Wednesday, June 30, 2010

Lion

ජොන්ස්ටන් සහ ලක්ෂ්මන් යුද අධිකරණයේ සාක්ෂි දීමට යයි


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි යුද අධිකරණයේ සාක්ෂි දීමට සූදානමින් සිටින බව වාර්තාවේ. පාරිභෝගික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද ජෙනරාල්වරයා රාජකාරියේ යෙදී සිටින අතරතුර දේශපාලන කටයුතුවල නිරතවීම පිළිබදව පළමු යුද අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට සූදානමින් සිටී.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර පසුව ආණ්ඩුවට එක්වූ අතර ලක්ස්මන් සෙනෙවිරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරයෙකි.

මේජර් ජෙනරාල් හර්ෂ වීරතුංග, මේජර් ‍ජෙනරාල් ලලිත් විජේතුංග සහ මේජර් ජෙනරාල් අරුණ ජයතිලකගෙන් යුතු පළමු යුද අධිකරණ විනිසුරු මඩුල්ල ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට ජුලි මස 12 වැනිදා යුද අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ. lankatruth

ජෙනරාල්ගෙන් අලුත් පක්ෂයක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සදහා අයදුම් පත්‍රයක් භාරදී ඇති බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි. අලුත් පක්ෂයේ නම වන්නේ "ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය"යි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙම නව පක්ෂයේ නායකයා වන අතර ටිරාන් අලස් මහතා එහි මහලේකම්වරයායි.

අලුත් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තුළ කටයුතු කරන බව වාර්තාවේ.lankatruth

සාදරයෙන් පිළිගනිමු


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය යුක්රේනයට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේදී සම්ප්‍රදායානුකූලව පිළිගත් අයුරු ඡායා රූපයෙන් දැක්වේ. adaderana

දරුවන්ට දෙන්නේ කැ-කිරිද..?


2010 අයවැය දෙවෙනි වර කියවීම ඊයේ වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණු ගම මහතා විසින් සිදුකරන ලදී.අයවැයෙන් ජනතාවට අත්වන සහනයක් නැති බවත්,ආනයනික කිරිපිටි ආදී පාරිභෝගික භාණ්ඩ සඳහා අය කරනු ලබන බදුමුදල් වැඩිකිරීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සිදුවන බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහිදී චෝදනා නැඟූහ.විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අයවැයට විරෝධය දැක්වූ අයුරු ඡායා රූපයේ දැක්වේ. adaderana

ගෑස් බසී


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දමන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක් රුපියල් 117කින් සහ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 85කින් අඩුකළ කර ඇත. මේ හේතුවෙන් ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක නව මිල ‍රුපියල් 1652ක් වන අතර ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1659ක් වෙයි. ගෑස් මිල සංශෝධනය කිරීමේ මිල සුත්‍රයට අනුව මෙම නව මිල ගණන් තීරණය කර ඇති බව අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.adaderana

බාධා ගැන හිතන්නේ නෑ-"රෙඩී"වෙනුවෙන් රෙඩී


තම චිත්‍රපටය ශ්‍රි ලංකාවේ රූගත කිරීම සම්බන්ධයෙන් එල්ල විය හැකි බාධා පිළිබඳ තැකීමක් නොකරන බව ඉන්දීය සුපිරි සිනමා නළු සල්මන් ඛාන් පවසයි. මෙරට රූගත කෙරෙන"රෙඩී"චිත්‍රපටය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී සල්මන් ඛාන් මේ බව ප්‍රකාශ කළේය.

මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් දකුණු ඉන්දීය විරෝධය එල්ල වු බවත්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය , භාෂාව සහ සංස්කෘතිය චිත්‍රපටය සඳහා මෙරට තෝරා ගැනීමට හේතු වු බවත් හෙතෙම කියා සිටියේය.

එමගින් තමන්ට මුදල් සහ කාලය ඉතිරි කර ගැනීමට හැකි වන බව ද සල්මන් ඛාන් පැවසීය. රුපියල් කෝටි පනහක පමණ ආයෝජනයකින් දින තිහක් පුරා අදාළ චිත්‍රපටය මෙරට ප්‍රදේශ කිහිපයක රූගත කෙරෙන අතර එය ලබන වසරේ ජූලි මාසයේදී තිරගත කිරීමට නියමිතය.

දකුණු ඉන්දීය සිනමා නිළියක වන අශීන් තෝත්තුම්කල් මෙම චිත්‍රපට‍යේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑම විශේෂත්වයකි. තමන් ශ්‍රි ලංකාවේ ජනතාවට දැඩි කැමැත්තක් දක්වන බව ද අද පැවති මාධ්‍ය හමුවේදී ඇය සඳහන් කළාය.adaderana

ධනුනගේ බැංකු ගිණුම් 7 ක් රාජසන්තකයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාගේ බැංකු ගිණුම් 7 ක් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට ස්වල්ප මොහොතකට පෙර තීන්දුකර තිබේ.

හයිකෝප් මූල්‍ය වංචාවට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

හයිකෝප් මූල්‍යවංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ධනුන තිලකරත්න මහතාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථාවකදී නියෝග කර තිබිණි.

එහෙත් ඔහු අද දිනයේද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අදාළ මුදල් අධිකරණ අමාත්‍ය වරයාගේ අභිමතය පරිදි යොදා ගන්නා ලෙසද නියෝග කරන ලද බව අධිකරණ වාර්තාකරු සඳහන් කරයි. adaderana

කථානායකගෙන් ආචාර්ය මර්වින්ට අවවාදයක්


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා"අපි වෙනුවෙන් අපි"අරමුදල සමබන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන විටදී ඊට බාධා කරමින් හැසිරුණු මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට කථානායකවරයා විසින් අවවාද කර තිබේ.

හදුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ කතාවට බාධා කිරීම නිසා"මේ විදිහට හැසිරුණොත් පාර්ලිමේන්තුවේ සභා ගර්භයෙන් පිටමං කරන්නට සිදුවන බව"කථානායකවරයා පවසා ඇත.

"ඔබතුමා කියනවානම් මං වාඩිවෙන්නම්"කියමින් මර්වින් සිල්වා මහතා කථානායකවරයාට අවනත වී නිහඬව අසුන්ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. adaerana

ඉඩම් නඩු විසඳන්න අලුත් අධිකරණයක්


ඉඩම් නඩු විසඳීම සඳහා දිස්ත්‍රික් අධිකරණයක බලතල සහිත අධිකරණ පිහිටුවීමට පියවර ගන්නා බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ගයන්ට එළඹෙන පුද්ගලයින්ට සිදුවන ප්‍රමාදයන් සලකා මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියි. මෙම නව අධිකරණ පද්ධතිය පිහිටුවීමෙන් අනතුරුව ඉඩම් නඩු කඩිනමින් විසඳීමේ හැකියාව ලැබෙනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කරයි.

මාතලේ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක දී ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.adaderana

කුඩුත් එක්ක බඩු මාට්ටු


හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සැකකරුවෙකු ළඟ තිබී හෙ‍රොයින් ග්‍රෑම් 1 යි මිලි ග්‍රෑම් 10 ක් ද තවත් සැකකරුවෙකු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 1 යි මිලි ග්‍රෑම් 150 ක් ද සොයා ගත් බව පොලිසිය කියා සිටියි.

මොවුන් තිහගොඩ සහ හලාවත ප්‍රදේශ වල පදිංචිකරුවන් බව වාර්තා වේ. ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මොවුන්ගෙන් සිදු කළ වැඩි දුර ප්‍රශ්න කිරීම් වල දී හික්කඩුව , මීටීයාගොඩ , බද්දේගම සහ ඇල්පිටිය යන ප්‍රදේශ වල සිදු කරන ලද දේපළ සොරා ගැනීමට අදාළ අපරාධ කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද පොලිසිය පවසයි. adaderana

එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි


එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුවට සහය දීමට තමන් සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ජාත්‍යන්තර වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය එකඟවී ඇති බවත් ,මෙම කමිටුව එම එකඟකාවයේ ප්‍රතඵලයක් ලෙස පත් කර ඇති බවට තමන් විශ්වාස කරන බවත් බී.බී.සී සේවයට අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා විසින් පත් කර ඇති කමිටුව ෆොන්සේකා මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට කල්පනා කරන්නේනම් ඒ සඳහා සහය දීමට සූදානම්දැයි මෙහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පුරවැසියෙකු ලෙස තමන්ට පැවරී ඇති වගකීම් අනුව සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි.

ඒ අනුව එක්සත් ජාතීන් විසින් පත්කර ඇති කමිටුව රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගැසීමක් ලෙස තමන් නොසිතන බවද හෙතෙම සඳහන් කළේය.

ජී.එස්.පී ප්ලස් මෙරටට ලබාදීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි 15 න් සමහර කරුණු රටට හිතකර බවත්,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් කරුණු සංශෝධනය කිරීම ආදිය රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හේතු වන බවත් ෆොන්සේකා මහතා බී.බී.සී. සේවයට පවසා සිටියේය. adaderana

පුපුරන ද්‍රව්‍ය ගෙනාවේ අත්අඩංගුවේ ඉන්න තුන්දෙනාමයි


ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මාළිගාවත්ත බෝධිරුක්ඛාරාමයේ තිබී සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවේ පසුවන දෙමළ ජාතිකයින් ‍තිදෙනා විසින් රැගෙන ආ බවට අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දී ඇති බව සඳහන් වේ. රජයට එරෙහිව ප්‍රහාරය එල්ල කිරීමේ අරමුණින් අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය එම විහාරස්ථානයේ සඟවා තබන්නට ඇතැයි සැකකෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උවතැන්නේ සුමන හිමි මේ වන විට රිමාන්ඩ් භාරයේ පසු වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව අධිකරණයට දැනුම් දී ඇත.

අදාළ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විහාරාධිපති හිමි ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන 12 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කරන ලදී .adaderana

චන්ද්‍රිකාගේ ආරක්ෂක අධ්‍යක්ෂකට බරපතල සිර දඬුවම්


හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්ෂක අංශයේ හිටපු අධ්‍යක්ෂ නිහාල් කරුණාරත්න මහතාට වසර 4 ක බරපතල සිර දඬුවමක් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් පනස් දහසක දඩ මුදලක් ගෙවීමට මහනුවර පළාත් බද මහාධිකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන මහතා ඊයේ නියෝග කර ඇත. නිහාල් කරුණාරත්න මහතාට මෙම දඬුවම් නියම වූයේ හඟුරන්කෙත හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජන එල්ල කොට තැති ගැන්වීමේ චෝදනාවට වරදකරු වූ නිසාය.

2001 වසරේ නොවැම්බර් 20 වැනි දා හඟුරන්කෙත පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී මෙම තර්ජනය එල්ල කර ඇති බව සඳහන් වේ.

දඬුවම් නියම කරමින් මහනුවර පළාත් බද විනිසුරුවරයා නියෝග කළේ වරදකරු අදාළ රුපියල් පනස්දහසක දඩය නොගෙවන්නේ නම් අමතර වසරක දඬුවමක් ද නියම කරන බවයි.adaderana

නොවැම්බරයේ සහන මල්ලක්


ලබන නොවැම්බර් මාසය වන විට ජනතාවට දැඩි සහන ලැබෙන අය වැයක් ඉදිරිපත් කෙරෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇත්තේ කෙටිකාලීන ජනප්‍රිය මාතෘකා පිළිබඳව නොව රටේ සංවර්ධනයට බලපාන දීර්ඝ කාලීන සැලසුම් පිළිබඳව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙවන් අයවැයක් ඊට කදිම පෙරහුරුවක් බව ද පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

‍රටේ මාර්ග , බලශක්තිය ඇතුළු සෙසු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ මෙහි දී ප්‍රමුඛ අවධානය යොමුව ඇති බවත්, මෙමඟින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ තලයකට ගෙන ඒම නිතැතින්ම සිදු වන බවත් ඔහු පවසයි.

අමාත්‍යවරයා කියා සිටින‍්නේ 2011 වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය මඟින් ජනතාවගේ වැටුප් ජීවන වියදම ආදිය පිළිබඳව අවධානය යොමු වනු ඇති බව ත් අමාත්‍යවරයා කියා සිටියි. adaerana

Tuesday, June 29, 2010

"අපි වෙනුවෙන් අපි" අරමුදලින් හැදූ නිවාසයකින් ලක්ෂ 8 බැගින් රජය අය කර ගනී


අපි වෙනුවෙන අපි අරමුදල යටතේ අනුරාධපුර ඉපොලෝගම ඉදිකල රනවිරු නිවාස යෝජනා ක්‍රමයේ නිවාස සදහා රණවිරු පවුල් වලින් මුදල් අයකර ගැනීමට රජය කටයුතු කිරීමට එරෙහිව ඊයේ සවස ‍රණවිරු පවුල් 1500ක් පමණ සහභාගීත්වයෙන් විරෝධතාවක නිරතවූ බව අප වාර්තාකරු පවසයි.

ජනාධිපතිවරණයට පෙර උත්සවාකාරයෙන් මෙම රණවිරු ගම්මානයේ නිවාස රණවිරු පවුල්වලට භාරදී තිබේ. නමුත් එම නිවාසවල මූලික අවශ්‍යතා හෝ සැපිරී තිබී නැති අතර නිවාස සදහා රුපියල් 30000 ට වඩා වැයකර විදුලිය සහ ජලය ලබා ගැනීමට නිවාස ලාභීන්ට සිදුව තිබේ.

මෙසේ තිබියදී ‍‍‍ එම එක් නිවසක් සදහා රණවිරුවකුගේ වැටුපෙන් ලක්ෂ 8ක මුදලක් මාස් පතා රුපියල් 4000 බැගින් වෙන් කර ගන්නා බවට රජය දැනුම්දී ඇත.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ "අපි‍ වෙනුවෙන් අපි" අරමුදලෙන් රටේ ජනතාවගෙන් මුදල් එක්රැස්කර රණවිරුවන් වෙනුවෙන් සකසා දුන් මෙම නිවාස වලින් මේ ආකාරයෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවයි. එමෙන්ම යුද්ධය නිමාවී වසරක් ‍ගතවීමටත් පෙර රණවිරුවන්ට මේ ආකාරයෙන් සැලකීම මගින් ආණ්ඩුවේ බොරු දේශප්‍රේමයේ නිරුවත හෙළිදරව් වූ බවද ඔවුන් පවසයි. lankatruth

ඝාතන රැල්ල දිගටම - ගල්කිස්ස පොලීසිය ඉදිරිපිටම ආබාධිතයෙක් මරා දමයි


ගල්කිස්ස පොලීසිය ආසන්න‍යේදී ආබාධිත පුද්ගලයකුට පහරදී ඝාතනය කර තිබෙනවා. ගල්කිස්ස පොලීසිය පවසන්නේ අද උදෑසන ලැබුණු තොරතුරකට අනුව අදාල මල සිරුර සොයා ගත් බවයි.

පොලිස් ස්ථානයේ සිට මීටර් 100ක පමණ දුරින් පිහිටි ස්ථානයකදී අදාල පුද්ගලයා පහරදී ඝාතනය කොට තිබේ. මරණයට පත්වන අවස්ථාවේ අදාළ අබාදිතයා රෝද පුටුවක සිට ඇති බව ගල් කිස්ස පොලීසිය සදහන් කරයි.

පොලිස් පර්යේෂණ වලින් අනාවරණය වී ඇත්තේ තියුණු ආයුධයකින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකොට ඇති බවයි.

