Tuesday, June 29, 2010

දුන් සහන යළි දෙන්නේ මෙහෙමයි


මිලියන 3 ක් පමණ වන පාසල් ළමුන් වෙනුවෙන් නොමිලේ පාසල් පොත්, නිල ඇඳුම්, පෝෂ්‍යදායී ආහාර, ගමනාගමනය සඳහා සහනාධාර, ශිෂ්‍යත්ව ආදිය සුරක්ෂිත කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 7 .363 ක් වෙන්කොට තිබේ. එමෙන්ම 74, 000 ක් පමණ වන ගැබිණි මව්වරුන් ඇතුළුව කිරිදෙන මව්වරුන් හා ළදරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම සඳහා වන පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 2, 500ක් වෙන් කර තිබේ. සුබ සාධන කඳවුරු වල සිටින 35, 000 ක් පමණ වන අවතැන් වූ පිරිස් වෙනුවෙන් වියළි සලාක හා ආහාර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 7, 500 කි.

‍මෙවර අයවැය යටතේ අඩු ආදායම් ලාභී පවුල් වලට ආදායම් සහනයක් ලෙස ක්‍රියාත්මක සමෘද්ධි වැඩ සටහන වෙනුවෙන් රුපියල් මිලියන 9, 300ක් වෙන් කර ඇත. 450, 000ක් පමණ වන රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් හරහා කරනු ලබන සමාජ සුරක්ෂණය හා 6, 000 ක් පමණ වන ආබාධිත රණවිරුවන්ට කරනු ලබන දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 102, 500 ක් වෙන් කර ඇත. ඉහළ කෘෂි කාර්මික නිෂ්පාදනයක් අපේක්ෂාවෙන් මිලියන 2 ක් පමණ වන ගොවි ජනතාව වෙනුවෙන් පොහොර සහනාධාරයට ණය පොලී සහන හා සහතික මිලට වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 35, 000 ක් වෙන් කර ඇත. එමෙන්ම සහනදායී ගමනාගමන පහසුකම් වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවයට හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 6, 650 ක අයවැය සහනයක් ලබා දී තිබේ. adaderana

0 comments:

Post a Comment