Sunday, February 21, 2010

හමුදා විශ්‍රාම වැටුප් 10% න් ඉහළට


යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන සියලු දෙනාගේම විශ්‍රාම වැටුප වසර 10 කට පසුව සියයට 10 කින් වැඩි වන බව යුද හමුදා මූලස්ථානය පවසයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් ක‍රන්නේ සියලුම නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට තම මනාපය පරිදි පරිවර්තිත පාරිතෝෂිත මුදලක් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.
එසේ මුදලක් ලබා ගැනීම නිසා වසර 10 ක් ගතවන තුරු විශ්‍රාම වැටුපෙන් සියයට 10 අඩුකර ‍ගෙවීම යුද හමුදාවේ ක්‍රියාපටිපාටිය වේ.
එහෙත් වසර 10 ක් ගත වීමෙන් පසු සියලුම යුද හමුදා සාමාජිකයින්ට මුළු විශ්‍රාම වැටුපම ලැබිය යුතු බව ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
‍එසේ විශ්‍රාම වැටුප් වැඩි නොවන්නේ නම් විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කෙරෙන ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් අදාල වැඩි කිරීම සිදු කර ගන්නා ලෙස ප්‍රසාද් සමරසිංහ මහතා ඉල්ලා සිටියි.

0 comments:

Post a Comment