Sunday, February 28, 2010

පුද්ගලික බස් රථ 2000 ක් සූදානම්


පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු සඳහා බස් රථ දෙදහසකට වැඩි ප්‍රමාණයක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන පරිදි යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ ලබා දීමට නියමිතය. මැතිවරණ මහ ලේකම් කාර්යාලය තමන්ගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණ‍යේ දී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල ප්‍රවාහන කටයුතු වල ගැටලුවක් ඇති වුවද මෙවර එය ඇති නොවන ආකාරයට ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම කියා සිටියි.
බස් රථ‍ යොදා ගැනීමෙන් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙටිට් එකවර ප්‍රවාහනය කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පෙන්වාදෙයි. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සහ අනෙකුත් රාජකාරි කටයුතු සඳහාත් මෙම බස් රථ යොදා ගැනීමට නියමිතව ඇත. ada

0 comments:

Post a Comment