Tuesday, April 13, 2010

ජෙනරාල් ෆොන්සේකා විපක‍ෂ නායක ධූරයට: නව විපක‍ෂයෙන් යෝජනාවක්


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 12, ප.ව. 2.25) පාර්ලිමේන්තුවේ විපක‍ෂ නායක ධූරයට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පත් කරගැනීමේ පසුබිමක් සකස් කර ගැනීම සඳහා වූ සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණෙන් තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවැත්වෙමින් තිඛෙන බව වාර්තාවේ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ ෆොන්සේකා මහතා මනාප ඡන්ද 98,258 ක් ලැබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව සිටී.
එක්සත් ජාතික පෙරමුණේ මෙම මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ ආණ්ඩුවට අභියෝගයක් දිය හැකි පුද්ගලයකු මේ අවස්ථාවේ විපක‍ෂ නායකයා ලෙස තෝරා ගත යුතු බවත්, ෆොන්සේකා මහතා දැනටමත් ආණ්ඩුවට අභියෝගයක් වී සිටීම ද මෙහිදී වඩාත් වැදගත් වන බවත්ය.
අනෙක් පසින් ජනාධිපති ධූරය වැනි අතිශය වැදගත් තනතුරක් සඳහා ජෙනරාල්වරයා පත් කර ගැනිමට එකඟ වූ විපක‍ෂයකට විපක‍ෂ නායකයා ලෙස ඔහු තෝරා ගැනීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි යයිද මෙම මන්ත්‍රී කණ්ඩායම පවසයි.
ෆොන්සේකා මහතා නිදහස් කර ගත හැක්කේ එක්සත් ජනතා පෙරමුණ ජයග්‍රහණය කළහොත් පමණක් බවට තම පක‍ෂයේ නායකයින් මහා මැතිවරණයේදී කළ ප්‍රකාශවලට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විපක‍ෂ නායක ලෙස පත් කර ගැනීමෙන් ජීවයක් ලබාදිය හැකි බවත්, එසේම ෆොන්සේකා මහතාගේ ආරක‍ෂාවට ද මෙය ප්‍රබල විසඳුමක් වන බවත් ඒ මන්ත්‍රී පිරිස කියති.

0 comments:

Post a Comment