Tuesday, September 14, 2010

ගාස්තුව වැඩි නොකළොත් පුද්ගලික බස් වර්ජනයක්


අවම බස් ගාස්තුව සංශෝධනය කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් දැවැන්ත වර්ජනයකට අවතීර්ණ වීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය අවධාරණය කරයි.

අනිවාර්යයෙන් අවම බස් ගාස්තුව රුපියල් 7.00 දක්වා ඉහළ නැංවිය යුතු බව එම සංගමයේ සම සභාපති රූබන් සිල්වා මහතා සඳහන් කරයි. කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

ලංකා ගමනා ගමන මණ්ඩලය ද මේ වන විට අලාභ තත්ත්වයකට පත්ව ඇති බව රූබන් සිල්වා මහතා පැවසුවේය.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ සිය සංගමයට ලබාදෙන්නේ නම් කාල සටහනට අනුව ඒවා ධාවනය කර ලාභ ලබන තත්ත්වයකට පත්කළ හැකි බව ද ඔහු එහිදී පෙන්වාදුන්නේය. adaderana.lk

මධ්‍යම රජයට එරෙහිව යූ.ඇන්.පී පළාත් මන්ත්‍රීවරුන් පෙළගැසෙයි


13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට හිමිව තිබෙන ඇතැම් බලතල උදුරා ගැනීමට මධ්‍යම රජය සැලසුම් කරමින් සිටින බව‍ට එක්සත් ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා පවසයි.

පළාත් සභාවේ බලතල පුළුල් කරන බවට ශ්‍රී ලංකා රජය ඉන්දියාවට කරුණු දක්වන නමුත් ක්‍රම ක්‍රමයෙන් පවත්නා බලතල පවා උදුරා ගනිමින් සිටින බව හෙතෙම කියා සිටියි.

විශේෂයෙන්ම පොලිස් බලතල සහ ඉඩම් බලතල උදුරාගනිමින් සිටින බව පෙන්වා දෙන කවිරත්න මහතා ඊට එරෙහිව විශේෂ මහ සභාවක් පවත්වන බව කියා සිටියේය.

මෙම විශේෂ සභා වාරය ලබන 20 වන දින කැඳවන ලෙස මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇති බවත්,මෙම රැස්වීමෙන් අනතුරුව විපක්ෂයේ සියලුම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් එක්ව ඒකා බද්ධ වැඩ පිළිවෙළකට යාමට අදහස් කරන බවද පෙන්වා දුන්නේය.
adaderana.lk

පෙත්සම් විභාගය දකිනු පිණිස ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිත්


ජනාධිපතිවරණ ඡන්ද පෙත්සමේ විභාග කටයුතු දැක බලා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ සිටියේය.

සරත් ‍ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ ඉල්ලීමකට අනුව අදාළ නඩු විභාගයට සහභාගී වීමට අවස්ථාව සලසා දෙන ලෙස අගවිනිසුරුවරයා යුද හමුදාවට ඊයේ නියෝග කර තිබිණි.

ඒ අනුව සරත් ‍‍ෆොන්සේකා මහතා ඡන්ද පෙත්සමේ විභාග කටයුතු දැක බලා ගැනීම සඳහා යුද හමුදාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැ‍ගෙනවිත් තිබේ..

කෙසේවෙතත් රජයේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ කියා සිටියේ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුදාධිකරණයේ නඩු විභාග පැවැත්වෙන හෙයින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙනඒම ප්‍රායෝගික නොවන බවයි.

යුදාධිකරණ කටයුතු පස්වරු 2.30 න් පසු පවත්වා සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙනඒමට කටයුතු කරන ලෙස අගවිනිසුරුවරයා එහිදී නියෝග කරන ලදී.adaerana.lk

මාස දෙකකින් ප්‍රතිසංවිධාන ක්‍රියාත්මකයි


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට වැඩි වගකීම් ප්‍රමාණයක් පැවරීමට ක්‍රියා කරන බවද හෙතෙම අද ප්‍රකාශ කර තිබේ.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වැනි තරුණ පරපුරේ මන්ත්‍රීවරුන්ට පක්ෂයේ වගකීම් ලබාදීමට කටයුතු කරන බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දක්ෂයින් සහ අදක්ෂයින් පිළිබඳ එමගින් හඳුනාගැනීමට හැකිවනු ඇති බව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවක‍ට එක්වෙමින් හෙතෙම කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවනවා ද යන්න මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියද එය පක්ෂය විසින් තීරණය කරනු ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.adaerana.lk

අම්මයි තාත්තයි සුනාමියට ගියා-අයියලා යුද්දෙන් මැරුණා.. 13 හැවිරිදි දැරියක් සීගිරියේ අතරමං


13 හැවිරිදි දැරියක සීගිරිය ප්‍රදේශයේදී අතරමංකර දමා සිටියදී සීගිරිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

තමා මඩකළපුවේ කිරාන් ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසේ රැඳී සිටියදී කිසිවෙකු විසින් කැටුව ආ බව සුන්දර මූර්ති සොනූජෝ නැමති මෙම දැරිය ප්‍රකාශ කළ බව සීගිරිය පොලීසියේ ස්ථානාධිපති වජිර අතපත්තු මහතා කියා සිටියේය.

අමමයි තාත්තයි දෙදෙනා සුනාමියට හසුවී අතුරුදහන් වූ බවත් සොහොයුරන් දෙදෙනා එල්.ටී.ටී.ඊයට බැඳී යුද්ධය සමයේ මියැදුණු බවට ආරංචි වූ බවත් මෙම දැරිය පොලීසියට පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම දැරිය මඩකළපුවේ සිට සීගිරිය දක්වා පැමිණියේ කෙසේද යන්න පිළිබඳ හා පැහැරගැනීමක් සිදුව ඇත්තේනම් ඒ කවුරුන් විසින්ද යන්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සීගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අද දෙරණට කියා සිටියේය.

මෙම දැරිය අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ. adaderana.lk

කපිතාන් සේනකටත් අධි චෝදනා


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කපිතාන් සේනක ද සිල්වාට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා එල්ල කර තිබේ.

සේනක සිල්වා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳව දැනුම්‍ දෙනු ලැබිණි.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ යුද හමුදවෙන් පලාගිය සෙබළුන්ට වැටුප් හා නවාතැන් පහසුකම් ලබා දී සේවයේ යොදවා ගැනීම හා ඔවුන් රජයට එරෙහිව කුමන්ත්‍රණය ‍කරවීම සඳහා යෙදවීම සේනක ද සිල්වාට එරෙහිව එල්ල වී ඇති චෝදනා වේ.

මහාධිකරණය හමු‍වේ අධි චෝදනා ගොනු කරන බව දැනුම් දීමෙන් අනතුරුව සැකකරු ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කර තිබේ.adaderana.lk

මංගල දිනයේ ආරාවුල් කරගත්තවුන් දෙදෙනෙක් අත්අඩංගුවට


මොරගහහේන , කිදෙල්පිටිය ප්‍රදේශයේ මංගල උත්සවයක ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගල‍යින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.. ඊයේ පස්වරුවේ මෙම ආරවුල හට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් සතුව තිබී ටී.56 ගිනි අවියක් සහ උණ්ඩ 12 ක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. මොරගහේන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.adaderana.lk

දෙවන යුද අධිකරණයට අර්ජුන රණතුංගත් සාක්ෂිදෙයි


සරත් ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා විභාග කරන දෙවන යුද අධිකරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සාක්ෂි ලබා දී තිබේ.

ඊයේ පස්වරු 2.00 ට නාවික හමුදා මූලස්ථානයේ දී රැස් වූ දෙවන යුද අධිකරණය සඳහා විත්තියේ සාක්ෂිකරුවෙකු ලෙස අර්ජුන රණතුංග මහතා සාක්ෂි ලබා දුන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ‍ජෙනරාල් උභය මැදවල මහතා ප්‍රකාශ කළේය.

ඊට අමතරව මහාධිකරණ රෙජිස්ට්‍රාර් එස්.එන් දයාරත්න මහතා ද ඊයේ දෙවන යුද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබේ. ඒ අනුව දෙවන යුද අධිකරණය අද(14) පස්වරු 2.30 දක්වා කල් තැබූ බව උභය මැදවල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේ සිට ලබන 18 දක්වා අඛණ්ඩව දෙවන යුද අධිකරණය රැස් වන අතර අද දිනයේ(14) ද විත්තියේ සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබේ.adaderana.lk

රාත්‍රී තැපැල් දුම්රිය සාලියපුරට පමණයි


සාලියපුරදී සිදුවූ දුමිරියක් පීලිපැනීම හේතුවෙන් කොළඹ-වව්නියාව රාත්‍රී තැපැල් දුම්රිය අනුරාධපුරය දක්වා සීමා කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.adaderana.lk

පෙත්සම විභාගයේදී ෆොන්සේකාට උසාවි ඒමට ඉඩ ලැබෙයි


ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම විභාග කිරීම නැරඹීමට සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය නම් අධිකරණයට පැමිණිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කරනු ලැබීය. සරත් ෆොන්සේකා මහතා ඡන්ද පෙත්සම විභාග කිරීම නැරඹීම සඳහා ගෙන ඒමට කටයුතු කරන ලෙස අග්‍ර විනිශ්චකාරවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල යුද හමුදාපතිවරයාට නියෝග කර ඇත.

සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ. කෙසේ වෙතත් යුද අධිකරණයේ නඩු විභාග පැවැත්වෙන හෙයින් සරත් ෆොන්සේකා මහතා මේ සඳහා සහභාගී කරවා ගැනීම ප්‍රායෝගික නොවන බව එහිදි රජයේ පාර්ශවයේ නීතීඥවරුන් කියා සිටියේය.

යුද අධිකරණයේ නඩු විභාග පැවැත්වෙන්නේ නම් එම කටයුතු පස්වරු 2.30න් පසුව පවත්වන ලෙස කරුණු සලකා බැලු අගවිනිසුරුවරයා පසුව නියෝග කරනු ලැබීය. adaderana.lk

අවම බස් ගාස්තුව වැඩි කළ යුතුයි


දැනට පවතින රුපියල් හයක අවම බස් ගාස්තුව වැඩි කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පවසයි. ඩීසල් මිල වැඩි නොවීම හේතුවෙන් මෙම බස් ගාස්තුව වැඩි කිරීම සම්බන්ධව තමන් ඇතුළු සංගමයේ සාමාජිකයන් මෙතෙක් රජයෙන් ඉල්ලීම් නොකළ බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් කෙටිදුර ධාවනය වන බස් රථ සඳහා පවතින අවම බස් ගාස්තුව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ස්ටැන්ලි තිලකරත්න මහතා සඳහන් කරයි. මේ හේතුවෙන් තමා ඇතුළු සංගමය ඉදිරියේදී අවම බස් ගාස්තුව වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීමට තීරණය කර ඇති බව ද ස්ටැන්ලි තිලකරත්න මහතා පවසා සිටියේය.adaderana.lk

ශ්‍රි ලංකාව ද. ආසියාවේ ප්‍රමුඛ සබඳතා ගොඩනඟා ගත් රටක්


දකුණු ආසියානු කලාපය තුළ ප්‍රමුඛ සබඳතා ගොඩනඟා ගත් රටක් බවට ශ්‍රි ලංකාව මේ වන විට පත්ව ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්ව යළි නැඟී සිටි රටක් වශයෙන් ශ්‍රි ලංකාව මෙම තත්ත්වයට පත්ව ඇති බව ඔහු සඳහන් කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය විදුලි සන්දේශ සංවිධානයේ පනස් වන රැස්වීම අමතමින් ජනාධිපතිවරයා අද මේ අදහස් පළ කළේය. මෙරට විදුලි සන්දේශ පද්ධතියේ වර්ධනය පුළුල් වශයෙන් සිදුව ඇති බව ඔහු එහිදි වැඩිදුරටත් පැවසුවේය. මේ හේතුවෙන් වැඩි ලාභ ලබා ගැනීමේ අරමුණ ඇතිව විදේශීය අයෝජකයින් වැඩි වශයෙන් මෙම ක්ෂේත්‍රය තුළ සිය ආයෝජන කටයුතු සිදුකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.adaderana.lk

සංශෝධන ගෙනෙන තුරු සුජීව ස්වාධීනයි


එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අදාළ සංශෝධනයන් ගෙනෙන තුරු එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් පරිබාහිරව ස්වාධීනව කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි. adaderana.lk