍රික් සංවිධායකයින් ඇතුළු ප්‍රමුඛ පෙළේ කි්‍රයාකාරිකයින් 31 දෙනෙක් පසුගියදා ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා හමුවී පරණ මහ ගෙදර වූ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයට යළි එක්වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය නිවැරැදි කර ගනිමින් පුුළුල් සන්ධානයක් පිහිටුවා ගැනීමට ශ්‍රී ලංකා මහජන පාර්ශවය ආරම්භයේ සිට ගෙන ගිය දේශපාලන ව්‍යාපාරයෙන් පිට පැන එහි නායක මංගල සමරවීර මහතා zඅලියාZ ලකුණින් මහා මැතිවරණයට ඉදිරිපත්වීමත්, zඅලියාZ ලකුණ එක්සත් ජාතික පක‍ෂයේ zලකුණZ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක‍ෂිකයින් වූ තමා ඇතුළු පිරිසට එම කි්‍රයාමාර්ගයට එකඟ වීමට නොහැකි බැවින් මේ තීරණයට එළැඹි බව වෛද්‍ය බණ්ඩාර මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසීය.
ශ්‍රීලනිප මහජන පාර්ශවයේ උපලේකම්, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා ගඟවට කොරලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති මහනුවර නෂාර් හජ්ජියාර්, අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක උපාලි කිරිවත්තුඩුව, පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක විපුල හෙට්ටිආරච්චි, ගම්පහ දිස්ත්‍රික් කමිටු ලේකම් ධම්මික එදිරිසිංහ, බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ටී.ජී. ලියනගේ, කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක මහානාම දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක රෝහිත විෙජ්සේකර මහත්වරු ද මහජන පාර්ශවය අතහැර ශ්‍රීලනිපයට යළි ගිය 31 දෙනා අතර වෙති. මේ සියලූ දෙනාම මහජන පාර්ශවයේ මධ්‍යම කාරක සභිකයෝයි.
අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී මේ තොරතුරු අනාවරණය කළ සිසිල් බණ්ඩාර සේනාරත්න මහතා තමාද ඉතිහාසයේ දේශපාලන වැරැදි කර තිඛෙන බවත්, 1971 දී ජවිපෙ සමඟත්, පසුව ශ්‍රී ලනිපයට එකතුවී 1982 දී විජයගේ ශ්‍රී ලංකා මහජන පක‍ෂයට තමාත් සහෝදරයා වන දේවබණ්ඩාර සේනාරත්නත් එකතු වූ අතර, ඒ දෙදෙනාම පසුව ඝාතනයට ලක්වූ බවත්, අනතුරුව මංගල සමරවීර මහතා ආණ්ඩුවෙන් ඉවත් කළාට පසුව ශ්‍රීලනිප මහජන පාර්ශවයට එකතුව ශ්‍රීලනිපය නිවැරදි මාර්ගයට ගන්නට දේශපාලන ව්‍යාපාරයක යෙදුණු බවත් කීය. තමාට මංගල සමරවීර මහතාට කියන්නට තිඛෙන්නේ වැරැදි අවබෝධ කර ගෙන ආරක‍ෂා වන්න බව සේනාරත්න මහතා පැවැසුවේය.
පොදු අපේක‍ෂක ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ සටන් පාඨ වූයේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම, ඇමැති මණ්ඩලය අඩු කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ දූෂණ වංචා නැති කොට යහපාලනයක් ඇති කිරීම බවත්, ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතා ට ලක‍ෂ 41 ක් ලැඛෙන විට ජනාධිපතිවරයා ලක‍ෂ 18 ක වැඩි ඡන්දයකින් ජයගත් බවත්, ජනාධිපතිවරයා පොරොන්දු වූයේද පොදු අපේක‍ෂකයාගේ ඉහත දුන් පොරොන්දුම වන අතර ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ පොරොන්දුවලට ඡන්ද දායකයා වරමක් දී තිඛෙන බවද ඔහු කීය.
පසුගිය ජනාධිපතිවරණයේදී තමා නොදැනුවත්ම තමාගේ නමින් දේශපාලන වශයෙන් ඉතා භයානක පොතක් මුද්‍රණය කර ඛෙදා හැරීමද දේශපාලන ශීලාචාරකමට බලවත් පහරක් බවද සිසිල් බණ්ඩාර මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවේය.
මේ අතර, ශ්‍රීලනිප මහජන පාර්ශවයේ ප්‍රකාශකයකු කීවේ ජනාධිපතිවරණයෙන් පසුදින එනම් 27 වනදා වන විට පක‍ෂ කාර්යාලයයේ තිබූ ඡායා පිටපත් යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර, රූපවාහිනි යන්ත්‍රය, ගුවන් විදුලි උපකරණ ආදිය ද, පක‍ෂ කාර්යාලය බාරව සිටි විධායක පරිපාලන ලේකම්වරයා සමඟ කාර්යාලයෙන් අතුරුදහන් වී තිඛෙන බවයි.

ඉතාලි සාදයට ලංකා තානාපතිගේ zගජයෝZ කඩා වදිති: ආරාධිතයන්ට කෑමත් නෑ.

ශ්‍රී ලංකාවට ඉතාලි සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා පසුගියදා මිලානෝ නගරයේදී ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ නියෝජිත හමුවට අනාරාධිත පිරිසක් සහභාගි කරවීමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ගත් ක්‍රියාමාර්ගය එහි සංවිධායකයෝ දැඩි පිළිකුලකින් හෙළා දකිති.
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් ගමන් ටිකට්පත් අලෙවි ශ්‍රී ලාංකික නියෝජිතයින් ශ්‍රී ලංකාවට ඉතාලි සංචාරකයන් යවන ඉතාලි සංචාරක නියෝජිතයින් සහභාගි කරවා ගත් මෙම නියෝජිත හමුවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ හෙන්චයියන් පිරිසක් අනාරාධිත සහභාගි කරවීම නිසා ආරාධිතයින් වෙනුවෙන් පිළියෙළ කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේ ආහාරපාන අනාරාධිතයින් විසින් භුක්ති විඳීමේ හේතුවෙන් ආරාධිත විදේශකයින් හා ශ්‍රී ලංකා නියෝජිතයිනට සංග්‍රහ කිරීමට ප්‍රමාණවත් ආහාර පාන නොතිබීමෙන් සංවිධායකයින් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇත. ආහාර නොමැතිව සිටි විදේශිකයිනට ඉඳහිට ආහාර පිඟානක් ලැඛෙද්දී එයින් සතුටට පත්ව අත්පොලසන් දී තිබේ.
ශ්‍රී ලාංකික අවන්හලක සීමිත ප්‍රමාණයකට පමණක් සංවිධානය කර තිබූ මේ හමුවේදී තානාපතිවරයා දන්සලක් දෙනවායි පවසමින් ඔහුගේ හෙංචයියන් ඔවුන්ගේ මිතුරන්ද සමඟ ආරාධනා නොමැතිව මෙයට සහභාගිවී ඇත. සංචාරක අමාත්‍යාංශය විසින් සාදය වෙනුවෙන් ගෙවිය යුතු මුදල යුරෝ 6000 (රුපියල් ලක‍ෂ 10) ක් පමණ වේ. මෙයට අමතරව තානාපතිවරයාගේ ගමන් වියදම්ද සැප පහසු නවාතැන් වියදම්ද සංචාරක අමාත්‍යාංශය මගින් ගෙවිය යුතුව ඇත.
ඉතාලියේ විදේශ අමාත්‍යාංශය මගින් තම පුරවැසියන්ට ශ්‍රී ලංකාවට නොයන ලෙස අමාත්‍යාංශ වෙබ් අඩවිය මගින් දැනුවත් කර ඇති අතර ඊට පටහැනිව ශ්‍රී ලංකාවට ගොස් යම් අතවරයක් සිදුවුවහොත් ගෙවිය යුතු රක‍ෂණ මුදල් ඔවුනට නොගෙවනු ඇත. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවට ඉතාලි ජාතිකයන් යෑම ඉතාමත් අඩු බැවින් ඉතාලි රජය සමඟ සාකච්ඡා කොට එය නිදොස් කරන්නැයි ශ්‍රී ලංකාවට විදේශිකයන් යවන නියෝජිතවරුන් කීප වතාවක් තානාපතිවරයා දැනුවත් කළද ඵලක් නොමැතිවීම නිසා මෙම රාත්‍රී භෝජන අවස්ථාවේදී එය සාකච්ඡා කරමින් සිටියෙදී සුරා මතින් සිටි තානාපති හිංචයියන් එම විදේශිකයන්ට බැණ වැදී තිබේ. සංචාරක අමාත්‍යාංශයේ වියදමින් තම හිංචයියන්ට සංග්‍රහ කළ තානාපතිවරයා ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන්නට උත්සාහ කරන්නැයි ඉල්ලීමක්ද කර ඇති බව දැන ගන්නට ලැබේ.
-ශමීන් පණ්ඩිතරත්න- ඉතාලිය lankaenews

කොහොමද තතු..?


ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලප්පෙරුම මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ලංකා හොස්පිට්ල්ස් හි නේවාසිකව හිඳියි.ජනාධිපතිවරයා ඇමතිවරයාගේ සුව දුක් බැලීමට ගොස් සිටින අයුරු ඡායා රූපයේ දැක්වේ.

මේජර් ජෙනරාල් මානවඩු රට පනී?


කිසිදු චෝදනාවක් නැතුවද ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු හදිසියේම විදේශ ගත වී ඇති බවට නිල නොවන ආරංචි මාර්ග පවසයි. මොහු විදෙස් ගත වී ඇත්තේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට පවසමිනි.
ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් මානවඩුගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතව තිබූ අතර, මෙසේ ප්‍රකාශයක් ගැනීමට නියමිතව තිබියදී විදෙස් ගතවීම ගැටළු සහගතය. මක්නිසාද යත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම මෙහෙයුමේදී නායකත්වය දුන් සුමිත් මානවඩු හැර අනෙකුත් සියලුම නිලධාරීන්ගෙන් මේ වන විට ප්‍රශ්න කර අවසන් බැවිනි.
කෙසේ වෙතත් රජයේ ඉහළ නිලධාරීන්ගේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෙන් ජනාධිපතිවරණය අවසන් වූ වහාම සුමිත් මානවඩුගේ පවුලේ පිරිස් විදෙස් ගත කළ අතර, පසුගිය කාලය පුරාම මේජර් ජනරාල් සුමිත් මානවඩු දැඩි ආරක්ෂා සහිතව කාලය ගත කළේය. මොහු සම්බන්ධයෙන් හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු බොහෝ දෙ‍නෙකුගේ බලවත් කළකිරීමකට ලක්ව සිටි අතර, හමුදාවේ ඉහළ නිලධාරියෙකු "තමුසේ බලු පොලිස් ලොක්ක උඩුගම්පලටත් වඩා නීච වැඩක් කළේ" යනුවෙන් මුහුණටම පවසා ඇත. මෙම සිදුවීමෙන් පසු සුමිත් මානවඩු තමන් වෙනුවෙන් දැඩි රැකවල් යොදා ගත් අතර, ඔහු හමුවීමට කිසිදු හමුදා හෝ සිවිල් පුද්ගලයෙකුට අවස්ථාව නොලැබෙන පරිදි කටයුතු කළේය.
කෙසේ වෙතත් තමන් වෙනුවෙන් ආරක්ෂාවට යොදා ගත් හමුදා නිලධාරීන් පිළිබඳවද සැක උපදවා ඇති මානවඩු තමන්ගේ ජීවිතය තර්ජනයක් ඇති බව පවසා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ සහයෙන් විදෙස් ගත වී ඇති බව වැඩිදුරටත් වාර්තා‍ වේ.truth

අල්ලස් කොමිසමත් අහවරයි - ආණ්ඩුවේ දූෂණයෙන් පෙරටම


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිල කාලය වූ පස් අවුරුද්ද මේ වස 29 වන දායින් අවසන් වන අතර, මෙතෙන් එයට අදාල නව පත්වීම් සිදු කිරීමට කටයුතු කර නැත. ව්‍යවස්ථාව අනුව මෙහි නව පත්වීම් සිදු කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. නමුත් මෙතෙක් ඉදිරි පස් වසරට අදාල නව පත්වීම් කිසිවක් සිදු කිරීමට මේ වන තුරු ජනාධිපතිවරයා පියවර ගෙන නැත.
දැනට ක්‍රියාත්මක වන හා මේ වන විට අවසන්වෙමින් පවතින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමද පක් කරන ලද්දේ ඊට පෙර පැවැති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අවසන් වී මාස තුනක් ගතවීමෙන් පසුවය. කෙසේ වෙතත් ඉදිරි පස් අවුරුදු කාලයට අදාල නව පත්වීම් සිදු නොකළ හොත් 29 වනදායින් පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අවලංගු වන අතර, මේ අනුව ඉදිරියේදී කොමිසමට අදාල නව විමර්ශන හෝ පැමිණිලි සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇත. truth

ආණ්ඩුව BTI ගෙන්වීම හදිසියේම නවතයි‍


ඩෙංගු මදුරු මර්දනය සඳහා කියුබාව භාවිත කළ BTI බැක්ටීරියාව (Bacillus Thuringenesis Sub Specles Israelensis) ගෙන්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව නවතාලීමට රජය කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. මෙම තීරණය ගැනීඹට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, රජයේ ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙම තීරණය ගත් බව පැවසේ.
පසුගිය කාලයේදී ලංකාවේ ඩෙංගු උවදුර ඉතා සීග්‍රයෙන් පැතිර යාම නිසා මේ සම්බන්ධයෙන් කියුබාවේ කීට විශේෂඥයින් ගෙන්වා පර්යේෂණ කළ අතර, මුලින්ම මෙම බැක්ටීරියාව 2009 වසරේ ජුනි මස 27 වන දා ගෙන්වීමට නියමිතයව තිබුණු නමුත් රජයේ අතපසුවීමක් නිසා මෙය කල් ගියේය.
පසුව මෙම බැක්ටීරියාව වෙළඳපොළට නිකුත් කර මෙහි බරපැන මහජනතාවගෙන් අය කිරීමට රජය සැලසුම් කළත් එම ක්‍රියාමාර්ගය ද ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරීන්ට නොහැකි විය. මේ අනුව රජය ඩෙංගු මදුරුවා විනාශ කිරීමේ වගකීමෙන් බැහැරවීමට උත්සහ දැරීමක් ලෙස මේ සම්බන්ධයෙන් අදහස් දැක්නූ බොහෝ පිරිස් කරුණු දැක්වීය. බයෝ පවර් ලංකා පුද්ගලික සමාගම, විසින් නිපදවනු ලබන BTI බැක්‌ටීරියාව සහ කියුබාවේ නිෂ්පාදිත එමබැක්‌ටීරියාව මිලි ලීටර් 80 ප්‍රමාණයේ බෝතල් වශයෙන්වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය සැලසුම් කළ අතර, එය භාවිත කරන ආකාරය පිළිබඳ උපදෙස්‌ එම බෝතල්වල සඳහන් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේදී පැවසීය.
කියුබාව විසින් 1982 වසරේදී සොයා ගන්නා ලද මෙම BTI බැක්ටීරියාව දියරයක් ලෙසින් විශාල ජලාශවලට හා ජල ටැංකිවලට යොදන අතර එමගින් ඒවායේ සිටින මදුරු කීට විනාශයට පත්වේ. මදුරු කීට විනාශ කිරීමට ලොව රටවල් කීපයක්ම මෙම බැක්ටීරියාව යොදා ගෙන ඇත. මෙම බැක්ටීරියාව මීට පෙර කුරුණෑගල හා පොල්ගහවෙල ප්‍රදේශවලදී සාර්ථකව අත්හදා බලා ඇත.ada

