Sunday, February 21, 2010

ජෝර්දානයට ගෘහ සේවිකාවන් යැවීමේ අවදානමක්


ජොර්දානයට ගෘහ සේවිකාවන් යැවීමේ අවදානමක් මතුව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ජෝර්දානයේ ගෘහ සේවිකාවන්ට යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවන් හි ඒවා විසඳීම සඳහා විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළක් නොමැති වීම මෙයට හේතු වී ඇතැයි කාර්යාංශය පෙන්වාදෙයි.
මේ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස ජෝර්දානයේ එජන්සි සංගමයට මේ වන විටත් දැනුම් දී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.
ඒ අනුව අවශ්‍ය විසඳුම් ලබා දීමට ජොර්දානයේ ඒජන්සි සංගමයට සති 3 ක කාලයක් ලබා දී ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
එම කාලය තුළ පිළිගත හැකි විසඳුමක් ලබා දීමට ඔවුන් අපොහොසත් වුවහොත් ජෝර්දානයට ගෘහසේවිකාවන් යැවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය..

0 comments:

Post a Comment