Sunday, February 21, 2010

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීකයෝ ජෙනරාල් වෙනුවෙන් වීදි බසියි.





මේ වන විට නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන සිරකරගෙන සිටින ජෙනරාල් සරත් ෆෝන්සේකා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකරන සහ ඉතාලි ජනතාව දැනුවත් කරන විරෝධතා පාගමනක් හා දැවැන්ත උද්ඝෝෂණයක් අද(21) ඉතාලියේ මිලානෝ නගරයේදී පැවැත්වුනා. ඉතාලියේ මිලානෝ,රෝම්,නාපෝලි,කතානියා,වැනිස්,වෙරෝනා,බ්‍රේෂියා,මෝදනා ඇතුළු බොහෝ නගරවල සිටින ජනතාව අද විරෝධතාවයට එක්වී සිටියා.
¥ෂිත ජනාධිපතිවරණයට එරෙහිවත් ,ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව සටන්පාඨ කියමින් මිලානෝ ප‍්‍රධාන වීදි හරහා ගමන්ගත් පාගමන කාගෙත් අවදානයට ලක්වී තිබුනා. ඉතාලි බසින් ලියවූ පති‍්‍රකා බෙදමින් ලංකාවේ වත්මන් පාලනයේ ¥ෂිත ස්වභාවය හෙලි කිරීම තවත් විශේෂ සිදුවීමකි.
ජෙනරාල්ට විරුද්ධව පිළිගතහැකි චෝදනාවක් ඉදිරිපත් කරන්ඩ ආණ්ඩුවට තවමත් පුළුවන් වෙලා නැහැ.මේක දේශපාලන පළිගැනීමක්. අපේ යුගයේ බිහිවෙච්ච ජාතික වීරයෙක් හැටියට මම ජෙනරාල්ව හදුන්වනවා.”
මම වැනිස් ඉඳලා මේ වැඬේට ආවේ.මට දේශපාලන පක්ෂයක් නෑ.ඒවුනාට රාජපක්ෂලාගේ බලූවැඩ වලට අපි කැමති නැහෑ.අද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහෑ.අපි අද පිටරටක හිටියත් මැරෙන්ඩහරි ලංකාවට යන්ඩ ඕනා.ඒ හින්දා රට ගැන හිතන එක මගේ වගකීමක් කියලා හිතපු හින්දයි අද මේ උද්ඝෝෂණයට ආවේ.ජෙනරාල් දේශපාලනයට ආවට මම කැමති නැහැ..ජෙනරාල්ව හිරකරන් ඉන්නේ මේකත් නිසාද කියලා පැහැදිලියි.ඒ දේශපාලන පළිගැනීමකට.”
මේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වැඩ කරන රාජපක්ෂලාව අතුගාලාදාන්ඩ ඕනා. මුලූ ලෝකයම දැනුවත් කරන්ඩ ඕනා.
වෙත උද්ඝෝෂණයට සහභාගිවී සිටි කිහිප දෙනෙකු අදහස් දක්වමින් පවසා සිටියා.මේ විරෝධතාවය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වන ව්‍යාපාරය විසිනුයි.

මාධ්‍ය සංදර්ශන නොපවත්වා හංසයා ගැන නිශ්චිත තීන්දුව රටට කියන්න - අනුර, තිස්සට දන්වයි