එන්න කීවේ තනිවම බැරි නිසයි


කුසලානයට ආණ්ඩු බලයක් පිහිටුවීමට හැකියාවක් ඇත්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රශ්න කරයි.
මේ වන විට"කුසලානය"වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණට සහ ජෙනරාල් සරත් ෆොන්සේකාට එක්සත් ජාතික පෙරමුණට එක්වී"අලියා"ලකුණෙන් තරඟ කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරනු ලැබුවේ කුසලානයට ආණ්ඩු බලයක් පිහිටුවීමට තබා ඒ ගැන හිතන්නවත් බැරි නිසා යයි හෙතෙම කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රීක් බල මණ්ඩලය අමතමින් අමරතුංග මහතා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ අද ගම්පහ නගරයේ පැවති රැස්වීමකදීය. ADA

ෆොන්සේකා ගැන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශයක්


දැනට රිමාන්ඩ් බාරයේ පසු වන හයිකෝප් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩිහොඩ් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශ්‍රීලංකා යුද හමුදාවට අද අවසර ලබා දී තිබේ.
දැනට අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් කර ගෙන යනු ලබන පරීක්ෂණ වලට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා යුද හමුදාව විසින් අද අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට ඉඩ ලබා දෙමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම අවසරය ලබා දී ඇත.
සැකකරුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ නාවික හමුදා මූලස්ථානයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නි‍යෝගයක් පනවන්නැයි යුද හමුදාව මෙහිදී වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
බන්ධනාගාර රෙගුලාසිවලට යටත්ව සැකකරු අදාළ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කිරීමට තමන්ගේ විරෝධයක් නොමැති බව මහේස්ත්‍රාත්වරිය මෙහිදී කියා සිටියාය.
අත්අඩංගුවේ පසුවන වෙලින්ටන් ඩිහොඩ් මහතාට ඇප ලබා දෙන අද ඔහුගේ නීතිඥයින් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මේ අයුරින් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කෙරුණි.
හයිකෝප් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩිහොඩ් මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි මස 17 වන දාය.
ඉක්බිතිව ජනවාරි මස 13 වන දිනද ඔහුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණද එහිදීද ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී. මෙම නඩුව අද සලකා බැලු අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රීලංකාව තුළ මෙන්ම ඇමරිකාවේද හයිකෝප් ලිමිටඩ් වලට අදාලව පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බැවින් මොහුට ඇප ලබාදීමෙන් පරීක්ෂණ කටයුතු වලට බාධාවක් විය හැකි බැවින් ඇප ලබාදිය නොහැකි බව අවධාරණය කර ඇත.
හයිකෝප් ලිමිටඩ් හි හිමිකරු ලෙස සැලකෙන්නේ දැනට අත්අඩංගුවේ පසු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාය. ADA

නපුරෙන් ගංජා හේනක්


රත්නපුර - හෙළඋඩ ප්‍රදේශයේ නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලීමට රත්නපුර කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය සමත්ව තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් ‍මත සිදුකළ මෙම වැටලීමකදී සැකපිට 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
ගංජා තොගය සහ සැකකරු අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
රත්නපුරය අවටින් මෙවැනි ගංජා හේනක් සොයාගත් පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ. ADA

ණය නොදුන්නත් ආර්ථිකය නරක නෑ


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඉතිරි ණය මුදල ලබා නොදුන්න ද මෙරට විදේශ සංචිත ප්‍රමාණය යහපත් මට්ටමක පවතින බව මුදල් අමාත්‍යාංශය පවසයි.
පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ කටයුතු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර ලබාගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බවඅමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි.
එසේ වුවද පසුගිය කාල සීමාව තුළ මෙරට ආර්ථිකය වාර්තාගත ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ද ලේකම්වරයා සඳහන් කරයි.
ආනයන අපනයන ක්ෂේත්‍රය ඉහළ යාම, ගෘහ නිර්මාණ ක්ෂේත්‍රය වර්ධනය වීම, සංචාරක කර්මාන්ත හා නිමැයුම් ඉහළ යාම මේ සඳහා ‍ප්‍රධාන සාධකයන් වී ඇති බව හෙතෙම පෙන්වාදෙයි. ADA

