Wednesday, March 3, 2010

මේජර් ජෙනරාල් මානවඩු රට පනී?


කිසිදු චෝදනාවක් නැතුවද ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු හදිසියේම විදේශ ගත වී ඇති බවට නිල නොවන ආරංචි මාර්ග පවසයි. මොහු විදෙස් ගත වී ඇත්තේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට පවසමිනි.
ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් මානවඩුගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතව තිබූ අතර, මෙසේ ප්‍රකාශයක් ගැනීමට නියමිතව තිබියදී විදෙස් ගතවීම ගැටළු සහගතය. මක්නිසාද යත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම මෙහෙයුමේදී නායකත්වය දුන් සුමිත් මානවඩු හැර අනෙකුත් සියලුම නිලධාරීන්ගෙන් මේ වන විට ප්‍රශ්න කර අවසන් බැවිනි.
කෙසේ වෙතත් රජයේ ඉහළ නිලධාරීන්ගේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෙන් ජනාධිපතිවරණය අවසන් වූ වහාම සුමිත් මානවඩුගේ පවුලේ පිරිස් විදෙස් ගත කළ අතර, පසුගිය කාලය පුරාම මේජර් ජනරාල් සුමිත් මානවඩු දැඩි ආරක්ෂා සහිතව කාලය ගත කළේය. මොහු සම්බන්ධයෙන් හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු බොහෝ දෙ‍නෙකුගේ බලවත් කළකිරීමකට ලක්ව සිටි අතර, හමුදාවේ ඉහළ නිලධාරියෙකු "තමුසේ බලු පොලිස් ලොක්ක උඩුගම්පලටත් වඩා නීච වැඩක් කළේ" යනුවෙන් මුහුණටම පවසා ඇත. මෙම සිදුවීමෙන් පසු සුමිත් මානවඩු තමන් වෙනුවෙන් දැඩි රැකවල් යොදා ගත් අතර, ඔහු හමුවීමට කිසිදු හමුදා හෝ සිවිල් පුද්ගලයෙකුට අවස්ථාව නොලැබෙන පරිදි කටයුතු කළේය.
කෙසේ වෙතත් තමන් වෙනුවෙන් ආරක්ෂාවට යොදා ගත් හමුදා නිලධාරීන් පිළිබඳවද සැක උපදවා ඇති මානවඩු තමන්ගේ ජීවිතය තර්ජනයක් ඇති බව පවසා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ සහයෙන් විදෙස් ගත වී ඇති බව වැඩිදුරටත් වාර්තා‍ වේ.truth

0 comments:

Post a Comment