Thursday, February 11, 2010

ජෙනරාල්ට නිදහස ඉල්ලන්න ජනපති හමුවෙන්න රනිල් සැරසෙයි


දැනට අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ජෙනරාල් ෆොන්සේකා මහතාගෙන් විමසීමෙන් තොරව යැයි තවදුරටත් වාර්තාවේ.
මීට පෙරද ෆොන්සේකා මහතාට එරෙහි තර්ජන වැඩිවන අවධියේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී එකඟතාවයකට එන්නැයි වික්‍රමසිංහ මහතා ජනරාල්වරයාට යෝජනා කර ඇතැයි අපට වාර්තා විය. එම අවස්ථාවේදී ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කර ඇති අතර ආණ්ඩුවේ කවර හෝ ප්‍රබලයකු සමඟ එකඟතාවයකට යාමට තරම් තමන් නිවට නොවන බව දන්වා තිබේ. එබැවින් වික්‍රමසිංහ මහතා ජනපති වරයා හමුවීමට යාම පිළිබඳවද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීමට බොහෝවිට ඉඩ තිබේ. වික්‍රමසිංහ - රාජපක්ෂ හමුව හෙට සිදුවීමට නියමිතයැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් "ලංකාටෲත්" වෙත වාර්තා කළේය.truth

එජාපයට යළිත් අලියා ඕනෑ වෙයි


එක්සත් ජාතික පක්ෂය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අද පස්වරුවේ සිරිකොත මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. වෙනත් ලකුණකින් තරග කිරීම සඳහා විපක්ෂයේ වෙනත් පක්ෂයකින් යෝජනාවක් ඉදිරිපත් වු‍වහොත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා යළි කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය යුතු බවට ද එහිදී තීරණය වූ බව ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ෆොන්සේකා අවුරුදු 5 ක් හිරේ දැමිය හැකියි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හැකි ඉක්මනින් යුධ අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය ද්‍රෝහී වීමේ වරදට ෆොන්සේකා මහතා වසර 5 ක් බන්ධනාගාර ගත කළ හැකි බව ද හෙතෙම කියා සිටියේ සිංගප්පූරු මාධ්‍යයකට අදහස් දක්වමිනි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ නෝර්වේ සහය ලබා දී ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.
ආරක්ෂක අංශ සාමාජිකයෙකු ධූරයෙන් විශ්‍රාම ලැබූවද 6 මසක කාලයක් තුළ හමුදා නීතිය අනුව කටයුතු කළ හැකි බවත්,ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ක්‍රියාත්මක වීම නීත්‍යනුකූල බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දේශපාලනය යනු මැර බලය නෙවෙයි


දේශපාලනය යනු මැර බලය හෝ පළිගැනීම නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසුගිය ජනාධිපතිවරණයත් සමඟම ජනතාව බියවද්දා දේශපාලනය කළ යුගය අවසන් කිරීමට තමාට හැකි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයේ ආරම්භය සනිටුහන් කරමින් අද පෙරවරුවේ තංගල්ල නගර ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය..
ඕනෑම පුද්ගලයෙකුට දේශපාලනය කිරීමේ අයිතිය තිබුණ ද රට නැවත ත්‍රස්තවාදීන්ට පාවා දීමට හෝ රටේ සාමය, සමගිය විනාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙයි.
කෙළෙහි ගුණ දන්නා ජනතාවක් සිටින රට තුළ නිරන්ත‍රයෙන් සත්‍ය ජයගන්නා බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. adaderana

රැඳවුම් මධ්‍යස්ථාන 8 ක්


රැඳවුම් මධ්‍යස්ථාන 8 ක් ස්ථාපිත කරන බවට පොලිස්පතිවරයා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතිවග ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
පෙබරවාරි මස 08 වෙනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ පනාගොඩ හමුදා මූලස්ථානය,නාවික හමුදා මූලස්ථානය,යුද හමුදා මූලස්ථානය,යුද හමුදා පොලිස් බලකා මූලස්ථානය ආදී ස්ථාන 8 ක් රැඳවුම් මධ්‍යස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර තිබුණු බව හෙතෙම කියා සිටියි.
සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවේ 8 දා රාත්‍රියේ බවත් ,එදින උදෑසන මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණු බවත් ඔහු සිහිපත් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව ආණ්ඩුව රැඳවුම් මධ්‍යස්ථාන හෙවත් සිර කඳවුරු කල් තියා සාදා දිගින් දිගටම විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

