Saturday, April 3, 2010

Paba - Mervin & Rosy at Mega Star


පසුගිය සෙනසුරාදා ස්වර්ණවාහිනියේ මෙගා ස්ටාර් වැඩසටහනේ උපේක‍ෂා(පබා) Zසිංහලේ කැලෑ තුළ සිංහ පැටව්Z ගීය ගැයුවාය.විනිසුරු මඩුල්ලේ සිටි අය අතර රෝසි සහ මර්වින්ද විය.පබා සහ රෝසි අලියාගෙන්ද මර්වින් බුලත් කොළයෙන්ද මෙවර මැතිවරණයට තරගවදින්නන්ය.පබා ගැයූ ගීතයේ විනිශ්චයන්ද එම පක‍ෂපාතීත්වය අනුවම සිදු විය.
රෝසිගේ අදහස
උපේක‍ෂා පුංචි කුමාරිහාමි කෙනෙක් වගේ.වෙනදා වගේ නෙමේ ඉතාම ශක්තිමත් ගැහැණියක්.මේ දේශයට පණිවිඩයක් දෙන්න ඔබ මේ ගීය තෝරගත්ත කියලයි මං විශ්වාස කරන්නේ.මේ ගීය ගායනා කිරීමෙන් ඔබේ අභිමානයත් කාන්තාවක් ලෙස නායකත්වය ගත හැකි බවට ඔබේ පෞර්ෂ්‍යය විදහා පෑමටත් හැකි වුණා. ගායනයටත් සාධාරණයක් වුණා. එය විශිෂ්ටයි.
මර්වින්ගේ අදහස
උපේක‍ෂා මේ ගීතය සිංහ පැටව් ගැන ගායනා කළාට වඩා හොඳයි පූස් පැටව් ගැන ගායනා කළා නම්. ඇත්ත වශයෙන්ම මේ ගීය ගායනා කරන කොට මගේ අභිමානය පෞර්ෂ්‍යත්වය ජවය අනේ මං දන් නෑ කොහෙ ගියාද කියලා. ඔයිට වැඩිය හොඳයි පරවියෙක් ගැන සිංදුවක් කිව්ව නම්,මම කියන් නෑ උපේක‍ෂාට ගීත ගයන්න බෑ කියල මීට ඉස්සර හොඳට ගායනා කළා.නමුත් ගීතයට ඔබින විදිහට එය ගායනා කරන්න ඕන.gossip

ජෙනරාල් මියගොස් ඇති බවට එස්.එම්.එස් පණිවිඩයක්


ජෙනරාල් සරත් ෆොන්සේකා අද (01) හිමිදිරියේ මිය ගිය බව දැනුම් දෙමින් බොහෝ පිරිසකට අද පෙරවරුවේ එස්.එම්.එස් පණිවිඩ ලැබී ඇතැයි වාර්තා වේ. එම ප්‍රවෘත්තියෙන් කලබලයට පත් විශාල පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන කාර්්‍යාලයට දුරකථනයෙන් කතා කොට ඒ පිළිබදව විමසා සිටි බව එම කාර්යාලයෙන් වාර්තාවේ.
රෝගී තත්ත්වයෙන් පසුවන ජෙනරාල් ෆොන්සේකා කිසියම් හෙයකින් හදිසියේ මියගිය හොත් රටේ උද්ගත විය හැකි තත්ත්වය පිළිබදව අවබෝධයක් ලබාගැනීම සඳහා, අප්‍රේල් පළමුවනදා zමෝඩයාගේ දිනයZ පදනම් කරගනිමින් රජයට සම්බන්ධ දෙපාර්තමේන්තුවක පිරිසක් විසින් මෙම එස්.එම්.එස් පණිවිඩය යවා ඇති බවට වාර්තාවේ.gossip

ෆොන්සේකා සිර කිරීමත් ජී.එස්.පී ප්ලස් නැතිවෙන්න හේතුවක්


ජෙනරාල් සරත් ‍ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම ජී.එස්.පී ප්ල්ස් බදු සහනය නැති වීමට ප්‍රධානතම හේතුවක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි.
කළුතර පැවති විද්වත් කතිකාවට එක් වෙමින් සරත් එන් සිල්වා මහතා මෙම අදහස් පළ කර තිබේ.
රට තුළ එක් නායකයෙකු නිදහසේ මැතිවරණ කටයුතු වල නිරත වන අතර සරත් ෆොන්සේකා මහතාට ද සිදුව ඇත්තේ සිරගතව සිට මැතිවරණයක් මෙහෙයවීමට බව හිටපු අගවිසිනිසුරුවරයා පෙන්වා දෙයි.
ඔහු සඳහන් කළේ සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවේ තබා ගැනීම ජාත්‍යන්තර වශයෙන් කිසිඳු රාජ්‍යයක් නොපිළිගන්නා බවයි. adaderana