ගෙවී ගිය මාස කිහිපය තුළ කොළඹ නගරය ආශ්‍රිතව ආබාධිත පුද්ගලයන් කිහිප දෙනෙකුම අභිරහස් ලෙස ඝාතනයට ලක්විය.lankatruth

විධායක ජනපති ධුරය දැරිය හැකි වාර ගණන වැඩි කිරීමට එරෙහිව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් අරගල කරනවා - අනුර දිසානායක


විධායක ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන වැඩි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද අරගල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා පවසයි.

ඊයේ (28) කොළඹ මහජන පුස්තකාලයේ පැවති දේශනයකදී ඔහු මේ බව පැවසීය. ‘ව්‍යවස්ථා සංශෝධන රටටද? පවුලටද?’ යන්න එහි තේමාව විය. කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පිළිගැනීමේ කතාව කළේය. දේශනය ශ‍්‍රවණය කිරීම සඳහා විවිධ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

අනුර දිසානායක මහතා මෙසේද පැවසීය.

‘‘දැනට ආරංචි තිබෙන ආකාරයට ජූලි 23 වැනිදා මේ ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස ගෙන එන්න කටයුතු කරනවා. සමාජයේ පුළුල් කතාවකට ඉඩ නොතබා, ව්‍යවස්ථාවෙන් ඇති ඉඩ හා පාර්ලිමේන්තුවේ ඇති බලය භාවිත කරමින් මේ පනත හදිසි පනතක් ලෙස සම්මත කර ගන්න තිබෙන අවශ්‍යතාව කුමක්ද? සමහරු හිතනවා, ව්‍යවස්ථාව අපට වැඩක් නැහැ කියා. නමුත්, මාධ්‍යවේදීන්ට ලියන්න තිබෙන අයිතිය, ඔබට ඔබේ නියෝජිතයින් පත් කරන්න තිබෙන අයිතිය, මානව හිමිකම් නඩු පවරන්න තිබෙන අයිතිය ඇතුළු ඒ සියල්ලම ලැබී තිබෙන්නේ ව්‍යවස්ථාවෙන්.

78 ව්‍යවස්ථාවට පළමු සංශෝධනය ගෙනාවේ එය ඉදිරිපත් කර මාස දෙකකින් පමණ. ඒක ගෙනාවේ මොනවටද? සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලනය ගැන පරීක්ෂණයක් ආරම්භ කළා. ඊට විරුද්ධව ඇයගේ නීතිඥයින් අභියාචනාධිකරණයට ගියා. අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නා, අතීතයට බලපාන ලෙස එවැනි පරීක්ෂණයක් කරන්න බැහැ කියා. ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා, අභියාචනාධිකරණයට එවැනි තීන්දුවක් දෙන්න බැහැ කියා. ඒ මොහොතේ ජනතාවගේ අවශ්‍යතාව එය නොවෙයි. ඒක ජේ. ආර්.ගේ අවශ්‍යතාව. නමුත් ඒ නිසා විපක්ෂය දුර්වල වුණා. අත්තනෝමතික ගමනකට පාර හැදුනා. ඉන් පසු සිදු වූ බොහෝ දේට ඒ ව්‍යවස්ථා සංශෝධනය බලපෑවා.

දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ, මන්ත‍්‍රීවරුන් පක්ෂය මාරු කළ විට ඔවුන්ගේ මන්ත‍්‍රී ධුරයත් අහෝසි කළ හැකි වන පරිදි. ඒක ගෙනාවේ ජේ. ආර්.ට තමන්ට තිබුණු 5/6ක බලය තමන් අතේම තබා ගැනීමට අවශ්‍ය වූ නිසා. ජනතාවට එවැනි ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ හයෙන් පහේ බලය තමයි, 13 වැනි සංශෝධනය සම්මත කළේ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ. එහි විපාක අපේ ජීවිතවලට බලපෑවා.

තුන්වැනි සංශෝධනය ගෙනාවේ, ජනාධිපතිවරයාට අවුරුදු හතරක් ගිය පසුව ඡුන්දයක් පවත්වන්න බලය ලබා දෙමින්. ඇත්තටම ඡුන්දය තියන්න තිබුණ් 84 පෙබරවාරි. නමුත් 82 ඡුන්දය පැවැත් වූවා. එම සංශෝධනය නොවුණා නම් කළු ජූලිය නිර්මාණය නොවෙන්න ඉඩ තිබුණා. කළු ජූලිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අනුදැනුම යටතේ සිදු වූ දෙයක්. ජනාධිපතිවරණයට සුළු ජාතික ඡුන්ද වැදගත්. එසේ නම්, 84 පෙබරවාරි ජනාධිපතිවරණයක් තබාගෙන, ජූලි මාසේ දෙමළ ජනයාගේ කඩ පුච්චන්නේ නැහැ. ඒ නිසා කළු ජූලියට මග පාදන්න එම ව්‍යවස්ථා සංශෝධනය බලපෑවා. එහි අනිටු විපාක අප අදත් අත්විඳිමින් ඉන්නවා.

77 ඡන්දයෙන් පත් වුණු ආණ්ඩුව අවුරුදු හයක් වලංගුයි කියා 78 ව්‍යවස්ථාවේම සඳහන් කොට තිබුණා. මොකද 77 ආණ්ඩුව පත් වුණේ කේවල ක‍්‍රමය යටතේ නිසා. ඒ අනුව අවුරදු හයකින් ඡුන්දයක් පැවැත් විය යුතුයි. නමුත් ජේ. ආර්. ජයවර්ධන මහතා හතර වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් එම කාලය 89 අවුරුද්ද දක්වා දීර්ඝ කළා. එය සම්මත කරන්නයි ජනමත විචාරණය පැවැත් වූයේ. 83 සමානුපාතික ඡන්දය තිබුණා නම් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් වෙනවා. 60,000ක් ඝාතනය වෙන්න ඒ ව්‍යවස්ථා සංශෝධනය බලපෑවා. ඉන්දියානු ආක‍්‍රමණික හමුදාව ගෙන්වන්න ඒ බලය සමත් වුණා. එය අපේ ජීවිතවලට බලපෑවා.

මේ ව්‍යවස්ථා සංශෝධන අපේ ජීවිතවලට බලපානවා. ඒ නිසා කිිසිවකුට කියන්න බැහැ, ව්‍යවස්ථා සංශෝධන අපේ ජීවිතවලට බලපාන්නේ නැහැ කියා.

මේ මොහොතේ ගෙන ආ යුත්තේ ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන වැඩි කරන සංශෝධන නොවෙයි. එම ධුරය අහෝසි කළ යුතුයි. මේක වනචාරී යුගයට සරිලන තනතුරක්.

මේ විධායක බලය කැබිනට් මණ්ඩලයේ බලය ශුන්‍ය කර තිබෙනවා. පාර්ලිමේන්තුව කතා සාප්පුවක් බවට පත් කර තිබෙනවා. අධිකරණය ඉක්මවා යන බලයක් විධායක ජනාධිපති ධුරය සතුයි. අද රටේ මුදල්වලින් 47%ක් පාලනය කරන්නේ රාජපක්ෂ පවුල. මේ තනතුර රටේ සංවර්ධනයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, යහපාලනයට බාධා කර තිබෙනවා. එවැනි අසීමිත බලයක් සහිත ධුරයක් එක් පුද්ගලයකුට දැරිය හැකි වාර ගණනට සීමාවක් තිබිය යුතුයි. ඇමරිකාවේ එම ධුරය දැරිය හැකි වාර ගණන දෙකයි. ප‍්‍රංශයේ වාර දෙකයි. විධායක ජනාධිපති ධුරය සහිත බහුතරයක් රටවල එම වාර ගණන දෙකට සීමා කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ, එම ධුරය දැරිය හැකි කාලයට අනිවාර්යයෙන්ම සීමාවක් තිබිය යුතු නිසා.

