Wednesday, March 3, 2010

ෆොන්සේකා ගැන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශයක්


දැනට රිමාන්ඩ් බාරයේ පසු වන හයිකෝප් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩිහොඩ් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශ්‍රීලංකා යුද හමුදාවට අද අවසර ලබා දී තිබේ.
දැනට අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් කර ගෙන යනු ලබන පරීක්ෂණ වලට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා යුද හමුදාව විසින් අද අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට ඉඩ ලබා දෙමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම අවසරය ලබා දී ඇත.
සැකකරුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ නාවික හමුදා මූලස්ථානයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නි‍යෝගයක් පනවන්නැයි යුද හමුදාව මෙහිදී වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
බන්ධනාගාර රෙගුලාසිවලට යටත්ව සැකකරු අදාළ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කිරීමට තමන්ගේ විරෝධයක් නොමැති බව මහේස්ත්‍රාත්වරිය මෙහිදී කියා සිටියාය.
අත්අඩංගුවේ පසුවන වෙලින්ටන් ඩිහොඩ් මහතාට ඇප ලබා දෙන අද ඔහුගේ නීතිඥයින් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මේ අයුරින් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කෙරුණි.
හයිකෝප් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩිහොඩ් මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි මස 17 වන දාය.
ඉක්බිතිව ජනවාරි මස 13 වන දිනද ඔහුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණද එහිදීද ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී. මෙම නඩුව අද සලකා බැලු අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රීලංකාව තුළ මෙන්ම ඇමරිකාවේද හයිකෝප් ලිමිටඩ් වලට අදාලව පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බැවින් මොහුට ඇප ලබාදීමෙන් පරීක්ෂණ කටයුතු වලට බාධාවක් විය හැකි බැවින් ඇප ලබාදිය නොහැකි බව අවධාරණය කර ඇත.
හයිකෝප් ලිමිටඩ් හි හිමිකරු ලෙස සැලකෙන්නේ දැනට අත්අඩංගුවේ පසු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාය. ADA

0 comments:

Post a Comment