Thursday, February 11, 2010

මූන්ගෙන් සුබ පැතුම්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා සුබ පැතුම් එක්කර තිබේ.
දුරකතන ඇමතුමකින් ජනාධිපතිවරයා වෙත මෙම සුබ පැතුම් එක්කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ශ්‍රී ලංකාව සාමය හා සංහිඳියාව වෙනුවෙන් දරණ ප්‍රයත්නය සාර්ථක වේවා යන්න මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර වූ බේදකිරීම් වැළැක්වීම රජයේ අධිෂ්ඨානය බව කියා සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී ලෙස පැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද අවධාරණය කළේය. මුදාගත් උතුරු නැගෙනහිර පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කර තිබේ.
අතීත සිදුවීම් සිතෙහි තබාගෙන රාජ්‍ය නොවන සංවිධාන ඉදිරියටත් වගකීමෙන් හා විනිවිදභාව‍යකින් යුතුව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත. විශේෂයෙන්ම වන්නි අවසන් සටනේ සිදුවීම් සොයාබැලීම සදහා ස්වාධීන කමිටුවක් ද පත්කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට මෙම දුරකතන සංවාදයේ දී වැඩිදුරටත් දැනුම් දී තිබේ. adaderana

0 comments:

Post a Comment