ඇයි දැන් හදිසියේ මේක ගේන්නේ. මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වාරය ගැන ප‍්‍රශ්නයක් මතු වෙන්නේ 2016 දී. ඇයි දැන් හදිසි පනතක් ලෙස ගෙන එන්නේ. මේ වෙලාවේ ගෙනාවොත් විතරයි එය සම්මත කර ගන්න පුළුවන්. මේ සංශෝධනය ගෙන එන්නේ මහින්ද රාජපක්ෂ මුහුණ දී තිබෙන ගැටලූවට උත්තරයක් ලෙසයි.

බැසිල් රාජපක්ෂ මහතා කියා තිබුණා, නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න නම් අවශ්‍ය වෙන්නේ වයස් සීමාව අවුරුදු 35 සීමාව 30 දක්වා අඩු කිරීම කියා. ව්‍යවස්ථාවේ තිබෙන්නේ අවුරුදු 30 සීමාව තමයි. ඒකේ අඩු කරන්න දෙයක් නැහැ. නමුත් දැන් අමීර් ඛාන් එක්ක ක‍්‍රිකට් ගහ ගහ ඉන්න කොල්ලා 2016 දී ජනාධිපති කරන්න බැහැ. ඒ සඳහා සූදානම් කිරීමට කාලයක් අවශ්‍යයි. කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දී ජාතික නායකයෙක් කරන්න ඕන. දැන් ඒ දේ කරමින් ඉන්නවා. ඒ ක‍්‍රියාවලිය 2016 වන විට සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා නාමල් රාජපක්ෂ ඊට සූදානම් කරන තුරු ජනාධිපති ධුරය තමන් අතේ තබා ගන්නයි මහින්ද රාජපක්ෂ මේ සංශෝධනය ගෙන එන්නේ. ජනාධිපති ධුරය බැසිල් රාජපක්ෂට දෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔහු වෙන ගමනක් ආරම්භ කරනවා.

ප‍්‍රශ්නය තිබෙන්නේ මේ ධුරය දිගු කාලයක් එක් පුද්ගලයකු අත තිබීමෙන් ව්‍යවස්ථාමය ඒකාධිපතිත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේ සංශෝධනය පරාජය කළ යුතුයි. අපට වෙනත් කරුණු ගැන විවිධ වෙනස්කම්, ගැටලූ තිබෙන්න පුළුවන්. ඒත් මේ සංශෝධනය පරාජය කරන්න සියලූ දෙනා එක් විය යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ අරගලයක් තිබෙනවා. ඊටත් වඩා වැඩි අරගලයක් තිබෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටතයි.’’lankatruth

කැලණිය සරසවියේ සිසු ගැටුමේ වීඩියෝ දර්ශණ අතුරුදහන්


පසුගිය මැයි 19 වනදා කැලණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට සිදුවූයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙනි. මෙම ගැටුමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සම්බන්ධ යැයි ආණ්ඩුව චෝදනා කළ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළේ මෙම ගැටුම ‍අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටන දුරවල කිරීම සදහා ආන්ඩුවේ මැදිහත්වීමෙන් ඇතිකරන ලද එකක් බවයි.

පසුගිය ජුනි 10 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලය යලි වීවෘතවූ අතර ගැටුම පිළිබද පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී. මෙම පරීක්ෂණ වලදී විශ්වවිද්‍යාලයේ සවිකර ඇති කැමරා වල දර්ශණ අතිශය වැදගත්වේ. මෙවැනි සිදුවීම් වලදී ඒවා පටිගත කෙරෙන ලෙස කැමරා පද්ධතියක් විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කර තිබිණි. නමුත් ගැටුම සිදුවූ දින 4කට අදාල දර්ශණ කැමරාවලින් මකා දමා ඇතැයි වාර්තාවේ. මේ අනුව පරීක්ෂණ කටයුතු අඩ පණවී ඇත.

මෙම කැමරා වලට සිසුන්ට ප්‍රවේශවිය නොහැකි අතර ඒවා ඇත්තේ මහාචාර්ය නලීන්ද සිල්වා මහතාගේ භාරය යටතේ පවතින බාහිර උපාධි ආයතනය තුළය. මෙවැනි ගැටුම්වලදී මහාචාර්ය නලීන්ද සිල්වා ආණ්ඩුවට පක්ෂ සිසු කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටි අතර මෙම වීඩියෝ දර්ශණ මකා දැමීම පසු පස ගැටුමේ වගකීමෙන් ආණ්ඩුව නිදහස්වීමේ උත්සාහයක් ඇති බවට සැක කළ හැකි යැයි සිසුහු පවසති. කෙසේ වෙතත් වීඩියෝ දර්ශණ මකා දැමීමට එරෙහිව විශ්වවිද්‍යාල පරිපාලනය තවමත් කිසිදු පියවරක් lankatruth

අපහාසයක්ද?. . . උපහාසයක්ද?.


ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක පවත්වාගෙන යනු ලබන"බුද්ධ බාර්"නමින් හඳුන්වන අවන්හල් හා සමාජශාලා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි අවධානය යොමු කර තිබේ. එම අවන්හල්වල සහ සමාජශාලාවල බුද්ධ ප්‍රතිමා තැන්පත් කර ඒ අභියස මත්පැන් පානය කිරීම විලාසිතාවක් වී ඇති බව සඳහන්ය. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එවැනි අවන්හලක ඡායාරූපයකි. එය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේය. මේ සම්බන්ධයෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වැනි රටවල තානාපති කාර්යාල දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. adaderana

සන්ධානයක් නෑ-එත් සහයෝගයෙන් ක‍ටයුතු කරනවා


හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිස් සමග රජය සන්ධානගතව කටයුතු කරන බවට ඇතැම් මාධ්‍ය මගින් පළවන ප්‍රවෘත්තීන් අසත්‍ය බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එසේවුවද එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතැති දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්වූ වග ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා පිළිගත් බව බී.බී.සී ලෝක සේවයේ වෙබ් අඩවිය උපුටා දක්වයි.

ඒ අනුව මෑතකදී දැනට අත්අඩංගුවේ පසුවන ජ්‍යේෂ්ඨ එල්.ටී.ටී.ඊ නායකයෙකුගේ මැදිහත්වීමෙන් මෙම පිරිස සමග සාකච්ඡා කළ බවත්,එහිදී මානුෂීය ගැටලු සම්බන්ධයෙන් මූලික අවධානය යොමු වූ බවත් ආරක්ෂක ලේකම්වරයා බී.බී.සී සේවයට පවසා ඇත.

එල්.ටී.ටී.ඊයේ ජාත්‍යන්තර කටයුතු භාරව සිටි නායකයා ලෙස සැලකෙන කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී විසින් මෙම පිරිස ශ්‍රී ලංකා ආණ්ඩුව හා සාකච්ඡා කිරීමේ අවස්ථාව සලසා දීමට සම්බන්ධීකරණ භූමිකාව ඉටුකළ බව දෙමළ සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයෙකු වන චාල්ස් ඇන්තනීදාස් විසින් පවසා තිබේ.

මෙම පිරිස යාපනය,වව්නියාව,කිලිනොච්චිය ආදී ප්‍රදේශවල සංචාරයක නිරත වූ බවත්,එහිදී සංවර්ධන කටයුතු හා පුනරුත්ථාපන කටයුතු වල ප්‍රගතිය සහ ගැටලු ද සාකච්ඡාවට බඳුන් කළ බවත්, ඒ සඳහා කේ.පී විසින් සහය ලබාදුන්න ද මෙම පිරිසට කේ.පී ඇතුළත් නොවුණු බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළ බව බී.බී.සී සේවය උපුටා දක්වයි.

එසේවුවද ශ්‍රී ලංකා රජයට එරෙහි යුද අපරාධ චෝදනා වලට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු දැක්වීමට දැනට අත්අඩංගුවේ පසුවන කේ.පී රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පාවිච්චි කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට රජයේ ජ්‍යෙෂ්ඨයෙකු පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණු බවද බී.බී.සී සේවය සඳහන් කරයි.

