Friday, June 25, 2010

සීගිරියේ සියලු ඉදිකිරීම් නවතන්නැයි නියෝග


සීගිරිය පුරාවිද්‍යා භූමියෙහි දැනට සිදුකෙරෙන සියලු ඉදිකිරීම් වහා නවතා දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ. සීගිරිය පුරාවිද්‍යා භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම්වලට එරෙහිව ගම්වාසීන් පිරිසක් දැක්වූ විරෝධතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

ඊට එරෙහිව ගම්වාසීන් ‍තිදෙ‍‍නෙක් පසුගියදා උපවාසයක ද නිරත විය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ඇතුළු පිරිසක් අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.adaderana

විද්වත් කමිටුව ලංකාව පිළිගත යුතුයි -අමෙරිකාව


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයාබලා කරුණු වාර්තා කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කළ විශේෂඥ කමිටුව ශ්‍රී ලංකා රජය පිළිගත යුතු බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි. මෙම කමිටුවේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකාව සහයෝගය දැක්විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිත සුසෑන් රයිස් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දශක ගණනාවක් පැවති යුද ගැටුම්වලින් පසුව යළි ගොඩනැගෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් අමෙරිකාව සහය දක්වන බවත් ඒ අනුව එක්සත් ජාතීන්ගේ ම‍හලේකම්වරයා මෙවැනි විශේෂඥ කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකාවට වැදගත් වන බවත් අමෙරිකාව පෙන්වාදෙයි. ඒ අනුව අදාළ කමිටුවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ශ්‍රී ලංකාවේ වගකීම බව සුසෑන් රයිස් මහත්මියගේ අදහස වී ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික සංහිඳියාව පිළිබඳ කොමිසම ලොව සෙසු රටවල ක්‍රියාත්මක ඒ හා සමාන කමිටු සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් බව සුසෑන් රයිස් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. aderana

මොන බලපෑම් ආවත් සංශෝධනය සිදුවෙනවා -මර්වින්


කුමන බලපෑම් පැමිණිය ද ව්‍යවස්ථා සංශෝධනය සිදුවන බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. පාර්ලි‍මේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, ජනාධිපති ධුර කාලය සංශෝධනය කිරීම ඇතුළු කරුණු ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් බව මර්වින් සිල්වා මහතා පෙන්වාදෙයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විවිධ බලපෑම් එල්ල කළ ද අනිවාර්යයයෙන් ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන බව මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana

බැතිමතුන් ලක්ෂ ගණනින් අනුරාධපුරයට


පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අනුරාධපුර, මිහින්තලය ආශ්‍රිත පූජාභූමි වෙත ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණ සිටිති. බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා පැවසුවේය. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන් පූජාභූමියේ ඓතිහාසික ස්මාරකවලට හානි සිදුනොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ලියාපදිංචි බත් දන්සල් 37ක් නගරයේ ක්‍රියාත්මක බව අනුරාධපුර මහනගර සභාව පවසයි. ඊට අමතරව සිසිල්පැන්, කුරුම්බා, තේපැන් ආදී දන්සල් රැසක් ද ක්‍රියාත්මකය. පෞද්ගලික මට්ටමින් පවත්වන දන්සල් 150කට ආසන්න ප්‍රමාණයක් ද අනුරාධපුර නගර‍ය ආශ්‍රිතව සංවිධානය කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

මේ අතර වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කිසියම් හදිසි අනතුරකට මුහුණ දුනහොත් දැනුම් දීම සඳහා හදිසි දුරකතන අංකයක් අනුරාධපුර මහරෝහල ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව දුරකතන අංක 110 ඇමතීමෙන් ඒ බව දැනුම් දිය හැකි බව අනුරාධපුර මහරෝහල සඳහන් කරයි. adaderana

අනුරාධපුරයට පොලිතින් ගේන්න එපා


පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර ප්‍රදේශයට පැමි‍ණීමේ දී පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි. බැතිමතුන් ඉවතලන පොලිතින් ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වන බව එම අධිකාරිය පෙන්වාදෙයි.

කෙසේවෙතත් විශාල බැතිමතුන් සංඛ්‍යාවක් අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් කසළ බහාලීම සඳහා කසල බඳුන් 120 ක් ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය අසල ස්ථාපනය කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ සඳහා අනුරාධපුර මහ නගර සභාව සහ පළාත් පාලන ආයතන අනුග්‍රහයක් දක්වන බව එම අධිකාරිය පවසයි. ඊට අමතරව කැළිකසල කලමනාකරණය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අනුරාධපුර ප්‍රදේශයේ අද දිනයේත් හෙට දිනයේත් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. adaderana

නැවත පදිංචි කිරීම් සාර්ථකව


වව්නියාවේ අවතැන් කඳවුරුවල තවදුරටත් රැදී සිටින ජනතාව සිය මුල් ගම්බිම්වල පදිංචි කරවීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බව නැවත පදිංචි කිරීමේ අමත්‍යාංශය පවසයි. සතියකට පුද්ගලයින් දහසත් දෙදහසත් අතර ප්‍රමාණයක් යළි පදිංචි කරවන බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රාජ්‍ය‍ නොවන සංවිධානවල සහය ලැබෙන බව සඳහන්ය. අදාළ සංවිධාන සමග එක්ව නැවත පදිංචි කෙරෙන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය පියවර ගෙන ඇති බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි. adaderana

බලය වැඩිකර ගැනීමට විරුද්ධයි -රනිල්


ජනවරමක් නොමැතිව තමන්ගේ බලය වැඩි කරගැනීමට දරන උත්සාහයට එක්සත් ජාතික පක්ෂය දැඩි වි‍රෝධය පළ කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 17 වන සංශෝධනය ඉවත් කරන බවට හො‍් ජනාධිපති ධුර කාලය වැඩිකිරීම සඳහා ආණ්ඩුව කිසි‍විටෙකත් ජනවරමක් ඉල්ලා නොසිටි බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.

මහනුවරදී පැවති පළාත් සභාවල විපක්ෂ නායකවරුන්ගේ සම්මේලනයේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය. කෙසේවුවද රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනවලට තමන්ගේ වි‍රෝධයක් නොමැති බව ද විපක්ෂනායකවරයා මෙහිදී සඳහන් කළේය. adaderana

සදහම් පණිවිඩය ලද පොසොන් සැමරේ


අනුබුදු මිහිඳු නාහිමියන් ලක්දිවට බුදු දහමේ පණිවුඩය රැගෙන ඒම සිහිපත් කරමින් බෞද්ධ ජනතාව අදට යෙදී තිබෙන පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය සමරයි. මෙරට පැවති යුද්ධය අවසන් වීමෙන් පසු සියලු බෞද්ධයන් සාමකාමී වටපිටාවක් යටතේ පොසොන් උත්සවය සැමරී‍ම විශේෂත්වයකි. අනුරාධපුරය පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් විශාල පිරිසක් වන්දනාවේ නිරතවීම ද පොසොන් සමයේ සිදුවේ.

අනුරාධපුරය සහ මිහින්ත‍ලය ප්‍රදේශයට මෙවර පොසොන් සමය වෙනුවෙන් ලක්ෂ 20 ක පමණ ජනතාවක් පැමිණ ඇති බවට පොසොන් උත්සව සංවිධායක කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා පවසයි. එම ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ‍පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් උතුරු මැද පළාතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි එම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දසනායක මහතා පවසයි. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම රථ වාහන පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 4500 දෙනෙකු පමණ යෙදවීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලේ සිට අනුරාධපුයට නොමිලේ දුම්රි‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඊයේ දිනයේ සිට ලබන 27 වන දිනය දක්වා මෙම දුම්රිය සේවය ක්‍රියාත්මක වන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේය. adaderana

එක්සත් ජාතීන් ගැන රුසියාවේ අප්‍රසාදය


ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් සොයාබලා කරුණු වාර්තා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් කමිටුවක් පත්කිරීම පිළිබඳ රුසියාව සිය විරෝධය පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හෝ මහා මණ්ඩලයේ දී එය සාකච්ඡාවට ගෙන නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු රජය සඳහන් කරයි. මීට පෙර ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරගැනීමට දැරූ උත්සහය රුසියාව ප්‍රමුඛ රටවල මැදිහත්වීමෙන් ව්‍යර්ථ කෙරුණි.adaderana

පරීක්ෂණ සඳහා ලංකාවට පැමිණීම අවශ්‍ය නෑ


ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ විද්වත් කමිටුව මගින් සිදුකරන විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම අතවශ්‍ය නොවන බව එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශක පවසයි. එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා නොදෙන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය. adaderana

ඇමති චම්පික යාපනයේ ජනයාගෙන් සමාව ඉල්ලයි


97,000 ට අධික පොත් සංඛ්‍යාවක් තිබුණු ලෝක ප්‍රසිද්ධ යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම පිළිබඳ තමා දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

යාපනයේ පුස්තකාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ සමාව ඉල්ලූ බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

දැනට වසර 30 ට පෙරාතුව යම් අඥාන පිරිසක් විසින් පුස්තකාලය ගිනි තබා විනාශ කෙරුණු බවත්, එමගින් සිදුවූ හානිය බල පැවැත්වුණේ යාපනයට පමණක් නොව සමස්ත රටට ම බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

"සුළු ත්‍යාගයක් ලෙස මෙහිදී පොත් පාර්සලයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන අතර දිගු කාලීනව සහෝදර දෙමළ ජනයාගේ හදවත්තුළ ඇති වූ අමිහිරි අත්දැකීම් වල කැළැල් මකා දැමීමට හැකිවෙනු ඇතැයිද හෙතෙම සඳහන් කර ඇත. යාපනය නගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව අවස්ථාව සංවිධානය කර තිබිණි. adaderana

රාජගිරියේ දේවස්ථානයක් බිඳ දමයි


රාජගිරිය- 4 වන පටුමග කෝට්ටේ පාර පිහිට් ක්‍රිස්ත්‍රියානි දේවස්ථානයක් පොලීසිය විසින් කඩා බිඳ දැමීමට පියවර ගෙන තිබීමෙන් ප්‍රදේශයේ නොසන්සුන් කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

වසර 30 ක පමණ කාලයක් තිස්සේ ප්‍රදේශවාසීන්ගේ අධාර උපකාර මත ගොඩ නඟා තිබු මෙම දේවස්ථානය හදිසියේ කඩා ඉවත්කිරීමට එරෙහිව ජනයා සිය විරෝධය පාන බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

පවුල් 150 ක් පමණ මෙම දේවස්ථානයේ පුද පූජා කටයුතු වලට සහභාගී වෙමින් සිටියද හදිසියේම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පොලිස් නිලධාරීන් 100 ක් පමණ පිරිවරාගෙන බැකෝ යන්ත්‍රයක්ද රැගෙන පැමිණ මෙම දේවස්ථානය කඩා බිඳ දැමීමට කටයුතු කර තිබේ.

අනවසර ඉදිකිරීම් ලෙස පවතින ‍ඉදිකිරීම් ඉවත්කිරීමට තීරණය කර ඇති හෙයින් ඉහළින් ආ නියෝගයකට අනුව මෙම කටයුතු සිදුකළ බව වැලිකඩ පොලීසිය සඳහන් කරයි.

සිදුවීම සිදුවන අවස්ථාවේ එතැනට පැමිණි නගරාධිපතිනිය මේ පිළිබඳ විමසා සිටියද නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හෝ පොලීසිය ඇයව තුට්ටු දෙකකට හෝ මායිම් නොකොට සිය රාජකාරිය කර ගෙන ගොස් ඇත.

මෙම දේවස්ථානය කඩා බිඳ දැමීමට අදාළ නියෝගයක් සඳහන් කිසිදු ලියැවිල්ලක් මෙම නිලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ට පෙන්වා නැති අතර ඒ පිළිබඳ විමසූ බැතිමතුන් කිහිපදෙනෙකුට පොලීසිය විසින් පහරදුන් බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
adaderana

එල්.ටී.ටී.ඊය ගැනත් හොයනවා-මර්සුකී කියයි


යුද්ධය පැවති වකවානුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයේද ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන බව එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව උපදෙස් ලබා දීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති මර්සුකි දරුස්මන් මහතා පවසයි.adaderana