Saturday, February 13, 2010

ජෙනරාල්ගේ කාර්යාලයේ සේවය කළ ආබාධිත සෙබලා අතුරුදහන්

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ රාජකීය මාවතේ පිහිටි කාර්යාලයයේ සේවය කරමින් සිටි තම ආබාධිත ස්වාමි පුරුෂයා පෙබරවාරි 11 දා සිට අතුරුදහන්වී ඇතැයි ඔහුගේ බිරිඳ රාගම පොලීසියට පැමිණිලි කොට තිබේ.
රාගම කුසුමේ ගෙදර පදිංචි, ෙජ්. අශෝක් කුමාර (37) නමැති සැරයන්වරයා මෙලෙස අතුරුදහන් වී ඇත.
සැරයන්වරයා පෙබරවාරි 11 දා පෙරවරුවේ ජෙනරාල්ගේ කොළඹ කාර්යාලයට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත් මේ වනතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් දැන ගන්නට නැති බවත් ඔහුගේ බිරිඳ රාගම පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
අතුරුදන් වීමට දින කීපයකට පෙර නාඳුනන පිරිසක් පැමිණ තම ස්වාමි පුරුෂයාගේ තොරතුරු නිවස අවටින් සොයා ඇති බවට සැරයන්වරයාගේ බිරිඳ පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
රාගම පොලීසිය පවසන්නේ පැමිණිල්ල ගැන පරීක‍ෂණ අරඹා ඇතත්, මෙතෙක් අතුරුදහන්වීමට අදාල වැදගත් තොරතුරක් ලැබී නැති බවයි.
සැරයන්වරයා 1995 වසරේ ජයසිකුරු මෙහෙයුමේදී ආබාධිත තත්ත්වයට පත්වීම නිසා වෛද්‍ය හේතු මත හමුදා සේවයෙන් විශ්‍රාම ගිය අයෙකි.
ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට සහාය දක්වමින්, මෙම සැරයන්වරයා මාස 1 1/2 ක පමණ කාලයක් එම කාර්යාලයේ සේවය කර ඇත.enews

0 comments:

Post a Comment