Saturday, February 13, 2010

ජෙනරාල් රඳවාගෙන ඇත්තේ කුමන නීතියක්‌ යටතේද - ඇමරිකාව ප්‍රශ්න කරයි


විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාව රඳවාගෙන ඇත්තේ කුමන නීති ක්‍රමවේදය යටතේදැයි කරුණු දක්වන ලෙස ඇමෙරිකානු රජය ඊයේ (12) සවස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත.ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව රාජ්‍ය දෙපාර්තමේන්තුවට කැඳවා ඇති ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් පිලිප් ජේ. ක්‍රම්ලි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි ඊයේ රාත්‍රි ඇමෙරිකාවෙන් ලත් ආරංචි මාර්ග කියා පවසයි.
එහිදී තවදුරටත් ක්‍රම්ලි පවසා ඇත්තේ විශ්‍රාමික ජෙනරාල්වරයා සම්බන්ධව ක්‍රියාකළ යුත්තේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මත බවයි. මේ තත්ත්වය යටතේ සරත් ෆොන්සේකා මහතා රඳවාගෙන ඇත්තේ කුමන නීති ක්‍රමවේදය යටතේ දැයි ප්‍රකාශයට පත් කරන්නැයි හෙතෙම තවදුරටත් ශ්‍රී ලංකා තානාපතිගෙන් ඉල්ලීමක්‌ කර ඇත.

ජෙනරාල්ට මඩ ගසන්නැයි බල කරමින් පැහැරගත් ආබාධිත සෙබලාට පහරදීලා


පසුගිය 11 වැනිදා සිට අතුරුදහන් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා‍ගේ කොළඹ රාකීය මාවතේ පිහිටි කාර්යාලයේ සේවය කළ ආබාධිත හමුදා නිලධාරියා අද කොළඹ ටවුන්හෝල් ප්‍රදේශයෙන් හමුවී ඇත. මෙම ආබාධිත සෙබලා හමුවී ඇත්තේ ඔහුට දැඩි ලෙස පහරදී ටවුන්හෝල් ප්‍රදේශයේ මහමග දමා ගොස් තිබියදීය. පහරකෑමෙන් දැඩි ලෙස රෝගාතුරවී ඇති මෙම ආබාධිත රණවිරුවා මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ 7 වන වාට්ටුවේ ප්‍රතිකාර ගිනිමින් සිටී.
රාගම, තුඩුවේ‍ගෙදර පදිංචි ජේ. අශෝක කුමාර නම් මෙම ආබාධිත රණවිරුවා පසුගිය 11 වැනිදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ කාර්යාලයට යන බව පවසා නිවසින් පිටත්ව ඇත. මෙහිදී කිසියම් පිරිසක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ඇත. පැහැරගෙන යාමෙන් පසු ඔහු ලවා ලිපියක් ලියවා ගැනීමට මෙම පිරිස උත්සහ දරා ඇත. එම ලිපියේ කරුණු තුනක් සටහන් කර තිබූ බවත්, එය සත්‍ය බවට අත්සන් කරන ලෙසට ඔහුට බල කළ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෙම රණවිරුවා අප හා පැවසීය. මෙහි සඳහන්ව තිබූ කරුණු වන්නේ
01.ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඔහුට ගිනි අවියක් ලබා දුන් බව,
02. ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා හා මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ටෙලි නාට්‍ය නිලි උපේක්ෂා ස්වර්ණමාලී (පබා) සමඟ පසුගිය කාලයේදී අනියම් සබඳතා පැවැත්වූ බව,
03. ‍තමන් යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය පසු තමන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට නම් සිය බිරිඳ ජෙනරාල් සමඟ අනියම් ඇසුරක් වෙනුවෙන් ලබා දිය යුතු බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තමන්ට පැවසූ බව.
යන කරුණුය.
මෙම කරුණු සත්‍ය බවට අත්සන යොදන්නේ නම් කිසිදු හිරිහැරයකින් තොරව ඔහුව නිදහස් කරන බවට මෙම පැහැර ගත් පිරිස පවසා ඇත. මෙම ලිපියට අත්සන් කිරීමට ඔහු ප්‍රතික්ෂේප කර ඇති අතර, පසුව ඔහුට මුදල් පෙන්වා මෙම මුදල් ලබා දෙන බවත්, ලිපියට අත්සන යොදන ලෙසත් පවසා ඇත.
නමුත් එයට ද මෙම රණවිරුවා එකඟ නොවීමෙන් පසු ඔහුගේ හිසේ කෙස් කපා ඇති මෙම පිරිස, ඔහු‍ගේ ඇහි බැම විවිධ උපකරණ යොදා ගනිමින් උගුල්ලා ඇත. පසුව අමානුෂික ලෙස පහරදී දිගින් දිගටම ලිපියට අත්සන් යොදන ලෙස බලකර ඇත. නමුත් එම කරුණට විරෝධය දැක්වීමෙන් පසු තවදුරටත් පහරදී පසුව අද ටවුන්හෝල් ප්‍රදේශයේදී මොහුව දමා ගොස් ඇත.
තමන්ව පැහැර ගත් හා මෙම සිදුවීමට සම්බන්ධ වූ කිසිවෙකු තමන් මීට පෙර දැක නැති බවත්, තමන් ගෙන ගිය ස්ථානය දැක ගැනීමට නොහැකි වන සේ තමන්ගේ දෑස් බැඳ ගෙන ගිය බවත් අශෝක මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම ආබාධිත රණවිරුවා සැරයන්වරයෙකු ලෙස 1995 වසරේ ජයසිකුරු මෙහෙයුමේදී සිටියදී ආබාධිත තත්ත්වයට පත්වීම නිසා වෛද්‍ය හේතු මත හමුදා සේවයෙන් විශ‍්‍රාම ගිය අයෙකි. ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට සහාය දක්වමින්, මෙම සැරයන්වරයා මාස 1 1/2 ක පමණ කාලයක් එම කාර්යාලයේ සේවය කර ඇත.