කප්පම්කරුවන් තිදෙනා 16 තෙක් රිමාන්ඩ්


හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි 4 ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
පසුගිය දා හැටන් පොලිසියට ව්‍යාපාරිකයන් තිදෙනෙකු පැමිණිලි කර තිබුණේ තමන්ට දුරකථන ඇමතුමක් ලබා දී මෙලෙස කප්පම් මුදල් ඉල්ලූ බවයි.
අදාළ කප්පම් මුදල ලබා නොදුනහොත් තම දරුවන් සහ දේපළ විනාශ කර දමන බවට කප්පම්කරුවන් අනතුරු අඟවා ඇති බව ද ව්‍යාපාරිකයන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව පරීක්ෂණ සිදු කළ හැටන් පොලිසිය අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.. adaderana

වී මෙට්‍රික් ටොන් 6500 ක් ගත්තා


වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ රජය මේ වන විට මෙට්‍රික් ‍ටොන් 6500 ක වී ප්‍රමාණයක් මිල දී ගෙන තිබේ.
වී මිල දී ගැනීමේ කටයුතු විධිමත් කිරීම සඳහා පොළොන්නරු දිස්ත්‍රික්කය කලාප 5කට වෙන් කර එම කටයුතු සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ අතර ඊයේ හිඟුරක්ගොඩ පැවති ජනරැළියකට එක් වෙමින් ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා පැවසුවේ ගොවීන්ගේ වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය සතු සෑම සතයක්ම වියදම් කරන බවයි.
බත සපයන ගොවියා රැක ගැනීම රටේ නායකයා ලෙස තම වගකීම බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබිණි.adaderana

සුසිල් කිඳෙල්පිටිය 16 දක්වා රිමාන්ඩ්


එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සුසිල් කිඳෙල්පිටිය මහතා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
මිරිහාන පොලිසිය විසින් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇතැයි සඳහන් වේ.
මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ කාන්තාවක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර‍කරගෙන තබා ගැනීම , නීතී විරෝධී ලෙස ගිනි අවියක් භාවිතා කිරීම , නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකුට නවාතැන් පහසුකම් ලබා දීම ඇතුළු චෝදනා රැසක් සැකකරුට එරෙහිව ඉදිරිපත් වී ඇති බවයි.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජී.පී.එස් රණසිංහ මහත්මිය විසින් සුසිල් කිදෙල්පිටිය , ඔහුගේ රියදුරු සහ නාවික හමුදාවෙන් පළා ගිය සෙබළා ද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නි‍යෝග කරනු ලැබ තිබේ..
කි‍ඳෙල්පිටිය මහතා වාහනයකින් ගමන් කරමින් සිටිය දී වැලිකඩ පොලිස් වසමේ දී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කර තිබිණි.adaderana

එම අවස්ථාවේ දී අදාළ වාහනය තුළ අවිවාහක තරුණියක්, නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකු සහ රථයේ රියදුරා ද සිටි බව ජයකොඩි මහතා පවසා තිබිණි.

ඉදිරි පස් අවුරුද්ද මට අභියෝගයක්


ඉදිරි වසර 5 තුළ දී තමාට අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වික්‍රමසිංහ මහතා පවසන්නේ එම අභියෝග ජයගත‍ ‍නොහැකි වුවහොත් තමා දේශපාලන දිවියෙන් සමුගන්නා බවයි.
කුරුණෑගල ඊයේ පැවති ජනරැළියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කරන ලදී.
තමන් ජනතාව හමුවේ තබන පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ප්‍රකාශයට පත්කර තිබෙන බවත්, එම පොරොන්දු ඉටු කිරීමට තමන් බැඳී සිටින බව ත් ඔහු සඳහන් කළේය.. adaderana

උත්සව සමයට මාළු ලාබයි


එළඹෙන උත්සව සමයේ දී මාළු සාධාරණ මිලකට ලබාදීමට පියවර ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ලේකම් ජී.පියසේන මහතා පවසන පරිදි උත්සව සමය වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුතු මසුන් වෙළඳපොළට නිකුත් කිරීමට ‍පියවර ගෙන ඇත.
ඒ 9 මාර්ගය විවෘත කිරීමත් සමග හිඟයකින් ‍තොරව වෙළඳපොළට මසුන් ලැබෙන බව හෙතෙම කියා සිටියි.
ධීවර සංස්ථාව, ලක් සතොස සහ කෝප් සිටිවලදී ප්‍රමිතියෙන් යුතු මසුන් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා ඇති බව ද ධීවර අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

