Saturday, February 13, 2010

එල්.ටී.ටී.ඊ බැංකු මුදල් ආපසු දෙන්න බෑ


එල්.ටී.ටී.ඊ. ය විසින් පවත්වාගෙන යනු ලැබූ බැංකුවල මුදල් තැන්පත් කළ පුද්ගලයින්ට එම මුදල් යළි ලබාදීම ප්‍රායෝගික නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
අදාළ ගිණුම්වල දත්ත වාර්තා පිළිගත හැකි අනුමත ආයතනයක් මගින් සහතික කර නොමැති වීම මීට හේතුව බව ඔහු සඳහන් කරයි. යාපනයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ ක‍ළේය.
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් තම පාලනය පැවති ප්‍රදේශවල පවත්වාගෙන යනු ලැබූ බැංකුවල මුදල් ගනුදෙනු පිළිබඳව රජයට වගකිව නොහැකි බව ද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේය. එම බැංකුවල මුදල් තැන්පතු ලේඛන ඉදිරිපත් කරන ගිණුම් හිමියන්ට මුදල් ලබාදීම කළ නොහැකි කාර්යයක් බව ද ‍හෙතෙම පෙන්වාදෙයි.adaderana

0 comments:

Post a Comment