Tuesday, November 16, 2010

අහිංසක පබාගෙන් දෙරණට චණ්ඩි පාට්




ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය විසින් ඊයේ(16) රාත්‍රියේ ටීවී දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කර තිබේ.

ඊයේ රාත්‍රියේ ස්වර්ණමාලි මහත්මිය සහභාගි වූ 360 දේශපාලනික වැඩසටහන ටීවි දෙරණ ඔස්සේ නැවත විකාශය කිරීමට විරෝධය පළකරමින් ඇය මෙසේ බරණගේ මහතාට තර්ජනය කර ඇත.

ඊයේ රාත්‍රි 11 .30 ට පමණ ස්වර්ණමාලි මහත්මිය බරණගේ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී මෙසේ අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති අතර කිහිපවතාවක්ම එසේ දුරකතන ඇමතුම් ලබා දී තර්ජනය කරමින් බැන වැදී තිබේ.

කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් වන දෙරණ 360 වැඩසටහන සෑම සතියකම සඳුදා දින රාත්‍රි 9 .30 ට විකාශය කරනු ලබයි. පසුගිය දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සහභාගි වූ එම වැඩසටහන කාගේත් කතාබහට ලක්වූ වැඩසටහනක් විය