Sunday, February 28, 2010

ජෙනරාල් නිදහස් කරන්නැයි බලකරමින් අන්තර්ජාල පෙත්සමක්


කිසිදු චෝදනාවක් එල්ල නොකර යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටින හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ඒ අනුව එම පෙත්සම විවෘත කිරීම හෙට පෙරවරු 10.00 අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ කාර්යාලය තුළදී සිදුකරන බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පැවසීය. මෙම අවස්ථාව සදහා හිටපු අග්‍රවිනිශ්‍යකාර සරත් එන් සිල්වා මහතා ප්‍රමුඛ විද්වතුන්, කළාකරුවන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවීමට නියමිතය.truth

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව හිමිකර ගෙන තිබූ ලෝක කුසලානය කෙන්යාවට

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අකර්්‍යක‍ෂමතාවය නිසා මෙතෙක් ලොව විශාලම තේ අපනයනකරුවා ලෙස ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබු කීර්ති නාමය කෙන්යාව විසින් හිමි කර ගෙන ඇතැයි දේශීය තේ අපනයන කරුවන් චෝදනා කර සිටියි.
පසුගිය වසරේ කෙන්යාව විසින් තේ කිලෝ ග්‍රෑම් මිලියන 342 ක් ලෝක වෙළඳ පොල වෙත යොමු කර ඇති අතර එය ලෝක තේ අපනයනයෙන් 22% ක අගයක් බව පැවසේ.එම කාලය තුළ ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳ පොලට යොමු කර ඇති තේ ප්‍රමාණය වන්නේ කිලෝ ග්‍රෑම් මිලියන 280 කි.මෙසේ ශ්‍රී ලංකාවේ තේ අපනයනය වසර කීපයක් තිස්සේ පහත වැටීමට හේතු වී ඇත්තේ තේ වගාවට සුදුසු බිම් නිසි ලෙස වගා නොකිරීම, නුසුදුසු පොහොර වර්ග භාවිතය හා තේ සම්බන්ධ අපනයනයන්හි ඇති දූෂණ ක්‍රියා බව ප්‍රධාන පෙළේ තේ අපනයන කරුවන් ප්‍රකාශ කරයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන වියදම සෙසු රටවලට වඩා ඉහළ මට්ටමේ ඇති බවද පවසන දේශීය තේ අපනයනකරුවන් ශ්‍රී ලංකාවට ලෝක තේ වෙළෙඳ පොලේ දැන් හිමිව ඇත්තේ සිව්වන ස්ථානය බවත් ඉන්දියාව හා චීනය පවා මෙරටට ඉදිරියෙන් සිටින බවත් පවසයි.lankae

අපේක‍ෂකයින් 660 යි: ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණයත් ගැටළුවක්

ඉතිහාසයේ වැඩිම අපේක‍ෂක සංඛ්‍යාවක් තරඟ කිරීම නිසා මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව අඩි 4 කටත් වඩා දිගු වන බැවින් මුද්‍රණය කිරීම පවා ගැටළු සහගත තත්ත්වයකට පත්ව ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයට කණ්ඩායම් 66 ක් තරඟ කරති. එක් අපේක‍ෂක ලැයිස්තුවක අපේක‍ෂකයින් 10 දෙනෙකු සිටින අතර මුළු අපේක‍ෂක සංඛ්‍යාව 660 ක් වේ. මේ සියළු දෙනාගේම නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් කළ යුතු බැවින් එය සාමාන්‍ය ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කරන අයුරින් මුද්‍රණය කළහොත් අඩි 4 කට වඩා දිගු වේ. මේ නිසා නව ආකාරයක ඡන්ද පත්‍රිකාවක් කෙරෙහි කොමාසාරිස් කාර්යාලයේ අවධානය යොමුවී තිබේ.
මෙලෙසම මඩකලපුව දිස්ත්‍රික්කයේ ද කණ්ඩායම් 44 ක් තරග කරන බැවින් එහි ඡන්ද පත්‍රිකාවත් ඉතා දිගු එකක් වී ඇත.
අම්පාර සහ මඩකලපුවේ අසාමාන්‍ය ලෙස ස්වාධීන කණ්ඩායම් තරඟ කිරීමට හේතුව වී ඇත්තේ පසුගිය මැතිවරණ වලදී මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්ට මුහුණ දුන් අපේක‍ෂකයන්ට ආපදා කළමණාකරන අමාත්‍යාංශය මගින් අවමය රුපියල් ලක‍ෂ 5 ක් ගෙවා ඇති බැවින් කුමන හෝ ක්‍රියාවක් සිදුකරගෙන මුදල් ලබා ගැනීමේ කූඨ අපේක‍ෂාවක් නිසා බව තතු දත් ආරංචි මාර්ග පවසයි. lankae

නීති කඩන මාධ්‍යයන්ට අධිකරණයට අපහාස කිරිම යටතේ නඩු පවරනවා- මැතිවරණ කොමසාරිස්

පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මාධ්‍ය ආයතන වෙත පනවන ලද නිර්දේශ මෙවර මහා මැතිවරණයේදී පිළිනොපදින සියලූම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
එම නිවේදනයෙන් කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය පිළිනොපදින සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වෙතොත් ඔවුන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන බවයි.
නිම වූ ජනාධිපතිවරණයේදී විශේෂයෙන් රාජ්‍ය මාධ්‍යයන්හි හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 3 ක් ඉදිරිපත් වූ අතර, එහිදී පෙත්සම්කරුවන් කියා සිටියේ රාජ්‍ය මාධ්‍යයෙන් විපක්ෂයට කිසිදු ඉඩකඩක් නොදී ඒක පාර්ශවීයව කටයුතු කරන බවයි.lankae

ජනතා අවශ්‍යතාවයන්ගෙන් 1/3 ක් ඉටු නොකළ ආණ්ඩුව 2/3 ක බලයක් ඉල්ලා සිටීම පැරදවිය යුතුයි – විජිත හෙරත්


මේ මොහොතේදී රටේ දේශපාලනයේ අලූත් තත්වයක් නිර්මාණය කර තිබෙනවා. පසුගිය මැතිවරණයේදී මෙන්ම මෙම මැතිවරණයේදීත් ඉඞී මහින්දගේ මැරකම් ක‍්‍රියාත්මක කර තිබෙනවා. නමුත් අප මෙම මර්ධනකාරී තත්වයන් පරාජය කරමින් අලූත් බලාපොරොත්තු තබා ගෙන නව ගමනක් යමින් තිබෙනවා. මේ සන්ධානය යුක්තියේ හා සාධාරණත්වය රජ කරන තැනක් බවට මේ වන විට ජනතාවගේත් විශ්වාසය වි තිබෙන බව අද (28* පෙරවරුවේ කොළඹ, රාකීය මාවතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් විජිත හේරත් මහතා ප‍්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
මෙවර මහ මැතිවරණය සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය කුසලානය යටතේ දිස්ත‍්‍රික්ක 22කටම නාම යෝජනා භාරදී තිබෙනවා එසේම කිසිදු ප‍්‍රති‍ක්‍ෂ්ප වීමකින් තොරව එවා පිළිගෙන තිබෙනවා. දෙමළ අපේක්‍ෂකයින් 22 මුස්ලිම් අපේක්‍ෂකයින් 21 කාන්තාවන් 11 දෙනෙක් අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. මඩකලපුවෙන් කාන්තාවක්ද ඉදිරිපත් කර තිබෙනවා අප පක්‍ෂයේ ජාතික ලැයිස්තුවට විද්වතුන් රැසක් ඉන්නවා ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් එවගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මැතිතුමා රුහුණ සරසවියේ කථිකාචාර්ය ජිනසේන හේවගේ මහතා ,මානව හිමිකම් හ යහ පාලනය පිලිබඳ ආචාර්ය නීතිඥ කරුණාරත්න හේරත් මහතා හා ප‍්‍රවීන රංගන ශිල්පිනී සුවිනීතා වීරරත්න මහත්මිය ඇතුළු විශාල විද්වත් පිරිසක් අප සමග එකතු වි සිටිනවා.
අපි ජනතාවට කියනවා. මේ රටේ සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය පිරිහී තිබෙනවා, අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය දැයේ දරුවන් මංමුලාකරන්නක් බවට පත්කර තිබෙනවා. රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ගෙන් තුනෙන් එකක්වත් ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව නැහැ. බඩු මිළ අහස උස ගිහින්, ගෑස් මිල හෙට සිට වැඩිකරනවා.ජී.එස්.පී. ප්ලාස් සහනය යුද්දයක් නොමැති තත්වයක් ඇතුලේ දීත් අහිමිකරගෙන තිබෙනවා. මෙයට බලපෑවේ රටේ ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම, ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනයි. ජනතා අවශ්‍යතාවයන්ගෙන් තුනෙන් එකක්වත් මේ ආණ්ඩුව ඉටුකර නැහැ. ඒ වෙනුවට තුනෙන් දෙකක
බලයක් ඉල්ලා සිටිනවා. දැන් මේ යන්නේ ජේ.ආර්. ගිය ගමනයි. එමගින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ පිළිවෙල මීට වඩා හොදින් ක‍්‍රියාත්මක කළ හැකියි.
මෙම ගමන නවතා දැමීමටයි අපි මේ සන්ධානය ආරම්භ කළේ, නමුත් මෙහි නායක සරත් ෆොන්සේකා මහතා සිරකර තිබෙනවා. අපි මේ මැතිවරණය ජනතා අධිකරණයක් විදියට පාවිච්චි කරනවා. එමගින් ඔහුට මේ රටේ මහජනතාව යුක්තිය ඉටු කළාවි යැයි අපි විශ්වාස කරනවා. ජාතිය නිදහස් කරගත් අභීත සෙන්තියාට කළගුණ සැලකීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. මෙවර මැතිවරණයේදී ඔබේ පළමු කැමැත්ත යුක්තියට ලබාදෙන්න. සරත් ෆොන්සේකා මහතාට ලබා දෙමින් ඔහුට යුක්තියට ඉටු කරන්න. අපි සියලූ පක්‍ෂවල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන අසාධාරණයට එරෙහිව යුක්තිය වෙනුවෙන් සිරගතව සිටින ඔහුට මනාපය ලබා දී කොළඹ දිස්ත‍්‍රිකයෙන් සරත් ෆොන්සේකා මහතා පළමු තැනට පත්කරන්න කියා.
මේ ප‍්‍රවෘත්ති සකච්ඡුාව සදහා සරත් ෆොන්සේකා මහතාගේ බිරිද වන අනෝමා ෆොන්සේකා මහත්මිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් කළුතරට තරඟ වදින අර්ජුන රණතුංග මහතා ඇතුළු මෙම සන්ධානයට සහයෝගය දක්වන නායකයින් සහභාගී වි සිටියහ.

