Thursday, March 4, 2010

ලසන්ත වෙනුවෙන් සී.අයි.ඩී ය තාමත් දුරකතන මෙහෙයුමේ

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු ගමන් ගනිමින් සිටි ප්‍රදේශයේ හුවමාරු වූ දුරකතන පණිවුඩ සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ති‍බේ.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකර‍ණයේ අද එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී රහස් ‍පොලිසිය මේ බව අධිකරණයට දැනුම් දෙන ලදී.
වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය එහිදී ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ හුවමාරු වූ දුරකතන ඇමතුම් 5 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි
. මේ අතර ලසන්ත වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව රහස් පොලිසිය අධිකරණය දැනුම් දී තිබේ. ada

ජනපති දිවුරුම් දීම නොවැම්බර් 18


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් මස 18වන දින නිල වශයෙන් සිය දෙවන ධූර කාලය සඳහා දිවුරුම් දෙන බව අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‍දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීම සිදුවන විට රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය සියලුම නීති, විධිවිධාන සම්පාදනය කොට අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. අප්‍රේල් 22 වැනිදා සිට නොවැම්බර් 18 වැනිදා දක්වා කාලය තුළ මේ සඳහා ක්‍රියාත්මක වන බව අද‍ පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජී.එල්.පීරිස් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ ‍කළේය. ඊට අදාළ මූලික කටයුතු දැනටමත් සිදුකෙරෙමින් පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ada

උතුරේ පුස්තකාලවලට නොමිලේ පොත්


යුද සමයේ දී උතුරේ විනාශ වී ගිය සියලුම පුස්තකාලවලට නොමිලේ පොත් බෙදා දී‍මේ වැඩසටහනක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ.
වව්නියාව, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවල පිහිටි පුස්තකාලවලට මෙම පොත් බෙදාදීමට නියමිතය. ඒ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.කේ. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මේ දිනවල එම ප්‍රදේශවල සංචාරයක ද නිරත වී සිටියි.
මේ වන විටත් වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල පිහිටි පුස්තකාලවලට පොත් බෙදාදීම ආරම්භ කර ඇති අතර යාපනය පුස්තකාලයට පමණක් විවිධ වර්ගවලට අයත් පොත් 4,000 ක් පමණ ලබා දී ඇති බව සඳහන්ය. ada

මාලනී,ආසියාවේ හොඳම 25 අතරට ඇවිත්


CNN GO ආයතනය විසින් නම් කරන ලද ආසියාවේ හොඳම රංගන ශිල්පීන් හා ශිල්පිනියන් 25 දෙනා අතරට ශ්‍රීලංකාවෙන් ප්‍රවීණ රංගන ශිල්පිණියක වන මාලනී ෆොන්සේකා මහත්මියගේ නමද ඇතුළත් වී තිබේ.
ආසියාවේ හොඳම රංගන ශිල්පීන් ශිල්පිනියන් 25 දෙනා අතරට ඉන්දියාවෙන් පස්දෙනෙකුද චීනයෙන් තුන් දෙනෙකුද ඇතුළත් වේ. 1968 දී"පුංචි බබා"චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය මේ වන විට දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබ සිටියි. 1975 දී මොස්කොව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදීත්,1077 දී දිල්ලි චිත්‍රපට උළෙලේදීත්"හොඳම රංගන ශිල්පිනිය"ට හිමි සම්මානයට පාත්‍රවී ඇත. ada

හදිසි නීතිය දීර්ඝ කිරීමට ජනපති අනුමැතිය


හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ.
ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනයට අතසන් තබා ඇති බව රජය පවසයි. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙසේ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මාර්තු මස 3 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මසක කාලයක් සඳහා හදිසි නීතිය දීර්ඝ කර ඇති බව රජය සදහන් කරයි. හදිසි නීතිය අනුමත කිරීම සඳහා ලබන 9 වැනි දින යළි පාර්ලිමේන්තුව රැස්වීමට ද නියමිතව තිබේ. ada

හයිකෝප් දත්ත කොළඹ විශ්ව විද්‍යාලයේ පරීක්ෂණයට


හයිකෝප් සමාගමේ ගනුදෙනුවලට අදාළ පරිගණක දත්ත පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමු කර තිබේ.
අදාළ පරීක්ෂණ සඳහා එම පරිගණක දත්ත කොළඹ සරසවිය වෙත ලබාදුන් බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හයිකෝප් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩේහුඩ් නැමැත්තාගේ ප්‍රකාශයක් මත බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එම සමාගමේ කාර්යාලයේ තිබී අදාළ පරිගණක දත්ත පද්ධතිය රහස් පොලිසිය විසින් පසුගියදා සොයාගනු ලැබීය.
අදාළ පරිගණක දත්ත පද්ධතියේ අඩංගු තොරතුරු විශ්ලේෂණය කර පරිගණක විශේෂඥයින්ගේ වාර්තාව ලබාගැනීමෙන් පසුව ඉදිරි පරීක්ෂණ මෙහෙයවන බව රහස් පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ. ada

හොරණ අධිකරණයේ තෝල්ක මුදලි අත්අඩංගුවට


හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ තෝල්ක මුදලිවරයා අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධ‍යෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අවසන් වූ නඩුවක නඩු පිටපත ලබාදීම සඳහා රුපියල් 3,000 ක මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී මොහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාව පවසයි. ඊයේ පස්වරුවේ හොරණ අධිකරණය භූමිය තුළ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ සරත් සෝමවීර මහතා ප්‍රකාශ ‍කළේය. අදාළ පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ada

බිරිඳ මැරූ පුද්ගලයාට මරණ දඬුවම්


ඇලිස් කටුවකින් ඇන තම බිරිඳ මරා දැමූ බවට අධි චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට උතුරු මැද පළාත් මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.
මහාධිකරණ විනිසුරු මේනකා වි‍ෙජ්සුන්දර මෙනවිය අදාළ මරණ දඩුවම ඊයේ නියම කළේ අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකුටය. මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චො‍්දනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත් වූ බැවින් විත්තිකරුට මරණ දඩුවම නියම කරන බව එහිදී විනිසුරුවරිය දැනුම් දුන්නේය.
1996 මාර්තු මාසයේ දිනක මිහින්තලේ අශෝකපුර ප්‍රදේශයේදී සිය බිරිඳ මරා දැමූ බවට විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ‍ගොනු කර තිබුණි. ada