Tuesday, September 14, 2010

මධ්‍යම රජයට එරෙහිව යූ.ඇන්.පී පළාත් මන්ත්‍රීවරුන් පෙළගැසෙයි


13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට හිමිව තිබෙන ඇතැම් බලතල උදුරා ගැනීමට මධ්‍යම රජය සැලසුම් කරමින් සිටින බව‍ට එක්සත් ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා පවසයි.

පළාත් සභාවේ බලතල පුළුල් කරන බවට ශ්‍රී ලංකා රජය ඉන්දියාවට කරුණු දක්වන නමුත් ක්‍රම ක්‍රමයෙන් පවත්නා බලතල පවා උදුරා ගනිමින් සිටින බව හෙතෙම කියා සිටියි.

විශේෂයෙන්ම පොලිස් බලතල සහ ඉඩම් බලතල උදුරාගනිමින් සිටින බව පෙන්වා දෙන කවිරත්න මහතා ඊට එරෙහිව විශේෂ මහ සභාවක් පවත්වන බව කියා සිටියේය.

මෙම විශේෂ සභා වාරය ලබන 20 වන දින කැඳවන ලෙස මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇති බවත්,මෙම රැස්වීමෙන් අනතුරුව විපක්ෂයේ සියලුම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් එක්ව ඒකා බද්ධ වැඩ පිළිවෙළකට යාමට අදහස් කරන බවද පෙන්වා දුන්නේය.
adaderana.lk

0 comments:

Post a Comment