රනිල් ‘ම’ පාර්ශවයේ නාමයෝජනා වැරැද්ද යටගැසීමේ තැතක්


මොණරාගල දිස්ත‍්‍රික්කය සදහා ‘මා’ පාර්ශවයේ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම මකා දැමීම සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඒ මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා හා එ.ජා.පය වෙත තම විරෝධය පළකර ඇත. ඒ අනුව තම නම ඉවත් කිරීම සම්බන්ධයෙන් සෘජුව වගකිව යුතු වන්නේ එ.ජ.පයේ නායකයා බව පවසන ඒ මහතා තමා ඌව පළාත් සභාවට තරඟ කොට වැඩිම ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් අතර මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් දෙවන ඡන්ද ප‍්‍රතිශතයද හිමිකරගත් බව පවසා සිටියේය.
මෙම වැරැද්ද සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා මද්දුම බණ්ඩාර මහතා වෙත චෝදනා එල්ල කරන මුත් නාමයෝජනා යැවීම හා එම ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් අදාළ මැදිහත්වීම සිදුකර නොමැති බවට ඔහු චෝදනා කරයි. ’ම‘ පාර්ශවය මෙම මැතිවරණයේදී මොණරාගලින් සැලකිය යුතු ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගන්නා බැවින් එය වැලැක්වීමේ අරමුණින් මෙවැනි ක‍්‍රියාදාමයක් සැලසුම් සහගතව සිදුකරන්නට ඇති බවට සැක පහල වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී. truth

සන්ධානය එකට ගැටෙයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වදින සිසිර ජයකොඩි මහතාගේ කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ රාත්‍රීයේ මෙම මැර ප්‍රහාරය එල්ල වූ බව සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි. නාමයෝජනා බාර දීමෙන් අනතුරුව තමන් ජනහමු පැවැත්වූ ස්ථාන කිහිපයක නිවෙස් වලට ඊයේ මෙම මැර පිරිස පහර දී ඇති බව ජයකොඩි මහතා කියා සිටියි.
හිටපු අමාත්‍ය වරයෙකුගේ ආධාකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට සිසිර ජයකොඩි මහතා පෑලියගොඩ පොලීසියට සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අතර මනාප පොරයෙන් වැළකී සදාචාර දේශපාලනයක නිරත වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු අපේක්ෂකයෝ ඊයේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ප්‍රතිඥා දුන්හ. ada

මහ මැතිවරණයට නයි කැඳවයි


මෙවර මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් ගණනාවක් තරඟවදින නිසාවෙන් ඒ ඒ කණ්ඩායම් වලට ලබාදිය යුතු මැතිවරණ ලාංඡන සම්බන්ධයෙන් බලවත් ගැටලුවක් පැන නැඟීම හේතුවෙන් අලුත් මැතිවරණ ලකුණු කිහිපයක් හඳුන්වා දී තිබේ.
විශේෂයෙන්ම අම්පාර දිස්ත‍්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් 44 ක් තරග කිරීම නිසා නව ඡන්ද ලකුණු 20 ක් හඳුන්වා දීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවී ඇත.
ඒ අනුව කඟවේනා,ගිරවා,නයා,බල්ලා, වැනි සතුන් ද ළිඳ, ඇඳ, ජලකරාමය, මිටිය, කඩුව, පරිගණකය, මේසන් හැන්ද, විදුලි පන්දම වැනි උපකරණද අඹ, ජම්බු වැනි පළතුරු ද හඳුන්වා දී තිබෙනු දක්නට ලැබේ.
මේ වන විට මෙම නව ඡන්ද සලකුණු ඇතුළත් විශේෂ ගැසට් පත‍්‍රයක් ඉදිරිපත් කිරීමට ද මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කර ඇත. ada

අතපෙවීම් එපා-උද්ඝෝෂණය හෙට


ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අතපෙවීමට බ්‍රිතාන්‍යයන් දරන උත්සාහයට එරෙහිව මෙරට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ මහජන නියෝජිතයින්ගේ ‍සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ලන්ඩන් නුවර දී පැවැත්වූ ජාත්‍යන්තර දෙමළ සමුළුවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහභාගී වීම මෙම විරෝධතාවයට ප්‍රධානතම හේතුව බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් ‍කරයි.
ද්‍රවිඩ සමුළුවට පැමිණ සිටි පිරිස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ගෝඩ්න් බ්‍රවුන් සමග වි‍ශේෂ සාකච්ඡාවක ද නිරත වු බව වාර්තා විය. මෙම සමුළුව ඇමතූ විදේශ ලේකම්වරයා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලසීමාව තුළ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.
එසේම බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රී ලංකාව යොමු විය යුතු බව ද මිලිබෑන්ඩ් මහතා සඳහන් කර තිබේ.
මිලිබෑන්ඩ් මහතා මෙම දේශනයට සහභාගී වීම පරාජයට පත්වූ ත්‍රස්තවාදයට නැවත පණදීමක් බවයි මෙරට විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසා තිබිණි. ada

බහින් බස් දුර යයි- අයෙක් කම්බස් වෙයි


පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ දී පිහියකින් ඇන ‍පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ‍ජ‍යකොඩි මහතා සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ බෝපේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
පාදුක්ක පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.ada

පුද්ගලික බස් රථ 2000 ක් සූදානම්


පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු සඳහා බස් රථ දෙදහසකට වැඩි ප්‍රමාණයක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන පරිදි යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ ලබා දීමට නියමිතය. මැතිවරණ මහ ලේකම් කාර්යාලය තමන්ගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණ‍යේ දී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල ප්‍රවාහන කටයුතු වල ගැටලුවක් ඇති වුවද මෙවර එය ඇති නොවන ආකාරයට ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම කියා සිටියි.
බස් රථ‍ යොදා ගැනීමෙන් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙටිට් එකවර ප්‍රවාහනය කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පෙන්වාදෙයි. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සහ අනෙකුත් රාජකාරි කටයුතු සඳහාත් මෙම බස් රථ යොදා ගැනීමට නියමිතව ඇත. ada

කෝටි ගණන් කොල්ල කෑ කොල්ලකරුවන් කොටු


කෝටි ගණනක රත්‍රං සහ මුදල් මංකොල්ල කෑ ප්‍රධාන පෙළේ කල්ලියක් කොටු කර ගැනීමට රාගම පොලීසිය සමත්ව තිබේ.. රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් ක‍රන පරිදි මෙම කොල්ල කල්ලිය ලක්ෂ 70 කට අධික රත්‍තරං කොල්ල කා ඇති බවට තහවුරු කර ගෙන ඇත. විවිධ ක්‍රම වලින් කොල්ල කෑ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 02 කට වැඩි බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියි. කොල්ල කල්ලියට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී ගිනි අවි 02 ක් ද සොයා ගෙන ඇති බව පොලිසීය පවසයි. ada

කච්චතිව් දූපතේ දේව මෙහෙය අදයි


කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මෙහෙය ශ්‍රී ලාංකීය සහ ඉන්දීය ජාතිකයින්ගේ සහභාගීත්වයෙන් වසර ගණනාවකට පසුව අද පැවැත්වේ. යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙම දූපතේ මෙවැනි දේව මෙහෙයවල් පැවැත්වීම නවතා දමනු ලැබිණි. කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මෙහෙයට ඉන්දීය ජාතිකයින් විශාල පිරිසක් අද දිනයේ සහභාගි වන බව විදෙස් මාධ්‍ය පවසයි.
පුද්ගලයින් පන්දහසකට අධික පිරිසක් මෙම දේව මෙහෙයට සහභාගි වන බව වාර්තා ‍වන අතර ශ්‍රී ලාංකිකයන් දෙසීයයකට අධික පිරිසක් සහභාභි වීමට නියමිත බව ද සඳහන් වේ.
මෙම දේව මෙහෙය පැවැත්වෙන්නේ ශාන්ත මරියා දේවස්ථානය තුළය. පසුගිය දා දකුණු ඉන්දීය ප්‍රධාන අමාත්‍ය ජය ලලිතා ජය රාම් මහත්මිය සඳහන් කළේ මෙම දූපත ඉන්දියාව සතු වන බවයි.
එහෙත් ජාත්‍යන්තර නීතියට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව ඉන්දියාව පිළිගෙන ඇතැයි ශ්‍රී ලංකා රජය පවසයි. ada

97,000 ක් තාමත් අවතැන්වෙලා


අවතැන් වූ කඳවුරු වල සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව අනූහත් දහස දක්වා අඩු වී ඇති බව ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මුලතිවු නගරය හැරුනු විට වන්නි පළාතේ ප්‍රධාන නගර කිහිපයකම පුද්ගලයින් නැවත පදිංචි කරවා තිබේ.
තුනුක්කායි සහ ඔඩ්ඩුසුඩාන් නගර වල පසුගිය දින දෙක තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් පදිංචි කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි
. මුලතිව් නගරය සහ ඒ අවට ප්‍රදේශ වල බෝම්බ ඉවත් කිරීමේ කාර්යය ඉතා වේගයෙන් සිදු වන අතර එය අවසන් වීමෙන් අනතුරුව එම ප්‍රදේශය තුළ ජනතාව පදිංචි කිරීමට බලාපොරොත්තු වන බව ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.එම් හල්දීන් මහතා කියා සිටියේය.ada

Saturday, February 27, 2010

කිරි අප්පොච්චිගේ අවවාද

දිවයින කතුවැකිය ඇසුරින්
අපගේ මී මුත්තාගේ කිරි අප්පොච්චි වන ඇමරිකාව නීතිය ක්‍රියාත්මක කරන හැටි අපට කියා දෙන අයුරු අද "දිවයිනේ" සඳහන් ය. මේ කිරි අප්පොච්චි වූ කලී ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ය. අප බ්ලේක්‌ට මී මුත්තාගේත් කිරි අප්පොච්චි කියන්නේ ඇයි? ඔහු ඒ තරමටම තමන් වැඩිහිටි බව සිතා සිටින නිසා ය. ඔහු අපට දෙන උපදෙස්‌ මෙසේ ය
* ජෙනරාල් අත්අඩංගුවට ගත් ආකාරය ගැන ඇමරිකාව තුළ ප්‍රසාදයක්‌ නැත.
* ජෙනරාල්ට විරුද්ධව ඇති චෝදනා ලක්‌ රජය විසින් වහා ප්‍රකාශයට පත් කළ යුතු ය.
* ජෙනරාල් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ යුද නීතියට අනුව නොව සිවිල් නීතියට අනුව ය.
* ඉතිරිව සිටින ලක්‍ෂයක්‌ වූ යුද අනාථයන් වහා ඔවුන්ගේ ගම් බිම් බලා යෑවිය යුතු ය.
* ජාතික සමගිය ඇති කිරීම සඳහාත්, බලය බෙදාහැරීම සඳහාත් රජය කටයුතු කළ යුතු ය.
* යුද්ධයේදී මිනිස්‌ අයිතීන් උල්ලංඝනය වූයේ ද යන්නත්, යුද අපරාධ සිදුවේද යන්නත් සොයා බැලිය යුතු ය.
ඉහත සඳහන් කරුණු කියවන අපට නැගෙන මතකයක්‌ තිබේ. ඒ වූ කලී ජෙනරාල්ගේ බෑණාගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය භාරයේ තිබූ සල්ලි සේප්පුව තුළ වූ ඇමරිකන් ඩොලර් පන්ලක්‍ෂ හැත්තෑපන්දාහයි. ඒවා අලුත් ම අලුත් ඇමරිකන් ඩොලර් ය. ඒ සිද්ධිය අමතක කිරීමට අප නිරන්තරයෙන් උත්සාහ කරන නමුදු ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක්‌ දකින හැම විටකම අපට සිහි වන්නේ එම පුවත ය. එය බ්ලේක්‌ට හෝ මේ කතාවට සම්බන්ධ නැත.
ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට බ්ලේක්‌ තරම් අත පෙවූ වෙනත් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයකු නැති තරම් ය. ඔහු තානාපති කම හැරුනු විට අනෙක්‌ හැම දෙයක්‌ ම කළේ ය. මේ රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් මැදිහත්කරුවකු වීමට උත්සාහ කළේ ය. ආසියානු මහාද්වීපයේ පිහිටි මර්මස්‌ථානයක්‌ වූ ශ්‍රී ලංකාව පාලනය කිරීමට ඔහු දැරූ උත්සාහයට ගරු කිරීමක්‌ වශයෙන් දෝ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දකුණු සහ මධ්‍යම ආසියාව භාර රාජ්‍ය ලේකම් ලෙස ඔහුට උසස්‌වීමක්‌ දුන්නේය. එම තනතුරේ හිඳිමින් ඔහු බී.බී. සී. ගුවන් විදුලියට දුන් පෙර කී උපදෙස්‌ ඉන්දියාවේ හින්දු පත්‍රයේ වෙබ් අඩවියේ පළවී තිබේ.
බ්‍රිතාන්‍යය විසින් ලංකාව හා ඉන්දියාව පාලනය කළ කාලයේදී මහ රැජනගේ නියෝජිතයා හෙවත් යුව රජ වූයේ ලුවී මවුන්ට්‌ බැටන් ය. අධිරාජ්‍යවාදයේ පාරම්පරික හවුල්කරුවකු වූ මවුන්ට්‌ බැටන් පවා රොබට්‌ බ්ලේක්‌ ආකාරයෙන් ලංකාව සම්බන්ධයෙන් හැසිරී නැත. ජෙනරාල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව මොනවා සිතුවත් අපට මොකද? රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක සැකකරු වූ ඔහු, ඔහුට හිමි විය යුතු සැලකිලිවලටත් වඩා බොහෝ ඉහළින් සළකා අත්අඩංගුවට ගන්නා ලදී. රොබට්‌ බ්ලේක්‌ බලාපොරොත්තු වන්නේ ජෙනරාල් සුවඳ පැනින් නහවා, දෝලාවක තබාගෙන යැමද? අනෙක ජෙනරාල්ට විරුද්ධව කටයුතු කරන්නේ යුද නීතිය යටතේ ද, නැතහොත් සිවිල් නීතිය යටතේ ද යන්න තීරණය කරන්නේ බ්ලේක්‌ නොව මේ රටේ ජනයා ඡන්දයෙන් පත් කළ ආණ්‌ඩුව ය. ඇමරිකාව බෝම්බ දමා ඇෆ්ගනිස්‌ථානය විනාශ කළේ ය. ඉරාකය කුඩුපට්‌ටම් කළේය. ඉරාකයට සහ උතුරු කොරියාවට චෞර රාජ්‍ය යන හංවඩුව ගැසුවේ ය. සදාම් හුසේන් එල්ලා මැරීම සඳහා තොන්ඩුව සාදන ලද්දේ ඇමරිකාව ය. එල්ලුම් ගසේ ලීවරය ක්‍රියාත්මක කළේ ඉරාක ජාතිකයකු වුව ද එම අළුගෝසුවාගේ අත ඇමරිකන් රූකඩ අතකි. යම් හෙයකින් ඇමරිකාව ඔසාමා බින් ලාදින් අල්ලා ගතහොත් ඔහු සුවඳ පැනින් නහවා දෝලාවක තබාගෙන ධවල මන්දිරයට ගෙන ගොස්‌ සිවිල් නීතියට අනුව නඩු අසා නිදහස්‌ කරන ලෙස අපි ඇමරිකාවෙන් ඉල්ලමු.
ජාතික සමගිය ඇති කිරීම බලය බෙදා හැරීම යන කාරණා අපට අදාළ අභ්‍යන්තර ප්‍රශ්න ය. යුද අපරාධ සිදුවීද යන්න ගැන ඇමරිකාව උනන්දු වන්නේ ගෝඨාභය රාජපක්‍ෂගේ දේශානුරාගයටත් මහින්ද රාජපක්‍ෂගේ ජාති මාමකත්වයටත් පහර ගැසීම සඳහා ය. රාජපක්‍ෂවරුන් යුද අපරාධ පිළිබඳ විත්ති කූඩුවට ගෙන යන්නේ නම් ඊට කලින් එහි යෑවිය යුතු මහතෙකු ඇත. ඒ ඇමරිකාවේ හිටපු ජනපති ජෝර්ඡ් බුෂ් ය.weblk