නොමිලේ වාර ප්‍රවේශ පත්‍ර


උතුරු-නැ‍ඟෙනහිර පාසල්වල ගුරුවරුන්ට නොමිලේ පාසල් වාර ප්‍රවේශ පත්‍ර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අවතැන් ජනතාව යළි පදිංචි කළ ප්‍ර‍දේශයන්හි පවතින පාසල්වල ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන් සඳහා මෙම වාර ප්‍රවේශ පත්‍ර ලබාදීමට නියමිත බව සඳහන් වේ.
ඒ අනුව එම ප්‍රදේශවල ඉගැන්වීම් කටයුතු සඳහා දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන ගුරුවරුන්ට නොමිලේ ගමන් වාර ප්‍රවේශ පත්‍ර ලබාදීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශය පවසන පරිදි එම ගුරුවරුන්ට රුපියල් ‍2000 ක ප්‍රවාහන දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇත..adaderana

ව්‍යාජ දේශප්‍රේමීන්ගෙන් රට මුදාගත යුතුයි


ව්‍යාජ දේශප්‍රේමීන්ගෙන් රට බේරාගැනීමට කාලය එළඹ ඇති බව එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීධුර අපේක්ෂක රවී ජයවර්ධන මහතා පවසයි.
පසුගිය තිස් වසරක කාලය තුළ ව්‍යාජ දෙමළ දේශප්‍රේමීන් රට විනාශ කළ ආකාරයෙන්ම වර්තමානයේ සිංහල දේශප්‍රේමීන් යැයි කියාගන්නා පිරිසක් රට විනාශය කරා රැගෙන යමින් සිටින බව හෙතෙම කියා සිටියි.
හොරණ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ අභියෝගයට මුහුණ දුන් ජනතාව මෙම දේශප්‍රේමීන් යැයි කියාගන්නා පිරිසගෙන් රට බේරාගැනීමට කටයුතු කළ යුතු බව හෙතෙම තවදුරටත් පෙන්වා දුන්නේය. adaderana

ඔඩ්ඩමාවඩි පාලම ජනතා අයිතියට


මඩකලපුව, ත්‍රිකුණාමලය මාර්ගයේ ඉදිවූ ඔඩ්ඩමාවඩි පාලම ජන‍ාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරෙයි. ඊයේ පස්වරුවේ පාලම විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ස්පාඤ්ඤ රජයේ ණය ආධාර මත ඉදිකෙරුණු මෙම පාලම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 770කි. දිගින් මීටර් 250 ක් වන මෙම පාලමේ පළල 10.5 ක්‍ වේ. මෙහි ඉදිකිරීම් 2007 වර්ෂයේ ‍දී ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. adaderana

ෆොන්සේකා නිදහස් කරගැනීමට උපවාසයක්


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා උපවාසයක් ආරම්භ කරන බව ජෙනරාල් නිදහස් කරගැනීමේ ජනතා එකමුතුව පවසයි. එම එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය ලුණුගම්වෙහෙර කල්‍යාණරංසි හිමි පැවසුවේ අද පෙරවරු 9.30 ට පිටකෙ‍ාටුව බෝධිය අසල දී මෙම උපවාසය ආරම්භ කරන බවයි. ස්වාමීන්වහන්සේ කිහිප නමක් සහ තවත් පිරිසක් මෙම උපවාසයට එක්වන බව පූජ්‍ය ලුණුගම්වෙහෙර කල්‍යාණරංසි හිමි සඳහන් කළේය. සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන දින 55 ක් ඉක්ම ගිය ද නිදහස් නොකිරීම හේතුවෙන් මෙම උපවාසය ආරම්භ කරන බව ද උන්වහන්සේ කියා සිටියේය. adaderana

ඇත් පැටවා නිල සුරතලා වෙයි


2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල සුරතලා ලෙස ඇත් පැටවා නම් කර තිබේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ටිකට් පත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ සිදුවූ අවස්ථාවේ දී මෙම නම් කිරීම සිදුවිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ශාරාඩ් පවර් මහතා අතින් ටිකට් පත ජනාධිපතිවරයාට ලබා දුනි. කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම උත්සවයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හරූන් ලෝගාට් මහතා , ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. adaderana

විශ්වාසය ආරක්ෂා කරනවා


පක්ෂය තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය සැමවිටම ආරක්ෂා කරන බවට එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීධුර අපේක්ෂක මොහොමඩ් මුසම්මිල් මහතා අද ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
මහජන ඡන්දයෙන් එක් පක්ෂයකින් තේරී පත්වී වෙනත් පක්ෂයකට මාරු වීම ද්‍රෝහිකමක් මෙන්ම වංචාවක් ද වන බව මුසම්මිල් මහතා පවසයි. ඒ අනුව තමා සැමවිටම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පක්ෂ ප්‍රතිපත්තීන්ට ගරු කරන බව දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තබමින් මුසම්මිල් මහතා සඳහන් කළේය. කළේ ඡන්ද දායකයාගේ විශ්වාසය කඩකරන හෝ පක්ෂයේ ගෞරවය පළුදු වන කිසිදු ක්‍රියාවකට දායක නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana