Monday, December 6, 2010

Liberty

විදෙස් කතුන් සහිත ගණිකා නිවාසයක්..





කොල්ලුපිටිය ප්‍රදේශයේ විදෙස්කතුන් සහිත ගණිකා නිවාසයක් වැටලීම සිදුකර ඇත.එහිදී උස්බෙකිස්ථාන ජාතික කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.මීට අමතරව ලාංකික කාන්තවන් තුදෙනෙක්ද වනබව පැවසේ.
කොල්ලුපිටියේ වෙලද සංකීර්ණයක 7වන හා අට වන මහල් තුල පවත්වාගෙන ගිය මය කො‍ටුව මහේස් මහේස්ත්‍රාත් අඩිකරන වරෙන්තුමත මම වැටලීම සිදුකර ඇති බව එම නිලදාරින් පැවසුව.මේ තුල තිබී විදෙස් දසලක්ශයක් පමන වටිනා මත්පැන හා තුන්ලක්ශයක් පමණ මුදල්ද සොයාගෙන ඇත.

නමුත් මේහි මූලික සැකකරු හා එහි තවත් මීට සම්බන්ද දසදෙනෙකු පැනගොසැති අතර,අතඩංගුවට පත් කාන්තාවන් සහ එම භාණ්ඩ අධිකරනය හමුවට ඉදිරිපත්කිරීමට කටයුතු කරන බව ආරංචිමාර්ග වලින් අනාවර්ණය වේ

ආණ්ඩු පක්ෂයේ හැසිරීම පාර්ලිමේන්තු ඉතිහාසයේ ඇතිවූ අප්‍රසන්න සිදුවීමක්

බ්‍රිතාන්‍යයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ එල්. ටී. ටී. ඊ හිතවාදී බලවේග එක්සත් ජාතික පක්ෂය තරයේ හෙළා දකින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරේන් ප්‍රනාන්දු මහතා පවසයි.

කෙසේ වෙතත් එම සිද්ධිය සම්පාදක කර ගනිමින් පසුගිය දා පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී ස්වභාවය සම්බන්ධයෙන් කිසිසේත් අනුමත කළ නොහැකි බව ඔහු සඳහන් කළේය.

කොළඹ දී අද(06) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හරේන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේය.

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව තුළ හැසිරුණු ආකාරය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ඉතා අප්‍රසන්න සිදුවීමක් වනු ඇති බව ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana.lk

කරූට එරෙහිව විශ්වාස භංගයක්..


එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාට එරෙහිව ඉදිරියේදී විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව ඉදිකිරිම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (06)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කරූ ජයසූරිය මහතා විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවට එක්තරා පුවත්පතකට ප්‍රකාශයක් කර ඇතැයිද එසේ හෙයින් ජයසූරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස විශ්වාසය කඩ කර ඇති හෙයින් මෙම යෝජනාව ගෙන ඒමට කටයුතු කරන බව වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana.lk

යුදාධිකරණය පිළිගත් අධිකරණයක්ද? -විභාගය කල්යයි


යුදාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිළිගත් අධිකරණයක්ද නැද්ද යන්න තීරණය කිරීමේ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ.

අග්‍ර විනිශ්චයකාර අශෝක ද සිල්වා මහතා රාජ්‍ය නිල උත්සවයකට සහභාගි වන නිසා අද එම විභාගය පැවැත්වීමට හැකියාවක් නොමැති බව අදාළ නඩුව අද(06) කැඳවූ අවස්ථාවේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම විභාගය ලබන 09 වන දින දක්වා කල් දමන බව අධිකරණය නිවේදනය කර තිබේ.

යුදාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිළිගත් අධිකරණයක් නැද්ද යන්න තීරණය කර තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවත්වනු ලබයි.
adaderana.lk

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක්




උත්සව සමයේ කොළඹ නගරයේ සාප්පු සවාරි යෙදෙන්නන්ට කිසියම් හදිසි තත්ත්වයක් යටතේ සහයෝගයක් අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ පොලිස් දුරකථන සේවයක් හඳුන්වා දී තිබේ.

ඒ සඳහා 011-2437156 අංකයට අමතන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
adaerana.lk

මහ වැසි නිසා 64, 000 ට වැඩි පිරිසක් පීඩාවට පත්වෙයි


දින කිහිපයක සිට ඇද හැලෙන වර්ෂාපතනයත් සමග මේ වන විට පුද්ගලයින් 64, 000ට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.

මේ වන විට අවතැන් වු පුද්ගලයින් පන්දහසකට අධික පිරිසක් දිවයින පුරා පිහිටි කඳවුරු 47ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

විශේෂයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ද මීට ඇතුළත් බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

අවශ්‍ය සහන කටයුතු අවශ්‍ය පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා සිදුවන බව ද ඔහු කියා සිටියේය.

මේ අතර පවතින වර්ෂාපතනයත් සමඟ ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු කිහිපයක් ඊයේ(06) පස්වරුවේ විවෘත කර ඇත.

2007 වසරෙන් පසු රන්දෙනිගල ජලාශයේ වාන් දොරටු විවෘත කළ පළමු අවස්ථාව මෙය බව එම ජලාශය භාරව කටයුතු කරන කාර්යය භාර ඉංජිනේරු එච් එම් කළුබණ්ඩා මහතා සඳහන් කළේය.

රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව අවධියෙන් සිටින ලෙස ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
adaderana.lk

ඖෂධ ප්‍රතිපත්තියට හැමෝගෙම සහය ඕනෑ


ජාතික ඖෂධ ප්‍රතිපත්තිය 2011 වසරේ සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහාචාර්ය සේනක බිබිලේ ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මේ අයුරින් ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්,ඒ තුළින් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ස්ථාපිත කරන්නට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අද පාර්ලමේන්තුවේදී කියා සිටි බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

එසේ වුවද මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මේ වන විට කාලීන හා තාක්ෂණික වෙනස්වීම් ඔස්සේ වැඩි වර්ධනය විය යුතු බවත්,එබැවින් එකී ඖෂධ ප්‍රතිපත්තිය යම් යම් වෙනස්කම් වලට ලක්කොට ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

එසේ වුවද මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පහසු නොවන බවද,ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුදෙනාගේම සහය අවශ්‍ය බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
adaderana.lk

එ.ජා.පය රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ


එක්සත් ජාතික පක්ෂය රෑ ඩැනියෙල් දවල් මිගෙල් සේ ක්‍රියා කරන බව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එක් කතාවක් කියන අතර කරූ ජයසූරිය මහතා ඊට ප්‍රතිවිරුද්ධ කතාවක් කියන බවත්,ලංකාවට එකක් කියමින් ජාත්‍යන්තරයට තවත් එකක් කියමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කරූ ජයසූරිය මහතා පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සඳහන් කරන අතරම සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඊට එරෙහිව යුද අපරාධ කරනු ලැබවේ එල්.ටී.ටී.ඊය පමණක් බව පෙන්වාදෙන බව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියි.

මේ අයුරින් එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ජාත්‍යන්තරය විසින් වෙනස් කිරීමකට ලක්කිරීමට බව අමාත්‍යවරයා චෝදනා කර තිබේ.
adaderana.lk

යුද අපරාධ කළේ එල්.ටී.ටී.ඊය පමණයි


මෙරට යුද අපරාධ කළේනම් ඒ එල්.ටී.ටී.ඊ සංවිධානය පමණක් බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී නිවාස,ඉදිකිරීම්, ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා විසින් පුවත් පතකට කර තිබුණු ප්‍රකාශයක් අදාළ කර ගනිමින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

කරූ ජයසූරිය මන්ත්‍රීවරයා ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ට පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් අදාළ කර ගනිමින් වීරවංශ අමාත්‍යවරයා මේ බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගෙන් විමසා තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අදහස් දක්වමින් සිටි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසා ඇත්තේ උපතේ ජීව උපත් සංඛ්‍යාව 2005 දී ලක්ෂයකට මාතෘ මරණ 58 ක් වුවද 2008 දී එය මාතෘ මරණ 35 ක් දක්වා අඩුවී ඇති බවයි.
adaderana.lk