Mr Jackson Anthony

මං දන්නෙ නෑ, මං බාරදුන්නේ පක‍ෂයෙන් මට දීපු නාමයෝජනා පත්‍රයයි -රංජිත් මද්දුම බණ්ඩාර

මම බාරදුන්නේ පක‍ෂයෙන් මට දුන් නාම යෝජනා පත්‍රය බව මොණරාගල දිස්ත්‍රික් එජාප නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසීය.ඔහු එසේ පැවැසුවේ මොණරාගල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පෙරමුණෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුවේ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් ඇතුලත් කර තිබීම ගැන zලංකා ඊ නිව්ස්Z කළ විමසුමකට පිළිතුරු දෙමිනි.මොණරාගල දිස්ත්‍රික් ලැයිස්තුවේ අපේක‍ෂකයකු ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතා නාම යෝජනා පත්‍රයට පක‍ෂයේ මහලේකම්වරයා ඉදිරිපිට අත්සන් කළ බව ඔහු ප්‍රකාශ කරන අතර, එසේ නම් ඔහුගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් ඇතුල් කොට දිස්ත්‍රික් එජාප නායකයා ලෙස ඔබ විසින් නාමයෝජනා පත්‍රය බාර දීම ගැන කියන්නේ කුමක්දැයි විමසූ විට කීවේ ලියුම්කවරයක දමා තමාට දුන් නාමයෝජනා පත්‍රය බාරදුන් බවත්, තමා ඇතුළු පිරිස නාම යෝජනා පත්‍රයට අත්සන් කළේ සිරිකොතදී ලිපිකාර මහත්මියක් ඉදිරිපිට බවත්ය.මේ පිළිබඳව zලංකා ඊ නිව්ස්Z ඇසූ ප්‍රශ්න හා ඒවාට මද්දුම බණ්ඩාර මහතා දුන් පිළිතුරු මෙසේයි.
ප්‍රශ්නය: පක‍ෂයේ මහලේකම්ට තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීම ගැන ඔහු වාචිකව පැමිණිලි කර තිඛෙනවා. එසේ කළ බව එජාප මහ ලේකම්වරයා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවා. එසේ නම්, නම ඉවත් නොකළ බව ඔබ කියන්නේ කොහොමද?පිළිතුර: මා ඒක දන්නේ නෑ. මම බාරදුන්නේ මට පක‍ෂයෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුවයි. කවුරු හරි මා එසේ කළා යැයි කියනවා නම් ඒ අයට විරුද්ධව මා අධිකරණයට යනවා.
ප්‍රශ්නය: තිස්ස කුට්ටිආරච්චි මහතා අධිකරණයට යන්න සූදානම් බව කියනවා.
පිළිතුර: ඒක හොඳයි. අධිකරණය තීරණයක් දේවි.
ප්‍රශ්නය: කණ්ඩායම් නායකයා ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීම ගැන ඔබ කියන්නේ කුමක්ද?
පිළිතුර: කාගේවත් නමක් කපා දමන්න මට අවශ්‍යතාවක් නෑ. එසේම ඔය කියන පුද්ගලයා නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීම අපි දැක්කෙත් නෑ.
ප්‍රශ්නය: එහෙනම්, මේ නම නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් වුණේ කොහොමද?
පිළිතුර: 1994 මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවට අපේක‍ෂකයකු ලෙස හේමා ප්‍රේමදාස මහත්මියගේ නම ඇතුලත් කර, ඇය අත්සන් ද කර තිබුණා. නමුත් නාම යෝජනා පත්‍රයට බාර දෙන කොට ඇගේ නම කැපිලා රත්නසිරි රාජපක‍ෂ මහතාගේ නම ඇතුල් වී තිබුණා. කොළඹ මහ නගර සභාවට එජාපය දුන් නාමයෝජනා පත්‍රයේ ටී.එම්. සංඝදාස මහතාගේ නම ඇතුලත්ව, ඔහුද නාම යෝජනා පත්‍රය අත්සන් කර තිබුණා. නමුත් නාම යෝජනා පත්‍රය බාරදෙන විට ඔහුගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් දා තිබුණා.
ප්‍රශ්නය: නාම යෝජනා පත්‍රය වෙනස් කිරීම බරපතල වරදක් බව පවසා ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, එජාප මොණරාගල දිස්ත්‍රික් නායකත්වයෙන් ඔබ වහා ඉවත් කරන ලෙසත්, ඔබට විරුද්ධව මේ කාරණය සම්බන්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙසත් පක‍ෂ මහලේකම්වරයාට දැනුම් දුන් බවක් වාර්තා වෙනවා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර: නාම යෝජනා දෙන්න කලින් දිස්ත්‍රික්කයේ එජාප නායකයාගෙනුත් විමසන්න එපායැ. එවැන්නක් සිදුවූයේ නෑ. මාව එජාප දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කළොත් මම ඊට විරුද්ධව අධිකරණයට යනවා. එපමණක් නොවෙයි. මාව ඉවත් කළත් දිස්ත්‍රික් එජාප කමිටු හා ශාඛා රැස්වී මාව දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ගනීවි.lankae

ලංකාවේ ජනගහනයෙන් 15.2%කට කන්නවත් නැහැ.


ශ‍්‍රි ලංකාවේ එක් පුද්ගයෙකු සදහා මූලික ආහාර ලබා ගැනිම සදහා වන මසකට වියදම ජනවාරි මාසයේදි රුපියල් 3079ක් වන බව ජන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුව සදහන් කරයි. මේ තත්ත්වය සලකා බැලීමේදී ජනගහනයෙන් 15.2%ක ප‍්‍රමාණයක් දරිද්‍රතා රේඛාවේ පහලම මට්ටමෙහි සිටී. කොළඹ දී මෙම තත්වය ඉකුත් ජනවාරි මාසයේදි රුපියල් 3430ක් වූ අතර ගම්පහදී රු.3262ක්ද, ගාල්ලේදී 3155ක්ද, හම්බන්තොටදී 2968ක්ද වන බව අදාළ තොරතුරු වැඩිදුරටත් අනාවරණය කරයි.truth

ශී‍්‍ර ලංකන් එයාර්ලයින් සේවකයින්ට ගූගල් හා ජීමේල් තහනමක්


ශී‍්‍ර ලංකන් එයාර්ලයින් ගුවන් සේවයේ සේවකයින් සඳහා කාර්යාලයීය පරිගනකවලින් තමන්ගේ පෞද්ගලික ජී මේල් විද්‍යුත් ලිපින සඳහා පිවිසීම හා ගූගල් එන්ජිම වෙත පිවිසීම සම්පූර්ණයෙන් තහනම්කර ඇතැයි ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
එම වෙබ් අඩවිය වාර්තාකරන ආකාරයට ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ කටුනායක කාර්යාලයේ සියලූම පිවිසුම් දොරටු හා පිවිසුම් මන්තීරු සඳහා ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබේ. ශ්‍රී ලංකන් එයාර්ලයින් බලධාරීන් විසින් මෙම පියවරයන් ගෙන ඇත්තේ එහි සේවකයන් අතුරින් 50% ක පමණ ප‍්‍රතිශතයක් ආණ්ඩුවේ දේශපාලන මතයට විරුද්ධව කටයුතු කරන බවට ලැබුණු තොරතුරක් මත බව එම වෙබ් අඩවිය සදහන් කරයි.truth

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මියයයි


ලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
මාතලේ නගරයේ දී පොලිසිය මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මාතලේ දිස්ත්‍රික්ක භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් අබේසිරිවර්ධන මහතා සඳහන් කළේය. වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් වී ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් 36 හැවිරිදි පුද්ගලයෙකි. මොටර් රථයේ රෝද වලට තැබූ වෙඩි ප්‍රහාරයක් වැදීමෙන් මෙම මරණය සිදු ව ඇති බව පොලිසිය සඳහන් කළේය. මෝටර් රථයේ ගමන් ගත් අය අධික ලෙස මත්පැන් පානය කර සිටි බව මාතලේ දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කරයි. මරණයට පත් වූ පුද්ගලයා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය. ada

බිම් බෝම්බ ඉවත් කිරීම අරඹයි


ඒ 9 මාර්ගයේ පරන්තන් සිට අලිමංකඩ හා මුහමාලේ දක්වා ප්‍රදේශ වල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි යුද හමුදාව පවසයි. ඒ සඳහා හමුදාවේ දහසක පමණ පිරිසක් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේය. බෝම්බ ඉවත් කිරීමේ යන්‍ත්‍ර 29 ක් ද ඔවුන්ට ලබා දී ඇති බව ඒ මහතා පැවසීය. තුනුක්කායි, මාන්තිව්, ඔඩ්ඩුසුඩාන් සහ ‍කොකාවිල් යන ප්‍රදේශ වලද බිම් බෝම්බ මේ යටතේ ඉවත් කෙරෙනු ඇත.ada

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹේ


මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය නිමල් පියතිස්ස මහතාගේ කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිදෙනෙකු වලපනේ රෝහලට ‍ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙසේ ප්‍රහාර එල්ල වී ඇත්තේ නිමල් පියතිස්ස මහතාගේ වලපනේ පිහිටි කාර්යාලයටය. ප්‍රහාරයෙන් කාර්යාලයේ දේපල රැසකට හානී සිදු ව ඇත.
අමාත්‍ය නිමල් පියතිස්ස මහතා වලපනේ පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අමාත්‍ය සී.බී රත්නායක මහතාගේ සහෝදරයෙකු ඇතුළු පිරිසක් මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇති බවය. ඊයේ රාත්‍රී සිදු වූ මෙම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වලපනේ පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. අමාත්‍ය නිමල් පියතිස්ස මහතා මෙන්ම අමාත්‍ය සී.බී රත්නායක මහතා ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයින්ය. ada

ප්‍රතිඵල වෙනස්කළ හැකි නම් මැතිවරණයට එන්නෙ නෑ


පරිගණක තාක්ෂණයෙන් මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමේ හැකියාවක් ඇත්නම් තමන් මහ මැතිවරණ වලට ඉදිරිපත් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. පසුගිය ජනාධිපතිවරණ‍යේ පරාජය පිළිගත නොහැකි පිරිස් ඡන්ද ප්‍රතිඵලය පරිගණක තාක්ෂණයෙන් විකෘති කළ බවට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කළ බව ඔහු පෙන්වාදෙයි. එම පිරිස් පක්ෂ කිහිපයකට කැඩී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරමින් සිටින බව වීරවංශ මහතා සඳහන් කරයි. රට සෞභාග්‍යය කරා ගෙන යන ගමන සාර්ථක කර ගැනීම සඳහා තුනෙන් දෙකක ජනවරමක් අත්‍යාවශ්‍ය බව විමල් වීරවංශ මහතා කොළඹ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය.ada

හයිකෝප් දත්ත රහස් පොලීසිය භාරයට


ශ්‍රී ලංකා යුද හමුදාවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කළ බව කියන හයිකෝප් සමා‍ගමේ පරිඝනක පද්ධතියේ දත්ත රහස් පොලීසිය භාරයට ගෙන තිබේ. මෙම දත්ත ලබා ගැනීම සිදුව ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මතය. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හයිකෝප් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුට අයත් නුගේගොඩ නිවසක තිබි මෙම දත්ත පරිඝනක දත්ත සොයා ගත් බව සඳහන්ය. එසේ ලබා ගත් දත්ත සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවක් සිදු කිරීමට ද රහස් පොලීසිය තීරණය කර ඇත. මේ පිළිබඳව රිමාන්ඩ් භාරයේ පසුවන අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ද අධිකරණය අවසර ලබා දුන් බව සඳහන් වේ. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබේ.ada

ජනපති බෙලිඅත්ත හා මුල්කිරිගල සංචාරයක


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්ත හා මුල්කිරිගල ඡන්ද කොට්ඨාස වල සංචාරයක නිරත වී තිබේ. එහි දී ලේ දන් දීමේ කඳවුරකට ද ජනාධිපතිවරයා සහභාගි විය. සීනීමෝදර, මල්ගම සුනාමි ගම්මානයට ගිය ජනාධිපතිවරයා එහි ජනතාව මුහුණ පා සිටින ජල ප්‍රශ්නයට වහාම විසඳුම් ලබා දීමට පියවර ගත් බව සඳහන්ය. ඉන් අනතුරුව තංගල්ල, නිහිලුව මහා විද්‍යාලයේ පරිඝනක විද්‍යාගාරයද ජනාධිපතිවරයාගේ නීරීක්ෂණයට ලක්විය. නාම යෝජනා භාර දීමෙන් අනතුරුව පැවැත්වෙන සාම්ප්‍රදායික රථ පෙළපාලි වෙනුවට සංවිධානය කර තිබූ කිරිබත් දන්සලට ද ජනාධිපතිවරයා සහභාගි විය. ada

සාමකාමී මැතිවරණයකට ප්‍රතිඥා


සාමකාමී මැතිවරණයක් පවත්වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින් ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රතිඥා දී තිබේ.
අද අනුරාධපුර ජනාධිපති මන්දිරයේ ‍ෙමම ප්‍රතිඥා ලබා දුන් බව රජයේ නිල පුවත් ‍වෙබ් අඩිවිය සඳහන් කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම ප්‍රතිඥාව ලබා දීමට පෙර අනුරාධපුර දී බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාමීය ආගමික වතාවත් වල නිරත විය.අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසළ දී බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරුණු බව ද සඳහන්ය. ශාන්ත ජෝන් ආසන දෙව් මැඳුරේ දී කතෝලික ආගමික වතාවත් සිදු වුණු අතර කදි‍රේශ්වරම් කෝවිලේ දී හින්දු ආගමික වතාවත් සිදුවිය. අනුරාධපුර මොහිදීන් ජුම්මා පල්ලියේ දී ඉස්ලාමීය ආගමික වතාවත් සිදු වුණු බවද වාර්තා වේ.ada

එජාපෙ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අද


එක්සත් ජාතික පෙරමුණේ දිස්ත්‍රික් සමුළුව අද රත්නපුරයේ දී පැවැත්වේ. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. රටේ පවතින තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දිස්ත්‍රික් සමුළුව කැඳවන බව එක්සත් ජාතික පක්ෂ මහ‍ලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියේය. අද සිට මාර්තු මස 15 වන දින දක්වා දිස්‍ත්‍රික් ගණනාවක මෙවැනි සමුළු සංවිධානය කර ඇති බව ඔහු පැවසුවේය. ada

රජය දිනවීමේ වගකීම ජනතාව සතුයි


එළඹෙන මහ මැතිවරණයෙන් ආණ්ඩුව ජයග්‍රහණය නොකළහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණයේ ප්‍රතිඵල සාර්ථකව භුක්ති විඳිය නොහැකි වන බව මහින්ද යාපා අබේවර්ධන අමාත්‍යවරයා පවසයි. එහෙයින් මහ මැතිවරණයේ දී ආණ්ඩුව ජයග්‍රහණය කර රටට ස්ථිරසාර සංවර්ධනයක් ඇතිකරදීමේ වගකීම ජනතාව සතුවන බව හෙතෙම සඳහන් කරයි. දැනටමත් යෝධ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ආරම්භ කර ඇති බව මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වාදෙයි. මහ මැතිවරණයෙන් කැපී පෙනෙන බලයක් ආණ්ඩුවට ‍නොලැබුණහොත් එම සංවර්ධන ව්‍යාපෘති ඇණ හිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ada

මූල්‍ය වංචා කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්


ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙම පුද්ගලයා අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් මෙම දඩුවම නියම කර ඇති බව සඳහන්ය. ව්‍යාජ මූල්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් මොහු විසින් මෙම මුල්‍ය වංචාව සිදුකර ඇති බව ද වාර්තා වේ. රේණුකාන්ත් සුබ්‍රමනියම් නැමැති 33 හැවිරිදි මෙම පුද්ගලයා 2002 වසරේ දී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන ඇත. ada

ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට


කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී ගංජා කිලෝග්‍රෑම් 12ක් සහ ග්‍රෑම් 665 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ කහටගස්දිගිලිය පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය, අක්කරවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ada

මන්නාරමේ තෙල් ගවේෂණ ලබන මස සිට


මන්නාරම් මුහුදු තීරයේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය සමාගමක් ‍මගින් මෙම ගවේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය. එහි මූලික අදියර යටතේ භූමි ලක්ෂණ හා මුහුදු රළ පිළිබඳ අධ්‍යයනයකද යෙදෙනු ඇත.
ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර පර්යේෂණාත්මක ළිං 3 ක් හෑරීමට අදාළ සමාගම බලාපොරොත්තු වෙයි. වර්ග කිලෝමීටර් 3000 ක මුහුදු වපසරියක අදාළ ඛනිජ තෙල් ගවේෂණයේ මූලික පර්යේෂණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. ada

ලාංකික ධීවරයින් 22ක් නිදහස්


ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු නිදහස් කර තිබේ.
මෙම පිරිස ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දී ඇති බව සඳහන්ය. මෙම ධීවරයින් පිරිස ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී නාවික හමුදා"වික්‍රම 2"නෞකාවට නංවා ගත් බව නාවික හමුදාව පවසයි. ධීවරයින් පිරිස වරායට රැගෙන විත් ඇති අතර ඔවුන් මේ වන විට නාවික හමුදා භාරයේ පසුවෙයි. මොවුන් කඩුවෙල, මොරටුව, කෝට්ටේගොඩ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ධීවරයින් සමග ඉන්දීය ආරක්ෂක අංශ භාර‍ෙය් තිබූ ධීවරය යාත්‍රා 4 ක් ද මුදා හැර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

වේදිකාවල කෑ ගහල වැඩක් නෑ


රටේ දුෂණ පවතින බවට දේශපාලන වේදිකාවල ප්‍රකාශ කිරීමෙන් ප්‍රතිඵලයක් අත් නොවන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි. රටේ දුෂණ වංචා නැති කිරීමට විනිවිද භාවයකින් යුත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔහු සඳහන් කරයි. කිරුළපණ ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිත පිරිසක් අමතමින් මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ජනතාවට රජයේ තොරතුරු දැන ගැනීමට අයිතියක් ඇති අතර එය නීතියෙන් තහවුරු විය යුතු බව එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හෙතෙම කියා සිටියේය. සිවිල් සමාජය හා ජනතාව රජය කටයුතු කරන ආකාරය පිළිබඳ අවධානයෙන් සිටියහොත් ‍දුෂණ වංචා අවම කර ගත හැකි බව මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා පවසයි. ada

Friday, February 26, 2010

එජාප zටිපෙක්ස්Z දේශපාලනය මංගලගේ ආරච්චිට කෙළ

එජාප zටිපෙක්ස්්මොණරාගල ආසනයට එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කරන අපේක‍ෂක ලැයිස්තුවේ තුන්වැන්නා ලෙස සිටි මංගල ගේ අපේක‍ෂකයෙකු වූ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම කපා ඒ වෙනුවට වෙනත් අයකුගේ නමක් ඇතුලත් කොට නාම යෝජනා පත්‍රය බාරදී තිබේ.
තිස්ස කුට්ටිආරච්චි මහතා මොණරාගල ලැයිස්තුවට ඇතුලත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ මහජන පාර්ශවයේ අපේක‍ෂකයා ලෙසයි.
ඊයේ (25) රාත්‍රී 11 වන විට මෙම නාම යෝජනා පත්‍රයට අදාල අපේක‍ෂකයින් අත්සන් කොට තිබූ අතර, මොණරාගල කණ්ඩායම් නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම ලැයිස්තුව රැගෙන ගිය බව එජාප ආරංචි මාර්ග කියයි.
තිස්ස කුට්ටිආරච්චි මහතා මොණරාගල ලැයිස්තුව ඇතුලත් කිරීම ගැන රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැඩි ලෙස විරෝධය දැක්වූ බවත්, ඔහු අපේක‍ෂකයකු ලෙස ඉදිරිපත් කරනවා නම්, තමා නාම යෝජනාවලට අත්සන් නොකරන බව මද්දුමබණ්ඩාර මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවැසු බවත්, ඔහු අත්සන් නොකරනවා නම්, තිස්සකුට්ටිආරච්චි මහතාගේ නායකත්වයෙන් වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කරන්නැයි වික්‍රමසිංහ මහතා දැනුම් දුන් බවත් එජාප ආරංචි මාර්ග කියයි.
අවසානයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා සියලූ අපේක‍ෂකයින්ගේ අත්සන් ලබාගෙන නාම යෝජනා පත්‍රය ඊයේ රාත්‍රී ගෙන ගොස් තිබේ. අද දහවල් නාමයෝජනා පත්‍රය බාර දෙන විට තිස්සකුට්ටිආරච්චි මහතාගේ නම zටිපෙක්ස්Z වලින් මකා ඒ වෙනුවට වෙනත් නමක් යොදා තිබී ඇත.
පක‍ෂ ලේකම්වරයාගේ අත්සනින් සහතික කළ නාමයෝජනා පත්‍රයේ නමක් ඉවත් කොට වෙනත් නමක් ඇතුල් කිරීම සිදුවූයේ කෙසේදැයි මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමට පක‍ෂයේ මහලේකම්වරයා උත්සාහ ගෙන ඇතත්, ඔහු දුරකථනයට සම්බන්ධ කරගැනීමට හැකිවී නැත. එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට කීවේ තමාගේ අත්සනින් සහතික කළ නාම යෝජනා පත්‍රයේ ඡායා පිටපතක් තමා සතුව තිඛෙන බවත් තිස්ස කුට්ටි ආරච්චි මහතාගේ නම ටිපෙක්ස් ගා මකා වෙනත් නමක් ඇතුලත් කර එහි ව්‍යාජ ලෙස තමාගේ කෙටි අත්සන යොදා තිඛෙන බව දැනගන්නට ඇති බවත් මෙය බරපතල වරදක් ලෙස තමා සලකන බවත්ය. අද සවස පක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳව ගතයුතු කි්‍රයාමාර්ග ගැන සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළේය.
මෙවැනිම zටිපෙක්ස්Z දේශපාලනයක් නිසා එජාපයට තමන් අතේ තිබූ කොළඹ නගර සභාවේ බලය අහිමි වී ගිය අතර ඉතා පැරණි සහ දක‍ෂ දේශපාලනඥයින් රැසක්ද අහිමි වී ගියේය. එජාපය එA සිදුවීම සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිදු කි්‍රයා මාර්ගයක් ගෙන නැත.
Z දේශපාලනය මංගලගේ ආරච්චිට කෙළ

නාමයෝජනා අවසන්: විරෝධතා පරාදයි

මහා මැතිවරණය සඳහා දේශපාලන පක‍ෂ හා ස්වාධීන කණ්ඩායම් බාර දුන් නාම යෝජනා ලැයිස්තු කිහිපයක් නාම යෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විරෝධතා සලකා බැලීමේ කාලයේදී අද (26) ප්‍රතිෙක‍ෂ්ප වූ නමුත් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ප්‍රධාන විපක‍ෂ සන්ධාන දෙක වන එක්සත් ජාතික පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඉදිරිපත් කළ කිසිම නාම යෝජනා ලැයිස්තුවක් නිෂ්ප්‍රභ කෙරුණේ නැත.මෙම ප්‍රධාන සන්ධාන තුනම දිවයිනේ දිස්ත්‍රික්ක 22 කටම තරඟ කරයි.
මෙවර වැඩිම පිළිගත් නාම යෝජනා ලැයිස්තු සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිඛෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. පිළිගත් දේශපාලන පක‍ෂ 17 ක් සහ ස්වාධීන කණ්ඩායම් 49 ක් එම දිස්ත්‍රික්කයට තරඟ වදී. සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ වැඩිම අපේක‍ෂක කණ්ඩායම් තරඟ වැදුණු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි. එම ලැයිස්තු 66 ක මුළු අපේක‍ෂක සංඛ්‍යාව 660 කි.වැඩිම අපේක‍ෂකයන් සංඛ්‍යාව වන 836 ක් තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ පිළිගත් දේශපාලන පක‍ෂ 22 කින් සහ ස්වාධීන කණ්ඩායම් 16 කිනි. enews

EXCLUSIVE: Military Court Looms Over Fonseka

මොණරාගල එ.ජා.පෙ. ලයිස්තුවේ මංගලගේ අපේක්ෂකයා මැකේ


එක්සත් ජාතික පෙරමුණෙන් මොණරාගල දිස්ත්‍රික්කයට තරඟ කරන අපේක්ෂක ලයිස්තුවේ මංගල සමරවීර මහතාගේ අපේක්ෂකයකයා ලෙස ඉදිරිපත්වූ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කර ඒ වෙනුවට වෙනත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ නම යොදා නාමයෝජනා පත්‍රය බාරදී තිබේ.
එක්සත් ජාතික පක්ෂ ආරංචි මර්ග සදහන් කරන ආකාරයට ඊයේ රාත්‍රිවන විට මෙම යෝජනා පත්‍රයට තිස්ස කුට්ටි මහතා ඇතුලු අපේක්ෂකයින් සියලු දෙනා අත්සන් තබා තිබිණි. අනතුරුව එම ලයිස්තුව එක්සත් ජාතික පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා බාරයේ තිබී ඇත.
කෙසේ වෙතත් අද දහවල් නාමයෝජනා පත්‍රය භාර දෙන අවස්ථාවේ එහි තිස්ස කුට්ටි ආරච්චි මහතාගේ නම ටිපෙක්ස්වලින් මකා ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නමක් ඇතුළත් කර තිබිණි.truth

ජනතා ද්‍රවිඩ කොන්ග‍්‍රස් පක්‍ෂය කුසලානයෙන් තරඟ බිමේ..


එල්.බී. ශන්මුගනාදන් මහතාගේ මහලේකම් ධුරයෙන් යුතු ජනතා ද්‍රවිඪ කොන්ග‍්‍රස් පක්‍ෂය මෙවර මහ මැතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානයට සහය දැක්වීම සදහා ඉදිරිපත්ව ඇත. ඒ අනුව එම පක්‍ෂයේ අපේක්‍ෂකයින් 04 දෙනෙකු මෙවර මැතිවරණය සදහා තරඟ කරන අතර ඔවුන් දිස්ත‍්‍රික් තුනක් සදහා නාමයෝජනා භාරදී ඇත
කොළඹ දිස්ත‍්‍රික්කය සදහා එහි මහලේකම් එල්.පී.සම්මුගනාදන් මහතාත්, නුවරඑළිය දිස්ත‍්‍රික්කය සදහා ඇන්ටන් අප්පුසාමි මහතා හා රාමසාමි ක‍්‍රිෂ්ණසාමි මහතාද, බදුල්ල දිස්ත‍්‍රික්කය සදහා සුබ‍්‍රමනියම් මහතා යන අපේක්‍ෂකයින් නාමයෝජනා භාරදී ඇත.truth

අනෝමා පෙරටුව කුසලානය ඡන්ද සටනේ...


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජතික සන්ධානයේ නායක හමුදා අත්අඩංගුවේ රදවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නාමයෝජනා භාරදීම අද (26) දින අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදුවූ අතර, මෙම සන්ධානයේ ප‍්‍රචාරක කටයුතු ලබන මාර්තු මස 01 දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර කොළඹදී මෙහි මංගල රැළිය පවත්වන බවත් රට පුරා ජනහමු කුඩා කණ්ඩායම් ජනහමු හා ගෙන්ගෙට යාම ආදි මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදුවන බවත් එහි ප‍්‍රධාන ලේකම් විජිත හේරත් මහතා පවසූ අතර ඒ සදහා සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ජනතාව ඇමතීමට අනෝමා ෆොන්සේකා මහත්මිය සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.truth

ඡන්ද ප්‍රතිඵල අවලංගු කරන්නැයි පෙත්සමක්


පසුගිය ජනාධිපතිවරණයේ දිස්ත්‍රික්ක 4ක ඡන්ද ප්‍රතිඵල අවලංගු කර ඒවා නැවත ගණන් කරන ලෙස ඉල්ලා ‍‍ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කෙරුණි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙර‍‍මුණේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ඇතුලු පිරිසකි. පසුගිය ජනාධිපතිවරණයේදී මාතලේ, පුත්තලම, අනුරාධපුර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මැතිවරණ දූෂණ සහ අක්‍රමිකතා සිදුවු බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ප්‍රකාශ කර තිබේ.
හොර ඡන්ද දැමීම්, බිය වැද්දීම්, ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැරීම් ආදි සිද්ධීන් එම දිස්ත්‍රික්ක වලින් වාර්තා වු බැවින් එම ඡන්ද ප්‍රතිඵල අවලංගු කර නැවත ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන ලෙස පෙත්සම්කාරිය ‍ඉල්ලා සිටියි. ada

නාමයෝජනා 2ක් ප්‍රතික්ෂේපයි


ඉදිරි මහ මැතිවරණය සදහා මාතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වු නාමයෝජනා අතරින් දෙකක් ප්‍රතික්ෂේප වී තිබේ.
"ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු" සහ "එක්සත් ලංකා මහ සභාව" යන දේශපාලන පක්ෂවල නාමයෝජනා ප්‍රතික්ෂේප වු බව වාර්තා වේ. මැතිවරණ පනතේ 19 වන පරිච්ඡේදයට අනුකූලව අදාළ ඉල්ලුම් පත් සම්පුර්ණ ‍කර නොතිබීම හේතුවෙන් එම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට සිදුවු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීණි ඩබ්ලිව්.කේ‍.කේ.අතුකෝරළ මහත්මිය පැවසීය.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත් වු නාමයෝජනා පත්‍ර අතරින් පහක් ප්‍රතික්ෂේප වී ඇත. පිළිගත් දේශපාලන පක්ෂ 4 ක සහ එක් ස්වාධින කණ්ඩායමක නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වු බව සඳහන්ය.ada

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි


එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රිධූර නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, විපක්ෂයේ හිටපු සංවිධායක ජෝෂප් මයිකල් පෙරේරා, එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති රුක්මන් සේනානායක, කේ.එන්.චොක්සි, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇත. තිලක් මාරපන, හර්ෂද සිල්වා, ටි.එම්.ස්වාමිනාදන්, ආර්.යෝගරාජන් යන මහත්වරුන් ඇතුළු තවත් 19 දෙනෙකුගේ නම් ද එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවට ඇතුළත්ය. මෙම නාමලේඛනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත අද භාරදුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ada

ආදර්ශවත්ව ප්‍රචාරක කටයුතු සිදුකරනවා


ඉදිරි මහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ශ්‍රි ලාංකේය ජනතාවට ආදර්ශවත් ලෙස ප්‍රචාරක කටයුතු සිදුකරන බවට අපදා කලමණාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රතිඥාවක් ලබාදී තිබේ. නාම යෝජනා භාරදීමෙන් අනතුරුව තම අධාරකරුවන් සමඟ කළුතර බෝ සමිඳුන් අබියසට පැමිණි අමාත්‍යවරයා මෙම ප්‍රතිඥාව ලබාදීම සිදුකෙරුණි. සියලු දුසිරිත් වලින්‍ තොරව මැතිවරණ නීති සුරකිමින් මෛත්‍රිය සහ දයාව පෙරටු කොට ගෙන තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වන බව පළමුව ආගමික වතාවත් වලට සහභාගි වු මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ප්‍රතිඥාව ලබාදෙමින් සඳහන් කළේය. ada

මැතිවරණ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ආරක්ෂාව


නාම යෝජනා භාර දීමේ අවසන් දිනය වන අද රාජගිරිය මැතිවරණ මහ කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.රථවාහන තදබදයක් ඇති වුවහොත් ඒ පිළිබඳ කටයුතු කිරීම සඳහා ද අමතර පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

සැකකරු නිදහස්


රජයට එරෙහිව කුමන්ත්‍රණ කළ බවට වු චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෙකු නිදහස් කර තිබේ.අදාළ සැකකරු ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරු‍ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව එහිදි ඔවුන් අධිකරණයට දැන්වීය. එබැවින් සැකකරු නිදහස් කරන ලෙස ත්‍රස්ත විමර්ශන කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ සැකකරු නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගත් එම සැකකරු ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් රඳවා සිටියේ රැඳවුම් නියෝග මතය.ada

රඹුක්කන් ඔය ව්‍යාපෘතියට මිලියන 2500 ක්


නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුළ ඉදිකෙරෙන රඹුක්කන් ඔය ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2500 ක් ඇස්තමේන්තු කර ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය පවසයි. මෙම ව්‍යාපෘතිය මුන්දෙනිආරු ගංඟා නිම්නය අශ්‍රිතව ඉදිකිරීමට නියමිතය. රඹුක්කන් ඔය හරස් කොට අක්කර අඩි 45,000 ක ධාරිතාවයකින් යුත් ජලාශයක් ඉදි කරන බව සඳහන්ය.
මේ යටතේ කුඹුරු අක්කර 3600 ක් අලුතින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන අතර ගොවි පවුල් 3000 කට පමණ ඉන් සෘජු ප්‍රතිලාභ ලැබෙන බව අමාත්‍යංශය ප්‍රකාශ කරයි. අදාළ ව්‍යාපෘතිය 2011 දී සම්පූර්ණ කිරීමට නියමිතය.ada

Thursday, February 25, 2010

වෙබ් අඩවි වාරණයට විශේෂ පද්ධතියක් ටෙලිකොම් ආයතනයේ ස්ථාපිත කරයි


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට වෙබ් අඩවි අවහිර කිරීමේ අරමුණින් විශේෂිත ‍firewall පද්ධතියක් ස්ථාපිත කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.
ශ්‍රී ලංකා රජය සහ විදුලි සන්දේශන නියාමන කොමිෂමේ නියාමන කටයුතු නවීකරණය කිරීම සදහා මෙරටට පැමිණ ඇති චීන බුද්ධි අංශ එක්ව ‍ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාත්මක කර තිබේ. මෙමගින් ටෙලිකොම් ආයතනය හරහා ශ්‍රී ලංකාවට පිවිසෙන (SLT ISP) වෙබ් අඩවි වාරණය කිරීමට සැලසුම්කර ඇතැයි ටෙලිකොම් ආයතනයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.truth

මූල්‍ය අරමුදල ණය වාරිකය පමා කරයි - නැවත සළකා බලන්නේ නව අමාත්‍ය මණ්ඩලයක් තුළ


දේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සිමාව ද ඉක්මවාණය ලබාගෙන, අය වැය හිගය 7% මට්ටමේ පවත්වා ගන්නා බවට එකගවූ කොන්දේසිද උල්ලංඝනය කර ගෙන යන අවිදිමත් මූල්‍ය කළමණාකරණය හේතුකොට ගෙන ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 2.6 ණය මුදලේ තෙවන වාරිකය ගෙවීම ප්‍රමාද කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට අවධාරණය කරයි.
එම ණය මුදලට අදාළ කොන්දේසි සපුරාලිම සමාලෝචනය සදහා මෙරට පැමිණි මුල්‍යඅරමුදලෙහි නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය බ්‍රයන් එයිට්කන් මහතා අදකොළඹ දි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඒ බව අනාවරණය කළේය.
පසුගිය වසරේ අය වැය හිගය සම්බන්ධයෙන් රජය එකග වු 7% ඉලක්කයට වඩා අය වැය හිගය ඉහළ ගොස් ඇති බවත් අයවැය හිගය පියවිම සදහා දේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සිමාව ද ඉක්මවාරජය ණය ලබාගෙන බවත් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පැවසුහ.
නියෝජිතපිරිසෙහි ප්‍රධානි ආචාර්ය බ්‍රයන් එයිට්කන් මහතා ප්‍රකාශ කළේ, රජයේ අය වැයහෙවත් රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් තමන් සතුටුනොවන බවය. එබැවින් නවඅමාත්‍ය මණ්ඩලයක් පිහිටුවා අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවමුල්‍ය අරමුදලේ දුත පිරිස මෙරටට පැමිණ ණය මුදල ලබාදීමේ හැකියාව පිළිබද සොයා බලන බවද ආචාර්ය බ්‍රයන්එයිට්කන් පැවසීය.

හෙළ උරුමයෙන් තවත් හිමිනමක් ඉල්ලා අස්වේ


හෙළ උරුමයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කළ අලව්වේ චන්දාලෝක ස්වාමීන් වහන්සේද එම පක්ෂයෙන් ඉල්ලා අස් වී ඇත. මෙම ඉල්ලා අස්වීමට ද හේතුව වී ඇත්තේ මෙවර මහ මැතිවරණය සඳහා ජාතික හෙළ උරුමයේ නාම යෝජනා අවස්ථාවන් ලබා නොදීම හේතුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ. truth

අපේ මුදල්වලින් අන්තර්ජාල වාරණ බැහැ - ලෝක බැංකුව රජයට අවධාරණය කරයි


විදුලි සංදේශන නියාමන කොමිසමට එහි නියාමන රාමුව සංවර්ධනය කිරීම සදහා ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙන මුදල් අන්තර්ජාල වාරණ ක‍ටයුතු සදහා යොදා ගැනීමට නොහැකි බව, එම බැංකුව ශ්‍රි ලංකා රජයට අවධාරණය කර තිබේ.
ලෝක බැංකු ප්‍රදානය යටතේ එවැනි වැඩසටහනක් අනුමත කර නොමැති බවද, මේ සම්බන්ධව ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරට‍ත් සඳහන්ය.
ලෝක බැංකුව සඳහන් කරන්නේ, විදුලි සංදේශ නියාමන කොමිසමට එහි නියාමන රාමුව සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව විසින් ප්‍රදානයක් ලබාදෙමින් තිබෙන නමුත් එම මුදල් කිසිදු ලෙසකින් අන්තර්ජාල වාරණයක් වෙනුවෙන් යොදාගැනීම අනුමත කළ නොහැකි බවයි.
කෙසේ වෙතත්, චීන වි‍‍ශේෂඥයින් මාර්ගයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම මෙරට තුළ වෙබ් අඩවි සඳහා වාරණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පුවත් පළවීමෙන් පසුව ලෝක බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම විශේෂ කාරණයකි.ada

ගමනට නම් දුන්නා....


කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් කණ්ඩායම අද සවස නාම යෝජනා ලබා දීමෙන් අනතුරුව සන්ධානයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූ අයුරු. ada

මහේස්ත්‍රාත්වරිය පොලීසියට දෙහිකපයි


පොලිස් දෙපාර්තමේන්තුවේ පෞරුෂය බිඳවැටීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස පොලිස්පතිවරයාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදී. කොළඹ ම‍හේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය සඳහන් කරන පරිදි අපරාධ සම්බන්ධයෙන් පොලිසි‍යේ විමර්ශන කටයුතුවල අඩුපාඩුකම් රැසක් පවතී.
විනිසුරුවරිය මේ බව කියා සිටියේ නීතිවිරො‍්ධී විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගත් පුද්ගලයෙකුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වීම හේතුවෙනි..
වර්තමානයේ දී නඩුවල පැමිණිලි මෙහෙයවීම හා සාක්ෂි ලබාදීමේ දී අඩුපාඩුකම් රැසක් සිදුවන බවයි විනිසුරුවරිය සඳහන් කළාය. පොලිසියේ මෙම ක්‍රියාකලාපය සමාජයේ නීතිය හා සාමය කඩා වැටීමට ප්‍රධානතම හේතුව බව කොළඹ මහේස්ත්‍රාත්වරිය තරු පැළඳ සිටින නිලධාරීන් ශීත කාමරවලින් බැහැර වී නඩු කටයුතු පවත්වාගෙන යාමට දායක විය යුතු බව චම්පා ජානකී රාජරත්න මහත්මිය කියා සිටියාය.
කෙසේ වෙතත් පොලිසියේ මෙම දුර්වලතාව සම්බන්ධයෙන් ලබන මස 14 වැනිදාට කරුණු ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට උපදෙස් ලබාදුන්නාය.ada

පුපුරන ද්‍රව්‍ය සොයා පොලීසිය නාලන්දාරාමය පීරයි


නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානය පොලිසිය විසින් සෝදිසි කර තිබේ. විහාරස්ථානාධිපති පූජ්‍ය තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ අද පස්වරු 2 ට පමණ මිරිහාන පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ විහාරස්ථානය සෝදිසියට ලක් කළ බවයි.මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු විහාරස්ථානය තුළ රඳවාගෙන සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම සො‍්දිසි කිරීම සිදුකළ බවයි.
විහාරස්ථානයේ කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු හෝ පුපුරණ ද්‍රව්‍ය සොයා නොගත් බව ‍ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.. adade

නාම යෝජනා හෙටින් අවසන්


මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීම හෙටින් අවසන් වේ. අද දිනය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ, දිස්ත්‍රික්ක ගණනාවකට නාමයෝජනා බාරදී තිබේ.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹ, බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට අද නාමයෝජනා බාරදී ඇති බව සඳහන් වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාරදීම සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදුවිය.බදුල්ල දිස්‍ත්‍රික්කය සඳහා එම සන්ධානයේ නාමයෝජනා බාරදීම සිදුවූයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙනි. එක්සත් ජාතික පෙරමුණ ද අද දිනය තුළ රත්නපුර, හම්බන්තොට, ගාල්ල, යාපනය වැනි දිස්ත්‍රික්ක ගණනාවකට නාමයෝජනා බාරදුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියි. ප්‍රජාතන්ත්‍රවාදී ජා‍තික සන්ධානය කළුතර, යාපනය, ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා අද දිනයේ නාම‍යෝජනා බාරදුන් බව විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබිණි. ada

ඝාතක යුවළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට


වැලිකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චීන ජාතික දරුවෙකු සහ එම නිවසේ මෙහෙකාරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුක්රේන ජාතික යුවළ හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදී.
වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන් දෙදෙ‍නා ආවරණය කර අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තාවක් කැඳව‍න ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළාය.යුක්රේන ජාතික යුවළ දෙසතියකට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි

ෆොන්සේකා නීති දෙකකට මැදිවෙයි


සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව මහාචාර්ය ජී.එල්.පීරිස් අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ ප්‍රධාන චෝදනා තුනක් යටතේ ෆොන්සේකා මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව හමුදා අධිකරණයක් හමුවේ ද චෝදනා ගොනු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසා තිබේ. ada

කෙරවලපිටිය බලාගාරයේ දෙවන අදියර ඇරඹෙයි


කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ දෙවන අදියර අද ආරම්භ කෙරුණි. මෙගාවොට් 300 ක ධාරිතාවකින් යුත් මෙම තාප විදුලි බලාගාරයේ දෙවන අදියර යටතේ මෙගාවොට් 100 ක විදුලි උත්පාදනයක් සිදුකිරීමට අපේක්ෂිතය.
රජය පවසන පරිදි මෙරට විදුලි අවශ්‍යතාවෙන් සියයට 10 ක් සැපිරීමට කෙරවලපිටිය තාප විදුලිබලාගාරයට හැකියාව ඇත.
කෙරවලිපිටිය දෙවන අදියර ආරම්භ කිරීමත් සමග විදුලි ඒකකයක මිල රුපියල් 14 දක්වා අඩු කළ හැකි බවට රජය විශ්වාස කරයි.ada

සචින්ගෙන් ලෝක වාර්තාවක්


එක් දින ක්‍රිකට් තරඟයකදී ලකුණු 200 ක් ලබා ගත් ලොව ප්‍රථම පිතිකරුවා බවට පත්වීමට සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් අද සමත්විය. ඒ අද පැවති ඉන්දු-දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟයේදීය.
පන්දු 147 ක් තුළ වාර්තා වූ සචින් ගේ ලකුණු 200ට හතරේ පහර 25 ක් සහ හයේ පහර තුනක් අන්තර්ගතය. ඒ අනුව එක්දින ක්‍රිකට් තරඟයකදී ලොව ඕනෑ පිතිකරුවෙක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අද බිඳ දැමිණි. මීට පෙර ලකුණු 194 බැගින් රැස් කර එම වාර්තාවට හිමිකම් කීවේ පකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩක සයඩ් අන්වර් සහ සිම්බාබ්වේ ක්‍රීඩක චාල්ස් කොවෙන්ට්‍රි විසිනි.
වත්මන් ක්‍රිකට් පිටියේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයාද වන සචින් වයස අවුරුදු 36 දී මෙම වාර්තාව පිහිටුවීමද විශේෂත්වයකි. ඒසේම වත්මන් ක්‍රිකට් පිටියේ වැඩිම එක්දින ලකුණු ලාභියා මෙන්ම වැඩිම ටෙස්ට් ලකුණු ලාභියාද වේ.