හිටපු අගවිනිසුරුවරයාගේ ප්‍රකාශයට කනගාටුයි


හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බව හිටපු ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
නීතිමය කටයුතු සිදුවෙමින් පවත්නා අතරතුර මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
සරත් එන්.සිල්වා මහතා පසුගිය දිනෙක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කිරීමට අදාළව හිටපු ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. ADA

හිලරි ශ්‍රීලංකාවෙන් දිරිය කාන්තාව තෝරයි


ජාත්‍යන්තර දිරිය කාන්තාව සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ ජන්සිලා මජීඩ් නැමති කාන්තාව තෝරාගෙන තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය විසින් මජීඩ් මහත්මිය මෙම සම්මානය සඳහා තොරාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් දිනාගැනීම සඳහා දැක්වූ දායකත්වය, සුළු ජාතික කාන්තාවන්ගේ ගැටලුවලට පිළියම් සෙවීමට මැදිහත්වීමත්, උතුරු නැඟෙනහිර අවතැන් ජනතාව සඳහා සහනාධාර සැපයීමට දායකත්වය සැපයීමත් යන කරුණු මුල්කරගනිමින් ‍ඇයට මෙම සම්මානය ලබාදීමට හේතු සාධක වී ඇති බව සඳහන් වේ.
වාර්ෂිකව ලෝකයේ කාන්තාවන් දස දෙනෙකු සඳහා මෙම ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය පිරිනැමේ.
මෙවර මෙම සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ ජන්සිලා මජීඩ්ට අමතරව ඇෆ්ගනිස්ථාන, සයිප්‍රසය, ඩොමිනිකන් රාජ්‍යය, කොරියාව, කෙන්යාව, ඉරානය, සිම්බාබ්වේ, සහ සිරියාව යන රටවලින් කාන්තාවන් තෝරාගෙන තිබේ. ADA

මානව හිමිකම් නිලධාරීන් වැඩිකරයි


උතුරු- නැඟෙනහිර පළාත්වල සේවයේ නියුතු මානව හිමිකම් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.
එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කරනු ලැබුවේ උතුරු නැඟෙනහිර පළාත්වල සිවිල් පරිපාලනය ශක්තිමත් කිරිමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.
ඒ යටතේ දැනට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි මානව හිමිකම් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාල වඩාත් ශක්තිමත් කිරිමට පියවර ගෙන ඇති අතර අනුයුක්ත නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩිකිරිමට ද පියවර ගෙන තිබේ.
සරණාගතයින් නැවත පදිංචි කිරීම් , සිවිල් පරිපාලනය යළි ස්ථාපිත කිරීම් හා අදාල ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ මානව හිමිකම් ගැටලු නිරාකරණය කිරීම මෙම නිලධාරින්ට පැවරී ඇති බව සඳහන් වේ. ADA

වසන්තයකුත් නෑ-උදානයකුත් නෑ


වැඩපිළිවෙළවල් තිබුණත් මධ්‍යම කඳුකරයේ තමා ඇතුළු ජනයා තාමත් දුක්විඳින බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මධ්‍යම කඳුකරයට වසන්තයකුත් නැති බවත්,උදානයකුත් නැති බවත් හෙතෙම අවධාරණය කළේය.
ජනාධිපතිවරයා සමග තමාගේ සමීප සබඳතාවයක් තිබුණත් රණ්ඩුවෙන අවස්ථා පවා තිබෙන බව ද ඔහු කියා සිටියේ යටිනුවර ප්‍රදේශයේ මහජන රැළියක් අමතමිනි.
බලයට පත්වන සෑම දේශපාලනඥයෙකුම දළඳා මාළිගාවේ පත්තිරිප්පුවේ සිට ජාතිය අමතන නමුත් එතැනින් කිලෝමීටරයක් විතර ඈතට යද්දී ගෙවල්වලට ඉටි රෙදි වසාගෙන සිටින දිලිදු පවුල් මෙන්ම කිලෝමීටරයක් පමණ කළ ‍ගෙඩිය කිහිල්ලේ ගසාගෙන වතුර ගේන්නට දුක් විඳින ගැහැණුන් සිටින බව තමා හොඳින් දන්නා බවද හෙතෙම කියා සිටියි. ADA