යතුරු පැදි සොරුන් මාට්ටු


යතුරු පැදි සොරකමේ යෙදුණු පුද්ගලයින් දෙ‍දෙනෙකු මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු නාවික හමුදාවෙන් පලා ගිය සෙබළෙකු වන අතර අනෙක් පුද්ගලයා යුද හමුදා‍ සාමාජිකයෙකු බවට විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
ඔවුන් විසින් සොරකම් කරන ලද ‍යතුරු පැදියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

බස් හැපී අයෙක් මරුට-14 ට තුවාලයි


ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම ප්‍රදේශ‍යේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද පෙරවරුවේ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කරාපිටිය‍ රෝහලට ඇතුළත් කර තිබේ. ඒ අතර පාසල් සිසුන් සිව්දෙනෙකු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.adderana

මගේ සැමියාගේ ජීවිතය අනතුරේ: ජෙනරාල්ගේ බිරිඳ බිය පළ කරයි


තමා ගෙදර සිටියාට තමාට බියක් දැනෙන බවත් ඒ තමා ගැනවත්, දරුවන් ගැනවත් නොව, හමුදා අත්අඩංගුවේ පසුවන ස්වාමි පුරුෂයාගේ ජීවිතයට කරදරයක්වේද කියා බවත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය පැවැසුවාය.
තමාගේ ස්වාමිපුරුෂයාට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් ඇතුළු පක‍ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපිට දී පහර දී රැගෙන ගියා නම්, හමුදා අත්අඩංගුවට ගත් තම ස්වාමි පුරුෂයාගේ ජීවිත ආරක‍ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්නයක් පැන නගින බවත් ෆොන්සේකා මහත්මිය කීවාය.
ෆොන්සේකා මහත්මිය එසේ කීවේ කොළඹ රැජිණ මාවතේ පිහිටි ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ අද (11) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
අපේ කාර්යාලයේ වැඩ කළ 40 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත්, අපි රජයට එරෙහිව කුමන්ත්‍රණය කළා යැයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ කරන බවත් කී ෆොන්සේකා මහත්මිය, අපි කළ කුමන්ත්‍රණය කුමක්දැයි ප්‍රශ්න කළාය.
ජනවාරි 26 වෙනිදා රාත්‍රියේ අපව අත්අඩංගුවට ගන්න යන බවට ආරංචියක් සැලවීමත් සමඟ තමාත් තමාගේ ස්වාමි පුරුෂයා හා පවුලේ ඥාතීනුත් සමඟ සිනමන් ලේක්සයිඩ් හෝටලයට ගියේ ආරක‍ෂාවට මිස කුමන්ත්‍රණය කිරීමට නොවේ යැයි කී ෆොන්සේකා මහත්මිය එදා අපේ පවුලේ අය සමඟ මේ රටේ පක‍ෂ නායකයින් කීපදෙනෙක් සහ මන්ත්‍රීවරු ගණනාවක් සිටි අතර, රජය පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනා යටතේ මගේ ස්වාමි පුරුෂයා පමණක් ගත්තේ ඇයි දැයි අසන අතර හෝටලයේ එදා තමාත් ඥාතීනුත් තවත් අයත් අත්අඩංගුවට නොගත්තේ ඇයි දැයි ෆොන්සේකා මහත්මිය රජයෙන් ප්‍රශ්න කළාය.
අද මේ රටේත්, හමුදාවේත් කි්‍රයාත්මක වන්නේ කැලෑ නීතියක් බවත් කී ෆොන්සේකා මහත්මිය, එම කැලෑ නීතිය කි්‍රයාත්මක කරන්නේ කවුද කියා මේ රටේ ජනතාව හොඳින් දන්නා බවත් කීවාය.
තම ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගැනීම ගැන ලක‍ෂ්මන් යාපා අබේවර්ධන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන ඇමැතිවරුන් සහ හමුදා ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ මහතා එකින් එකට පරස්පර ප්‍රකාශ කරන බව කී ෆොන්සේකා මහත්මිය තම ස්වාමි පුරුෂයාට එරෙහිව ඔවුන් කරන චෝදනාවල පදනමක් නැති බවත් පෙන්වා දුන්නේය.
කොළඹ නාවික මූලස්ථානයේ රඳවා සිටින තම ස්වාමි පුරුෂයා බලන්නට අවසර ලබාදුන්නේ, තමා ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයෙන් කළ ඉල්ලීමෙන් පසුව බවත් කුඩා කාමරයක රඳවා සිටින තම ස්වාමිපුරුෂයා සමඟ නිදහස් කථා කිරීමට නිදහසක් නැති බවත් කී ෆොන්සේකා මහත්මිය හමුදාවේ හා නාවික හමුදා රැකවලූන් කාමරය ඇතුලේ සහ එළියේ යොදා සිටින බවත් කීවාය.
තම ස්වාමි පුරුෂයාට යුද්ධය නිසා ඇතිවූ තුවාල නිසා නිතර ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය බවත්, ඔහුගේ රෝගී තත්ත්වය ගැන හොඳින්ම දන්නා හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් නම් කර ඔහුගේ සේවය ලබාදෙන්නැයි තම ස්වාමි පුරුෂයා හමුදාපතිගෙන් ඉල්ලීමක් කර ඇතත්, හමුදාපතිවරයා විසින් එම වෛද්‍යවරයා ලබාදෙන්නට නොහැකි යැයි ප්‍රකාශ කර ඇති බවත් ෆොන්සේකා මහත්මිය කීවාය.
තම ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමෙන් පසුත්, රහස් පොලීසියෙන් ගෙදරට පැමිණ, විවිධ ප්‍රශ්න කිරීම්වලට ලක් කරන බවත්, මේ අන්දමට සලකන්න අප කර ඇති වැරැද්ද කුමක්දැයි විමසා සිටි ෆොන්සේකා මහත්මිය ප්‍රශ්න අහලා තමන්ව මානසිකව වැට්ටවිය නොහැකි බවත් මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ සැබෑ ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා නොව තමාගේ ස්වාමි පුරුෂයා බවත් ෆොන්සේකා මහත්මිය හැඟ=ම්බරව ප්‍රකාශ කළාය.
ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනි ආයතනවල ප්‍රධානීන් දේශප්‍රේමී යැයි කියා ගන්නා රැලක් තම පවුලට එරෙහිව ගෙන යන මඩ ප්‍රචාරය නතර කර නැති බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට පෙර මේ දේවල් නොකීවේ මන්දැයි ප්‍රශ්න කළ ෆොන්සේකා මහත්මිය, තමා ඒ අය ආශ්‍රය කර ඇති නිසා ඒ අයගේ හෘද සාක‍ෂිය හොඳින් දන්නා බවත්, වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්න එපා යැයි තමා ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් කීවාය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු
ප්‍ර: ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගන්න කිසිම හේතුවක් නැතැයි ඔබතුමිය ප්‍රකාශ කළත් අමාත්‍ය ලක‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාත්, මාධ්‍යට ප්‍රකාශ කළා යුද අපරාධ සිදු වී තිඛෙනවා නම්, ඒ ගැන තමාගෙන් ජාත්‍යන්තරව විමසා සිටියහොත් සාක්කි දෙන්න සූදානම් බව ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් දිනයේ සවස බී.බී.සී ගුවන් විදුලියට ප්‍රකාශයක් කර තියෙනවා කියලා. මේක නිසාද ඔබතුමියගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගන්න හේතු වුණේ?
පි: ෆොන්සේකා මහත් එවැනි ප්‍රකාශයක් කළාද කියන්න මම දන්නේ නැහැ. මම ඒ වෙලාවේ හිටියේ ගෙදර. ඔහු හිටියේ කාර්යාලයේ.
එම ප්‍රශ්නයත් සමඟ පැහැදිලි කිරීමක් කළ බී.බී.සී සංදේශ වැඩසටහනේ ලංකාවේ නියෝජිත එල්මෝ ප්‍රනාන්දු මහතා,
zබී.බී.සී. මාධ්‍ය ආයතනයට අත්අඩංගුවට ගත් දිනයේ සවස ෆොන්සේකා මහතා ප්‍රකාශයක් කළ බව ඇත්ත. නමුත් හමුදාව ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ රාත්‍රී 9.30 ට, බී.බී.සී සංදේශ වැඩසටහනේ එම ප්‍රකාශය විකාශය කළේ රාත්‍රී 10.00 ටයි. ෆොන්සේකා මහතා අපට කළ ප්‍රකාශය නිසා අත්අඩංගුවට ගත්තා කියන එක අපි ප්‍රතිෙක‍ෂ්ප කරනවා. ෆොන්සේකා මහතා අපට යම් ප්‍රකාශයක් කළා නම් ඒ කළේ සම්මුඛ සාකච්ඡාවකදී නොවෙයි ආයතනයේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.enews

