Sunday, February 14, 2010

ජාතික භික්ෂු පෙරමුණේ මූලස්ථානය පොලිසියෙන් වටලයි


පුපුරණ ද්‍රව්‍ය තිබෙනවා යැයි සැක සිතෙන" බව පවසමින් පොලිස් නිලධාරින් කණ්ඩායමක් ඊයේ මධ්‍යම රාත්‍රී හදිසියේම කොටහේනේ පිහිටි ජාතික භික්ෂු පෙරමුණේ මූලස්ථානයට කඩා වැදී ඇත. "උසාවි නියෝගයක් තිබේදැ"යි භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කළ විට එවැන්නක් නැති බව පොලිසිය පවසා තිබේ. උසාවි නියෝගයක් රැගෙන එන තුරු විහාරස්ථානය පරීක්ෂා කිරීමට ඉඩ දිය නොහැකි යැයි භික්ෂුන් වහන්සේ අවධාරණය කළහ. ඉන් පසුව උදේට උසාවි නියෝගයක් රැගෙන එන බව පොලිස් නිලධාරින් පවසා ඇති අතර මේ වන විට එම පිරිස විහාරස්ථානය වටලා සිටින බව වාර්තා වේ.truth

කතානායකගේ පුත්‍රයාගේ මංගල තෑග්ග වෙනස් වෙයි


පාර්ලිමේන්තුවේ හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ පුත‍්‍රයෙකු වන උදිත් ලොකුබණ්ඩාර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල, හපුතලේ ආසනයේ ප‍්‍රධාන සංවිධායකයා වශයෙන් පත් කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසයි. ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව මෙම සංවිධායක ධූරය පිරිනැමුණු බවත්, පක්ෂයට තරුණ නායකයින් හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය ලබා දුන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. මේ අනුව උදිත් ලොකුබණ්ඩාර මහතා මෙවර මහ මැතිවරණයේදී බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් තරග වැදීමට නියමිතය.
කෙසේ වෙතත් පසුගිය වසරේ මැයි මස 28 වැනිදා පැවැත්වූ උදිත ලොකුබණ්ඩාර මහතාගේ විවාහ උත්සවයේදී ඊට පෙර දින එක්සත් ජාතික පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂයේ හපුතලේ ආසන සංවිධායක ධූරයට අදාල ලිපිය ලබා දී තිබියදී, උත්සවය පැමිණි ජනාධිපතිවරයා උදිත් මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධූරය ලබා දුණි.
කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හපුතලේ ආසන සංවිධායක ධූරය ලබා දී ඇති බවයි.

ආගම ඇදහීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බාධා නොකරන්න - ජාතික භික්ෂූ පෙරමුණ ජනපතිගෙන් ඉල්ලයි

