Monday, March 1, 2010

පොලිස් නිලධාරියාගේ පෙත්සමට අවසර


පසුගිය ජනාධිපතිවරණ සමයේ අපහාසාත්මක පත්‍රිකා ප්‍රවාහනය කළ නාවික හමුදා රථයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන්ව ස්ථාන මාරු කළ බවට චෝදනා කරමින් කුරුණෑගල පොලිසියේ හිටපු ස්ථානාධිපති එම්.එච්.‍කේ. වික්‍රමරත්න මහතා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබේ.
එම ස්ථානමාරුව තුළින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී තිබේ දැයි විභාග කිරීමට තීන්දු කළ ශිරාණි තිලකවර්ධන මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසට නොතීසි නිකුත් කළාය.
පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා කියා සිටියේ මැතිවරණ සමයේ අදාළ පත්‍රිකා තොගය අත්අඩංගුවට ගැනීමත් සමග කිසිදු පදනමක් නොමැතිව පෙත්සම්කරු මන්නාරමටත් එයින් පසු පොලිස් අධ්‍යාපන විද්‍යාලයටත් මාරු කර යැවීමත් තුළින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බවයි.
මෙහිදී පෙත්සම්කරුට එරෙහිව මූලික විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රජයේ නීතීඥවරිය කියා සිටියාය.
කෙසේ වෙතත් අදාළ ස්ථාන මාරුව තුළින් බැලූ බැල්මට ගැටලු සහගත තත්ත්වයක් පෙනී යන බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට තීරණය කළ අධිකරණය අදාළ නඩු විභාගය මැයි මස 26 වැනිදා පැවැත්වීමට තීන්දු කළාය.ada

යූ.ඇන්.පියේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දින 10 ක් තුළ ගේනවා


එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි දින 10 ඇතුළත ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ආර්ථිකය වර්ධනය කිරීම සහ ජීවන බර අඩුකිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් ඊට ඇතුළත් කර ඇති බව තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
ඉදිරි මැතිවරණයෙන් බලය ලබා ගත් පසු අමාත්‍ය මණ්ඩලය 35 දක්වා අඩුකරන බව රජය විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලැබූවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුවද පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි ඇමතිවරුන් 112 දෙනාගේ සියලු වරප්‍රසාද ඒ අයුරින්ම ලබා දීමට රජය කටයුතු කර ඇති වගද කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණ කාලය තුළ රාජ්‍ය සේවකයින් සඳහා වැඩිකළ වැටුප ජනවාරි මාස‍යට එකතු කර නොමැති බවයි. ada

ලොව පුරා මිනිසුන් අද සිට ජෙනරාල් නිදහස් කරන ලෙස පෙත්සම අත්සන් කරයි.


චෝදනා රහිතව හමුදා අත්අඩංගුවට ගෙන තිබෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ලංකා ආණ්ඩුවට බලකරමින් ලොවපුරා ජනතාව අන්තර්ජාලය ඔස්සේ අද සිට පෙත්සමක් අත්සන් කිරීමට පියවර ගෙන ඇති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය පවසා සිටී. එහි ප‍්‍රධාන ලේකම් විජිත හේරත් මහතා පවසා සිටියේ මෙම පෙත්සමට අත්සන් තබන්නන්ට www.freesarathfonseka.com ඔස්සේ අත්සන් තැබිය හැකි බවයි. මේ වන විටත් අන්තර්ජාලය විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙමින් පවතින අතර ලොව පුරා ජනතාව පෙත්සම අත්සන් තැබීමට යුහුසුළු වී ඇති බව හේරත් මහතා වැඩිදුරටත් පැවසීය. truth

ගෑස් මිලෙහි වෙනසක් නෑ


මාස දෙකක් යන තුරු ගෑස් මිල සංශෝධනයකට ලක් නොවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගෑස් සඳහා පනවා ඇති ආනයනික බදු ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ද මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක් ‍රුපියල් 240 කින්ද, ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කට වැඩි ප්‍රමාණයකින් ද ඉහළ දැමිය යුතු බව අදාළ ගෑස් සමාගම් වෙළඳ හා පාරිභෝගික අමාත්‍යාංශයෙන් පසුගිය දා ඉල්ලීමක් කර තිබුණි.
සෑම මාසයකම අවසන් දිනයේ දී ගෑස් මිල සංශෝධනයක් කිරීම සඳහා ඉල්ලීම් කිරීමට ගෑස් සමාගම්වලට නීතිමය වශ‍යෙන් ලැබී ඇති ඉඩකඩ මත ඔවුන් මෙවර ගෑස් මිල වැඩිකළ යුතු බව යෝජනා කළේය. ada

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම ව්‍යවස්ථාවට පටහැනියි


හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවකු බව හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා අද ප්‍රකාශ කළේය. එමෙන්ම සරත් ෆොන්සේකා විසින් අප වෙත දිනාදුන් නිදහස ඔහුට අහිමි කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම අ‍ාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු අගවිනිසුරුවරයා කියාසිටියේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තියට අනුව හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගත හැක්කේ විනය ආරක්ෂා කරගැනීම සහ යථා පරිදි රාජකාරී කටයුතු ඉටුකරගැනීම යන කරුණු මත පමණක් බව ඒ මහතා පෙන්වාදෙයි. හමුදා නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන බව හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විශ්‍රාමික නිලධාරියෙකු බැවින් ඔහුට මෙම නීතිය බලාත්මක නොවන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
කෙ‍සේවෙතත් හිටපු අගවිනිසුරුවරයා ඉදිරිපත් කරන මෙම නීති තර්ක සම්බන්ධයෙන් අධි නීතීඥ ගෝමින් දයාසිරි මහතා සඳහන් කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද හමුදාමය තනතුරක් වන බවය. එය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතෙන් පිළිගෙන ඇති බව ඒ මහතා පැවසු‍වේය. ඒ අනුව හමුදා සාමාජිකයෙකු විශ්‍රාම ගොස් මාස 6ක් යනතුරු හමුදා නීතියට යටත් වන බැවින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම ව්‍යවස්ථානුකූලව සිදුවූ බව ගෝමින් දයාසිරි මහතා සඳහන් කළේය.ada

ආරක්ෂාව සොයා බලන්නැයි නීතිපතිට නියෝගයක්


විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබුණේ ඔවුන්ට තර්ජනයක් තිබුණු හෙයින් බවත්,පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ පමණින් එකී තර්ජනය පහව ගොස් නැති බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අද අධිකරණයේදී පෙන්වා දෙන ලදී.
එහෙත් රජයේ නීතිඥයින් කියා සිටියේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීම නීත්‍යනුකූල දෙයක් නොව එය වරප්‍රසාදයක් පමණක් බවයි. එසේ වුවද පක්ෂ මහ ලේකම්වරුන්ට හා පක්ෂ නායකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බවද නීතිපතිවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට සඳහන් කරන ලදී.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පක්ෂ ලේකම්වරුන්ට සහ නායකයින්ට ලබා දී ඇති තරමින් හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.

එෆ්.එම්.දෙරණින් ලෝක වාර්තාවක්


ලෝක ඉතිහාසයේ ගුවන් විදුලි මාධ්‍ය තුළ මෙතෙක් සිදු නොවු ලෝක වාර්තාගත ගීතමය වැඩසටහනක් එෆ්.එම්.දෙරණ නාලිකාවෙන් අද ආරම්භ කරන ලදී..
දශක ගණනක් තිස්සේ යළි යළිත් උපදිමින් මෙරට රසික සිත් සතන් පුබුදු වු අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලයන් ගායනා කළ ගීත පමණක් විසි හතර පැය පුරා විකාශය කිරීම මෙම වාර්තාවයි.. අද පෙරවරු 7ට ඇරඹි මෙම වැ‍ඩසටහන හෙට උදෑසන 7 දක්වා ක්‍රියාත්මක වේ. ගිනස් ලෝක වාර්තාවක් බවට පත්වන මෙම වැඩසටහන අධීක්ෂණය සඳහා ගිනස් කමිටුවේ නීරීක්ෂකයන් ද එෆ්.එම්.දෙරණ මැදිරියට පැමිණීමට නියමිතය. ශ්‍රි ලාංකේය ශ්‍රාවකයන්ට නවමු අත්දැකීමක් වු මෙම ලෝක වාර්තා ගත වැඩසටහන සමග එක්වන ලෙස එෆ්.එම්.දෙරණ ශ්‍රාවක ඔබට ඇරයුම් කර සිටියි. ada

ගෑස් මිලෙහි සංශෝධනයක්


මෙරට ගෑස් මිල අද සිට සංශෝධනය කරන බව වෙළඳ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගෑස් සමාගම් සමග කළ සාකච්ඡා වලදී ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක් ‍රුපියල් 240 කින්ද, ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කට වැඩි ප්‍රමාණයකින් ද ඉහළ දැමිය යුතු බව ඉල්ලා ඇති බව ඔහු සදහන්‍ කළේය. පාරිභෝගික සේවා අධිකාරිය සහ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරිමෙන් පසු ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අද තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වරට ගෑස් මිල සංශෝධනය වු අතර එහිදි ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60 කින් පහළ ගියේය. එම අවස්ථාවේදී ෂෙල් ගෑස් සිලින්ඩරයක මිලෙහි වෙනසක් සිදු‍වුයේ නැත.ada

එල්.ටි.ටි.ඊ. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමට අවසර


වව්නියාවේ සහන ගම්මාන වල සැඟවී සිටියදි අත්අඩංගුවට ගත් ප්‍රබල එල්.ටි.ටි.ඊ. සැකකරුවන් 14 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරිමට රහස් පොලිසියට අවසර හිමිව තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවට මෙම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්‍ත්‍රාත්වරිය අවසර ලබාදුන්නේය. වන්නි යුද මෙහෙයුමෙන් පසුව මැණික් ෆාම් සහන ගම්මානයේ සැඟවි සිටියදී ත්‍රස්ත මර්දන ඒකකය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරුවන් පසුගිය කාලය තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි ‍රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. adade