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගෙන් පොලීසියට ඓතිහාසික දේශණයක්

මුළු රටම රූපවාහිනී නාලිකාවලින් බලා සිටි මෙම සිදුවීමේදී පොලීසිය කි්‍රයා කළ ආකාරය ලැජ්ජා සහගත ලෙස යයිද, සැබැවින්ම මෙහි පළමුවන සැකකරු විය යුත්තේ පොලීසිය යයිද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය අලූත්කඩේ ඊයේ (10) පැවැති විපක‍ෂ සත්‍යග්‍රහයේදී කලහකාරී ලෙස හැසිරුණේ යයි කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අංක 01 අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් නව දෙනකු ඇප මත මුදාහරිමින් අද (11) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.
ජනාධිපතිවරණයේ පොදු අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පොදු විපක‍ෂය ඊයේ (10) කැඳවා තිබූ මෙම සත්‍යග්‍රහයට පොලීසියේ ආරක‍ෂාව ලබමින් එල්ල කළ මැර ප්‍රහාර වැලැක්වීමට සත්‍යග්‍රහයට එක්වූ ජනතාව ද කි්‍රයා කළෙන් දෙපාර්ශවය අතර පැය හතරක් පුරා ඇවිලී ගිය දරුණු ගැටුම අලූත් කඩේ උසාවි සංකීර්ණය අසල පෙදෙස යුද පිටියක් බවට පත් කළේය. මෙහිදී පොලීසිය සත්‍යග්‍රහයට එක්වූ 9 දෙනකු කලහකාරී ලෙස හැසුරුණේ යයි අත්අඩංගුවට ගෙන තිබුණේය.
කල කෝලාහල කිරීම, පොදු දේපළ විනාශ කිරීම, කලහකාරී ලෙස හැසිරීම යනාදි චෝදනා මත කෙසෙල්වත්ත පොලීසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පනහකට අධික නීතිවේදීන් පිරිසක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමින් අධිකරණයට කියා සිටියේ කලහකාරී ලෙස හැසිරුණු මැරයන් මොවුන් නොවන බවත් එම මැරයන් පොලීසිය ආරක‍ෂා කළ බවත්ය. තම ප්‍රකාශය සනාථ කිරීමට පොලීසිය විසින් මැරයන් ආරක‍ෂා කරනු ලබන අයුරු පෙන්නුම් කරන ඡායාරූප ද ඔවුහු ඉදිරිපත් කළහ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කියා සිටියේ මේ සිද්ධිය රූපවාහිනියෙන් මුළු රටම දුටු මුළු රටම දන්නා කරුණක් බවත්, අධිකරණය යනු එක් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට වුවමනා ලෙස කි්‍රයා කරන ආයතනයක් නොව ජනතාවගේ කොටසක් බවත්ය.
අධිකරණ තීන්දුව දෙස ජනතාව බලා සිටින බව අවධාරණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැබෑ අපරාධකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීම ගැන පොලීසියට දෝෂාරෝපණය කරමින් මෙසේ අවවාද කළාය.
අහිංසක ජනතාවගේ බදු මුදලින් යැපෙන පොලීසිය සේවය කළ යුත්තේ ජනතාවටය. පොලීසිය යම් දේශපාලන කණ්ඩායමකට හෝ යම් පුද්ගලයකුට පක‍ෂපාතී නොවිය යුතුය. පොලීසිය එලෙස පක‍ෂග්‍රාහිව කටයුතු කරන්නේ නම් ලැජ්ජා සහගතය. කනගාටුදායකය.

එක් එක් අය සතුටු කිරීමට වැඩ නොකොට සැබෑ අපරාධකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි පොලීසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 50,000 බැගින් වන ශරීර ඇප මත සැකකරුවන් 9 දෙනාම මුදා හැරීමට නියම කළාය. ඉදිරියේ පවතින්නේ මිනිසුන් පීඩනයට පත් කරවන ප්‍රවණතාවයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය
සැකකරුවන්ට ද අවවාද කළාය.
නීතිඥ ගුරණරත්න වන්නිනායක, මංජුල පතිරාජ, පියරංජන ජයසිංහ, අජිත් ජයසේකර, සඳුන් කෝන්ගලගේ, මංජුල සේනානායක, සිසිර සේනාරත්න, සහ කේ. ඩබ්ලිව්. ජනරංජන යන මහත්වරුන් ඇතුළු 50 කට අධික නීතිවේදීහු පිරිසක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. enews

මට ෆොන්සේකා බලන්න ඕනෑ: රනිල් ජනාධිපතිට දැනුම් දෙයි

හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගනු ලැබ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බැලීමට යාමට තමන්ට අවශ්‍ය බව විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11) දුරකතනය මගින් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාට දැනුම් දී තිබේ.
වික්‍රමසිංහ මහතා මෙවැනි ඉල්ලීමක් කළ බව ජනාධිපතිවරයා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද ප්‍රකාශ කළ බව වාර්තා වේ.
විපක‍ෂ නායකයාගේ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැත.enews

ජනමාධ්‍ය අමාත්‍යංශය ජනපති පවරා ගනී


වහාම ක්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යංශය ජනාධිපතිවරයාගේ යටතට ගත් බව රජයේ ආරංචි මාර්ග පවසයි. රජයේ ආංචි මාර්ග පවසන්නේ මෙම තීරණය ගැනීමට හේතු වූයේ ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ඉල්ලීමක් අනුව බවයි.
තමාට මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල නිරතවීමට සිදුව ඇති බැවින් අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව ඒ මහතා පවසා ඇතැයි රජයේ වාර්තා පවසයි. නමුත් අනෙකුත් සියලුම ඇමැතිවරු සිය අමාත්‍යංශවල කටයුතු කරන තත්ත්වයක් යටතේ අතිශය වැදගත් අමාත්‍යංශයක් වන ජනමාධ්‍ය අමාත්‍යංශය පමණක් ජනාධිපතිවරයාට පවරා ගැනීම සැකයක් ඇති කරන්නක් බව විචාරකයෝ පවසති. truth

ජෙනරාල්ට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යුධ හමුදා රෝහල් අධ්‍යක්ෂ යැවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා


විවිධ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රතිකාර සඳහා ඔහුගේ රෝගී තත්ත්වයන් පිළිබඳව සම්පූර්ණ විස්තර දන්නා යුධ හමුදා රෝහලේ අධ්‍යන්ෂකවරයා ඉදිරිපත් කිරීමට කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. මෙම සිදුවීම වාර්තා වූයේ අද ජෙනරාල් නිල නිවසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අ‍නෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවේ බෝම්බ ප්‍රහාර තුනකට ලක්ව ඇති සරත් ෆොන්සේකා මහතාගේ ශරීරය පුරාම යකඩ කැබලි ඇති බවත්, මේ වෙනුවෙන් නිසා ප්‍රතිකාර නිරතුරුවම සිදු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මෙම ‍තත්ත්වය පිළීබඳ මනා වැටහීමක් ඇති යුධ හමුදා රෝහලේ අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කිරීමට කළ යෝජනාව ප්‍රතික්ෂේප වූ බවත්ය.
"මගේ ස්වාමියාට බොහෙත් මම ගෙනිහින් දුන්නා. නමුත් අපට දොස්තර මහතාව තමයි තවමත් ගෙන්න ගන්න බැරි වුණේ. ඒ සඳහා මම ජාත්‍යන්තර රතු කුරුසයෙන් ඉල්ලීමක් කළා. කවුරුත් ‍නොදන්න කාරණාවක් මේක. ඔහුගේ ඇඟ පුරාම තියෙනව යකඩ කෑලි. ඔහු තුන් වතාවක් බෝම්බවලට අහු වෙච්ච කෙනෙක්.
මුල්ම වතාවේ හදවතට අඟලක් මෙහායින් පොඩි යකඩ කෑල්ලක්. දෙවනියට තියෙනවා පිටිපස්සෙන් වැදුණු එකක්. එකෙ යකඩ කෑලි වකුගඩුවට ඉතාමක් කිට්ටුවෙන් තිබෙන්නෙ. තුන්වෙනුව තමයි මරාගෙන මැරෙන බෝම්බයට අහු වුණේ. එහිදී ඔහුගේ බඩවැල්වල තාමත් ඒ යකඩ කෑලි වගේම තුවාල තියෙනවා.
මේ නිසා ඔහුව නිරතුරුවම පරීක්ෂාවට භාජනය කළ යුතුයි. ඒ පරීක්ෂාවන් මෙතෙක් කරමින් සිටියේ යුධ හමුදා රෝහලේදී. ඔහුගේ සියලුම විස්තර දන්නේ යුධ හමුදා රෝහලේ සිටිය අධ්‍යක්ෂකවරයායි. ඔහුව ප්‍රතිකාර සඳහා අපි ඉල්ලා සිටියා. නමුත් ඔහුව ලබා ගන්න බැරි වුණා. මේ ඉල්ලීම කළේ මම නෙමෙයි. යුධ හමුදාපතිතුමාගෙන් ඔහු ඉල්ලීමක් කරලා තිබුණා. ප්‍රතිකාර සඳහා ඉඩ ලබා දෙන්න කියා. නමුත් තවමත් ඔහුව ලබා ගන්න බැරි වී තිබෙනවා." අනෝමා ෆොන්සේකා මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.truth

ජෙනරාල් අත්අඩංගුවට ගැනීම ගැන මාධ්‍ය ඇමති බොරු කියයි - බී.බී.සී. සන්දේශයේ එල්මෝ කරුණු පැහැදිලි කරයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ ඔහු බී.බී.සී. සන්දේශය සමග කළ ප්‍රකාශයක් හේතුකොට ගෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂමන් අබේවර්ධන මහතා ඊයේ කළ ප්‍රකාශය කිසිදු පදනම් සහගත ප්‍රකාශයක් නොවන බව බී.බී.සී. සන්දේශයේ ප්‍රවීන මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙන්වාදුන්නේය.
අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය පදනම් කරගනිමින් මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේදී එල්මෝ ප්‍රනාන්දු මහතා මෙම පැහැදිලි කිරීම කළේය.
එහිදී ඔහු පෙන්වාදුන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බී.බී.සී. සන්දේශය සමග සිදු කළ එම ප්‍රකාශය විකාශයවූයේ ජෙනරාල් අත්අඩංගුව ගත් දින රාත්‍රී 10.00ට පමණ බවයි. නමුත් ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ එදින රාත්‍රී 09.15 ට පමණ බව ඒ මහතා පෙන්වාදුන්නේය. එබැවින් ෆොන්සේකා මහතා බී.බී.සී. සන්දේශය සමඟ සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ඔහු අත්අඩංගුවට ගත්තා යැයි පැවසීම කිසිදු පදනමක් නොමැති බවයි lankathruth

පොලීසිය කඳුළු ගෑස් පෙරහුරුවක

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් මාතර බස් නැවතුම්පොල ඉදිරිපිට අද (10) සවස පැවැති සාමකාමී උද්ඝෝෂණයට ද පොලීසිය විසින් බැටන් හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකොට රැස්ව සිටි පිරිස් විසුරුවා හරින ලදී.
සාගල රත්නායක, ජිනදාස කිතුලෙගොඩ සහ ප්‍රේමසිරි මානගේ යන මන්ත්‍රීවරු ද මෙම විරෝධතාවට එක්ව සිටියහ.
ඉතා සාමකාමී ලෙස රැඳී සිටි පිරිස අතරට පැමිණි මාතර මූලස්ථාන පොලිස්පතිවරයා, පස් දෙනකුට වඩා එකට රැඳී සිටින්නට ඉඩනොදිය නැති බවත්, උද්ඝෝෂණ කරන්නට ඉඩදිය නොහැකි බවත් පැවැසීමෙන් පසු පිරිස එයට විරෝධය පෑමත් සමඟ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලවිය.
මේ අතර එම සිද්ධිය ඡායාරූප ගත කරමින් සිටි මාධ්‍යවේදියකුගේ සෙලියුලර් කැම්රාවේ සටහන් කරගෙන තිබූ පින්තූර පොලීසිය විසින් මකා දමා සෙලියුලරය ආපසු දී ඇත.
මේ සිද්ධියේදී තිදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන යන ලදී. lanakaenews

ඇමති අනුර ඉල්ලා අස්වෙයි


අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
ඉදිරි දේශපාලන වැඩකටයුතු සඳහා කාලය අවශ්‍ය බැවින් සිය අමාත්‍ය ධුරයෙන් අද දිනයේ සිට ඉවත් වන බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.
ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයෙන් ඉවත් වුව ද ආයෝජන ප්‍රවර්ධන හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරියටත් කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. adaderana

සන්ධාන නාමයෝජනා 22 සිට 24 දක්වා


ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා භාරදීම ලබන 22 වැනිදා සිට 24 වැනිදා දක්වා කාලය තුළ සිදුකරන බව එම පක්ෂයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
මේ දිනවල අපේක්ෂකයින් ‍තෝරාගැනීමේ කටයුතු සිදුකෙරෙන බව සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේය. නාමයෝජනා පත්‍ර සැකසීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නාමයෝජනා කමිටු 4 ක් පත් කර තිබේ. සියලුම දිස්ත්‍රික්ක සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නාමයෝජනා භාරදෙන බව ද මහලේකම්වරයා පැවසීය. adaderana

මහ බැංකු වාර්තාව වාර්තාවටම සීමාවෙලා


ශ්‍රීලංකා මහ බැංකුව විසින් 2010 වසරට අදාලව පෙන්නුම් කරන ලද ආර්ථික වර්ධනයක් මහ ජනතාවට අත් නොවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහ බැංකු වාර්තාවේ සඳහන් සංඛ්‍යා දත්ත බැංකු වාර්තාවට පමණක් ම සීමා වූ දත්ත බව හෙතෙම කියා සිටියි.
යුද්ධය නිමා වුවද රටට නිවරදි මාර්ගෝපදේශනයක් ලැබී නොමැති බවත්,රටේ ජනතාවට උසස් ජීවන තත්ත්වයක්,යහපාලනයක් ලැබිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ The Economist පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.

මූන්ගෙන් සුබ පැතුම්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා සුබ පැතුම් එක්කර තිබේ.
දුරකතන ඇමතුමකින් ජනාධිපතිවරයා වෙත මෙම සුබ පැතුම් එක්කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ශ්‍රී ලංකාව සාමය හා සංහිඳියාව වෙනුවෙන් දරණ ප්‍රයත්නය සාර්ථක වේවා යන්න මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර වූ බේදකිරීම් වැළැක්වීම රජයේ අධිෂ්ඨානය බව කියා සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී ලෙස පැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද අවධාරණය කළේය. මුදාගත් උතුරු නැගෙනහිර පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කර තිබේ.
අතීත සිදුවීම් සිතෙහි තබාගෙන රාජ්‍ය නොවන සංවිධාන ඉදිරියටත් වගකීමෙන් හා විනිවිදභාව‍යකින් යුතුව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත. විශේෂයෙන්ම වන්නි අවසන් සටනේ සිදුවීම් සොයාබැලීම සදහා ස්වාධීන කමිටුවක් ද පත්කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට මෙම දුරකතන සංවාදයේ දී වැඩිදුරටත් දැනුම් දී තිබේ. adaderana

සුදත් බලගල්ලේගේ නිවසට ප්‍රහාරයක්


ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ලේ මහතාගේ නිවසට කිසියම් පිරිසක් පහරදී තිබේ.
ඒ මහතාගේ නිවසට රාත්‍රී කාලයේ පැමිණි කිසියම් පිරිසක් මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇති බව මහියංගණය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වේ. මහියංගණය, රිදීමාලියද්ද ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ සුදත් බලගල්ලේ මහතා රැදී සිටියදී ප්‍රහාරය එල්ල වී ඇත.
එම අවස්ථාවේ දී මන්ත්‍රීවරයා නිවසින් පලාගොස් ඇති අතර මැර පිරිස් ඔහුගේ පියාට ද පහරදී ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ සුදත් බලගල්ලේ මහතාගේ පියා මහියංගණය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.adaderana