කේ.පී දෙමළ ඩයස්පෝරාවේ වැඩි පිරිසක් සමග ගනුදෙනු කිරිම සඳහා සහය ලබාදුන්නද ඔහු තාමත් නිදහස් පුද්ගලයෙකු නොව හමුදා අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකු බව ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත.

‍කෙසේවුවද හිටපු එල්.ටී.ටී.ඊ හිතවාදී පිරිස් කරුණු අව‍බෝධ කරගෙන රජයත් සමග සහයෝගයෙන් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට සූදානමක් පෙන්නුම් කරන බවත්,පිරිසක් රජය සමග සාකච්ඡා කිරීමෙන්ම වැඩි පිරිසක් ඉදිරියේදී රජයේ වැඩපිළිවෙළ සමග එකගවීමට කැමැත්ත පළකිරීමේ පෙරනිමිත්තක් පෙන්නුම් කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. adaderana

දුන් සහන යළි දෙන්නේ මෙහෙමයි


මිලියන 3 ක් පමණ වන පාසල් ළමුන් වෙනුවෙන් නොමිලේ පාසල් පොත්, නිල ඇඳුම්, පෝෂ්‍යදායී ආහාර, ගමනාගමනය සඳහා සහනාධාර, ශිෂ්‍යත්ව ආදිය සුරක්ෂිත කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 7 .363 ක් වෙන්කොට තිබේ. එමෙන්ම 74, 000 ක් පමණ වන ගැබිණි මව්වරුන් ඇතුළුව කිරිදෙන මව්වරුන් හා ළදරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම සඳහා වන පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 2, 500ක් වෙන් කර තිබේ. සුබ සාධන කඳවුරු වල සිටින 35, 000 ක් පමණ වන අවතැන් වූ පිරිස් වෙනුවෙන් වියළි සලාක හා ආහාර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 7, 500 කි.

‍මෙවර අයවැය යටතේ අඩු ආදායම් ලාභී පවුල් වලට ආදායම් සහනයක් ලෙස ක්‍රියාත්මක සමෘද්ධි වැඩ සටහන වෙනුවෙන් රුපියල් මිලියන 9, 300ක් වෙන් කර ඇත. 450, 000ක් පමණ වන රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් හරහා කරනු ලබන සමාජ සුරක්ෂණය හා 6, 000 ක් පමණ වන ආබාධිත රණවිරුවන්ට කරනු ලබන දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 102, 500 ක් වෙන් කර ඇත. ඉහළ කෘෂි කාර්මික නිෂ්පාදනයක් අපේක්ෂාවෙන් මිලියන 2 ක් පමණ වන ගොවි ජනතාව වෙනුවෙන් පොහොර සහනාධාරයට ණය පොලී සහන හා සහතික මිලට වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 35, 000 ක් වෙන් කර ඇත. එමෙන්ම සහනදායී ගමනාගමන පහසුකම් වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවයට හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 6, 650 ක අයවැය සහනයක් ලබා දී තිබේ. adaderana

බාල වයස් දැරිය කෙලෙසුවාට අධිකරණයේ දී වරද පිළිගනී


බාල වයස් දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ වරද පිළිගත් පුද්ගලයෙකුට බරපතල වැඩ සහිත වසර 12 ක සිරදඬුවමක් නියම කිරීමට බදුල්ල මහාධිකරණ අද තීරණය කරන ලදී.

සුප්පයියා කන්දසාමි හෙවත් ජිල්බරි නැමති මොහුට මීට අමතරව රු.7,500 ක දඩයක්ද නියම කිරීමට විනිසුරු පී.වික්‍රමසිංහ මහත්මිය කටයුතු කළාය.

2006 වසරේ මැයි මස 29 වන දින රජයේ වැසිකිළියකට යමින් සිටි අවුරුදු 07 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ලවී තිබිණි.

රජයේ අධිඅනීතිඥ දම්තිනීද සිල්වා මෙනවිය විසින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලද බව සඳහන් වේ. adaderana

ෆොන්සේකා‍ගේ පෙත්සම ඉවතට


දෙවන යුදාධිකරණයේ කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කර‍න ලෙස ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ‍ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධික‍රණය අද තීරණය කර ඇත. පෙත්සම අද කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපති සත්‍යා හෙට්ටිගේ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

පෙත්සම විභාග කිරීමට අවසර දීමට තරම් කරුණු අනාවරණය නොවන බව තීන්දුව දෙමින් විනිසුරුවරයා සඳහන් කළේය. ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර තිබේ. adaaderan

බෲනෝගේ ඉවෙන් සොරෙක් කොටුවෙයි


බදුල්ල ප්‍රදේශයේ සිදුවූ සොරකමකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් නිල සුනඛයෙකුගේ මාර්ගයෙන් හසුකරගැනීමට බදුල්ල පොලිසිය සමත්ව තිබේ. ඇටම්පිටිය, මාළිගාතැන්න ප්‍රදේශයේ නිවසකින් රුපියල් 50,000 කට වැඩි වටිනාකමකින් යුතු පරිගණකයක් සහ එහි උපාංග සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව බදුල්ල පොලිසිය සඳහන් කර ඇත. බදුල්ල පොලිසියේ නිල සුනඛ අංශයට අයත් බෲනෝ නම් සුනඛයා මෙම පරීක්ෂණ කටයුතු සඳහා සහය කරගෙන තිබේ.

ඒ අනුව මෙම සුනඛයා සොරකම සිදුවූ නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි නිවසක් වෙත ඉව ඔස්සේ පැමිණ නතර වූ බව බදුල්ල පොලිසිය ප්‍රකාශ කර තිබේ. එම නිවසේ තරුණයාගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ සොරකම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. සොරාගත් පරිගණක උපාංග බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙළඳසැලකට අලෙවි කර තිබියදී සොයාගැනීමට හැකිවූ බව බදුල්ල පොලිසිය පෙන්වා දී ඇත. adaderana

බිම් බෝම්බ ඉවත් කිරීම පළමු කාර්යයයි


බිම් බෝම්බ ඉවත් කිරීම හා නැවත පදිංචි කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයභාරය වන බව සරත් අමුණුගම මහතා පවසයි. රජයේ හමුදා උතුරු ප්‍රදේශය මුදවාගන්නා විට ගම්මාන 640 ක වර්ග කිලෝමීටර් 1474 ක පමණ ප්‍රදේශයක දළ වශයෙන් මිලියන 1 .5 ක පමණ බිම්බෝම්බ ප්‍රමාණයක් අ‍ටවා තිබූ බව පෙන්වාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ එම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රජය රුපියල් මිලියන 7000ක පමණ මුදලක් වැය කර ඇති බවය. බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඒකකයක් පිහිටුවීමට සහ අවශ්‍ය උපකරණ ගෙන්වීම සඳහා එම මුදල් වැය කළ බව සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. adaderana

ඒක පුද්ගල ආදායම ඩොලර් 2053 දක්වා ඉහළට


2004 ඇමරිකානු ඩොලර් 1062ක් වූ ඒක පුද්ගල ආදායම 2009 වර්ෂය වනවිට ඇමරිකානු ඩොලර් 2053 ක් දක්වා වර්ධනය වී ඇති බව වැඩබලන මුදල් ක්‍රමසම්පාදන අමාත්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි. 2010 අයවැය කතාව දෙවනවර කියවන අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්ව ඇති බව අමුණුගම මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6% ක් වන බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

2004 වර්ෂයේදී 8.3%ක් වූ රැකියා වියුක්තිය මේ වනවිට 5% දක්වා අඩු වී ඇති බව ද පෙන්වා දුන් සරත් අමුණුගම මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ ප්‍රතිශතය 28 .5%කින් වර්ධනය වී ඇති බවය.adaderana

2010 අයවැය කතාව ඇරඹේ


වැඩ බලන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය සරත් අමුණුගම මහතා විසින් මේ වනවිට පාර්ලිමේන්තුවේදී 2010 අයවැය කතාව දෙවන වර කියවීම ආරම්භ කර ඇත. එහිදී පෙර අමාත්‍යාංශ වල වියදම් නව අමාත්‍යාංශ වලට ඒකාග්‍ර කර ඇති බව ඒ මහතා සඳහන් කළේය. adaderana

අද අයවැයෙන් ජනතාවට බර පටවන්නේ නෑ -ගජධීර


2010 වර්ෂය සඳහා අද ඉදිරිපත් කෙරෙන අයවැයෙන් ජනතාව මත බර පැටවීමක් සිදු නොවන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පවසයි. අද පස්වරු 2ට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන ජූලි 3 වැනිදා පැවැත්වෙන බව චන්ද්‍රසිරි ගජධීර මහතා පැවසුවේය. අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම ලබන 9 වැනිදා පැවැත්වේ. adaderana

ටී.එන්.ඒ, ප්ලොට් එක්ක සාකච්ඡාවක්


දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දෙමළ පක්ෂ කිහිපයක නියෝජිතයින් යළි සාකච්ඡා පවත්වා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.

ඊයේ පැවති මෙම සාකච්ඡාවේ දී උතුරු නැගෙනහිර ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබාගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

දේශපාලන විසඳුමක් පිළිබඳ දෙමළ පක්ෂ එක් මතයක සිට කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ගැනුණු බව සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.adaderana

ගමේ චණ්ඩියා රට ගියාම නොන්ඩියා වෙනවා


ගමේ චණ්ඩියා රට ගියාම නොන්ඩියා වන්නා සේම ජාත්‍යන්තරයට බැණ වැදුනාට ජාත්‍යන්තරයට ඕන අකාරයට ම ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

ඒ අනුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් පිරිමසන අයවැයක් වීම වැළැක්විය නොහැකි බවද හෙතෙම අද දෙරණට කියා සිටියේය.

වත්මන් ආණ්ඩුවට මේ සා ජනවරමක් ලබාදුන් රටේ සාමාන්‍ය ජනතාවට නොසලකා සුපිරි පැළැන්තියේ අවශ්‍යතා පමණක් සලකමින් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්,අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල මිල අඩු නොකොට සුපිරි භාණ්ඩ වල මිල පහල හෙළීමට කටයුතු කිරීමෙන් මෙම තත්ත්වය පැහැදිලි වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු ගාස්තු වැඩි කර ඇති බවත්,සුපිරි භාණ්ඩවලට අදාළ බදු ගාස්තු අඩු කර ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

රු.2,500 ක් වැටුප් වැඩිකිරීමක් කරන බවට දුන් පොරොන්දුව මෙන්ම ,සමෘද්ධි සහනාධාරය වැඩි කිරීමක් නොකොට තමන් බලයට පත් කළ රටේ සාමාන්‍ය ජනයාට මේ අයුරින් නොසලකා හැරීම ඉතා කනගාටුදායක බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. adaderana

එළවළු ප්‍රවාහන හානිය අවම කිරීමට පියවර


දේශීය එළවළු හා පළතුරු ප්‍රවාහනය කිරීමේ දී සිදු වන හානිය 10% ක් දක්වා අවම කිරීම සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එළවළු හා පළතුරු වගාවේ පසු අස්වනු හානිය 35% ත් 40% ත් අතර වන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. මේ හේතුවෙන් ගොවීන්ට විශාල වශයෙන් ආර්ථික අවාසියක් සිදු වන බව කෘෂීකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට ක්‍රියාත්මක කිරීමට යෝජිත සැලසුම යටතේ එළවළු හා පළතුරු ප්‍රවාහනය සඳහා විශේෂ ප්ලාස්ටික් ඇසුරුමක් හඳුන්වාදීමට නියමිතය. එම ඇසුරුම් ලක්ෂ 4 ක් ගොවීන් හා කෘෂි නිෂ්පාදන අළෙවිකරුවන් අතර බෙදා හැරීමට කටයුතු යොදා ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය. adaderan

තහංචි ඉවත් වුවත් පහසුකම් මදි


යාපනය අර්ධද්වීපයේ ධීවරයින්ට මුහුදු යාමේ දී පනවා තිබූ තහංචි ඉවත් කර ඇතත් ඒ සදහා අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි නොතිබීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත් ව තිබේ. කොළොම්බුතුරෛයි, පාසිඌර්, කයිට්ස් යන ප්‍රදේශ වල ධීවර ජැටි සියල්ලම විනාශයට පත් ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ හේතුවෙන් ‍මෙම ප්‍රදේශ වල ධීවරයින්ට සිය බෝට්ටු වෙනත් ස්ථාන වල නවතා තැබීමට සිදුව ඇත. මෙම තත්ත්වය යාපනයේ ධීවර කර්මාන්තය නඟා සිටුවීම සඳහා විශාල බාධාවක්ව ඇති බව සදහන්ය. තව ද යාපනය ධීවර වරායන් ආශ්‍රිතව ඇති මෝය කටවල් පුළුල් නොකිරීම හේතුවෙන් ද එම ධීවරයින් දුෂ්කරතාවන්ට පත් ව ඇතැයි එහි සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළේය. adaerana

වැඩ බලන මුදල් ඇමති අමුණුගම


මුදල් හා ක්‍රම සම්පාදන වැඩ බලන අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා පත් කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර මෙම පත් කිරීම සිදු කළ බව එහි සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ යුක්රේන සංචාරයක නිරත වන බැවින් මෙම පත් කිරීම සිදු කර ඇත. ඒ අනුව අද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් සිදු කරනු ඇත. adaderana

ෆොන්සේකාගේ පෙත්සම විභාගය ගැන තීරණය අද


දෙවන යුද්ධාධිකරණයේ විමර්ශන කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් ගොනු කළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අභියාචනාධිකරණයේ සත්‍යා‍ හෙට්ටිගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.

දෙවන යුද අධිකරණය සදහා පත් කර ඇති විනිසුරුවරුන්ගෙන් සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි නිසා එහි විභාගය අත්හිටුවීමේ නියෝගයක් පනවන ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අභියාචානාධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එම පෙත්සමට මූලික විරෝධතා මතු කර ඇති වත්මන් යුද හමුදාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් පෙත්සම විභාග කිරීමට අවසර ලබා දීමට තරම් සාධාරණ පදනමක් නොමැති බව පෙන්වා දෙයි. එම නිසා එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන මෙන් ඔවුන් අභියාචානාධිකරණයෙන් ඉල්ලා සිටියි. adaderana

ඉහළගම රිය අනතුරකින් එක් අයෙක් මියයයි


දඹුල්ල - කැකිරාව ප්‍රධාන මාර්ගයේ මඩඅටුගම, ඉහළගම ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ රාත්‍රී 8.30 ට පමණ ත්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේය. අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් ගත් 50 හැවිරිදි කාන්තාවකි. තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර අවිස්‍සාවේල්ල, දෙහිඕවිට ප්‍රදේශයේ දී ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් පාරෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම බස් රථය මාර්ගයේ නවතා තිබූ තවත් බස් රථයක ගැටී අනතුරට පත් ව ඇති අතර පසුව ඒ අසල තිබූ තවත් බස් රථ දෙකක ගැටී ඇති බව පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. adaderana

Monday, June 28, 2010

අසල්වැසි ගනුදෙනු වලදී රටට හානිවීමට ඉඩදෙන්නේ නෑ


මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් තමා සෑම විටම ප්‍රමුඛතාව දී කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අසල්වැසි රටවල සමග ගනුදෙනු කිරී‍මේ දී මෙරටට හානිදායක නොවන අයුරින් ක්‍රියාකිරීමට තමා සෑම විටම පියවර ගන්නා බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. "ටයිම්ස් ඔෆ් ඉන්දියා"පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ කරුණු සඳහන් කර තිබේ.

එය ශ්‍රී ලංකාවට සැබවින්ම ප්‍රයෝජනවත් නම් එම ගිවිසුමට අත්සන් කිරීමට තමා පසුබට නොවන බව සීපා ගිවිසුම පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. එහෙත් අසල්වැසි ඉන්දියාවේ අවශ්‍යතාවන්ට ප්‍රථම තමන් මෙරට අවශ්‍යතාවන් සඳහා ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. adaderana

රන්මිහිතැන්නේ ප්‍රථම ටෙලි නිර්මාණය ඇරඹේ


රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ප්‍රථම වරට ටෙලි නිර්මාණයක් පූර්ණ වශයෙන් රූගත කිරීමේ කටයුතු අද ආරම්භ විය. "ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක්" ලෙස නම් කර ඇති මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා‍ය. එය ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වීම මෙන්ම රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය තුළ පමණක් රූගත කිරීම් සිදුකෙරෙන ප්‍රථම ටෙලි නිර්මාණය වීම ද වි‍ශේෂත්වයකි.

මෙරට ප්‍රථම වරට"ඊ එක්ස් ත්‍රී "නම් නවීන කැමරා තාක්ෂණය මෙම ටෙලි නිර්මාණය සඳහා යොදා ගැනීමට නියමිත බව ද වාර්තා වේ. මෙවැනි සිනමා ගම්මාන ඉදිවීම යහපත් කරුණක් බව"ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක්"නිර්මාණයේ මුහුරත් උළෙලෙන් අනතුරුව මහේන්ද්‍ර පෙරේරා පැවසුවේය. එහෙත් මෙරට කලා ක‍්ෂේත්‍රය සඳහා මීට වැඩි අනුග්‍රහයක් රජයෙන් ලැබිය යුතු බව ද මහේන්ද්‍ර පෙරේරා සඳහන් කරයි. adaderana

කමිටුවට විරුද්ධව හෙළ උරුමය උද්ඝෝෂණයක


එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට කමිටුවක් පත්කිරීමට විරෝධය පළ කරමින් ජාතික හෙළ උරුමය අද විරෝධතාවක නිරත විය. කොළඹ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සිට එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය දක්වා සාමකාමී පාගමනකින් පැමිණි හෙළ උරුමයේ පාක්ෂිකයින් එම ස්ථානයේ දී විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය ක‍ළහ.

ලොව ගැටුම් සමථයකට පත්කිරීම වෙනුවෙන් පවතින එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට සාමයට එරෙහි ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම කණගාටුවට කරුණක් බව ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එහිදී සඳහන් කළේය. එමෙන්ම ඔවුන්ගේ ක්‍රියා මාර්ග ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීමක් බව ද සෝභිත හිමියන් අවධාරණය කළේය. ජගත් මහලේකම්වරයා කමිටුවක් පත්කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමට උත්සහ දරන බවට ද ජාතික හෙළ උරුමය මෙහිදී චෝදනා කළේය. adaderana

යළි පදිංචි කිරීම් කඩිනම් කිරීමට හමුදා බලඇණි 5 ක්


මුලතිව් දිස්ත්‍රික්කයේ යළි පදිංචි කරවීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමට‍ නවීන යන්ත්‍ර සූත්‍ර සහ හමුදා බලඇණි පහක් යොදවා ඇති බව ආරක්ෂක අංශ පවසයි. එම දිස්ත්‍රික්කයේ 65%ක පමණ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ තවත් පුද්ගලයන් 30,000ක් පමණ යළි පදිංචි කරවීමට නියමිතය. මේ වන විට වැසියන් 22,000ක් පමණ යළි පදිංචි කොට ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි. ඉදිරි මාස තුන ඇතුළත එම දිස්ත්‍රික්කයේ සියලු වැසියන් යළි පදිංචි කර අවසන් කිරීමට හැකි වනු ඇති බව මුලතිව් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක අංශ ප්‍රධානීන් කියා සිටියේය. adaderana

කුවේට්හි ලාංකිකයෙක් සියදිවි නසාගනී


කුවේට්හි නිවසක රියදුරෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු මහල් 05ක ගොඩනැගිල්ලකින් පැන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. සහරාන් නැමති මෙම පුද්ගලයා කළුතර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු බව ද සඳහන්ය.

මරණය පිළිබඳව එරට පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවන අතර මළ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු යොදා ඇත. adaderana

ද්‍රවිඩ භාෂාව ඉන්දියාවේ නිල භාෂාවක් විය යුතුයි -කරුණානිධි


ද්‍රවිඩ භාෂාව ඉන්දියාවේ නිල භාෂාවක් බවට පත්කළ යුතු යැයි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායක, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි මහතා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රබල මැදිහත්වීමක් අවශ්‍ය බව ද ඔහු අවධාරණය කර ඇත.

දින 05ක් පුරා පැවති ලෝක ද්‍රවිඩ සංස්කෘතික සමුළුවේ අවසන් දිනය වූ ඊයේ (27) දිනයෙහි කරුණානිධි මහතා මෙම කරුණු පිළිබඳව සඳහන් කර ඇත. මදුරාසියේ මහාධිකරණ කටයුතු වල නිල භාෂාව බවට ද ද්‍රවිඩ භාෂාව පත්කළ යුතු බව මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මේ වන විට කිව නොහැකි පීඩනයකට‍ පත්ව සිටින බව ද ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති එම්. කරුණානිධි මහතා පවසයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් රජය මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ලෝක සම්භාව්‍ය දෙමළ සමුළුවේ අවසන් දේශනය සිදුකරමින් කරුණානිධි ප්‍රකාශ කර ඇත.

එසේම ඇතැම් පිරිසට තවමත් අවතැන් කඳවුරුවල රැදී සිටීමට සිදුව ඇති බව පෙන්වාදෙන තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයා යළි පදිංචි කළ පිරිසට පවා නිසි පහසුකම් සපයා නොමැති බවට චෝදනා කරයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කළ යුතු බව කරුණානිධි වැඩිදුරටත් සඳහන් කර ඇත. adaderana

ෆොන්සේකා ලබන 12 තෙක් හමුදා භාරයට


හයිකෝප් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ‍හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන 12 වැනිදා දක්වා හමුදා භාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ජෙනරාල් ෆොන්සේකා බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රඳවා තැබිය යුතු බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර සිටියේය.

අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදී ජෙනරාල් ‍ෆොන්සේකා මහතා මීට පෙර දින නඩු විභාගයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැඳවීමට නියෝග කිරීම හේතුවෙන් ඥාතීන්ට දෛනිකව ඔහුට ආහාර සැපයීමේ බාධා එල්ල වී ඇති බව ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේය. එසේම ෆොන්සේකා මහතා අධිකරණ‍ය වෙත රැගෙන ඒමේදී බන්ධනාගාර රථයක රැගෙන එන බැවින් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බව නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේය.

ජෙනරාල් ෆොන්සේකා මහතාට ආහාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. එසේම අධිකරණය වෙත රැගෙන ඒමේදී යුද හමුදා ආරක්ෂක රථයක රැගෙන එන ලෙස ද අධිකරණය නියම කර සිටියේය. විදේශගතව සිටින ෆොන්සේකා මහතාගේ දියණියන් දෙදෙනාට දුරකථන ඇමතුම් ලබාදීමට අවසර දෙන මෙන් නීතීඥවරුන් සිදුකළ ඉල්ලීම සළකා බැලු මහේස්ත්‍රාත්වරිය එම පහසුකම ලබාදීමට ඇති හැකියාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යුද හමුදා නීති නිලධාරීයාට දැනුම් දුන්නේය. adaderana

මළ සිරුරක් මුහුදට විසිකළ සැකකරුවන් ගැන පරීක්ෂණ


තොඩුවාව පල්ලියපාඩුව ප්‍රදේශයේ මුහුදට මළසිරුරක් විසිකර යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මුන්දලම‍ පොලිසිය පවසයි. ඊයේ පස්වරුවේ කැබ් රථයකින් පැමිණ තොඩුවාව මුහුදට මළසිරුරක් විසිකර දමා පලා යන අවස්ථාවේදී පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කැබ් රථය තුළ තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක් ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිසිය භාර‍යට ගෙන ඇත.