මෙවර ලෝක කුසලාන තරග දකුණු ආසියාවේදී

මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව ප්‍රමුඛ දකුණු ආසියානු කලාපයේ පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන නවීකරණය වෙමින් පවතී. හම්බන්තොට සහ පල්ලේකැලේ ක්‍රීඩාංගන වල ඉදිකිරීම් කටයුතු ඉතා හොඳින් සිදුවන බව අද පැවති මාධ්‍ය හමුවකදී අයි. සී. සී නිලධාරීන් විසින් සඳහන් කළේය. සියලුම ඉදිකිරීම් කටයුතු නියමිත දිනට අවසන් කරන බව එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඩී. එස්. ද සිල්වා මහතා පැවසීය.
එමෙන්ම ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරන බව ද ඒ මහතා කියාසිටියේය. අයි. සී. සී නිලධාරීන් ඊයේ දිනයේ හම්බන්තොට ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් පරීක්ෂා කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක ද නිරතවිය. එමෙන්ම ශ්‍රී ලංකාවට සමගාමීව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ක්‍රීඩාංගනවල තත්ත්වය ඉයළ මට්ටමක පවතින බව ද අයි. සී. සීය සඳහන් කළේය. adaderana

සන්ධානේ අර්බුද එළියට - පිල්ලෙයාන් තනිවම සටනට



ජනාධිපතිවරයා හා සාකච්ඡා කොට අවසන් විසඳමකට එළඹී මහ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ තීරණයක් ගන්නා බව පැවසූ නැගෙනහිර මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එම සාකච්ඡා අසාර්ථක වූ බැවින් මෙවර මහ මැතිවරණයට තනිවම තරඟ කරන බව පවසයි. මේ අනුව පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂය වන දෙමළ මහජන විමුක්ති කොටි සංවිධානය හෙවත් ටී.එම්.වී.පී පක්ෂය මෙවර මහ මැතිවරණයේදී බෝට්ටුව ලකුණින් තනිව ඉදිරිපත් වන බව එම පක්ෂයේ මහ ලේකම් තෛලේෂ්වර රාජා මාධ්‍ය හමුවේ පවසා ඇත.
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අවසන් තීරණයට එළඹෙන බව පැවසුවද මෙම අවසන් සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා සහභාගී වී නොමැත. ජනාධිපතිවරයා වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව ද අසාර්ථක වී ඇති අතර, මේ අනුව ටී.එම්.වී.පී. පක්ෂය බෝට්ටුව ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා අසාර්ථකවීම පිටුපස ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පසුගිය කාලය පුරාම කරුණා හා පිල්ලෙයාන් අතර දිගින් දිගටම ගැටුම් පැවති අතර, දෙපාර්ශවයේ පිරිස් දෙපාර්ෂවය විසින් ඝාතනය කිරීම් නැගෙනහිරදී වාර්තා විය. කරුණා හා පිල්ලෙයාන් එක්ව ටී.එම්.වී.පී පක්ෂය ගොඩනැගුවද පසුව කරුණා විදේශගතවීමෙන් පසු කරුණාගේ පක්ෂ නායකත්වය පිල්ලෙයාන් විසින් බලහත්කාරයෙන් පැහැරගැනුණි. පසුව කරුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව එහි උප සභාපති ධූරයක්ද ලබා ගත් අතර, මෙයින් පසු කරුණා හා පිල්ලෙයාන් අතර දිගින් දිගටම ගැටුම් ඇති විය.
මෙම ගැටුමේ එක් අවස්ථාවක් ලෙස පිල්ලෙයාන් පාර්ශවය හා ජනාධිපතිවරයා අතර ඇති සාකච්ඡා අසාර්ථක වූ බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

කරුණා මෙවරත් ජාතික ලැයිස්තුවෙන්


කොටි සංවිධානයේ නැගෙනහිර නායකයා ලෙස කටයුතු කර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරයට ලැබූ ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සිටි කරුණා අම්මාන් මෙසේ ජාතික ලැයිස්තුවෙන් තෝරා‍ පත් කිරීමට නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ කරුණා අම්මාන්ගේ සොයුරියක මෙවර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීම නිසාය.
විදුහල්පතිනියක ලෙස කටයුතු කර ඇති මෙම කරුණාගේ සොයුරිය දේශපාලනයට පිවිසෙන පළමු අවස්ථාව මෙයයි.truth

Top Of Army







එජාප නාමයෝජනා සැකසීම සඳුදා


එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා සැකසීමේ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කර බව එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
නාම යෝජනා සැකසීම වෙනුවෙන් මේ වන විටත් ජාතික නාමයෝජනා කමිටුව නම් කර ඇති බව තිස්ස අත්තානයක මහතා සඳහන් කළේය. එම කමිටුව මඟින් අදාළ නාම‍යෝජනා පත්‍ර සැකසීම සිදු වෙන බව මහලේකම්වරයා පෙන්වාදෙයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික නාමයෝජනා කමිටුවේ ප්‍රධානත්වය දරයි.
එහි සෙසු සාමාජිකයන් වන්නේ තිස්ස අත්තනායක, ගාමිණි ජයවික්‍රම පෙරේ‍රා, කරු ජයසූරිය, රුක්මන් ‍සේනානයක, ඩී.එම් ස්වාමිනාදන් සහ ඉමිටියාස් බාකිර් මාකාර් යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකි. එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ බහුතරයක් අලියා ලකුණින් තරග කිරීමට මේ වන විටත් එකඟත්වය පළ කර ඇති බව තිස්ස අත්තනායක මහතා පැවසීය. එක්සත් ජාතික පෙරමුණ සමඟ පක්ෂ 16 ක් සන්ධාන ගතව සිටියි.

‍ත්‍රෛනිකායික හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්


අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටින විශ්‍රාමික යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ ඔහුට සහය දැක් වූයේ යැයි සැලකෙන හමුදා නිලධාරීන් ඇතුළු පිරිස නිදහස් කරන ලෙස ‍ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
රෛයිනිකායක මහානායක හිමිවරු‍න්ගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ලිපියෙන් දැනුම් දී තිබෙන්නේ වර්ත‍මානයේ පැන නැඟී ඇති ගැටලු සහගත තත්වය සමනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේ විසින් ඉටු කළ යුතු වගකීම ඉටු කරමින් මෙම දැනුම්දීම සිදු කරන බවය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැ‍මීමේ දී ජනාධිපතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් සමඟ එක්ව කටයුතු කළ හිටපු යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් දැනට පවතින මතභේද හා අසමඟිකම් රටේ ඉදිරි ගමනට බාධාවක් වන බව මහානායක හිමිවරුන් පවසයි.
කරුණා සහ පිල්ලෙයාන් වැනි ත්‍රස්තවාදයට සම්බන්ධ‍ව කටයුතු කළ පිරිස් මේ වන විට රජයට සම්බන්ධ මැති ඇමතිවරුන් ලෙස කටයුතු කරන බව මහානායක හිමිවරුන් පෙන්වා දී ඇත. ඒ අනුව රටේ ඒකීය භාවය සහ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිස ජනාධිපති බලතල භාවිත කොට අදාළ සියලු චෝදනා වලින් නිදොස් කොට අත්අඩංගුවෙන් මුදා හැර නිසි ආරක්ෂාව ද ලබා දෙන ලෙස මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

කොටි නිල ඇඳුම් හා ආයුධ තොගයක් සොයාගැනේ


නාවික හමුදා බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමක දී කොටි සංවිධානයට අයත් නිල ඇඳුම් ඇතුළු ආයුධ තොගයක් සොයාගෙන තිබේ.
නැගෙනහිර පළාතේ කුඹුරුපිඩ්ඩි කැළෑ බද ප්‍රදේශයේ තිබී මෙම යුධ උපක‍රණ තොගය සොයා ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේය. එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් කළු කොටි බලකායේ සාමාජිකයින්ගේ ඇඳුම් සහ යුධඋපකරණ මෙහි තිබී හමු වීම විශේෂත්වයකි.
අදාළ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ නැගෙනහිර නාවික විධාන මූලස්ථානයට අයත් කණ්ඩායමක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය. අත්බෝම්බ , මයික්‍රෝ වර්ගයේ පිස්තෝල සහ විවිධ වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ රැසක් ද එම පිරිස විසින් සොයාගෙන ඇත.

"සිරස"ට සම්බාධක පැනවීමේ රජයේ තැතක්


මහමැතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු අපේක්‍ෂකයෙකු "සිරස"රූපවාහිනි නාලිකාවේ කිසිදු වැඩසටහනකට සහභාගී නොකිරීමටත්,සන්ධානයේ කිසිදු ප‍්‍රචාරක දැන්වීමක් ලබානොදීමටත් රජය තීරණය කර ඇති බව වාර්තා වේ. මේ වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කර ඇත්තේ මෑතකදී ආණ්ඩුවට එක්වී තමන්ගේම පක්ෂයේ සාමාජිකයෙකුගේ ඇමතිකම ඔහු එම පක්ෂයෙන් ඉවත් වීමෙන් පසු බලහත්කාරයෙන් ලබා ගෙන තවත් කෙනෙකුට පැවරීමට කටයුතු කළ ආණ්ඩුවට හිතවක් පක්ෂයක පුද්ගලයෙකි.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී අදාල පුද්ගලයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. එසේම මහමැතිවරණයේදී සන්ධානයේ ප‍්‍රචාරක රැලි ආවරණය කිරීම සඳහා සිරසමාධ්‍ය ජාලයට ආරාධනා නොකිරීමටත්, එම මාධ්‍ය ජාලය සිය කැමැත්තෙන් පැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් බාධා නොකිරීමටත් මෙහිදී යෝජනා කර ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කළ අදාල පුද්ගලයා වැඩිදුරටත් පවසා ඇත්තේ මේ ආකාරයෙන් සිය කැමැත්තෙන් සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් පැමිණිමට බාධා නොකොට පැමිණෙන මාධ්‍යවේදීන්ට සිය පාක්ෂිකයින් ලවා පහරදීමට කටයුතු කරන ලෙසයි. මෙහිදී තමන් ආරාධනා නොකළ බවත්, එබැවින් මෙම පහරදීමේදී වගකීම තමන්ට භාර නොගත හැකි බවත් පැවසීමට හැකි බව මොහු වැඩිදුරටත් පවසා ඇත.
මෙම කරුණට අදාලව රජයට හිතවත් එක්තරා වෙබ් අඩවියක දක්වා ඇත්තේ අවශ්‍ය වුවහොත් 'සිරස'සම්බන්ධයෙන් දෙවන හා තුන්වන පියවරයන් වෙතද ගමන් කිරීමට ආණ්ඩුව පසුබට නොවන බවයි. බටහිර උවමනාවන් වෙනුවෙන් ක‍ඩේ යන මාධ්‍ය ආයතනයක් ලෙස හුවා දක්වමින් මේ කරුණට අදාලව ජනතාව ප්‍රකෝප කර සිරසට එරෙහිව උපරිම ක‍්‍රියාමාර්ග ගැනීම මෙහිදී සාකච්ඡා වී ඇත.truth

විනය හේතූන් මත මහනුවර නගරාධිපති ඉවතට


විනය හේතූන් මත මහනුවර නගරාධිපති එල්.බී. අළුවිහාරේ එම තනතුරින් ඉවත් කළ බව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පවසයි. අළුවිහාරේ මහතාට එරෙහිව මේ වන විට විමර්ශණයක් පැවැත්වෙන බවද ප‍්‍රධාන ඇමතිවරයා කියා සිටී.
අලුවිහාරේ මහතා ඉවත් කිරීමෙන් හිස්වූ නගරාධිපති ධූරයේ මේ වන විට වැඩබැලීමට නියෝජ්‍ය නගරාධිපති එස්. වික‍්‍රමසිංහ පත්කොට තිබේ.truth

අපේක‍ෂක ලැයිස්තුවල රාජපක‍ෂ බලාධිකාරය තහවුරු කර ගැනීම නිසා ගිලටීනයට යන අහිංසකයෝ

නාමල්ගේ නිල් බලකායෙන් 30 ක් ඉල්ලයි

එළැඹෙන මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන අපේක‍ෂකයින් තෝරා ගැනීමට පත් කළ නාමයෝජනා මණ්ඩල තුනෙන් කුමන තරා තිරමක පුද්ගලයකු නිර්දේශ වුවත්, අපේක‍ෂකයින් තෝරාගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පමණක් බව වාර්තාවේ.
එක් නාමයෝජනා මණ්ඩලයක ප්‍රධානත්වය දැරූ ඇමැතිවරයකු පවසා තිඛෙන්නේ ටයිකෝට් ඇඳන්, ෆයිල් උස්සාගෙන අපේක‍ෂකත්වය ලබා ගන්න මොන සුදුසුකම් ඉදිරිපත් කළත්, අපි මොන නිර්දේශ කළත්, අන්තිමට අපිම මෝඩයෝ වන බවයි.
සන්ධානය තුළ ප්‍රධාන පක‍ෂය වන ශ්‍රීලනිපයටත්, එජාපයෙන් ආණ්ුවට එකතු වූ ඇමැති තනතුරු දැරූ අයටත් සමසමාජ කොමියුනිස්ට්, ශ්‍රී ලංකා මහජන, හෙළ උරුමය, විමල් වීරවංශ කණ්ඩායම, ලංකා කම්කරු කොංග්‍රසය, ෆේරියල් අෂ්රොෆ් කණ්ඩායම, රිසාද් බදුර්දීන් කණ්ඩායම, අතාවුල්ලා කණ්ඩායම, දේවානන්දා කණ්ඩායම ආදී වශයෙන් සන්ධාන ගතවී සිටින පක‍ෂවලටත් අඩුවැඩි වශයෙන් අපේක‍ෂකයන් ලබාදීමට සිදුව තිබීමත්, විශේෂයෙන් ජනාධිපති පුත් නාමල් රාජපක‍ෂගේ නිල් බලකායේ 30 දෙනකුට පමණ අපේක‍ෂක ධූර ඉල්ලා තිබීමත් නිසා, මෙවර ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු සෑහෙන පිරිසකට පක‍ෂය වෙනුවෙන් zපරිත්‍යාඟZ කරන්නට සිදුවන ලකුණු පහළ වී තිබේ. අමාත්‍යංශ දැරූ ශ්‍රීලනිපයේ කීප දෙනකුට ද, ජාතික ලැයිස්තුවේ කීපදෙනකු ද මෙවර රාජපක‍ෂ මහතාගේ දේශපාලන zගිලටීනයටZ හසුවන ලකුණු දැනටමත් ප්‍රදර්ශනය වන්නට පටන් ගෙන තිබේ.
විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට සන්ධාන අපේක‍ෂක ලැයිස්තුවට පුද්ගලයින් තෝරා ගැනීම බරපතල ප්‍රශ්නයක් වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් තෝරා පත් කර ගන්නා මුළු මන්තී්‍ර සංඛ්‍යාව 19 කි. අපේක‍ෂක ලැයිස්තුව ඉදිරිපත් කළ හැක්කේ එම සංඛ්‍යාවට වඩා තිදෙනෙකි. ඒ අනුව අපේක‍ෂක ලැයිස්තුව 23 කට සීමාවේ. සන්ධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් සමඟ ඒ.එච්.එම් ෆවුසි, ජීවන් කුමාරතුංග, මිලින්ද මොරගොඩ, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, අචල ජාගොඩ, දිනේෂ් ගුණවර්ධන, එම්.එච්. මොහොමඩ් මහත්වරුන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරු වන අතර, විමල් වීරවංශ මහතා සහ හෙළ උරුමයේ අක්මීමන දයාරත්න හිමි ආණ්ඩුවට සහයෝගය දෙන මන්ත්‍රීවරු වෙති.
මෙයට අමතරව දුමින්ද සිල්වා, තිලංග සුමතිපාල, චන්දන කත්‍රිආරච්චි, හඩ්සන් සමරසිංහ, කීර්ති උඩවත්ත, උපාලි කොඩිකාර, ලිලන්ත පෙරේරා, සුමිත් විෙජ්මුනිසොයිසා, අජ්මාල් මවුජුඩ්, ලලිත් ද සිල්වා, රොජර් සෙනවිරත්න, හරිගුප්ත රෝහණදීර මහත්වරුන්ටද කොළඹ දිස්ත්‍රික් සංවිධායක තනතුරු ලබාදී තිඛෙන අතර, ඔවුහුද දිස්ත්‍රික් අපේක්ෂකත්වය අපේක්ෂා කරති. පසුගියදා එජාපයෙන් සන්ධානයට එකතුවූ කොළඹ හිටපු උප නගරාධිපති අසාද් සාලි මහතාටද කොලඹ දිස්ත්‍රික්කයට තරග කිරීමට අවස්ථාවක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.
මේ සියල්ල මැද නාමල් රාජපක‍ෂගේ නිල් බලකායටද අවම වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් එක් අපේක්ෂක ධූරයක්වත් ලැබාදීමට සිදුවේ. සියල්ල එකතු වු විට දිස්ත්‍රික්කයේ තරග කළ හැකි අපේක්ෂකයින්ගේ සීමාවද ඉක්මවා යන බැවිනුත්, අලූත් මුහුණු එකතු කරන්නට යාමෙන් පරණ මුහුණු කැපී යන තත්ත්වයක් ද මතුව තිබේ. මේ තත්ත්වය මැද කොළඹ දිස්ත්‍රික්කයේ අපේකෂක ලැයිස්තුවෙන් ජ්‍යෙෂ්ඨයන් කීපදෙනකු කැපී යාමට ඉඩ ඇති බව පැවසේ.මේ අතර, විශ්වා වර්ණපාල, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ගීතාංජන ගුණවර්ධන, අගමැති රත්නසිරි වික්‍රමනායක, මර්වින් සිල්වා, එම්. මුසාම්මිල්, ඩලස් අලහප්පෙරුම, චම්පික රණවක, නවීන් දිසානායක, බැසිල් රාජපක‍ෂ, විනයාග මූර්ති මුරලිදරන්, ජී.එල්. පීරිස්, පුත්‍ර සිගාමනි, ශ්‍රී රාධ ක්‍රිෂ්ණන්, කේ. බායිස්, හුසේන බහිලා, එස්. නිජමුඩීන් මහත්වරුන් සහ එල්ලාවල මේධාන්න්ද හිමියන් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් වන අතර, මෙවර මේ පිරිසෙන් කීප දෙනකුම කැපීයාමට ඉඩ තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තුවෙන් පත්කර ලැනීමට අවශ්‍ය සුවිශේෂ පුද්ගලයින් කීපදෙනකු සිටින බවද වාර්තා වේ.මේ සියල්ල අස්සේ මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයකු නම් නොකිරීමට ගෙන ඇති තීරණය හමුවේ වාර්තමාන අගමැතිවරයාගේ දේශපාලන ඉරණම ගැන තීන්දුවක් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. කාලන්තරයක් තිස්සේ අගමැති පදවියේ සිහිනය දකිමින් සිටින දි.මු. ජයරත්න මහතා ද මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කරනු ඇත්තේ බලාපොරොත්තු සුන්කර ගෙනය.
ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ ඉදිරිපෙල සටන්කාමියාZ ලෙස පෙනී සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ද තරමක දේශපාලන කලකිරීමකින් පසුවන බවද වාර්තා වේ.
ලබන මහ මැතිවරණයේදී සෘජුවම ජනාධිපතිගේ සටන් සගයන්ට ප්‍රමුඛස්ථානයක් ලැඛෙනවිට ශ්‍රීලනිපයේ බොහෝ දෙනකු අපේක‍ෂා භංගත්වයට පත්වීම වැළැක්විය නොහැකි තත්ත්වයක්ද මතුවෙමින් තිබේ.
මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම අහඹු සිද්ධියක් නොවේ. විශාල මැතිවරණ දිස්ත්‍රික්කයක් වන කුරුණෑගල මැතිවරණ කටයුතුවල නියැලිමට සිදුව තිඛෙන නිසා මාධ්‍ය ඇමැති ධූරයෙන් ඉවත්වන බව ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරමින් කීවේ, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහභාගී වන අවසන් මාධ්‍ය හමුව මෙය විය හැකි බව වුවත් රජයේ අභ්‍යන්තර තොරතුරුවලින් වාර්තා වන්නේ ඔහුට මාධ්‍ය ඇමැති තනතුරෙන් ඉවත්වන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි.
මහ මැතිවරණයේදී නිල් බලකායෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයිනට සුවිශේෂී ප්‍රචාරයක් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ලබාදීටත්, පුතාගේ කණ්ඩායම පාර්ලිමේන්තුවට පත්කර ගෙන පවුල් zශක්තියZ ගොඩ නගා ගැනීමත් මාධ්‍ය ඇමැති පැත්තකට තල්ලූ කිරීමේ අරමුණ බව කියති.
එසේම, නාම යෝජනා බාරගැනීම අවසන්වීමට පෙර, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලින් ඉල්ලා අස්වු අයගේ පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටී. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් පෙර එම අධ්‍යක‍ෂවරුනට හා සභාපතිවරුනට ඉල්ලා අස්වන ලෙස දැනුම්දී ඇත්තේ ජනාධිපතිට අවශ්‍ය අය පමණක් එම තනතුරුවලට පත්කර ගැනීමට බවත්, එසේ පත්කිරීමෙන් පසු මහා මැතිවරණයෙන් ආණ්ඩුව ජයග්‍රහණය කළහොත් පත්කරන නව ඇමැතිවරුනට ඔවුන් යටතේ පාලනය වන සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපති හා අධ්‍යක‍ෂවරුන් ලෙස ඔවුනට හිතවත් අය පත්කර ගැනීමට අවස්ථාවක් ද ලැඛෙන්නේ නැත. මෙයද සම්පූර්ණයෙන්ම බලාධිකාරය ඒකපාර්ශවීය තැනකට ගෙන ඒමක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.

නිල් බලකාය ඡන්ද zසටනZ රුහුණු විශ්ව විද්‍යාලයයෙන් අරඹයි

zතාරුණ්‍යයට හෙටක්Z තේමාව කරගත් නිල් බලකාය ඉදිරි මහා මැතිවරණයට තමන්ගේ zසෙබළුන්Z ආණ්ඩු පක‍ෂයේ අපේක‍ෂකයින් ලෙස ඉදිරිපත් කරන්නට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වෙද්දී, විශ්ව විද්‍යාලවල තරුණ උපාධි අපේක‍ෂකයින් මෙල්ල කිරීමේ වැඩ පිළිවෙලක් රුහුණු විශ්ව විද්‍යාලයෙන් අරඹා තිබේ.
මෙල්ලය ඇරඹී තිඛෙන්නේ පසුගිය 11 වනදා රුහුණු විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨයේ නවක ශිෂ්‍ය කණ්ඩායමේ සිසු පිරිසකට නිල් බලකායට සම්බන්ධ සිසු පිරිසක් විසින් පහරදීමකිනි.
මේ පහරදීම සිදුවන මොහොතේ විශ්ව විද්‍යාලයයේ නැගෙනහිර පැත්තේ පිහිටි ක්‍රීඩාගාරය අසල අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් රථ කීපයක් නවතා තිබුණ බව විශ්ව විද්‍යාලයයේ සිසුහු පවසති.
මේ ප්‍රහාරය සිදුකරන්නට දින දෙක තුනකට පෙර ජාතික රූපවාහිනිය zපසුවිපරමZ දේශපාලන වැඩ සටහනින් රුහුණු විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය එම විශ්ව විද්‍යාලය තුළින් ජවිපෙ භීෂණය පටන් ගන්නට යන බවට ප්‍රකාශ කර ඇත. මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවේ ගැටුම පැතිර යාම වළක්වා ගත්තේ තම සංගමය මැදිහත්වීමෙන් බවයි.
පහරදීමට මුල්වූ අයට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා ලෙස පාලක පක‍ෂයෙන් ඉල්ලා සිටිමින් මහා ශිෂ්‍ය සංගමය පාලක කාර්යාලය වටකර උද්ඝෝෂණයක්ද කළ බවත් පහරදීම සිදුවූ 11 වනදා රාත්‍රී අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් වර්ගයේ රථ 3 ක් මැද්දවත්ත නේවාසිකාගාරය ඉදිරිපිටින් දෙතුන් වතාවක් එහාට මෙහාට ධාවනය කර පසුව නේවාසිකාගාරය ඉදිරිපිට සෑහෙන වේලාවක් නතර කර තිබූ බවත් මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.enews






සිද්ධිය සම්බන්ධව නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කොට පහරදීම කළ සිසුන් සම්බන්ධව විනයානුකූල පියවරක් ගන්නා බවට පොරොන්දුවක් දී තිබේ.

zනිල් බලකායZ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක‍ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට සෘජුව සම්බන්ධව ප්‍රචාරක ව්‍යාපාරයක යෙදුණි. මෙම බලකායේ නායකත්වය දරන්නේ ජනාධිපති වැඩිමහල් පුත් නාමල් රාජපක‍ෂ මහතායි. නාමල් රාජපක‍ෂ මහතා මහා මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සන්ධාන අපේක‍ෂකයකු ලෙස තරඟ කරයි. ඔහුගේ දේශපාලන ආගමනයට පසුගියදා පියා වන මහින්ද රාජපක‍ෂ ජනාධිපතිවරයාගෙන් විවරණ ලබා ගත්තේය.

