Monday, February 8, 2010

සරත් ෆොන්සේකා අත්අඩංගුවට

ෆොන්සේකා යුද අධිකරණයට


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ෆොන්සේකා ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
ඔහු යුද හමුදාපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන අවධියේම විරුද්ධවාදීන් මෙන්ම ආරක්ෂක හමුදාව යොදාගෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කරමින් සිට බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
ජෙනරාල් ෆොන්සේකා එරෙහිව හමුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්,එහිදී ඔහු‍ට එරෙහි චෝදනා වලට කරුණු ඉදිරිපත් කරන බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ බී.බී.සී මාධ්‍යයට අද පවසා සිටියේය.
සරත් ෆොන්සේකා මහතා කරන ලද ප්‍රකාශයන් හා නිර්මාණය කරන ලද තත්ත්වයන් නිසා ශ්‍රීලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය අබියසට කැඳවන තත්ත්වයක් උදාවූ බවද ඔහු කියා සිටියේය.

සරත් ෆොන්සේකා අත්අඩංගුවට


යුද හමුදා නීති උල්ලංඝණය කළ බවට වූ චෝදනා නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
යුද රහස් හෙළිදරව් කරමින් හමුදා නීති උල්ලංඝණය කිරීම නිසාත්, ඔහුගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහාත් මෙසේ අත්අඩංගුවට ගත් බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

LTTE Leader !!

ෆොන්සේකා වෙනුවෙන් උත්තර බඳින්න මහින්ද ජිනීවා යයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.
නීතිපති මොහාන් පීරිස් මහතා සමග අමාත්‍යවරයා අද පෙරවරුවේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මුලස්ථානය බලා පිටත් වූ බව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යංශය සඳහන් කරයි.
ඉකුත් මැතිවරණ සමයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශයන් දෙකක් සම්බන්ධයෙන් මෙම කරුණු දැන්වීම කිරීමට සිදුව ඇති බව කියැවේ.
ඒ අනුව යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේ යටත් වූ එල්.ටී.ටී.ඊ නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට වෙඩි තබන්නට ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයත්,ජනාධිපතිවරණයේ දී සිදුවී යයි කියනු ලබන අක්‍රමිකතා පිළිබඳ කරනු ලැබූ ප්‍රකාශයත් ජාත්‍යන්තරයේ අවධානයට ලක්වීම නිසා මෙසේ කරුණු දැක්වීමට සිදුව ඇති බව සඳහන් වේ.
එසේ වුවද යටත් වූ එල්.ටී.ටී.ඊ නායකයන් ඇතුළු පිරිසකට වෙඩි තබන්නට ආරක්ෂක ලේකම්වරයා විසින් නියෝග කළ බවට තමා ප්‍රකාශයක් නොකළ බවත්,එය තමා කළ ප්‍රකාශයක් වැරදි ලෙස කළ උපුටා දැක්වීමක් බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් පසුව කරුණු දක්වන ලදී.

බ්‍ර්ගේඩයර් ප්‍රසාද් මේජර් ජෙනරාල් වෙයි


යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍ර්ගේඩයර් ප්‍රසාද් සමරසිංහ මහතා මේජර් ජෙනරාල් ධූරයට උසස් කරමින් සංඥා බලකා ප්‍රධානී ලෙස පත් කළ බව සඳහන් වේ.

මහ මැතිවරණය අ‍ප්‍රේල් 08


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියානු සංචාරයෙන් පසුව නැවත ලංකාවට පැමිණි පසු පාර්ලිමේන්තුව විසිරවීමට බලාපොරොත්තුවන බවත්, එමෙන්ම අ‍ප්‍රේල් 08 වන දින මහ මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි

අමරකිත්ති හිමියන් හෙළ උරුමය හැර යයි


ජාතික හෙළ උරුමයේ සභාපති,කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පක්ෂයේ සභාපති ධූරයෙන් මෙන්ම පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී තිබේ.
ජාතික හෙළ උරුමය ගොඩ නඟන විට ර‍ටේ ප්‍රධාන ගැටලුව බවට පත්ව තිබුණේ උතුරු-නැඟෙනහිර ත්‍රස්තවාදය බැවින් ත්‍රස්තවාදයට එරහිව දකුණේ ජන මතය බල ගැන්වීමටත්,නායකත්වය ශක්තිමත් කිරීමටත් තමන් දේශපාලනයට පිවිසුණු බව උන්වහන්සේ කියා සිටියි.
තමන් කැපවූ එකී අරමුණ මේ වන විට දිනා ගෙන ඇති බැවින් තව දුරටත් දේශපාලනයේ නියැළීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බැවින් හා ශාසන කටයුතු වෙනුවෙන් කැපවීමට අදහස් කරගෙන සිටින බැවින් පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළ බව අද දෙරණ කළ විමසුමකට පිළිතුරු දෙමින් කොටපොල අමරකිත්ති හිමියන් පැවසීය.
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන පක්ෂ කාර්යාලයෙන් මේ පිළිබඳ විමසු විට එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ කොටපොල අමරකිත්ති හිමියන් පක්ෂයේ දේශපාලන කටයුතු වලින් ඉවත් වී මාස 6 ක් පමණ වන බවයි.
එහෙත් අප කළ විමසීමේදී උන්වහන්සේ කියා සිටියේ තමන් පක්ෂයේ සභාපති ධූරයෙන් හා සාමාජිකත්වයෙන් ඉවත් වී සති දෙකක් පමණ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ මාධ්‍යයට නිවේදනය කර සිටියේ අද බවයි.
ඉදිරියේදී කිසිදු දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවෙකු වන්නට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නැතැයිද,ජාතික හෙළ උරුමයේ දේශපාලන ගමනට තමන් ආශිර්වාද කරන බවද පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

අනූෂ පැල්පිට අලුත් පුටුවේ වාඩිවෙයි


විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් අනුෂ පැල්පිට මහතා කොළඹ නාරාහේන්පිට පිහිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා කාර්යාලයේදී අද වැඩ බාරගෙන තිබේ.
වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුෂ පැල්පිට මහතා කියා සිටියේ සමබර හා සාධාරණ සේවාවක් මහජනතාවට ලබාදීම‍ වෙනුවෙන් තමා කැපවන බවයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන අනුෂ පැල්පිට මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් වීමෙන් පසු එකී පුරප්පාඩුව වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිණි