Tuesday, February 9, 2010

නාමල් මහ මැතිවරණයට


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීම සඳහා අද එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා සැකසීමේ කමිටු මේ වන විටත් පත් කර අවසන් බව සඳහන් වේ.. එම කමිටු මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකම අපේක්ෂකයින් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර මෙම නාම යෝජනා කමිටු වල සභාපතීත්වය දරනු ලබන්නේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසිනි. ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ බෙහෝ දුරට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වදින බව තොරතුරු වාර්තා වේ.

0 comments:

Post a Comment