Tuesday, April 13, 2010

ජෙනරාල් ෆොන්සේකා විපක‍ෂ නායක ධූරයට: නව විපක‍ෂයෙන් යෝජනාවක්


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 12, ප.ව. 2.25) පාර්ලිමේන්තුවේ විපක‍ෂ නායක ධූරයට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පත් කරගැනීමේ පසුබිමක් සකස් කර ගැනීම සඳහා වූ සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණෙන් තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවැත්වෙමින් තිඛෙන බව වාර්තාවේ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ ෆොන්සේකා මහතා මනාප ඡන්ද 98,258 ක් ලැබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව සිටී.
එක්සත් ජාතික පෙරමුණේ මෙම මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ ආණ්ඩුවට අභියෝගයක් දිය හැකි පුද්ගලයකු මේ අවස්ථාවේ විපක‍ෂ නායකයා ලෙස තෝරා ගත යුතු බවත්, ෆොන්සේකා මහතා දැනටමත් ආණ්ඩුවට අභියෝගයක් වී සිටීම ද මෙහිදී වඩාත් වැදගත් වන බවත්ය.
අනෙක් පසින් ජනාධිපති ධූරය වැනි අතිශය වැදගත් තනතුරක් සඳහා ජෙනරාල්වරයා පත් කර ගැනිමට එකඟ වූ විපක‍ෂයකට විපක‍ෂ නායකයා ලෙස ඔහු තෝරා ගැනීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි යයිද මෙම මන්ත්‍රී කණ්ඩායම පවසයි.
ෆොන්සේකා මහතා නිදහස් කර ගත හැක්කේ එක්සත් ජනතා පෙරමුණ ජයග්‍රහණය කළහොත් පමණක් බවට තම පක‍ෂයේ නායකයින් මහා මැතිවරණයේදී කළ ප්‍රකාශවලට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විපක‍ෂ නායක ලෙස පත් කර ගැනීමෙන් ජීවයක් ලබාදිය හැකි බවත්, එසේම ෆොන්සේකා මහතාගේ ආරක‍ෂාවට ද මෙය ප්‍රබල විසඳුමක් වන බවත් ඒ මන්ත්‍රී පිරිස කියති.

ඉතාලියේ තානාපති කාර්යාලයට අමතක වූ ඉතාලියේ ශ්‍රී ලාංකික ජනතාවක්

(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 12, ප.ව. 4.30) මිලානෝ නගරයේ වෙසෙන විසි දහසක් පමණ ශ්‍රී ලාංකිකයිනට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අවශ්‍ය සේවාවන් කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවට මැසිවිලි නගන ශ්‍රී ලාංකිකයෝ අද එම තානාපති කාර්යාලයයේ වගකිවයුත්තන් තමන් අමතක කර දමා ඇතැයි චෝදනා කරති.
මිලානෝ නගරයේ සිටින ශ්‍රී ලාංකිකයිනට රෝමයේ පිහිටි තානාපති කාර්යාලයයෙන් අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවන බවත්, එවැනි කටයුත්තකදී මිලානෝ නගරයේ සිටින තානාපති කාර්යාලයයේ තැරව්කරුවනට විශාල මුදලක් ගෙවන්නට සිදුවන බවත්, මෙතෙක් සිටි ශ්‍රී ලංකා තානාපතිවරුන් කළාක් මෙන් වර්තමාන තානාපතිවරයා කර තිඛෙන්නේද වඩ වඩාත් තැරැව්කරුවන් බිහි කිරීම බවත් ඔවුහු කියති.
මිලානෝ නගරයේ පදිංචි ශ්‍රී ලාංකිකයිනට අවශ්‍ය තානාපති සේවාවන් කර ගැනීමට කොන්සියුල්වරයකු පත් කරන ලෙස හෝ ආගමික ස්ථාන මුල්කරගෙන මාසිකව තානාපති ජංගම සේවාවක් පවත්වන ලෙසට දිගු කලක් තිස්සේ කරන ඉල්ලීමට ඇහුම්කන් දීමක් නැති බවද ඔවුහු කියති. වසරකට පමණ පෙර කතෝලික පල්ලියක තානාපති ජංගම සේවාවක් පවත්වා යුරෝ 19,000 ක පමණ (රුපියල් ලක‍ෂ 30 ක) ආදායමක් ද උපයා ගත් බව පෙන්නා දෙන මිලානෝ ශ්‍රී ලාංකිකයින්, තැරැව්කරුවනට මුදල් ගරාගන්නට තානාපති කාර්යාලය අවස්ථාව ලබාදී තිඛෙන්නේ මන්දැයි ප්‍රශ්න කරයි.

යුද හමුදාපති ලබන සතියේ ඇමරිකාවට: එරට බලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යයි


(ලංකා ඊ නිව්ස් -2010.අප්‍රේල්.13, පෙ.ව.11.30) යුධ හමුදාපති ජගත් ජයසූරිය මහතා පෞද්ගලික චාරිකාවක් සඳහා ලබන සතියේ ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බව zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තා වේ.

