Sunday, May 23, 2010

එජාප නායකත්වය හම්බන්තොටට ගෙනඑනවා -සජිත්


පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය හම්බන්තොටට ගෙනඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ නායකත්වය ද ඉදිරියේ දී හම්බන්තොටින් බිහිවන බව ඔහු පෙන්වා දෙයි. ජනතාව නගා සිටුවීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඒ මහතා අද හම්බන්තොට ගජනායක ගම්මානයේ පැවති උත්සවයක් අමතමින් සඳහන් කළේය. adaderana

එජාප නායකත්වය හම්බන්තොටට ගෙනඑනවා -සජිත්


පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය හම්බන්තොටට ගෙනඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ නායකත්වය ද ඉදිරියේ දී හම්බන්තොටින් බිහිවන බව ඔහු පෙන්වා දෙයි. ජනතාව නගා සිටුවීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඒ මහතා අද හම්බන්තොට ගජනායක ගම්මානයේ පැවති උත්සවයක් අමතමින් සඳහන් කළේය. adaderana

බලතල පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ට


සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් සතු බලතල පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් වෙත ලබාදෙන බව විෂය භාර අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වඩාත් හොඳ සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා ‍මේ අදහස් පළ කළේ අනුරාධපුර හෙද පුහුණු පාසලේ පැවති උත්සවයක් අමතමිනි. adaderana

ලංකා දූත පිරිස ආචාර්ය ක්‍රිස්ටිනා හමුවේ


ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර‍ට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස යුරෝපා කොමිසමේ ජාත්‍යන්තර කටයුතු සහ මානුෂීය ආධාර පිළිබඳ කොමසාරිස් ආචාර්ය ක්‍රිස්ටිනා ජෝර්ජියා හමුවී තිබේ. ඊයේ දිනයේ මෙම හමුව සිදුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. නීතිපති මොහාන් පීරිස් මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිසට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් රොමේෂ් ජයසිංහ, බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඇතුළත් වේ.
යුද්ධය නිමාවී ගෙවුණු වසර තුළ මෙරට ජාතික සමගිය ඇතිකිරීම සඳහා රජය පියවර ‍රැසක් ගෙන ඇති බව මෙහිදී නීතිපතිවරයා පෙන්වා දී ඇත. හදිසි නීති රෙගුලාසි ලිහිල් කිරීම, මානව අයිතිවාසිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ඇතිකිරීම ඇතුළු කරුණු ඊට ඇතුළත් බව මොහාන් පීරිස් මහතා පෙන්වා දී තිබේ.
උතුරු ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව යළි පදිංචිකිරීමේ කටයුතු සඳහා යුරෝපා කොමිසම ලබාදුන් සහය මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස ඇගයීමට ලක්කර ඇත. මෑතක ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුරෝපා කොමිසමේ නියෝජිත පිරිස ද උතුරු ප්‍රදේශයේ දැනට අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ වාර්තා කර ඇති බව ඒ පිළිබඳ අදහස් දක්වමින් ‍යුරෝපා කොමිසමේ මානුෂීය ආධාර පිළිබඳ කොමසාරිස්වරිය ප්‍රකාශ කර ඇත. adaerana

වැලිකන්දෙන් දැරියකගේ මළ සිරුරක් හමුවෙයි


රහසිගත ලෙස ඝාතනය කර වළදමා තිබූ කුඩා දැරියකගේ මළ සිරුරක් වැලිකන්ද පොලිසිය‍ සොයාගෙන තිබේ. වැලිකන්ද, කටුවංවිල ප්‍රදේශයේ පොදු සුසාන භූමියක මෙම දැරිය වළ දමා තිබූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. වයස අවුරුදු 9 ක් පමණ වන මුස්ලිම් ජාතික මෙම දැරියගේ මළ සිරුර ගොඩ ගනු ලැබුවේ පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා ඉදිරියේය.
නරක් වී තිබූ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පොළොන්නරුව රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත භාරදෙන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙසේ මරණයට පත්ව ඇත්තේ කටුවංවිල ප්‍රදේශ‍යේ පදිංචි කුඩා දැරියකි. adaderana

ඉන්දීය ගුවන් අනතුර ගැන ජනපතිගේ ශෝකය


ඉන්දියාවේ මැංගලෝර් ගුවන්තොටු‍පළේ සිදුවූ ගුවන් අනතුරින් මියගිය පිරිස පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබේ. එම දරුණු ගුවන් අනතුර පිළිබඳ සැලවීමෙන් තමන් සහ ශ්‍රී ලංකාවාසී ජනතාව මහත් කම්පනයට පත්වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා වෙත ශෝක ප්‍රකාශයක් යොමු කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එම අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් තමන් කණගාටුව පළ කරන බව ජනාධිපතිවරයා පවසයි. සිද්ධියෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. adaderana

ගංගා ජල අවදානම අඩුවෙයි


අධික වර්ෂාපතනය තරමක් අඩුවීමත් සමග ගංගාවල ජල මට්ටම ඉහළ යාමේ අවදානම මේ වන විට පහවයමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් ගංගාවල ජල මට්ටම් අධීක්ෂණය කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ කාර්යභාර නිලධාරීවරයා කියා සිටියේය. කැළණි ගඟේ ඊයේ දිනයේ දී ඉහළ ගිය අඩි 4 . 4 ජල මට්ටම මේ වන විටත් පවතින බව ඔහු සඳහන් කළේය.
කළු ගඟ හා ගිං ගඟ ආශ්‍රිතව ද ජල මට්ටම් ඉහළ යාමේ තත්ත්වයක් මේ වන විට දක්නට නොලැ‍ෙබන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ගංගා පෝෂක ප්‍රදේශ වෙත අධික වැසි ලැබුණහොත් ගංගාවල ජලමට්ටම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේය. අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා යුද හමුදාව තවදුරටත් සූදානමින් සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. ජලගැලීම් හේතුවෙන් දැඩිලෙස පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා තවදුරටත් හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ඔහු පෙන්වාදෙයි.
මේ වන විට එම ප්‍රදේශවල ජලගැලීම් තත්ත්වය පහවයමින් පවතින බැවින් එම ප්‍රදේශවලින් තම සාමාජිකයින් ඉවත් කරගැනීමට පියවර ගෙන ඇති බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. කෙසේවෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණය මත හදිසි සහනසේවා කටයුතු සඳහා යුද හමුදාව සූදානමින් සිටින බව සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana