Tuesday, June 29, 2010

ගමේ චණ්ඩියා රට ගියාම නොන්ඩියා වෙනවා


ගමේ චණ්ඩියා රට ගියාම නොන්ඩියා වන්නා සේම ජාත්‍යන්තරයට බැණ වැදුනාට ජාත්‍යන්තරයට ඕන අකාරයට ම ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

ඒ අනුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් පිරිමසන අයවැයක් වීම වැළැක්විය නොහැකි බවද හෙතෙම අද දෙරණට කියා සිටියේය.

වත්මන් ආණ්ඩුවට මේ සා ජනවරමක් ලබාදුන් රටේ සාමාන්‍ය ජනතාවට නොසලකා සුපිරි පැළැන්තියේ අවශ්‍යතා පමණක් සලකමින් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්,අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල මිල අඩු නොකොට සුපිරි භාණ්ඩ වල මිල පහල හෙළීමට කටයුතු කිරීමෙන් මෙම තත්ත්වය පැහැදිලි වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු ගාස්තු වැඩි කර ඇති බවත්,සුපිරි භාණ්ඩවලට අදාළ බදු ගාස්තු අඩු කර ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

රු.2,500 ක් වැටුප් වැඩිකිරීමක් කරන බවට දුන් පොරොන්දුව මෙන්ම ,සමෘද්ධි සහනාධාරය වැඩි කිරීමක් නොකොට තමන් බලයට පත් කළ රටේ සාමාන්‍ය ජනයාට මේ අයුරින් නොසලකා හැරීම ඉතා කනගාටුදායක බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. adaderana

0 comments:

Post a Comment