ආගම ඇදහීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මේ වන විට බරපතල බාධාවන් ඇති වෙමින් පවතින බවත්, අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද දිනයේදී දිවයින පුරා සංවිධානය කරන ලද බෝධි පූජා ඇතුළු ආගමික වතාවත්වලට ආණ්ඩුවේ විවිධ පාර්ශවයන්ගෙන් බාධා එල්ල වන බවත්, ජනාධිපතිවරයා ලෙසත්, බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙසත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ආගම ඇදහීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කරන ලෙස ජාතික භික්ෂු පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ගරු අත්තනයාලේ සමිත ස්වාමීන් වහන්සේගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයාට යොමු කරමින් මේ බව දන්වා ඇත. එම ලිපිය මෙසේය.
ආගම ඇදහීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට බාධාවීම පිළිබඳවයි
මේ වන විට රට තුළ බරපතල ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි වෙමින් යන වටපිටාවක් නිර්මාණය වී ඇත. විශේෂයෙන් කතා කිරිමේ, සිතීමේ, ලිවීමේ පමණක් නොව ආගම ඇදහීමේ නිදහසද මේ යටතේ බරපතල ලෙස උල්ලංඝනය වී ඇත. ඒ සඳහා වන උදාහරණ අපමණය. ආසන්න උදාහරණයක් ලෙස අද දින (පෙබරවාරි මස 14 වන දින) ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට නිදහස පතා ආශිර්වාද බෝධි පූජා පැවැත්වීමට අප සූදානම් කර තිබුණි. එම බොහෝ ස්ථානවලට බුද්ධි අංශයෙන් යැයි කියමින් පිරිස් පැමිණ විවිධාකාරයේ ප‍්‍රශ්න කිරීම් කර ඇති අතර නිර්නාමික, තර්ජනාත්මක දුරකථන පණිවිඩ ලබාදුන් අවස්ථා අපමණය. එසේම මෙම ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම පිළිබඳ පළකරන ලද ප‍්‍රචාරක දැන්වීම් විනාශ කර ඇත. පැවැත්වීමට සූදානම් කර ඇති බොහෝ බෝධිපූජා පිංකම් කඩාකප්පල් කිරීම සඳහා මෙවැනි සංවිධානාත්මක කි‍්‍රයාදාමයන් රාශියක් කි‍්‍රයාවට නැගෙමින් ඇත. මෙය බුදු දහමට මුල්තැන දෙනවා යැයි ව්‍යවස්ථාවෙන් අනුදත් ශිෂ්ට සම්පන්න රටක සිදු නොවිය යුත්තකි.
ඕනෑම අයෙකු ආගම අදහනුයේ අධ්‍යාත්මික සුවය පතාය. ඒ සඳහා මේ රටේ ජනාධිපතිවරයා වන ඔබ තුමාට ඇති අයිතිය රටේ අවසාන පුරවැසියාටත් එකසේ ඇත. ඊට යමෙක් බාධා කරන්නේ නම් එය ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ කි‍්‍රයාවක් නොවනු ඇත. දහමට අනුව එය වසල කි‍්‍රයාවකි. මෙවැනි තත්ත්වයක් ඔබතුමන් වැන්නකුගේ පාලනය තුළ සිදු වීම ඉතාමත් කණගාටුදායක කාරණයක් ලෙස අප සලකනුයේ පංසල ඇසුරු කරන, සංඝයා කල්‍යාණ මිත‍්‍රයන් සේ සලකන පාලකයෙකු ලෙස ඔබව සලකන නිසාය.
නිරන්තර මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා ලබන, ඒවා හිස් මුදුනින් භාවිතාවට නගන ජන නායකයෙකු ලෙස මේ රටේ ජනතාව ඔබව හඳුනාගෙන ඇත. එබැවින් ඉහත දුර්දාන්ත කි‍්‍රයා පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකොට මෙම අදූරදර්ශී කි‍්‍රයා නතර කිරීම සඳහා නිසි කි‍්‍රයාමර්ග ගන්නා ලෙස ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමි.
සංඝයාගේ ඓතිහාසික මැදිහත්වීම නොදන්නා, දුර නොබලන, ළඟ බලන, රාජ්‍යතාන්ති‍්‍රක භාවිතාවේ අඩු දැනුමැති ඇතැම් අය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ගෞරවය පවා කෙලෙසා ප‍්‍රකාශ නිකුත්කරන අවස්ථාද දැන් දැන් මතුවෙමින් ඇත. අප රට හා රටේ වගකිවයුත්තන් ආගම දහම නොසලකා කටයුතු කරන තත්ත්වයට පත්වීම දැහැමි පාලනයකට බාධා වන්නකි.
සතුරාටත් චෛත්‍ය ඉදිකරවා ගෞරව කළ ගෞරවනීය අතීතයක් හා භාවිතාවක් ඇති අප රටේ වර්තමානයේ ආශිර්වාද බෝධි පූජා සිදුකරන විට බුද්ධි අංශයෙන් ප‍්‍රශ්න කිරීමට හා තර්ජනයට ලක්වීම, භික්‍ෂූන් වහන්සේට නොසරුප් වචනයෙන් දෝෂාරෝපණය කිරීම කෙතරම් ඛේදවාචකයක් දැයි සිතා බලනු වටී.
"යෝ බුද්ධං පරිභාසති - අතවා තස්ස සාවකං
පරිබ්බාජං ගහට්ඨං වා - තං ජඤ්ඤා වසලෝ ඉති"යනුවෙන් වසල සූත‍්‍රයේදී වසල ධර්මයක් ලෙස මෙවැනි කි‍්‍රයා හඳුන්වා ඇත.
එබැවින් කෙනෙකුට නිදහසේ ආගම ඇදහීමේ ඇති අයිතියට පවා බාධාකරමින්, බුද්ධි අංශයෙන් යැයි කියාගත් පුද්ගලයන් මගින් ප‍්‍රශ්න කරමින් හා තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදෙමින්, මහා නායක මාහිමිපාණන් වහන්සේලාට අගෞරව වන ලෙස කටයුතු කරමින් ඇතැම් පිරිස් සිදුකරන නොමනා කි‍්‍රයා වහා නතරකිරීමට උපදෙස් ලබාදෙමින් බුදු සසුනේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන ලෙස මේ උතුම් දේශයේ බුද්ධ ශාසන අමාත්‍යවරයා වන ඔබතුමන්ගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
තෙරුවන් සරණින් යහපතක්ම වේවා!
මෙයට,
සසුන් ලැදි,
පූජ්‍ය අත්තනයාලේ සමිත හිමි
ගරු ප‍්‍රධාන ලේකම්
truth

බෝධි පූජාවට ආණ්ඩුවෙන් මැර ප්‍රහාරයක්


අතුරුගිරිය, පෝරේ ශ්‍රී මහා විහාරයේ පැවති බෝධි පූජාවකට සහභාගිවීමට පැමිණි බැතිමතුන්ට ආණ්ඩුවේ මැර කණ්ඩායමක් විසින් පහර දෙනු ලැබ තිබේ. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බැතිමතකු අතුරුගිරිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු සූදානමි කරමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
චමින්ද කොළඹගේ නොහො‍ත් ලාරා නමැති මැරයා පිරිස අතර සිටි බවත් ඔහු ආණ්ඩුවට ගැතිකම් කරන පුද්ගලයකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සරත් පතිරණ මහතා පැවසීය.
මැරයින් පැමිණි වාහනයේ අංකය 53-3881 ලෙස සටහන් වී තිබූ අතර පහරදීම සිදුවී ඇත්තේ විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසලදීය.
අද දිනය පුරා අවස්ථා කිහිපයකදීම විහාරස්ථානාධිපති ස්වාමීන් වහන්සේගේ දුරකතනයටද මැරයින් විසින් ඇමතුම් ලබා දෙමින් බෝධි පූජාව නතර කරන ලෙස බලපෑම් කර ඇත.
නීති විරෝධීවත් ප්‍රජාතන්ත්‍ර විරෝධීවත් ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතාට සෙත් පතා මෙම බෝධි පූජාව පැවැත් විණි.

ජෙනරාල් ලඟ වැඩ කළ පැහැරගත් සැරයන් වරයා ටවුන්හෝල් අසලට ගෙනැවිත් දමලා: ජෙනරාල්ට එරෙහි ගෙතූ කථා පිළිගන්නැයි වධ දීලා



ජෙනරාල් ෆොන්සේකාගේ කාර්යාලයේ සේවය කරන පසුගිය 11 වෙනිදින අතරුදහන් වූ රාගම කුසුමේ ගෙදර පදිංචි, ෙජ්. අශෝක් කුමාර නම් ආබාධිත සැරයන් වරයා ඊයේ කොළඹ නගර ශාලාව අසලට පැහැරගෙන ගිය පිරිස ගෙනවිත් දමා ඇත.
පැහැර ගෙන ගිය පිරිස විසින් කුමාර මහතාගේ හිස බූ ගා ඇහි බැම එකින් එක ගලවමින් පහර දෙමන් වධ දී ඇත.
අශෝක් කුමාර මහතා පවසන පරිදි ඔහුව පැහැරගෙන ඇත්තේ පොලිස් ඇඳුම් හැඳ සිටි පිරිසකි. ඔහුව නංවා ගෙන ඇත්තේ පොලිස් රියකට ය. පසුව ඔහුගේ දෑස් බැඳ ඇති අතර අතර මගදී වෙනත් රියකට මාරු කොට ඇත. පැයක පමණ ගමණකින් පසු දෑස් ගලවා ඇති අතර එහිදී සිටි පිරිස කළු ඇඳුම් හැඳ සිට ඇත.
නොදන්නා ස්ථානයකට ගෙන යාමෙන් පසු ඔහුට වධ දී ඇත. එහිදී ඔහුට කොන්දේසි කිහිපයක් පිළිගන්නට බල කර ඇති අතර එAවා මෙසේය.
1. ජෙනරාල් වරයා තමන්ට අවියක් දුන් බව
2. පබා ටෙලි නාට්‍යයේ රඟපෑ ජෙනරාල්වරයාට සහාය පළ කළ උපේක‍ෂා ස්වර්ණමාලි නිළිය සමග ජෙනරාල් වරයාත් අර්ජුන රණතුංග මහතාත් අයථා සම්බන්ධයක් පවත්වනවා තමන් දුටු බව
3. තමන්ගේ විශ්‍රාම වැටුප සකස් කර දීමේදී හමුදාපතිව සිටි ජෙනරාල් ෆොන්සේකා මහතා තම බිරියට අයථා යෝජනාවක් කළ බව

මෙම කොන්දේසි පිළිගන්නා ලෙසට බලකරමින් සැරයන් කුමාර මහතාට වධ දී ඇත. කුමාර මහතා කොන්දේසි වලට යටත් නොවී ඇති අතර පසුව පැහැර ගත් පිරිස විසින් යළි කොළඹ ටවුන් හෝල් මංසන්ධියේදී අතහැර දමා zතෝ ඕනෙ පොලීසියකට කම්ප්ලේන් කරපං. අපි බය නෑZ යනුවෙන් පවසා පලා ගොස් ඇත.
තමා පැහැර ගත් පොලිස් ඇඳුම් හැඳ සිටි පිරිසත් තමාට වධ දුන් කළු ඇඳුම් හැඳ සිටි පිරිසත් යළි දුටුවහොත් හඳුනාගත හැකි බව පවසන අශෝක් කුමාර මහතා මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. enews

මහ මැතිවරණයට ජ.වි.පෙ. එන්නේ ජෙනරාල් සමඟ


ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට පුළුල් විකල්ප පෙරමුණක් ලෙස තරඟ වැදීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ බව අනාවරණය වූයේ අද ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා සිර ගෙදර තනි කොට මන්ත්‍රී ධූර ප්‍රමාණය ගැන පමණක් සිතමින් මැතිවරණයට ඉදිරිපත්වීමට තරම් පහත් තත්වයකට තමන් නොවැටෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. රටට අවශ්‍යව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ද සහිත පුළුල් පෙරමුණක් වුවත්, අලියා ලකුණෙන් ඉදිරිපත් වීමට එ.ජා.ප.ය ගෙන තිබෙන තීරණය වෙනස් නොකරන්නේ නම් ‍සරත් ‍ෆොන්සේකා මහතා පෙරටු කොටගත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පුළුල් පෙරමුණක් ඔස්සේ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව එහිදී ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.truth

