Wednesday, December 1, 2010

Brave Tamil's protest at Heathrow Airport

නුවරඑළිය පිපුරුමෙන් අයෙක් මරුට-16 ට තුවාලයි

නුවර‍එළිය පොලීසිය තුළ සිදුවූ බෝම්බ පිපුරුමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී 16 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

පොලීසිය තුළ අද පස්වරුවේ අත්බෝම්බයක් පුපුරා ගිය අතර තුවාල ලැබූ 16 දෙනා අතුරින් 14 දෙනෙකු පොලිස් නිලධාරීන් බවත්,දෙදෙනෙකු සිවිල් වැසියන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කතරගම සිට හැටන් දක්වා බස් රියකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා සතුව තිබූ පාර්සලයක් දැක සැක සිතා නුවරඑළිය පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් මොහු ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට රැගෙනවිත් තිබේ.

එහිදී ඔහු සතුව තිබූ පාර්සලයේ කංසා ග්රෑම් 16 ක් තිබුණු බවත්,ඒවා සමග තමන් අත්අඩංගුවට ගන්නේනම් තමන්ගේ කලිසම් සාක්කුවේ ඇති අත්බෝම්බය පුපුරවා ගන්නා බවටත් පොලීසියට තර්ජනය කළ සැකකරු පොලිස් ස්ථානයෙන් ඉවතට පළාගොස් තිබේ.

එහිදී ගේට්ටුව අසල සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අල්ලා ගන්නට උත්සාහ දරද්දී ඔහු විසින් අත්බෝම්බය පුපුරවා ගෙන ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි ජයකොඩි මහතා කියා සිටියි.

එසේ අත් බෝම්බය පුපුරවා ගැනීමෙන් අදාළ සැකකරු ජීවිතක්ෂයට පත් වූ බවත්,තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කළ බවත් වාර්තා වේ.

සැකකරු මාතලේ ප්‍රදේශයේ පදංචිකරුවෙකු බවත්,හමුදාවෙන් පළා ආ සෙබලෙකු බවට අනාවරණය වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කරයි

ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් විශ්‍රාමපායට-ජනතාව අපායට

මෙවර අයවැයෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විශ්‍රාමපායට යවා ඇති බවත්,ජනතාව අපායට යවා ඇති බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.‍

අද(01) පස්වරුවේ ජාතික සේවක සංගමයේ"ජාතික වෘත්තීය සමිති සමුළුව"අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අයවැයෙන් දෙන බවට පොරොන්දු වූ සහන කිසිවක් නැති බවත්,පඩි වැඩිවීම් නොමැති බවත්,බඩුමිල අඩු කළේද නැති බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙරට බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් මුදාගත් රණ විරුවන්ට හෝ වැටුප් වැඩි කිරීමක් නොකරන්නට තරම් ආණ්ඩුව කටයුතු කිරීම කනගාටුවකට කරුණක් බව ද රු.600 ක් දී රණ විරුවන් පවා මුලා කරන්නට ආණ්ඩුව කටයුතු කළ බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

සරත් ෆොන්සේකා මහතා සිය මැතිවරණ පොරොන්දු වලින් ජනතාවට රු.10,000 න් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන බව පවසන විට ජනාධිපතිවරයා තමන්ට වැඩි කිරීමට හැක්කේ 2,500 ක් පමණක් බව ප්‍රකාශ කළ බව මෙම අවස්ථාවට සහභාගී වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ වුවද ජනතාවට රුපියල් 100 න් වැටුප් වැඩි කිරීමක් කිරීම සඳහා මිලියන 1500 ක් අවශ්‍ය බව දැන් ජනාධිපතිවරයා කියා සිටින බවත්,මෙම ගණන් ශාස්ත්‍රය එදා නොදැන සිටියේද යන්නත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා චෝදනා කළේය.
Viewer Comments

නුවරඑළිය-කංසා ගෙනා පුද්ගලයෙක් පොලීසියට අත්බෝම්බයක් ගහලා

කංසා තොගයක් ළඟ තබාගෙන ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙක් පොලීසියට රැගෙන ආ පසු එකී පුද්ගලයා විසින් දමා ගැසූ අත්බෝම්බයක් පුපුරා යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා සැකකරු පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

එසේ වුවද නුවරඑළිය පොලීසිය තුළ සිදුවූ පිපුරුමෙන් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාව ගැන තිබුණොත් වෙනම බලා ගන්නම්-ආණ්ඩුවෙන් නිවේදනයක්

ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාව විදෙස් රටක සන්නිවේදන අයිතීන් වලට ඇඟිලි නොගසන බව ශ්‍රී ලංකා විදෙස් කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

එසේ වුවද විකිලික්ස් වෙබ් අඩවිය තුළ ශ්‍රී ලංකාවට අදාළ යමක් ඇත්නම් ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන බව විදෙස් කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එසේ යම් දෙයක් සඳහන්ව පැවතුනහොත් ඒ පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ක්‍රියා කරන බවත්,එසේ වුවද රාජ්‍ය තාන්ත්‍රික රහස් නීත්‍යනුකූල නොවන ආකාරයට ප්‍රසිද්ධියට පත් කිරීම අනුමත නොකරන බවත් එකී නිවේදනයේ දැක්වේ.

විකිලික්ස් වෙබ් අඩවිය මගින් ඇමරිකානු රජයේ රාජ්‍ය තාන්ත්‍රික රහස් ප්‍රසිද්ධ කිරිමත්,එහි අඩංගු ඇතැම් කරුණු වල ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් තොරතුරු ද පවත්නා බවටත් පළවන පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වමින් විදෙස් කටයුතු අමාත්‍යංශය මේ බව නිවේදනය කර තිබේ.
Viewer Comments

වැඩ කරන දින ගණන් වැඩි කරන්නැයි රවීගෙන් ඉල්ලීම

රටේ වැඩ කරන දින ගණන වැඩි කරන ලෙස එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අද පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමින් අඩුම වැඩ කරන දින ගණන ඇත්තේ ශ්‍රී ලංකාවේ බවත්,එය වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත් රවී කරුණානායක මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

වසරකට ලංකාවේ වැඩ කරන දින ගණන 277 ක් බවත්,ඉන්දියාවේ වසරකට වැඩ කරන දින ගණන 301 ක් බවත් පවසා ඇති කරුණානායක මහතා සති අන්ත නිවාඩු දින හැරුණු විට රජයේ නිවාඩු පමණක් 33 ක් ඇති බව පෙන්වා දී තිබේ.

ආයෝජකයින් සිය ආයෝජන අවස්ථාවන් පිළිබඳ තීරණය කරන විට වැඩ කරන දින ගණන් පිළිබඳ සැලකිලිමත් වන බවත්,අපේ රටට එන ආයෝජකයින් මේ සා නිවාඩු ප්‍රමාණයක් තිබෙනු දැක ආසියාවේ වෙනත් රටවලට ඇදීයනු ඇති බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දඬුවම් මුදලාලිට සල්ලි දුන්නු අය තංගල්ල අධිකරණයට දැනුම්දිය යුතුයි


මහජන මුදල් වංචා කිරීමේ චෝදනා මත හුංගම, ගුරුපොකුණේ පියදාස රත්නායක හෙවත් දඬුවම් මුදලාලිට එරෙහි නඩු විභාගය තංගල්ල මහාධිකරණයේ දී අද යළි කැඳවා තිබේ.

මෙහිදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 431 වන වගන්තිය යටතේ දේපළ බෙදාදීමේ දී ‍ඒ පිළිබද විමසීමක් කළ යුතු බව තංගල්ල මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මහත්මිය සඳහන් කළාය.

එම විමසීම සිදුකිරීම සඳහා පියදාස රත්නායක නොහොත් දඬුවම් මුදලාලි යන අයට මුදල් ලබාදුන් සියලු දෙනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දිය යුතු බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ ක‍ර ඇත.

අදාළ නඩුව වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි මස 18 වැනි දිනට කල් තැබුණි.