Monday, February 8, 2010

ෆොන්සේකා වෙනුවෙන් උත්තර බඳින්න මහින්ද ජිනීවා යයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.
නීතිපති මොහාන් පීරිස් මහතා සමග අමාත්‍යවරයා අද පෙරවරුවේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මුලස්ථානය බලා පිටත් වූ බව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යංශය සඳහන් කරයි.
ඉකුත් මැතිවරණ සමයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශයන් දෙකක් සම්බන්ධයෙන් මෙම කරුණු දැන්වීම කිරීමට සිදුව ඇති බව කියැවේ.
ඒ අනුව යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේ යටත් වූ එල්.ටී.ටී.ඊ නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට වෙඩි තබන්නට ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයත්,ජනාධිපතිවරණයේ දී සිදුවී යයි කියනු ලබන අක්‍රමිකතා පිළිබඳ කරනු ලැබූ ප්‍රකාශයත් ජාත්‍යන්තරයේ අවධානයට ලක්වීම නිසා මෙසේ කරුණු දැක්වීමට සිදුව ඇති බව සඳහන් වේ.
එසේ වුවද යටත් වූ එල්.ටී.ටී.ඊ නායකයන් ඇතුළු පිරිසකට වෙඩි තබන්නට ආරක්ෂක ලේකම්වරයා විසින් නියෝග කළ බවට තමා ප්‍රකාශයක් නොකළ බවත්,එය තමා කළ ප්‍රකාශයක් වැරදි ලෙස කළ උපුටා දැක්වීමක් බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් පසුව කරුණු දක්වන ලදී.

0 comments:

Post a Comment