තංගල්ලේ උද්ඝෝෂණයටත් මැරයින් හා එක්ව පොලිසිය පහර දෙයි






අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අද තංගල්ල නගරයේදී විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව උද්ඝෝෂණයක් පැවැති අතර, මෙම උද්ඝෝෂණයට ‍මැර පිරිසකගේ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, මැරයින් පහරදීමත් සමඟම පොලිසිය විසින්ද උද්ඝෝෂකයින්ට පහර දී ඇත.
අද උදෑසන තංගල්ල නගරයේදී මෙම උද්ඝෝෂණය පැවැති අතර, උද්ඝෝෂණය පවත්වා පසුව ජනතා නියෝජිතයින් විසින් උද්ඝෝෂකයින් අමතා ඇත. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා උද්ඝෝකයින් අමතමින් සිටියදී නිල් බලකායේ සාමාජිකයින් විසින් මෙම උද්ඝෝෂණයට පහර දී ඇත. මැර පිරිස පහරදීමත් සමඟම ක්‍රියාත්මක වී ඇති පොලිසිය ද උද්ඝෝෂකයින්ට අමානුෂික ලෙස පහරදී ඇති අතර, පොලිසිය මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාට ද තර්ජනය කර ඇත. පොලිසියේ හා මැරයින්ගේ ප්‍රහාරවලින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
කෙ‍සේ වෙතත් මේ අවස්ථාවේදී මැරයින් කිසිවෙකු සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර, දිගින් දිගටම උද්ඝෝෂකයින්ට පහර දී උද්ඝෝකයින් විසුරුවීමට කටයුතු කර ඇත.truth

ටයිපටි මැරයා හෙළිවේ!


පසුගියදා මහරගම නගරයේදී සංවිධානය කර තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස බලකරමින් පැවැත්වූ උද්ඝෝෂණයට එල්ල වූ පොලිස් ප්‍රහාරය අතරතුරදී හදිසියේ කඩා වැදුණු සිවිල් ඇඳමින් සැරසුණු පුද්ගලයෙකු උද්ඝෝෂකයින් පෙන්වා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග දුන් අකාරය හා එහි ඡායාරූප අප විසින් ඉදිරිපත් කළ අතර, ඔහු පිළිබඳ සත්‍ය තොරතුරු රැසක් මේ වන විට අප පාඨකයින් විසින් අප වෙත එවා ඇත. මේ ඒ පිළිබඳ විස්තරයි.
මාතර, තල්පාවිල පදිංචිව සිටි මොහුගේ නම රුවන් නිශාන්ත ද සිල්වා ය. මොහුගේ වැඩිමහල් සොහොයුරා වන ජනක නම් පුද්ගලයා නුවරඑළිය කාර්මික විද්‍යාලයේ කම්කරුවෙකි. මොහුගේ පියා මාතර දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකි. ගම් ප්‍රදේශයේ මොහුට අන්වර්ථ නාම දෙකක් භාවිතා කරන අතර එකක් "නොන්ඩි රුවන්" වන අතර, අනෙක් නම "කිච රුවන්" ය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන්ද අසමත් වී ඇති මොහු සිය සොහොයුරාගේ මාර්ගයෙන් දේශපාලන සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, මොහු රුහුණු ජනතා පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස කටයුතු කර ඇත.
මේ වන විට කොට්ටාව ප්‍රදේශයේ පදිංචිව ඇති අතර, රුහුණු ජනතා පෙරමුණේ නායකවරයාගේ සහයෙන් මේ වන විට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තනතුරේ කටයුතු කරමින් සිටී. මොහු ජනාධිපති උපදේශක විමල් ගීගනගේගේ කාර්යාලයට නිතර නිතර ගොස් ඔහු සමඟ සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, මෙමගින් ද මොහු ජනාධිපති කාර්යාලය හා සම්බන්ධතා ඇති කර ගෙන ඇත.
ගන්දර ප්‍රදේශයේ ජීවත්ව සිටි කාලයේදී ගන්දර පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ කිට්ටු සබඳතාවයක් ඇති කර ගෙන ඇත. මේ වන විට මහරගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරන දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට කලකට පෙර ගාල්ල ප්‍රදේශයේ කටයුතු කර ඇත. මේ කාලයේදී දේශබන්ධු තෙන්නකෝන් සිය ජීවිකාව සපුරාගෙන ඇත්තේ මකුළුව බුද්ධසිංහාරාමය, කජ්ජුවත්ත පුරාණ විහාරය වැනි විහාරස්ථානවලිනි. මෙම විහාරස්ථානවල ජීවත් වෙමින් දේශබන්ධු තෙන්නකෝන් කටයුතු කරන කාලයේදී මෙම රුවන් නමැත්තා හා සම්බන්ධතා පවත්වා ඇත.
මෙයට අමතරව දේශබන්ධූ තෙන්නකෝන් විහාරස්ථානවලට අමතරව ගාල්ලේ "ශ්‍රී ලයින් චයිනීස්" නම් හෝටලයකින් තමන්ට අවශ්‍ය ආහාර වර්ග නොමිලේ ලබා ගෙන ඇත. තෙන්නකෝන්ට මෙම ආහාර නොමිලේ ලබා දී ඇත්තේ මෙහි අයිතිකරුගේ බිරිඳ ගාල්ල පොලිස් ස්ථානයේ සේවය කරන බැවිනි. මෙම කරුණ ද තෙන්නකෝන් හා රුවන් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමට ඉවහල් වී ඇත. truth

ඡන්ද ගණින්නට අලුත් ක්‍රම

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ගණන් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් නව ක්‍රමවේද හඳුන්වා දීමට ඇති හැකියාව පිළිබඳ මැතිවරණ කොමසාරිස් සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ වන විට එවැනි ක්‍රම සම්බන්ධයෙන් තම පක්ෂය කරුණු එක්රැස් කරමින් සිටින බව ඔහු සඳහන් කරයි. ජනතාවගේ ඡන්දයට වටිනාකමක් ලබාගැනීම සඳහා ඔවුන්ට ඇති අයිතිය වෙනුවෙන් තම පක්ෂය ඉදිරිපත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදි කරුණු දැක්වු විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සෙසු පක්ෂ සමඟ එක්වීම කෙරෙහි අවධානයෙන් සිටින බවය.

සෙසු පක‍ෂ හා සාකච්ඡා කර zඅලියාZ ගැන ලබන සතියේ අවසන් තීරණයක් ගන්නවා- රනිල


අලියා ලකුණ යටතේ එජාපය තරග කළ යුතු යැයි කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය කළත් පවතින තත්ත්වයන් හමුවේ සෙසු පක‍ෂ හා සාකච්ඡා කර සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමට පක්ෂය තමන්ට බලය පවරා ඇති බව එක්සත් ජාතික පක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීයග
ඒ අනුව මහ මැතිවරණයට තරග කළ යුතු ආකාරය පිළිබඳව සෙසු පක‍ෂ හා සාකච්ඡා කර සුදුසුම තීරණය තමන් ලබන සතියේ දී ගන්නා බව ප්‍රකාශ කළ එජාප නායකයා එහිදී තමන් තරග කරන්නේ zඅලියාZ යටතේ ද වෙනත් ලකුණක් යටතේ ද යන්න තීරණය කරන බවත් ප්‍රකාශ කර සිටියේයග
අද :14- කොළඹ විපක‍ෂ නායක නිල නිවසේදී පක‍ෂ ලේකම් තිස්ස අත්තනායකල නියෝජ්‍ය නායක කරු ජයසූරිය යන මහත්වරුන් සමග මාධ්‍ය හමුවට එක්වූ රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාව ආරම්භ කරමින් පැවසුවේ zසරත් ෆොන්සේකා හිර ගෙදර - කේගපීග රජ ගෙදරZ බවයිග
සරත් ෆොන්සේකා මහතා බේරාගැනීමත්ල ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා බේරාගැනීමත් අද කාරණා 2 ක් නොව එකක් බවට පත්වෙලාග ඒ දෙකම ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා සිදු කළ යුතු දේවල්ග
අප ජනරාල්වරයා නිදහස් කරන ලෙස උද්ඝෝෂණ 20 ක් පමණ රට පුරා සිදු කළා මේවා වාර්තා කරන්න එපා කියා ආණ්ඩුවෙන් මාධ්‍යවලට බලපෑම් කරනවාග
මා ජනාධිපතිගෙන් සරත් ෆොන්සේකා මහතා බලන්න ඕනෑ යැයි ඉල්ලූවාම ඔහු කියනවා මට හමුදාපතිට ලියන්නලූග එවිට මා කිව්වා මා ඇවිත් ඉන්නේ ජනාධිපති ලඟටග ජනාධිපතිවරයාට පුළුවන් හමුදාපතිට හෝ නාවික හමුදාපතිට කියන්න කියාග සම්ප්‍රදායානුකුලව විපක්ෂ නායකයා ලෙස යම් ඉල්ලීමක් කළ පසු ජනාධිපතිවරයා එය ඉටු කර දීම සිදු කළ යුතුයිග
මහ මැතිවරණයට ඉදිරිපත්වීම ගැන අප සෙසු පක‍ෂ හා කතා කර සුදුසු තීරණයක් ගන්නවාග අලියා ලකුණින් හෝ වෙනත් ලකුණකින් ඉදිරිපත් වෙනවාද යන්න අප ඉදිරියේදී තීරණය කරනවාග නමුත් දැනට ගෙන ඇති තීරණය අලියා ලකුණයිග
ෆොන්සේකා මහතා හා එක්නැලිගොඩ මහතා නිදහස් කරගන්න අප නීතිමය ක්‍රියා මාර්ගවලට අමතරව විවිධ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා යැයිද වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසුවේයග

එජාපය නැතිව හෝ පුළුල් පෙරමුණකට යනවා- ටිල්වින්


ජනාධිපතිවරණයේදී කටයුතු කලාක් මෙන් මහ මැතිවරණයේදීත් හංසයා ලකුණින් පුළුල් පෙරමුණක් හරහා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කිරිමට කැමැති බව එහි මහලේකම් ටිල්වින් සිල්වා මහතා අද (14) ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය තනිව තරග කළ යුතු යැයි එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණයෙන් මෙම පුළුල් පෙරමුණ ගොඩ නැගීමට කිසියම් බාධාවක් ඇති වී ඇති නමුත් සරත් ෆොන්සේකා මහතා ප්‍රමුඛ සෙසු පක‍ෂ නායකයන් හා සාකච්ඡා කර මෙම පුළුල් පෙරමුණ ගොඩ නැගීමට තමන් කටයුතු කරන බවයි.
කිසිදු අයුරකින් ජනරාල් ෆොන්සේකා මහතා අතහැර තනිව දේශපාලන ගමනක් යන්නට තමන් නොසිතන බවත්, ඒය මහා ගුණමකු කමක් බව වැඩිදුරටත් පැවසූ ටිල්වින් සිල්වා මහතා මනෝ ගනේෂන් රවුෆ් හකීම්, වැනි සෙසු නායකයන් ද මෙම මතයේ සිටින බවත් පැවසීය.
ජනාධිපතිවරණයේදී ජනරාල් ෆොන්සේකා මහතා වටා එක්වූ ජනතා බලවේගය ඉදිරියට ගෙනයාමට නම් මෙම පුළුල් පෙරමුණ ගොඩනැගීම අත්‍යාවශ්‍ය බවත්, එම බලවේගය හරහා ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය පළ කිරීම සිදුකළ හැකි බවත් පවසන ජවිපෙ ලේකම්වරයා ආණ්ඩුව සිදුකරන මර්ධනය ඉදිරියේ ජවිපෙ කිසිදා යටත් නොවන බවද පැවසුවේය.
ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවේදී මෙසේද පැවසීය.
මේ රටට සුවිශේෂී මෙහෙවරක් කළ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පිවිසීම හේතුවෙන් මෙවන් බොරු චෝදනාවක් කර ඛෙල්ලෙන් අල්ලා ගෙන ගිහින් හිර කළා නම් සාමාන්‍ය කෙනෙකු ගැන අහන්න දෙයක් නැහැ.
මේ මැතිවරණය යුධ පිටියක ඉදලා යුද්ධ කරනව වගේ කරන්න වෙන මැතිවරණයක් බව දැන්ම පෙන්නුම් කරනවා. බස්නාහිර පලාතේ සමහර අපේක්ෂකයන් දැන්ම මැතිවරණ නීති උල්ලංඝනය කරන්න පටන් අරන්. ජවිපෙ කාර්යාලවලට පහරදීම අරඹලා.
පසුගිය ජනාධිපතිවරණයේදී ගොඩනැඟ= ජනතා බලාපොරොත්තුව ජෙනරාල්වරයා ප්‍රමුඛ ජනතා බලවේගයක්. එවැනි පුළුල් පෙරමුණකට එජාපයත් එක් වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. එජාපය එන්නේ නැත්නම් සෙසු අය හා පුළුල් පෙරමුණකට යාම හැර වෙන විකල්පයක් නැහැ.enews

Military Investigations




ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්


කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද කැනඩාවේ ඔටාවාහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරතවිය. එය සංවිධානය කර තිබුණේ "ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාරය" නම් වූ සංවිධානයක් මගිනි. එම විරෝධතාව පැවැත්වීමේ අරමුණ වී තිබුණේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට වි‍රෝධය පෑමය. adadera

පොරොන්දු ඉටුකරන්නැයි කරුණානිධි පවසයි


ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ද්‍රවිඩ ජනතාවට පොරොන්දු වූ පරිදි බලය විමධ්‍යගත කිරීම පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අසමත් වුවහොත් හෝ ප්‍රමාද වුවහොත් ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය නොකරන බව ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ සභාපති, ප්‍රධාන අමාත්‍ය කරුණානිධි මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. එසේම ඒ සම්බන්ධව ගනු ලබන තීරණය සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු බව ද කරුණානිධි මහතා වැඩිදුරටත් අවධාරණය කරයි. adaderana

ආනන්ද පීරිස් සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ධූරයට


සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස රියර් අද්මිරාල් ආනන්ද පිරීස් මහතා පත්කර තිබේ.
හෙට දිනයේ ඔහු සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කටයුතු කරනු ලැබීය.

දෙමළ සන්ධාන අවසන් තීරණය අඟහරුවාදා


දෙමළ ජාතික සන්ධානය ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන ආකාරය සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා අවසන් තීරණයකට එළඹීමට නියමිත බව වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඒ පිළිබඳව මේ දිනවල පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව එහි ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් කළේය. adaderana

අද ටී.එම්.වී.පීයේ විශේෂ සාකච්ඡාවක්


ටී.එම්.වී.පීය ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
මැතිවරණයට තනිව තරග කරන්නේද එසේත් නැත්නම් රජය සමඟ එක්ව තරග කරන්නේ ද යන්න මෙහි දී එකඟතාවකට එළඹීමට නියමිත බව වාර්තා වේ. ටී.එම්.වී.පීයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් ‍පැවැත්වෙන මෙම සාකච්ඡාවට එම පක්ෂයේ ප්‍රධාන නායකයින් රැසක් සහභාගී වීමට නියමිතය.truth

රාජ්‍ය සේවක අල්ලස් ගැනීම් 135 ක්

පසුගිය වසර තුළ රාජ්‍ය සේවකයින් අල්ලස් ගැනීමේ සිදුවීම් 135 ක් වැටලීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ නිලධාරීන් දිවයින පුරා මෙම වැටලීමි සිදු කර ඇති බව එහි වැඩ බලන විමර්ශන අධ්‍යක්ෂ සරත් සෝමවීර මහතා ප්‍රකාශ කළේය. මෙහි දී වැඩිම අල්ලස් ගැනීම් ප්‍රමාණයක් වාර්තා වන්නේ කම්කරු දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය තුළය.
එම වැටලීම් වලින් වැරදිකරුවන් වූ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.adaderana