කැබ් රථයේ සිටි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බව පොලිසියට පවසා ඇතැයි වාර්තා විය. දැනට සිදුකර ඇති පරීක්ෂණ වලදී හෙළිව ඇත්තේ අදාළ පුද්ගලයා කිසියම් ස්ථානයකදී හෝ කැබ් රථය තුළදී ඝාතනය කර ‍මුහුදු වෙරළට විසිකර දමන්නට ඇති බවය. adaderana

කැළණියේ සියලු අනවසර ඉදිකිරීම් මේ සතියේ සිට ඉවතට


කැළණිය ප්‍රදේශයේ ඇති සියලු අනවසර ඉදිකිරීම් අදින් ඇරඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. එවැනි අනවසර ඉදිකිරීම් ඇත්නම් තමන් වෙත කඩිනමින් දන්වා සිටින ලෙස ඔහු සඳහන් කරයි.

කැළණිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලයට එක්වෙමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මින් පසු කැළණිය විශ්ව විද්‍යාලය වසා දැමීමට ඉඩ නොතබන බව ද එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේය.
adaerana

එක්සත් ජාතීන් හරහා ලංකාවට අතපෙවීමේ උත්සාහයක්


යුදමය වකවානුව තුළ ශ්‍රි ලංකාවට අතපෙවීමට ඇතැම් රටවල් දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යළි ඒ සඳහා ඔවුන් උත්සාහ ගනිමින් සිටින බව ඉන්දීය මාධ්‍යයක් වාර්තා කර තිබේ. ශ්‍රි ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් මහතා විසින් කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ඉන්දීය වෙබ් අඩවියක් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

අදාළ කමිටුව හරහා ශ්‍රි ලංකාවේ ජාතික ඒකාබද්ධතාවයට බලපෑම් එල්ල විය හැකි බව එහි දක්වා ඇත. ජාත්‍යන්තරය තුළ ක්‍රියාකාරී රටක් වශයෙන් සැලකෙන ශ්‍රි ලංකාව දීර්ඝ ඉතිහාසයක සිට මානව අයිතීන් සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකයට පෙන්වා දී ඇතැයි එම වාර්තාවේ සඳහන්ය. එ‍හෙත් මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා කරමින් ඇතැම් රටවල් ශ්‍රි ලංකාවට අතපෙවීමට හේතු කිහිපයක් බලපා ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රි ලංකාවේ පිහිටීම සහ චීනය පෙරට වඩා ශ්‍රි ලංකා‍ව තුළ කටයුතු ව්‍යාප්ත කිරීම එම හේතු අතර වේ. එසේම අමෙරිකා එක්සත් ජනපදයට දකුණු ආසියානු කලාපය තුළ අහිමි වෙමින් ඇති බලය යළි ලබා ගැනීම ද මෙවැනි බලපෑම් වලට හේතු විය හැකි බව අදාළ වාර්තාවේ දක්වා ඇත.

ශ්‍රි ලංකාවේ කළ සංචාරයේදී කළ ප්‍රකාශ සහ ඉන්පසු තත්ත්වයන් සළකා බැලීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා බලවත් රටවල වුවමනාවන් ඉටුකරන බව පෙනී යන්නේ යැයිද එහි සඳහන්ව ඇත. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සෑම රටකටම සමාන අයිතිවාසිකම් හිමිවන අතර කිසිදු රටක ස්වෛරීභාවය සම්බන්ධයෙන් එම සංවිධානයට මැදිහත් විය නොහැකි බව ද අදාළ ඉන්දීය වෙබ් අඩවියේ වාර්තා කර තිබේ. adaerana

ඉතිරි කාලයට අයවැය හෙට


මේ වසරේ ඉතිරි කාලය සඳහා වු රජයේ ආදායම් සහ වියදම් ඇතුළත් අයවැය ලේඛනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර අයවැය ලේඛනය අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරනු ඇත. පක්ෂ නායක රැස්වීමේ තීරණයකට අනුව පළමුවරට පස්වරුවේ පාර්ලිමේන්තු කටයුතු හෙට සිට ආරම්භ කෙරෙයි. ඒ අනුව හෙට පස්වරු‍ දෙකට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය.

අයවැය දෙවන වර කියවීමේ විවාදය අනිද්දා ආරම්භ කෙරෙන අතර එය දින හතරක් පැවැත්වෙන බව වාර්තා වේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය අවසානයේ දී සිදුකරන ඡන්ද විමසීම ලබන තුන්වැනිදා පස්වරුවේ පැවැත්වෙන අතර අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ජූලි මස පස් වැනිදා සිට නව වැනිදා දක්වා පැවැත්වේ. ඒ අනුව අයවැය අවසන් ඡන්ද විමසීම ජූලි මස නවවැනි සිකුරාදා පස්වරු 6ට සිදුකෙරෙනු ඇත.adaderana

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයෙන් යෝජනා


විධායක ජනාධිපති ධුර කාලය වෙනස් කිරීම සඳහා සිදුකෙරෙන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ යෝජනා මාලාවක් සකස් කර තිබේ. විපක්ෂ දේශපාලන පක්ෂ 7ක නායකයන් විසින් සකස් කළ මෙම යෝජනා ඇතුළත් වාර්තාව හෙට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා සහ එම පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් මෙම යෝජනාවලිය සකස් කර ඇති බව සඳහන්ය. අදාළ කොන්දේසි ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීමට මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන බව තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. adaderana

Sunday, June 27, 2010

සදහම් රැගෙන පෑයූ පොසොන් සඳ


අනුබුදු මිහිඳු නාහිමියන් ලක්දිවට බුදු දහමේ පණිවුඩය රැගෙන ඒම සිහිපත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෙනසුරාදා දින සන්ධ්‍යාවෙහි විශේෂ බැති ගී ප්‍රසංගයක් පවත්වනු ලැබීය. ඒ ‍දියවන්නා ඔයෙහි පැරණි නෞකාවක ආකෘතියක් ලෙස සැකසුණු විශේෂ යාත්‍රාවක සිටය. දීප්තිමත් විදුලි පහන් වලින් හැඩගන්වන ලද එම චමත්කාරජනක යාත්‍රාවේ සිට නාවික හමුදාව විසින් පවත්වන ලද පොසොන් බැති ගී ප්‍රසංගය මෙසේ කැමරා ඇසට හසුව තිබිණි. adaderana

ජාත්‍යන්තර බලපෑම් හමුවේ ඉන්දියාවටත් යම් කාර්යයක් පැවරෙනවා


ජාත්‍යන්තරයෙන් ශ්‍රි ලංකාවට එල්ල වන ඇතැම් බලපෑම් හමුවේ ඉන්දියාවට ද යම් කාර්ය භාරයක් පැවරී ඇති බව අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා පවසයි. මෙරට ජීවත් වන සෑම ජාතියකටම ස්වාධීනව ජීවත් වීමේ අයිතිය රජය විසින් තහවුරු කර ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රි ශිවරාජ් සිං චව්හාන් මහතා අග්‍රාමාත්‍ය නිල නිවසේදී හමුවු අවස්ථාවේ අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකාවේ වේගවත් සංවර්ධනය පිළිබඳ ඉන්දියාව අතිශය සතුටට පත් වන බව එහිදි අදහස් දැක්වු ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය දැක්වීමට ඉන්දියාව ක්‍රියා කරන බව ද ශිවරාජ් සිං චව්හාන් මහතා අවධාරණය කළේය. මේ අතර ඉන්දියාවේ ඉදිකෙරෙන බෞද්ධ විශ්ව විද්‍යාලය සඳහා භූමියක් ලබාදීමට සහ ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. adaderana