ජෙනරාල්ගේ කාර්යාලයේ සේවය කළ ආබාධිත සෙබලා අතුරුදහන්

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ රාජකීය මාවතේ පිහිටි කාර්යාලයයේ සේවය කරමින් සිටි තම ආබාධිත ස්වාමි පුරුෂයා පෙබරවාරි 11 දා සිට අතුරුදහන්වී ඇතැයි ඔහුගේ බිරිඳ රාගම පොලීසියට පැමිණිලි කොට තිබේ.
රාගම කුසුමේ ගෙදර පදිංචි, ෙජ්. අශෝක් කුමාර (37) නමැති සැරයන්වරයා මෙලෙස අතුරුදහන් වී ඇත.
සැරයන්වරයා පෙබරවාරි 11 දා පෙරවරුවේ ජෙනරාල්ගේ කොළඹ කාර්යාලයට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත් මේ වනතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් දැන ගන්නට නැති බවත් ඔහුගේ බිරිඳ රාගම පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
අතුරුදන් වීමට දින කීපයකට පෙර නාඳුනන පිරිසක් පැමිණ තම ස්වාමි පුරුෂයාගේ තොරතුරු නිවස අවටින් සොයා ඇති බවට සැරයන්වරයාගේ බිරිඳ පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
රාගම පොලීසිය පවසන්නේ පැමිණිල්ල ගැන පරීක‍ෂණ අරඹා ඇතත්, මෙතෙක් අතුරුදහන්වීමට අදාල වැදගත් තොරතුරක් ලැබී නැති බවයි.
සැරයන්වරයා 1995 වසරේ ජයසිකුරු මෙහෙයුමේදී ආබාධිත තත්ත්වයට පත්වීම නිසා වෛද්‍ය හේතු මත හමුදා සේවයෙන් විශ්‍රාම ගිය අයෙකි.
ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට සහාය දක්වමින්, මෙම සැරයන්වරයා මාස 1 1/2 ක පමණ කාලයක් එම කාර්යාලයේ සේවය කර ඇත.enews

ජෙනරාල් නිදහස් කරන්නැයි පැරිසියේත් උද්ඝෝෂණ

යුද හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා රජයට බලකරමින් පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ලබන 15 වනදා සඳුදා පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට මහා උද්ඝෝෂණයක යෙදෙති
zප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ශ්‍රී ලාංකිකයෝZ සංවිධානය විසින් මෙහෙයවන මෙම උද්ඝෝෂණය 15 දා සවස 3.00 සිට 5.00 දක්වා පැවැත්වෙන බවත් කිසිදු දේශපාලන හා ජාති භේදවලින් තොරව ශ්‍රී ලාංකිකයෝ මෙම උද්ඝෝෂණයට සහභාගී වන බව පැරිසියේ අපේ වාර්තාකරු පවසයි. enews

ජවිපෙ කාර්යාලයකට‍ ප්‍රහාරයක්


ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයකට‍ කිසියම් පිරිසක් පහර දී තිබේ.
පිළියන්දල, ‍ජාලියගොඩ ප්‍රදේශයේ පිහිටි එම කාර්යාලයට ඊයේ අලුයම 1 .30 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වේ. පහරදීමට පැමිණි පිරිස කාර්යාලයේ සැරසිලි කඩා බිඳ දමා එහි දේපළවලට ද හානි සිදුකර ඇත. ප්‍රහා‍රයෙන් කාර්යාලයේ දේපළ වලට රුපියල් ලක්ෂයක පමණ අලාභහානියක් සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමු‍ණ ප්‍රකාශකයෙක් පැවසුවේය.

ටී.එම්.වී.පීය හා දෙමළ සන්ධානය තවමත් තීරණයක නෑ


ටී.එම්.වී.පීය ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන ආකාරය මෙතෙක් තීරණය කර නොමැති බව එම පක්ෂයේ නායක නැ‍ෙගනහිර පළාත් මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා‍ පවසයි.
හෙට දිනයේ දී පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හමුවී මේ පිළිබඳ අවසන් නිගමනයකට එළඹෙන බව ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් තම පක්ෂයට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත හැකි ආකාරයට එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන බව හෙතෙම සඳහන් කරයි. ටී.එම්.වී.පීය තනිවම හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
මේ අතර දෙමළ ජාතික සන්ධානය එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ මෙතෙක් තීරණය කර නෙ‍ාමැති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. දින කිහිපයකට පෙර මේ පිළිබඳ පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.
එහෙත් එම සාකච්ඡාවට මාවෙයි සේනාධිරාජා, ගජේන්ද්‍ර පොන්නම්බලම් යන හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවීම හේතුවෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ පිළිබඳ ඉදිරි දින කිහිපය තුළ අවසන් නිගමනයකට එළඹෙන බව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෙකු කියා සිටියේය. adaderana

අමෙරිකාවෙන් මිලියන 343 ක ආධාර මුදලක්


උතුරේ නැවත පදිංචි කරන ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා අමෙරිකාව රුපියල් මිලියන 343 ක ආධාර මුදලක් ලබා දී තිබේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති පැට්‍රිෂියා ඒ. බියුටෙනිස් මහත්මිය විසින් අදාළ මුදල ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයට ප්‍රදානය කර ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. යාපනය, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල නැවත පදිංචි කරවූ ජනතාව‍ෙග් සුබසාධන කටයුතු වෙනුවෙන් මෙම මුදල පිරිනමා ඇති බව සඳහන් වේ. පුද්ගලයින් 17,000 කට තාවකාලික නිවාස සැපයීම, පුද්ගලයින් 35,000කට පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම, සෞඛ්‍ය පහසුකම් නැංවීම ආදිය මෙමගින් අරමුණු කර තිබේ.adaderana

එල්.ටී.ටී.ඊ බැංකු මුදල් ආපසු දෙන්න බෑ


එල්.ටී.ටී.ඊ. ය විසින් පවත්වාගෙන යනු ලැබූ බැංකුවල මුදල් තැන්පත් කළ පුද්ගලයින්ට එම මුදල් යළි ලබාදීම ප්‍රායෝගික නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
අදාළ ගිණුම්වල දත්ත වාර්තා පිළිගත හැකි අනුමත ආයතනයක් මගින් සහතික කර නොමැති වීම මීට හේතුව බව ඔහු සඳහන් කරයි. යාපනයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ ක‍ළේය.
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් තම පාලනය පැවති ප්‍රදේශවල පවත්වාගෙන යනු ලැබූ බැංකුවල මුදල් ගනුදෙනු පිළිබඳව රජයට වගකිව නොහැකි බව ද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේය. එම බැංකුවල මුදල් තැන්පතු ලේඛන ඉදිරිපත් කරන ගිණුම් හිමියන්ට මුදල් ලබාදීම කළ නොහැකි කාර්යයක් බව ද ‍හෙතෙම පෙන්වාදෙයි.adaderana

ජාතික කොංග්‍රසයෙන් රජයට න්‍යාය පත්‍රයක්


ඉදිරි මහ මැතිවරණයෙන් පසුව සුබවාදී පාලනයක් උදෙසා රජය පොළඹවන හා දිරිගන්වන කරුණු ‍දොළහකින් යුත් න්‍යාය පත්‍රයක් ශ්‍රී ලංකා ජාතික කොංග්‍රසය විසින් ඉදිරිපත් කර තිබේ.
එම න්‍යාය පත්‍රයේ මුල් පිටපත් ශ්‍රී ලංකා ජාතික කොංග්‍රසයේ නායක මිලින්ද‍ මොරගොඩ අමාත්‍යවරයා විසින් මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වුණි. ජනතාව ගරුකරන දේශපාලන සංස්කෘතියක්, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම, දූෂණය අවම කිරීම, නීතිය හා යුක්තිගරුක සමාජයක් බිහිකිරීම, බලය බෙදාහැරීම මගින් ජනතාව සවිබල ගැන්වීම ආදී කරුණු මෙම න්‍යාය පත්‍රයේ අන්තර්ගත වන බව සඳහන් වේ.
මෙම සැලසුම ඉදිරියට ගෙන යාම සඳහා දොළොස් දෙනෙකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක් ද පත්කර ඇති බව මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා පවසයි. adaderana

අවතැන් පිරිසක් යළි පදිංචි කෙරේ


කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි නගරය තුළ අද දිනයේ දී අවතැන් වූවන් පිරිසක් යළි පදිංචි කරන බව ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි.
වව්නියාව, මැණික් ෆාම් සුභසාධන කඳවුරේ සිටි පිරිසක් මෙසෙ‍් පදිංචි කෙරෙන බව අමාත්‍යාංශ ලේකම් යූ.එල්.එම්. හල්දීන් මහතා සඳහන් කරයි. පවුල් 570 කට අයත් පුද්ගලයින් 2,216 ක් මෙසේ පදිංචි කෙරෙන බව ද ඒ මහතා පැවසීය. කරච්චි නගරය තුළ අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සලසා ඇතැයි යූ.එම්.එල්. හල්දීන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

ආහාර විෂවූ දරුවන් තවමත් ප්‍රතිකාර ලබයි


ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු පාසල් දරු දැරියන් අතරින් 97 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව මාතලේ මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.
එම පිරිස අතරින් වැඩි දෙනෙකු අද දිනයේ ‍රෝහලෙන් පිටත් කර හැරීමට හැකිවනු ඇති බව ඔහු පෙන්වාදෙයි. මෙම ආහාර විෂවීමේ සිද්ධිය හේතුවෙන් මාතලේ පලාපත්වල ප්‍ර‍දේශයේ දස හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මියගියේය. පෙරේදා පාසලේ දී ලබාදුන් දිවා ආහාරය දරුවන් පිරිසකට මෙලෙස විෂ වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.adaderana

සංචාරක පැමිණීම ඉහළගිහින්


පසුගිය දෙසැම්බර් මාසයේ සිට සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
සුපුරුදු යුරෝපීය රටවලින් මෙන්ම දකුණු ආසියාතික රටවලින් ද කැපී පෙනෙන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙමින් සිටින බව එම අධිකාරිය පෙන්වාදෙයි. පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසය තුළ සංචාරකයින්ගේ පැමිණීම 31 . 9% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රව‍ර්ධන අධිකාරිය සඳහන් කරයි. පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව බටහිර යුරෝපීය සංචාරකයින්ගේ පැමිණීම 36 . 3% කින් වර්ධනය වී ඇති බව ද වාර්තා වේ.adaderana

කැලණි වැලි දුම්රිය ගමනාගමනය සීමා කෙරේ


අද සහ හෙට යන දෙදින තුළ කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොට්ටාව සහ හෝමාගම අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අද පෙරවරු 6 ට අවිස්‍සාවේල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොට්ටාව දුම්රිය ස්ථානයට පෙරවරු 7.43 ට ළඟා වීමට නියමිතව තිබෙන දුම්රියෙන් පසුව හෙට පස්වරුව දක්වා කොට්ටාව හා අවිස්‍සාවේල්ල අතර දුම්රිය ධාවනය නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. යළි කොට්ටාව හා අවිස්සාවේල්ල අතර දුම්රිය ධාවනය වන්නේ හෙට පස්වරු 4.10 ට කොටුව ‍දුම්රිය ස්ථානයෙන් පිටත්ව අවිස්සාවේල්ල දක්වා ධාවනය කෙරෙන දුම්රියත් සමඟය.
අද පස්වරු 2 . 25 ට කොළඹ කොටුවෙන් පිටත්වන දුම්රිය කොට්ටාව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම හෙට පෙරවරු 7.43 ට කොට්ටාව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා දුම්රියක් ධාවනය කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.adaderana