ඉදිරි මහ මැතිවරණයේදී හංසයා ලකුණින් තරඟ කිරීම පිළිබඳව මාධ්‍යය හමුවේ නොයෙක් නොයෙක් ප්‍රකාශ නොකර ඒ පිළිබඳ නිශ්චිත තීන්දුව රටට ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හංසයා ලකුණින් තරඟ වැදීම පිළිබදව එක්සත් ජාතික පක්ෂය විසින් ආරාධනා කර ඇති බවට පසුගියදා මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමින් දිසානායක මහතා මෙම නිවේදනය යොමුකර තිබේ.
එම නිවේදනය මෙසේය.
ඉදිරියේදි එළඹෙන මහ මැතිවරණයේදී හංසයා ලකුණින් තරග වැදීමට ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කර ඇති බවත්, ඒ පිළිබඳව එතුමාගෙන් පිළිතුරක් නොමැති නිසා එය ප්‍රමාද වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (20) මාධය හමුවකදී පවසා තිබිණි. ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් එවැනි දැනුම්දීමක් ලැබී නැත. මුලින් එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ තරග වදින බව ඒ මහතාට යෝජනා කළත්, ඒ පිළිබඳව එකඟතාවයක් ඇති නොවිණි. ඉන් අනතුරුව ජනරාල් සරත් ෆොන්සේකා මහතාත් අනෙකුත් බොහෝ දේශපාලන පක්ෂ හා සංවිධානත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුළුල් එක්සත් ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කළත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. පසුව හංසයා ලකුණ අතහැර අලියා ලකුණින් එක්සත් ජාතික පක්ෂය තනිව තරග වදින බවට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගත් අතර, එය රටට ප්‍රකාශ කරන ලදී. එක්සත් ජාතික පක්ෂය ද ඇතුළත් පුළුල් පෙරමුණක් පිළිබඳ ක්‍රියාමාර්ග බිඳ වැටුණේ එතැන් සිටය.
මේ වන විට රට තුළ ප්‍රජාතන්ත්‍රවිරෝධී වාතාවරණයක් ගොඩනැගී ඇති අතර, අපේ රට දරුණු ඒකාධිපතීත්වයක් කරා ගමන් කිරීමේ අනතුරක පවතී. මෙම තත්ත්වයට එරෙහි සියලු බලවේග ඒකාබද්ධ කර ගත් පුළුල් එක්සත් ක්‍රියාමාර්ගයක් රටට අවශ්‍ය වී තිබේ. ඒ පිළිබඳව පුළුල් ජනමතයක්ද ගොඩනැගී තිබේ. එම එක්සත්භාවය ආරක්ෂා කිරිම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධීත්වයට එරෙහි පුළුල් පෙරමුණක් අවශ්‍ය වී තිබේ. එවැනි පෙරමුණක් පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසා තිබිණි. දැන් අවශ්‍ය වන්නේ තවදුරටත් සාකච්ඡා කිරීම නොව තීන්දුවක් ගැනීමයි. නිශ්චිත සහ පැහැදිලි තින්දුවක් ගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පුළුල් පෙරමුණක් ගොඩනැගීමයි.
වැනි පුළුල් පෙරමුණක් ගොඩනැගීමේ උත්සහය එක්සත් ජාතික පක්ෂය ගත් තීරණ නිසා බිඳ වැටුණු අතර, ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට සමාජයෙන් විරෝධයක් මතුවෙමින් තිබේ. එම සමාජ විරෝධය මගහැරවීම සඳහා මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් පළක් නොවන අතර, අවශ්‍ය වන්නේ අවංකව හා විවෘතව තීන්දුවක් ගැනීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂයා සඳහා එකඟ වූ පක්ෂ සමඟ එම පෙරමුණ ගොඩනැගීම පිළිබඳව තීන්දුවක් ගැනීමයි. එක්සත් ජාතික පක්ෂය තනිව තරග වදිනවා වෙනුවට හංසයා ලකුණ යටතේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන අනෙක් සියලු දෙනා සමඟ එක්වීමට තීන්දුවක් ගත යුතුව තිබේ. එම තීන්දුව ගැනීම පසෙක තබා තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් පළක් නැත. එබැවින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම වෙනුවට පවතින තත්ත්වයන් ගැඹුරින් සලකා බලා නිවැරදි දේශපාලන තීන්දුවක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ යුතුව තිබේ. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ ද අපේක්ෂාව බව තිස්ස අත්තනායක මහතාට සිහිපත් කර සිටිමු.
අනුර දිසානායක,
දේශපාලන මණ්ඩල සභික,
ජනතා විමුක්ති පෙරමුණ.
2010.02.21 truth

ක්‍රිකට් තරගයක් අතරතුර ඇමති ගොඩ බැහැලා තරගය අවලංගු කරයි

සංචාරක අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සංචාරයක් හේතුවෙන් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයක් සම්පූර්ණයෙන් ඇන හිට තිබේ. මේ දිනවල පැවැත්වෙන අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති කළුතර විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයීය 19න් පහළ ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයට මුස්තාපා අමාත්‍යවරයා රැගෙන පැමිණි හෙලිකොප්ටර් යානය ඊයේ උදේ 08.45 ට ගොඩ බස්වා එදින පුරාවටම එය එහි නතර කර තිබීම ‍හේතුවෙන් තරගය මෙලෙස අවලංගු කිරීමට සිදුව තිබේ.
අස්ගිරිය ක්‍රීඩාංගණයේ දෙවැනි දිනයට මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබිණි. මුල් දිනයේ ක්‍රීඩා කළ කළුතර විද්‍යාලයීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත් අතර ඊ‍ට පිළිතුරු වශයෙන් සිල්වෙස්ටර් විද්‍යාලයීය කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 95ක් ලබා ගෙන තිබුණි. මේ තත්වය හමුවේ ඊයේ දිනයේ තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වී තිබේ.
අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් කළුතර විද්‍යාලීය කණ්ඩායම සහ සිල්වෙස්ටර් විද්‍යාලයීය කණ්ඩායම් අතර තරගය අවසන් තීරණයකින්‍ තොරව නිමාවට පත්කිරිමට සිදුව තිබේ.truth

හිටපු කතානායක ලොකුබණ්ඩාරත් පුතා ගිය මග යයි


ශ්‍රී ලංකාවේ 6 වැනි පාර්ලිමේන්තුවේ හිටපු කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා ඊයේ මෙතෙක් කළක් කටයුතු කළ සිය පක්ෂය වූ එක්සත් ජාතික පක්‍ෂය අතහැර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. බණ්ඩාරවෙල නගර සභා ශාලාවේ පැවැති උත්සවයකදී ඔහු මෙසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ ජනාධිපතිවරයා මෙම උත්සවයට නිමල් සිරිපාල ඇමැතිවරයාද සහභාගී වී සිටියේය.
පසුගිය පාර්ලිමේන්තුවේදී කතානායකවරයා පත්කරගැනීමට ආණ්ඩු පක්‍ෂයට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව නොමැතිව සිටියදී විපක්‍ෂය විසින් කතානායක ලෙස වි.ජ.මු.ලොකුබණ්ඩාර මහතා පත් කර ගත්තේය. එසේ වුවද එතෙක් පටන් ඔහු ආණ්ඩු පක්‍ෂයට සහයෝගය දැක්වෙන ලෙස කටයුතු කළ බවට පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ චෝදනාවට බඳුන් විය.
ලොකු බණ්ඩාර මහතාගේ පුත් උදිත ලොකු බණ්ඩාර මහතා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරයක් ලබා ගත් අතර, ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස බදුල්ල දිස්ත‍්‍රික්කයට තරග කිරීමට නියමිතය.

අලියා ඉරිතැලෙන ලකුණු


එක්සත් ජාතික පෙරමු‍‍ණට අයත් පක්ෂ කිහිපයක් එයින් ඉවත් වන බවට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමින් නව සිහළ උරුමයේ ලේකම් සරත් ‍මනමේන්ද්‍ර මහතා සදහන් කළේ පවතින ගැටලු නිරාකරණය කර ගැනිමේ අරමුණින් අද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වු බවයි..
අලියා ලකුණින් තරග කිරීම සදහා කුඩා පක්ෂ වලට ප්‍රමාණවත් ඉඩකඩක් එක්සත් ජාතික පක්ෂය ලබානොදෙන බව ඔහු පෙන්වා දෙයි.
එහෙත් මනෝගනේෂන් සහ මංගල සමරවීර යන මහත්වරුන්ට ප්‍රමාණය ඉක්මවා ඔවුන්ගේ අපේක්ෂකයින් නාමයෝජනා ලයිස්තු වලට ඇතුළත් කිරීමට ඉඩ ලබා දී ඇතැයි මනමේන්ද්‍ර මහතා චෝදනා කරයි..
අත්අඩංගුවේ පසුවන විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතහැර දමා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම තමන් අනුමත නොකරන බව ද හෙතම කියා සිටියේය..
මේ තත්ත්වය තුළ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ තවත් පක්ෂ කිහිපයක් ද ඉවත් යාමේ අවදානමක් පවතින බව නව සිහළ උරුමයේ ලේකම්වරයා කියා සිටියේය. .
මේ වන විට එක්සත් ජාතික පෙරමුණ සමග පක්ෂ 16 ක් සන්ධාන ගතව සිටී. adade

ටී එන් ඒ කොටසක් සන්ධානයට


දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී කේ.තංගේෂ්වරී මහත්මිය ඇතුළු පිරිසක් එක්සත් ජනතා ‍නිදහස් සන්ධානය යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කරයි. තංගේෂ්වරී මහත්මිය අද දෙරණට ප්‍රකාශ කළේ තමන් සමග දෙමළ ජාතික සන්ධාන‍ෙය් සාමාජිකයින් 8 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ බවයි. ඉදිරි මැතිවරණය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අදාළ නාමයෝජනාවලට ද අද පස්වරුවේ අත්සන් තැබූ බව ඇය සඳහන් කළාය. adade