ඔහු මෙම චාරිකාව සඳහා ඇමරිකාවට පැමිණි විට ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඇමරිකානු අභ්‍යන්තර ආරක‍ෂක දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට ප්‍රථම ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසි භාවය දීර්ඝ කර ගැනිමට ඇමරිකාවට පැමිනි විටකදී පැයකට අධික කාලයක් ඇමරිකානු අභ්‍යන්තර ආරක‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් වලට ලක් වූවද ආරක‍ෂක ලේකම් වරයා එA පිළිබඳ ප්‍රසිද්ධ නොකෙළේය. පසුව හිටපු හමුදාපති, ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ද ඇමරිකාවට පැමිණි පසු එවැනිම ප්‍රශ්න කිරීමක් සඳහා පැමිණෙන්නැයි ඇමරිකානු බලධාරීන් පැවසූ විට ඔහු ප්‍රශ්න කිරීමට ලක් නොවී යලි සිය රට පැමිණියේ එම සිද්ධියට මහත් ආන්දෝලනයක් ගෙන දෙමිනි.

ඉන්පසුව ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියෙකු ඇමරිකාවේ සංචාරයක යෙදෙන්නේ මෙවර ය. ජගත් ජයසූරිය මහතාගේ සොහොයුරන් තිදෙනෙකු ඇමරිකාවේ පදිංචි කරුවන් වන අතර එක් අයෙක් හියුස්ටන් නගරයේද, තවත් අයෙක් ෆිල්ඩෙල්පියා නගරයේද අනෙක් සොයුරා චිකාගෝ නගරයේද වෙසෙති. ජයසූරිය මහතා චිකාගෝ නගරය වෙත පැමිණෙන්නේ ලබන 20 වනදා පැවැත්වීමට නියමිත සිය සොයුරාගේ දරුවෙකුගේ මංගල්‍යයකට සහභාගී වීමට ය.

මේ පිලිබඳව තතු විමසීමට හමුදා ප්‍රකාශකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප කළ උත්සාහය සාර්ථක නොවිණි.

නාවලපිටියේ චණ්ඩියා තවම මෙල්ලකර නෑ

(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 12, ප.ව. 5.20) මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීම නිසා නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයේ මධ්‍යස්ථාන 34 ක ඡන්ද ශ+න්‍ය කර, එහි ඡන්දය යළි විමසීම ලබන 20 වනදාට පැවැත්වීමට නියම කර තිබියදීත්, තවදුරටත් එම ආසනය තුළ දේශපාලන මැරකම්, සිදුවෙමින් පවතින බව වාර්තාවේ.

නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයට එක්සත් ජනතා සන්ධානයේ අපේක‍ෂකයිනට පවා ඇතුළුවීමට ඉඩනොදෙන තත්ත්වයක් දැන් උදාවී තිඛෙන අතර සන්ධාන අපේක‍ෂක දිලූම් අමුණුගම මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගිය වාහන දෙකකට හානිකොට, ඔවුනට ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා නොපැමිණෙන ලෙසට ආණ්ඩු පක‍ෂයේ චණ්ඩියා තර්ජනය කොට ඇති බව වාර්තාවේ.
මේ අතර, එජාප අපේක‍ෂක අබ්දුල් කාදර් මහතාගේ ආධාරකරුවන් පිරිසකට තර්ජනය කොට ඇතැයි වාර්තාවේ. මේ පිළිබඳව කාදර් මහතාගෙන් විමසූ විට කීවේ යම් සිද්ධියක් වී තිඛෙන බවත් දැන් එය සමථයකට පත්කර ගත් බවත්ය.
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයට එජාපෙ තරඟ කළ මනෝ ගන්ෂන් මහතා දෙමළ ජනතා නියෝජනයට විශේෂයෙන් නාවලපිටිය ආසනයේ ඡන්ද දායකයින්ගේ සහභාගීත්වය වැදගත් වන නිසා ලබන 20 වනදාට තමන්ගේ යුතුකම ඉටුනොකළ හොත් එම නියෝජනය දෙමළ ජනතාවට අහිමිවනු ඇතැයි මාධ්‍යට ප්‍රකාශ කොට තිබේ.

අනෝමා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට යයි


මැතිවරණ පූර්ව ප්‍රචාරය අවසන් වූ පසුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රැස්වීමක් පැවැත්වූ බවට චෝදනා කරමින් ඒ සමබන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා මහතා‍ගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, එම සන්ධානයේ ලේකම් විජිත හේරත්, අර්ජුන රණතුංග, සුනිල් හඳුන්නෙත්ති, ලක්ෂ්මන් නිපුණආරච්චි, කලවැල්ගල චන්දාලෝක හිමි යන හය දෙනා පොලිසියට ඉදිරිපත්ව ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියෝග කරමින් කොළඹ කොටු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නොතීසි නිකුත් කර ඇත.
දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් එක් රැස් කර ගන්නා ලද විශාල ජනකායක් සමඟ කොළම කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පසුගිය 06 වැනිදා සවස 3 ට පමණ නීති විරෝධී රැස්වීමක් පැවැත්වූ බවට චෝදනා කරමින් කොටුව පොලිස් ස්ථානාධිපති විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
"ජනරාල් වහා නිදහස් කරනු" යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් කොටුව දුම්රිය‍ පොළ ඉදිරිපිට බිම වාඩි වී සිටි බවත්, ජනරාල්ට ජයවේවා යනුවෙන් ප්‍රීති ඝෝෂා කළ බවත්, පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත. මෙම කටයුත්ත හේතුවෙන් දුම්රිපොළට හා බස් රථ නැවැතුම්පොළට පැමිණි මගීන්ට අවහිරතා සිදු වූ බවත්, මෙය දේශපාලන අරමුණින් සිදු කරන ලද්දක් බවත්, ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත. lankatruth

මීළඟ අගමැති කවුද?


අප්‍රේල් 08වන දින පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලද විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු විවිධ දේශපාලන විශ්ලේෂකයන් ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිධූරය සඳහා කවුරුන් පත්වේද යන කරුණ පිළිබඳව විවිධ අනුමානයන් ඉදිරිපත් කරති.
යෝජනා නාමයන් අතර වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු මෙන්ම මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප දිනාගත් බැසිල් රාජපක්ෂ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන, හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වන ඩී. එම්. ජයරත්න සහ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක යන මහත්වරුන් වේ.adaderana

කේ. පීගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දියාව අවසර ඉල්ලයි


හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවන ඉන්දියාවේ එම්. ඩී. එම්. ඒ ආයතනය එල්. ටී. ටී. ඊ සංවිධානයේ මූල්‍ය සම්පාදක සෙල්වරාසා පද්මනාදන්(කේ. පී)ගෙන් නැවතත් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබේ. ඒ පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා බලධාරීන් වෙත ලිපියක් එවීම මගිනි.
පද්මනාදන්ගේ වෙනත් සහකරුවන් හා බැංකු කටයුතු පිළිබඳව එම්. ඩී. එම්. ඒ ආයතනයට තොරතුරු දැනගැනීමට අවශ්‍යව ඇති බව සී. අයි. බී ආයතනය පෙන්වාදෙයි. සෙල්වරාසා පද්මනාදන් යනු ජාත්‍යන්තර පොලීසිය මගින් ද ඉතා අවශ්‍ය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ඇති එල්. ටී. ටී. ඊ සාමාජිකයෙකි. එමෙන්ම ඔහු එම සංවිධානයට අවශ්‍ය අවි ආයුධ හා වෙනත් නවීන උපකරණ සපයමින් එල්. ටී. ටී. ඊ සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා ජාලයට නායකත්වය සපයා ඇත. එමෙන්ම පද්මනාදන් එල්. ටී. ටී. ඊ සංවිධානයේ කේ. පී දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇති අතර විවිධ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට ද සම්බන්ධ වී ඇති බව වාර්තා වේ. adaderana

නව වසරට රාජ්‍ය ලේකම්ගෙන් සුබ පැතුම්


සමෘද්ධිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩනැගීම සඳහා එක්ව වැඩ කිරීම සඳහා එකිනෙකා අතර වන සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම අලුත් අවුරුද්ද අවස්ථාවක් කොට ගත හැකි බව ශ්‍රී ලංකාවාසී සිංහල හින්දු ජනතාව වෙත උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් ඉදිරිපත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය පවසයි.
දශක ගණනාවකට පසු සාමකාමී හා එක්සත් දේශයක් තුළ ශ්‍රී ලංකාවේ වෙසෙන සියළුම ජනතාවට එක්ව සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරිය හැකි ප්‍රථම අවස්ථාව මෙය බව ද රාජ්‍ය ලේකම්වරිය පෙන්වාදෙයි. adaderana

පොට්ට නවුෆර්ට ප්‍රහාරයක්


මහනුවර බෝගම්බර බන්ධනාගාරයෙහි සිර දඬුවම් විඳින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වෙනත් සිරකරුවන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක‍ට ලක්වීම නිසා අද සන්ධ්‍යාවෙහි රෝහල් ගත කළ බව බන්ධනාගාර අධිකාරිය පවසයි. පොට්ට නවුෆර් පාතාල ලෝකයෙහි ඉතා කුප්‍රකට දාමරිකයකු වන අතර අධිකරණ විනිසුරුවරයකු වූ සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබ බෝගම්බර බන්ධනාගාරයෙහි මෙසේ සිරගතව සිට ඇත. adaderana