පාර්ලිමේන්තුව යළි කැඳවීමෙන් ආරක්ෂාවේ අර්බුදය විසඳෙන ලකුණු


විසුරුවා ඇති පාර්ලිමේන්තුව මාර්තු මස 09 වන දින යළි හදිසියේ කැඳවීමට ජනාධිපතිවරයා තීන්දු කිරීමත් සමග දැනට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව කප්පාදු කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවත්නා"අයිතිවාසිකම් පෙත්සම"ඵල රහිත වන තත්ත්වයක් නිර්මාණය වී ඇත.
ජනාධිපතිවරාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තියට අනුව පාර්ලිමේන්තුව යළි කැඳවීමට ඇති බලය උපයෝගී කරගෙන පාර්ලිමේන්තුව කැඳවා ඇතත් මේ අයුරින් පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවනු ඇති බවට අද දෙරණ වෙබ් අඩවිය මගින් කරුණු දක්වා තිබුණේ පසුගිය පෙබරවාරි මස 17 දාය.
2010 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා සියලු කටයුතු සූදානම්ව පවතිද්දී"හදිසි නීතිය"සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත්දැයි ප්‍රශ්නාර්ථයක් මතු වී තිබුණේ පෙබරවාරි මස 09වන දින මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 06 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟිනි.
කෙසේ වෙතත් නව පාර්ලිමේන්තුවේ මංගල සැසිය අප්‍රේල් මස 22 වන දින පවත්වන්නට තීරණය කෙරුණේද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින්මය. එහෙත් දින 30 ක කාලයක් සඳහා බල පැවැත්වෙන"හදිසි නීතිය"මාර්තු මස 05 වන දින දක්වා පමණක් බල පැවැත්වෙන බැවින් එය දීර්ඝ කිරීමට අදාල යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය පැන නැඟුණි.
එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ඡේදයේ 4.1 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව දින දහයක කාලයකට හදිසි නීතිය යළි දීර්ඝ කළ හැකිව තිබුණි. යම් හෙයකින් හදිසි නීතිය දීර්ඝ කිරීමට මාර්තු මස 05 වන දින පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවහොත් හිටපු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර එළඹෙන මහ මැතිවරණ දිනය වන තෙක් වලංගු වන බව ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජගත් ගජවීරආරච්චි මහතා අද දෙරණට කියා තිබුණි.
කෙසේ වුවද මේ වන විට මාර්තු මස 09 වන දින යළි පාර්ලිමේන්තුව කැඳවා ඇති තත්ත්වයක් තුළ හිටපු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ඇතුළු සියලු වරප්‍රසාදයන් අප්‍රේල් මස 08 වන දින තෙක් ලබාදීමට සිදුවේ. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අධිකරණයේ පිහිට පතන ලදී.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙරේදා(1)සලකා බැලූ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසත්, ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කරන ලදී.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබුණේ ඔවුන්ට තර්ජනයක් තිබුණු හෙයින් බවත්,පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ පමණින් එකී තර්ජනය පහව ගොස් නැති බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එදින අධිකරණයේදී පෙන්වා දුන්හ.
එහෙත් රජයේ නීතිඥයින් කියා සිටියේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීම නීත්‍යනුකූල දෙයක් නොව එය වරප්‍රසාදයක් පමණක් බවයි. එසේ වුවද පක්ෂ මහ ලේකම්වරුන්ට හා පක්ෂ නායකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බවද නීතිපතිවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට සඳහන් කරන ලදී.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පක්ෂ ලේකම්වරුන්ට සහ නායකයින්ට ලබා දී ඇති තරමින් හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.

කෙසේ වුවද පාර්ලිමේන්තුව යළි කැඳවන හෙයින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා යළි"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්"බවට පත්වන නිසා ආරක්ෂාව ඇතුළු පෙර පැවති සියලු වරප්‍රසාද ලබා දීමට සිදුවන තත්ත්වයක් තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය නොවීමෙන් මේ වන විටත් අධිකරණය හමුවේ විභාගවෙමින් පවත්නා"අයිතිවාසිකම් පෙත්සම"ඵල රහිත වනු ඇත.
එසේ වුවද මාර්තු මස 09 වන දින යළි පාර්ලිමේන්තුව කැඳවා හදිසි නීතිය මසකින් දීර්ඝ කරගනු ලැබූවද එය වලංගු වන්නේ අප්‍රේල් මස 09 වන දින තෙක් පමණි.එතැන් සිට ජනාධිපතිවරයාට හිමි බලතල අනුව පාර්ලිමේන්තුවේ හදිසි නීතිය පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව දීර්ඝ කළ හැක්කේ දින 10 ක කාලයක් පමණි.ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 22 දාය.එබැවින් අප්‍රේල් මස 22 වන දිනට පෙර යළි මාර්තු මස අග හෝ අප්‍රේල් මස මස මූලාරම්භයේ දිනයක හදිසි නීතිය වෙනුවෙන් යළි පාර්ලිමේන්තුව කැඳවනු ලැබිය හැකිය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේදීද මේ අයුරින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට දින නියම කර තිබියදී පාර්ලිමේන්තුව යළි කැඳවන ලදී. ඒ 2000 වසරේ සැප්තැම්බර් 14 වන දිනදාය.ADA

හයිකෝප් අධ්‍යක්ෂකට ඇප නැතිවෙයි


හයිකෝප් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩිහොඩ් මහතාට ඇප ලබා දීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අත්අඩංගුවේ පසුවන වෙලින්ටන් ඩිහොඩ් මහතාට ඇප ලබා දෙන අද ඔහුගේ නීතිඥයින් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මේ අයුරින් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කෙරුණි..
හයිකෝප් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩිහොඩ් මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි මස 17 වන දාය. .
ඉක්බිතිව ජනවාරි මස 13 වන දිනද ඔහුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණද එහිදීද ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී. මෙම නඩුව අද සලකා බැලු අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රීලංකාව තුළ මෙන්ම ඇමරිකාවේද හයිකෝප් ලිමිටඩ් වලට අදාලව පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බැවින් මොහුට ඇප ලබාදීමෙන් පරීක්ෂණ කටයුතු වලට බාධාවක් විය හැකි බැවින් ඇප ලබාදිය නොහැකි බව අවධාරණය කර ඇත..
හයිකෝප් ලිමිටඩ් හි හිමිකරු ලෙස සැලකෙන්නේ දැනට අත්අඩංගුවේ පසු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාය. ada

ගැබිනි මව්වරුන් උද්ඝෝෂණයේ


ගැබිනි මව්වරුන් පිරිසක් උද්ඝෝෂණයක නිරත තිබේ. හොරණ නාතුපාන ප්‍රදේශයේ ගරා වැටීමට ලක්ව ඇති මාතෘ සායන ගොඩනැඟිල්ල නවීකරණය කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණයේ නිරතව ඇති බව සඳහන් වේ.
උද්ඝෝෂණයට සහභාගි වී සිටි ගැබිනි මව්වරුන් ප්‍රකාශ කරනු ලැබුවේ බස්නාහිර පළාත් සෞඛ්‍ය බලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දුන්නද මෙතෙක් කිසිදු ප්‍රතිඵළයක් අත්වී නොමැති බවයි.
ගරා වැටීමට ලක්ව ඇති මෙම ‍ගොඩනැඟිල්ල තුළ සායන කටයුතු වල නිරත වීම අනතුරුදායක වී ඇති බව ද ගැබිනි මව්වරුන් පෙන්වා‍ දී ඇත. ada