කිරිපිටි සමාගම් වලට ආණ්ඩුවෙන් සහනයක්


ලෝක වෙළඳපළේ කිරිපිටි මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් කිරිපිටි ආනයනය කරන සමාගම් වලට බදු සහන ලබාදීම කෙරෙහි අවාධානය යොමුව ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
සමාගම් වලට ඇතිවිය හැකි අපහසුතා පිළිබඳ සලකා බලා මෙම පියවර ගන්නා බව හෙතෙම කියා සිටියි. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් අදාල බදු ගැලපීමට කටයුතු කරනු ඇති බවත්,එමගින් කිරිපිට මිල ස්ථාවරව පවත්වාගෙන යාම අරමුණ බවත් ඇමතිවරයා පෙන්වාදෙයි.
ලෝක වෙළෙඳපලේ කිරිපිටි මිල ඉහළ යාමත් සමග මෙරට වෙළඳපලේද කිරිපිටි මිළ ඉහළ නැංවීමට එම සමාගම් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියත් අමාත්‍යවරයා විසින් එය ප්‍රතික්ෂේප කර තිබුණි.

හමුදා විශ්‍රාම වැටුප් 10% න් ඉහළට


යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන සියලු දෙනාගේම විශ්‍රාම වැටුප වසර 10 කට පසුව සියයට 10 කින් වැඩි වන බව යුද හමුදා මූලස්ථානය පවසයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් ක‍රන්නේ සියලුම නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට තම මනාපය පරිදි පරිවර්තිත පාරිතෝෂිත මුදලක් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.
එසේ මුදලක් ලබා ගැනීම නිසා වසර 10 ක් ගතවන තුරු විශ්‍රාම වැටුපෙන් සියයට 10 අඩුකර ‍ගෙවීම යුද හමුදාවේ ක්‍රියාපටිපාටිය වේ.
එහෙත් වසර 10 ක් ගත වීමෙන් පසු සියලුම යුද හමුදා සාමාජිකයින්ට මුළු විශ්‍රාම වැටුපම ලැබිය යුතු බව ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
‍එසේ විශ්‍රාම වැටුප් වැඩි නොවන්නේ නම් විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කෙරෙන ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් අදාල වැඩි කිරීම සිදු කර ගන්නා ලෙස ප්‍රසාද් සමරසිංහ මහතා ඉල්ලා සිටියි.

ළමා භාරකත්වයේ පැමිණිලි වැඩියි


ළමා භාරකාරත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වල වැඩිවීමක් තිබෙන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසයි..
පසුගිය සතිය තුළ පමණක් ළමා භාරකාරත්වය පිළිබඳ පැමිණිලි 20 ක් පමණ කාර්යංශය වෙත ලැබුණු බව ඔවුන් පවසයි.
විශේෂයෙන්ම දෙමාපියන් අතර ඇතිවන ගැටලු හේතුවෙන් ළමයින්ගේ භාරකාරත්වය පිළිබඳ ගැටලු රැසක් ඇති වී හට ගෙන ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එසේ ලැබුණු පැමිණිලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දෙමාපියන් අතර ඇතිවන්නා වූ මෙම ගැටලු හේතුවෙන් කුඩා ළමුන්ට සිදු වන දුෂ්කරතා මඟහැරවීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුරටත් සඳහන් කරයි.. adader

හොර නෝට්ටු ගසා රිමාන්ඩ්


ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මාතර පොලිසීයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුණි. වෙළඳසැළකින් ‍ව්‍යාජ මුදල් ලබා දී භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
එහි දී ඔහු සතුව තිබූ ව්‍යාජ රුපියල් දෙදහසේ , දහසේ සහ රුපියල් සිය‍යේ නෝට්ටු කිහිපයක් ද සොයා ගෙන ඇති බව සඳහන් වේ..
වැලිගම , වැලිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සිය නිවසේ දී පරිඝනකයක් උපයෝගී කර ගනිමින් මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ..

ජෝර්දානයට ගෘහ සේවිකාවන් යැවීමේ අවදානමක්


ජොර්දානයට ගෘහ සේවිකාවන් යැවීමේ අවදානමක් මතුව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ජෝර්දානයේ ගෘහ සේවිකාවන්ට යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවන් හි ඒවා විසඳීම සඳහා විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළක් නොමැති වීම මෙයට හේතු වී ඇතැයි කාර්යාංශය පෙන්වාදෙයි.
මේ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස ජෝර්දානයේ එජන්සි සංගමයට මේ වන විටත් දැනුම් දී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.
ඒ අනුව අවශ්‍ය විසඳුම් ලබා දීමට ජොර්දානයේ ඒජන්සි සංගමයට සති 3 ක කාලයක් ලබා දී ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
එම කාලය තුළ පිළිගත හැකි විසඳුමක් ලබා දීමට ඔවුන් අපොහොසත් වුවහොත් ජෝර්දානයට ගෘහසේවිකාවන් යැවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය..