Tuesday, February 9, 2010

ජෙනරාල්වරයා අත්අඩංගුවට පත්වීමෙන් පසුව එම ස්ථානයේ ලබා ගත් ඡායාරූප කිහිපයක් අපට ලැබී ඇත.පහත දැක්වෙන්නේ ඒවාය.



සැමියා බලන්නට දෙන බව වාචිකව දැනුම් දුන්නා -ෆොන්සේකා මහත්මිය


ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අන්දමට හමුදාව විසින් පැහැරගෙන යනු ලැබූ ජෙනරාල් ෆොන්සේකා මහතා රඳවාගෙන සිටින ස්ථානයට ඔහුගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මියට යාමට ඉඩ ලබාදෙන බව වාචිකව ප්‍රකාශකර ඇතැයි වාර්තාවේ.
මේ පිළිබඳව zලංකා ඊ නිව්ස්Z ෆොන්සේකා මහත්මියගෙන් විමසූ විට කීවේ වාචිකව එවැනි දැනුම්දීමක් කර තිඛෙන බවයි. ෆොන්සේකා මහතා රඳවා ගනු ලැබ සිටින්නේ කොහේදැයි දැනුම් දුන්නේදැයි විමසූ විට කීවේ එවැන්නක් දැනුම් දී නැති බවත්, තව සුළු වේලාවකින් තමා සිය ස්වාමිපුරුෂයා බලන්නට යාමට සූදානමින් සිටින අතර, ඔහු සිටින තැනට යන්නට හැකිවනු ඇත්තේ ගමන පිටත්වීමෙන් අනතුරුව අතර මගදී කෙරෙන මග පෙන්වීමක් අනුව බවද කීවාය.
හමුදා මූලස්ථානයේදී මරාගෙන මැරෙන එල්ටීටීඊ කාන්තාවකගේ බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් පෙනහලූවලට සිදුව ඇති හානි නිසා වෛද්‍ය උපදෙස් මත ඔහු දිනපතා ස්වසන ව්‍යායාමයක යෙදිය යුතු බවත්, ඉන් අනතුරුව ශ්වසන කි්‍රයාවලියට සහාය වන ඛෙහෙතක් ඉරීමට (ඉන්හේලර්7 අනිවාර්ය බවත්, ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට දියයුතු ඖෂධ වර්ග ලබාදීමක් සිදුවී නැති බවත් ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි


අද මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන පාර්ලිමේන්තුවේ නිල කාලය මේ වන විට අවසන් වී තිබේ.

මේ කඳුළුත් සීතළයි...


හමුදා නිලධාරීන් විසින් තම සැමියා බලහත්කාරයෙන් රැගෙන ගිය බවත්, මේ වනතුරුත් ඔහු රඳවා සිටින තැනක් පිළිබඳවවත් තමා නොදන්නා බවත්, සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය අද කොළඹ, ක්වීන්ස් පාරේ පිහිටි ඔවුන්ගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය.මේ එකී අවස්ථාවයි.

Reason for General Sarath Fonseka arrested

ෆොන්සේකා ගැනීම නීතියට එකඟයි


ආරක්ෂක හමුදාවේ සේවය කළ සොල්දාදුවෙකු හෝ නිලධාරියෙකු සේවයෙන් විශ්‍රාම ගිය පසු වුවද මාස 06 ක කාලයක් තුළ ඔහු ‍හෝ ඇය සේවය කරන කාලයේ කළ වැරදි සම්බන්ධයෙන් වුව යුද හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගත හැකි බව රජයේ ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
හමුදා පනතේ 57 වන වගන්තියේ සඳහන් එකී විධිවිධාන වලට අනුව ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.
සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධූරයේ මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කරන කාලයේ කරන ලද දේශපාලන කුමන්ත්‍රණ මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතු වූ බව අද සවස පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා පැවසීය.
මේ වන විට ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වාගෙන යන බවත්,ඉදිරියේදී චෝදනා ගොනු කර නීතිපති දෙපාර්තමේන්තුවේද උපදෙස් මත ක්‍රියා කරන බව ද රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයටත්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්,රටේ නීතියටත් එල්ල කෙරුණු මරු පහරක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක් එක් අවස්ථාවල විවිධ චෝදනා නැඟීම හැර සරත් ෆොන්සේකා මහතා පිළිබඳව ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් කර නැතැයි හෙතෙම කියා සිටියි. ආණ්ඩුව චෝදනා නඟන ආකාරයේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් සරත් ෆොන්සේකා මහතා විසින් දියත් කර නොමැති බවත්,එවැනි චෝදනාවක් හෝ ඇත්නම් ක්‍රියා කළ යුත්තේ පොලීසිය මිස හමුදාව නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව අවධාරණය කරන විපක්ෂ නායකවරයා ආණ්ඩුව අනුගමනය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන්ට විරෝධය පළ කරන බවත්,ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ අරගලය ආරම්භ කරන බවත් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඇමති මහින්ද අද එ.ජා මහ කොමසාරිස් හමුවෙයි


ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස්වරයා හමුවීමට නියමිතව තිබේ.
උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල අවතැන් ව සිටි ජනතාව යළි පදිංචි කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ඇන්ටෝනියෝ ගු‍ටායිනෝ මහතා සමඟ සමරසිංහ මහතා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. මානූෂීය මෙහෙයුමෙන් පසු අවතැන් වූ ජනතාව යළි පදිංචි කරවීමේ දී ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය මෙහි දී සමරසිංහ මහතා විසින් පැහැදිලි කරනු ඇතැයි සඳහන් වේ.
මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ජිනීවා බලා පිටත් වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය හමුවීමේ අරමුණින් බව අමාත්‍යංශ ආරංචි මාර්ග දක්වයි.
ජනාධිපතිවරණ කාලසීමාව තුළ සරත් ෆොන්සේකා මහතා සිදු කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය එක්සත් ජාතීන්‍ වෙත දැන්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

සැමියා ගැන තොරතුරක් දෙන්නැයි අ‍නෝමා ඉල්ලයි


ඊයේ රාත්‍රී 9.30 ට පමණ පැමිණි හමුදා නිලධාරීන් විසින් තම සැමියා බලහත්කාරයෙන් රැගෙන ගිය බවත්, මේ වනතුරුත් ඔහු රඳවා සිටින තැනක් පිළිබඳවවත් තමා නොදන්නා බවත්, සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
කොළඹ, ක්වීන්ස් පාරේ පිහිටි ඔවුන්ගේ නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදී ෆොන්සේකා මහත්මිය මේ බව සඳහන් කළාය.
එමෙන්ම දිවි පරදුවට තබා වසර 30ක කාලයක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කළ තම සැමියා කළ මෙහෙවර වෙනුවෙන් ඔහුට කෘතගුණ සලකන්නේ මෙසේ දැයි ඒ මහත්මිය විමසා සිටියාය. යුධ හමුදාව යනු නීති ගරුක පිරිසක් බව තමා විශ්වාස කළ බවත්, නමුත් මෙම සිදුවීම නිසා එය පිළිගත නොහැකි බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
තම සැමියා පිළිබඳ තොරතුරක් දැනගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා සිටි ඇය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා ඇතිවූ අසනීප තත්ත්වයට ෆොන්සේකා මහතා තවමත් ප්‍රතිකාර ලබාගන්නා බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළබඳව සොයාබැලීමට නොහැකිවීම නිසා තමා කණගාටුවට පත්වන බවත් කියා සිටියාය.

නාමල් මහ මැතිවරණයට


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීම සඳහා අද එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා සැකසීමේ කමිටු මේ වන විටත් පත් කර අවසන් බව සඳහන් වේ.. එම කමිටු මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකම අපේක්ෂකයින් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර මෙම නාම යෝජනා කමිටු වල සභාපතීත්වය දරනු ලබන්නේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසිනි. ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ බෙහෝ දුරට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වදින බව තොරතුරු වාර්තා වේ.

මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවයි


අද මධ්‍යම රාත්‍රීයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව රජයේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
තෙදින නිල සංචාරය නිම කරමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු මෙම තීරණය ගනු ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව විසුරුව‍ා හැරීම අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කරනු ඇති බව ද රජයේ ආරංචි මාර්ග දක්වයි.
2004 අප්‍රේල් 02 වන දින පැවති මහමැතිවරණයෙන් පසුව අප්‍රේල් මස 22 වන දින පාර්ලිමේන්තුව රැස්විය. ඒ අනුව දැනට පවතින පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන අප්‍රේල් මස 22 වන දායින් අවසන් වේ.

ෆොන්සේකා ගැන අමෙරිකාව සෙවිල්ලෙන්


ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම යුද්ධයෙන් මුදාගත් රට තුළ යළි බෙදුම්වාදී තත්ත්වයක් ඇතිකිරීමට අහිතකර අන්දමින් බලපෑ හැකි යැයි අමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලාංකීය නීතියට අනුගතවේද යන්න පිළිබඳව තම දැඩි අවධානය යොමුකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක පිලිප් ක්‍රොව්ලි මහතා AFP වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත. එමෙන්ම එම ක්‍රියා මාර්ග ගතයුත්තේ ශ්‍රි ලංකාවේ ජන සමාජය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිනොවන අන්දමට බව ද ඔහු එහිදී අවධාරණය කර තිබේ.
යුද හමුදා නීති උල්ලංඝණය කළ බවට වූ චෝදනා නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙසේ යුද හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

මන්නාරමින් පුපුරන ද්‍රව්‍ය තොගයක්


මන්නාරම පොලිස් වසමේ මූර්වීදීය , කාර්ටු පල්ලිය ප්‍රදේශයේ පාළු ඉඩමක සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය ඇතුළු ‍බෝම්බ තොගයක් සොයා ගෙන තිබේ.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම පුපුරණ දුව්‍ය සොයා ගෙන මන්නාරම පොලීසියට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
එහි දී සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 27, ග්‍රෑම් 741 ක් අඩංගු පාර්සල් 6 ක් , කිලෝග්‍රෑම් 02, ග්‍රෑම් 850 ක් බර පැති බෝම්බයක් සහ කිලෝග්‍රෑම් 1, ග්‍රෑම් 580 ක් බර පැති බෝම්බයක් සෙ‍ායා ගෙන තිබේ.
මේ අතර මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් දේවපුරම් ප්‍රදේශයේ වළ දමා තිබූ පුපුරණ දුව්‍ය ඇතුළු යුධ උපකරණ තොගයක් සොයා ගෙන ති‍බේ. විශේෂ ‍පොලිස් කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙම උපකරණ සොයා ගෙන ඇති බව වාර්තා වේ. එහි දී සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2046 ක් , මිලිමීටර 14 . 5 උණ්ඩ 400 ක් මිලි මීටර 60 වර්ගයේ ෂෙල් උණ්ඩ 105 ක් , ස්වයංක්‍රීය පතරොම් තුවක්කුවක් ඇතුළු යුධ උපකරණ රැසක් සොයාගෙන ඇත.