Friday, April 9, 2010

ගම්පහ බැසිල්ට-පබාටත් තැනක්


ගම්පහ දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රථම ස්ථානයට පත් ඇත්තේ කණ්ඩායම් නායක බැසිල් රාජපක්ෂ මහතාය.
ඔහු මනාප ඡන්ද 42,5861 ක් ලබා ඇති අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මනාප ඡන්ද 1,86140 ක් ලබා ගනිමින් සන්ධාන ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයටද,මනාප ඡන්ද 1,51085 ක් ලබා ගනිමින් මර්වින් සිල්වා මහතා තෙවෙනි ස්ථානයට ද තේරී පත්වී තිබේ.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මනාප ඡන්ද 112010 ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී තිබේ.
එක්සත් ජාතික පෙරමුණෙන් මනාප ඡන්ද 88850 ක් ලැබූ රුවන් විජේවර්ධන මහතා එ.ජා.ප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට තේරී පත්ව ඇති අතර මනාප ඡන්ද 81,350 ක් ලැබූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය දෙවෙනි ස්ථානයට ද,එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා මනාප ඡන්ද 60,310 ක් ලබා තෙවෙනි ස්ථානයට ද,දොස්තර ජයලත් ජයවර්ධන මහතා මනාප ඡන්ද 58,302 ක් ලබා සිව් වන ස්ථානයට ද තේරීපත් වී ඇත. adaderana

කුමාර වෙල්ගම කළුතරින් අංක එකට


කළුතර දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට තේරී පත්ව ඇත්තේ මනාප ඡන්ද 12,4766 ක් ලබා ගත් කුමාර වෙල්ගම මහතාය.
මනාප ඡන්ද 97718 ක් ලැබූ මහින්ද සමරසිංහ මහතා දෙවන ස්ථානයටත්,මනාප ඡන්ද 82,044 ක් ලැබූ නිර්මල කොතලාවල මහතා සන්ධාන ලැයිස්තුවේ මුල් පෙළට තේරීපත් වී තිබේ..
එක්සත් ජාතික පෙරමුණෙන් පාලිත තෙවරප්පෙරුම මහතා51,153 ක් මනාප ඡන්ද ලබා එකී ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර අජිත් පෙරේරා මනාප ඡන්ද 48,588 ක් ලබා එක්සත් ජාතික පෙරමුණු ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයට තේරී පත් වී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් කළුතර දිස්ත්‍රීක්කයට තරග කළ අර්ජුන රණතුංග මහතා ද මනාප ඡන්ද 27,792 ක්ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබීම විශේෂත්වයකි. adaderana

රත්නපුරෙන් ජෝන් මුල්තැනට


‍රත්නපුර දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජෝන් සෙනෙවිරත්න මහතා වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් රත්නපුර දිස්ත්‍රීක්කයේ ප්‍රථමස්ථානයට පත්ව තිබේ. ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 1,25,816 කි.
මනාප ඡන්ද 110,220 ක් ලබා ගනිමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සන්ධාන ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයට පත්ව තිබේ.
‏ප්‍රේමලාල් ජයසේකර මහතා මනාප ඡන්ද 73,175 ක් ලබා ගනිමින් රත්නපුර දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ තෙවෙනි ස්ථානයට පත්ව ඇත.
රත්නපුර දිස්ත්‍රීක්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ලබා ප්‍රථමස්ථානයට තේරී පත්ව ඇත්තේ මනාප ඡන්ද 64,591 ක් ලැබූ තලතා අතුකෝරල මහත්මියයි. ඒ අනුව රත්නපුර මන්ත්‍රීධූර බෙදී ඇත්තේ පහත අයුරිනි.
*එක්සත් ජනතා නිදහස් සන්ධානය
ජෝන් සෙනෙවිරත්න-1,25,816
පවිත්‍රා වන්නිආරච්චි-110,220
ප්‍රේමලාල් ජයසේකර-73,175
ජනක වක්කුඹුර-70,473
වාසුදේව නානයක්කාර-56,493
රංජිත් සොයිසා-47,147
සුනී රෝහණ-37,902

*එක්සත් ජාතික පෙරමුණ
තලතා අතුකෝරල-64,591
රංජන් රාමනායක-59,318
දුනේෂ් ගන්කන්ද-34,219

පොළොන්නරුව මෛත්‍රීපාලට


මනාප 90, 118ක් ලබාගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව හිමිකරගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්ව තිබේ.
දෙවන ස්ථානය හිමිකරගෙන ඇති රොෂාන් රණතුංග මහතා ලබා ඇති ජන්ද සංඛ්‍යාව 56, 223කි. එමෙන්ම ගම්ලත් සිරිපාල මහතා මනාප 53, 973 ක් ද චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා මනාප 44, 356ක් ද හිමිකරගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය එක් ආසනයක් පමණක් හිමිකරගෙන ඇති අතර එම ආසනය හිමිව ඇත්තේ අර්ල් ගුණසේකර මහතාටය. ඔහු ලබා ඇති මනාප සංඛ්‍යාව 26, 925කි.adaderana

මොණරාගල ජය පුෂ්පකුමාරට


වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් මොණරාගල දිස්ත්‍රික්කය ජය ගැනීමට ජගත් පුෂ්පකුමාර මහතා සමත්ව තිබේ. ඒ මනාප 67, 903 ක් ලබාගනිමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 15, 105 කි. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාමිණී විජිත් විජිත මුනි සොයිසා මනාප 54, 515ක් ද සුමේධා ජී ජයසේන මහත්මිය මනාප 45, 837ක් ද විජිත බේරුගොඩ මහතා මනාප 43, 001ක් ද ලබාගෙන ඇත. adaderana

ගාල්ලේ ජය මුතුහෙට්ටිගමට


මනාප 124, 368ක් ලබාගනිමින් ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමත්ව තිබේ. ‍
එම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය දිනාගෙන ඇත්තේ සන්ධාන අපෙක්ෂක රමේෂ් පතිරණ මහතාය. ඒ මනාප 94, 317ක් ලබාගනිමිනි. ගුණරත්න වීරකෝන් මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 67, 895කි. එම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප සංඛ්‍යාව හිමිකරගෙන ඇත්තේ මනූෂ නානායක්කාරය. ඒ මනාප 47, 060කි. එම පක්ෂයේ ගයන්ත කරුණාතිලක මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 46, 168කි. adaderana

බදුල්ල නිමල් සිරිපාලට


බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රමාණය හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නිමල් සිරිපාල ද සිල්වා සමත්ව තිබේ. ඒ මනාප 141, 990ක්ය.
එම දිස්ත්‍රික්කයෙන් ඩිලාන් පෙරේරා මහතා මනාප 69, 610ක් ලබාගෙන ඇත. චාමික බුද්ධදාස මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 42, 856කි. adaderana

නාමල්ට විශිෂ්ට ජයක්


හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව මනාප 147, 566ක් ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබේ. එමෙන්ම මහින්ද අමරවිර මහතා මනාප 105, 414ක් දචමල් රාජපක්ෂ මහතා මනාප 79, 647ක් ද ලබාගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා මනාප 74, 467ක් ලබාගෙන තිබේ. ඩිලිප් වෙද ආරච්ච් මහතා මනාප 47, 160ක් ලබාගෙන ඇත. adaderana

වැඩිම මනාප සනත්ට


මාතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලයට අනුව මනාප 74, 352ක් ලබාගනිමින් සනත් ජයසූරිය ඉදිරියෙන් සිටින බව මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්. කේ. කේ. අබේවර්ධන පවසයි.
එමෙන්ම මහින්ද යාපා මනාප 70, 439ක් ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මනාප 67,510 ක් ද චන්ද්‍රසිරි ගජධීර මනාප 51, 042ක් ද හේමලාල් ගුණසේකර මනාප 51, 013ක් ද විජය දහනායක මනාප 44, 463 ක් ද ලබාගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වන බුද්ධික පතිරණ මනාප 62, 499ක් ද මංගල සමරවීර මනාප 59, 836ක් ද ලබාගෙන ඇත. adaderana

මහ මැතිවරණයෙන් සන්ධානය ජය ගනී


මෙවර මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිපලවලින් මේ වන විට දිස්ත්‍රික් තුනක සමස්ත ප්‍රතිපල නිකුත් කර අවසන් වන අතර, මෙම ප්‍රතිපල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජය හිමිව ඇත. මේ අතුරින් මාතර සමස්ත ජය සන්ධානයට හිමිව ඇති අතර, එහි දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 213,937 ක් ලබා‍ගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 91,114 කි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී ඇති ආසන ගණන 06 ක් වන අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ආසන ගණන 02 කිග
එනේම හම්බන්තොට සමස්ත ජයත් සන්ධානයට හිමිව ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 174,808 ක් ලබා‍ගෙන ඇති අතර, එක්සත් ජාතික පක්ෂය ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 83,027 කි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී ඇති ආසන ගණන 05 ක් වන අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ආසන ගණන 02 කි.lankatruth

නාවලපිටියේ ඡන්දය 16


මැතිවරණ කොමසාරිස්වරයා විසින් ශුන්‍ය කරන ලද මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ඡන්ද කොට්ඨාසයේ ඡන්දය ලබන 16 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
බලහත්කාරයෙන් ඡන්දය දැමීම ඇතුළු අවසාන ප්‍රතිඵලයට බලපෑම් වන අයුරින් මැතිවරණ දූෂණ සිදුව ඇති බවට දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ කණ්ඩායම් කළ දැනුම්දීමකට අනුව නාවලපිටිය ආසනයේ ඡන්දය ශුන්‍ය කෙරිණි.lankatruth

මම ඉන්නව - මැකො කියයි


මැතිවරණ කොමසාරිස්වරයා සිය කාර්යාලය වන රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිටින බවත්, තමන් සමඟ ඕනෑම මොහොතක සම්බන්ධ විය හැකි බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. නමුත් මෙම පුවතට අදාල තොරතුරු අප වෙත වාර්තා කරනු ලැබුවේ අද දින මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු කළ පක්ෂ නියෝජිතයින් වන අතර, එම පුසත සම්බන්ධයෙන් තහවුරුවක් එම පක්ෂ නියෝජිතයින් විසින් අප වෙන දැක්වීය.
අප පුවත පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳව අප මැතිවරණ කොමසාරිස්වරයාට ස්තුතිවන්ත වන අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මෙම පුවත සම්බන්ධයෙන් හෝ මෙවන් අවධානයක් යොමු කිරීම පිළිබඳව අප අගය කරමු.
නමුත් අප වැඩිදුරටත් තහවුරු කරනුයේ අද දින කිසිදු අවස්ථාවක මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයට මැතිවරණ කොමසාරිස්වරයා නොපැමිණි අතර, මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විසුරුවීමේ අවස්ථාවට ද මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධ නොවූ බවයි. එමෙන්ම අද දින අදාල ස්ථානයේ කටයුතු කළ පක්ෂ නියෝජිතයින් හා දුරකතනයෙන් හෝ සම්බන්ධ වූ බවට මැතිවරණ කොමසාරිස්වරයාට තහවුරු කිරීමට හැකි නම් ඒ සම්බන්ධයෙන් හැකි නම් තොරතුරු දක්වන ලෙසත් අප මැතිවරණ කොමසාරිස් දායානන්ද දිශානායක මහතාට අවධාරණය කර සිටිමු.lankatruth

දුම්රිය තාක්‍ෂණ ශිල්පීන්ගේ වැටුප් වහාම ලබා දෙන්න - වෘත්තීය සමිති මහා සම්මේලනය ඇමැති ඩලස්‌ගෙන් ඉල්ලයි


ශ්‍රී ලංකා දුම්රිය තාක්‍ෂණ ශිල්පීන්ගේ වෘත්තීය ගැටලුවලට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින බැවින් වහාම තම සේවකයන්ගේ වැටුප් ලබාදෙන්න යැයි කියමින් වෘත්තිය සමිති මහා සම්මේලනය ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා වෙත ලිපියක්‌ යවමින් කියා සිටී. එම ලිපිය මෙසේය.
වෘත්තීය ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්‍ෂණ ශිල්පී සංගමය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ ආරම්භ කර ඇත. 2010 මාර්තු 29 දින ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අද වන විට දින 10 ක්‌ ගත වුවද එයට අදාළ වෘත්තීමය ඉල්ලීම් විසඳීමට දුම්රිය බලධාරීන් හෝ ඔබතුමා කඩිනම් ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම ගැටලු සහගත තත්ත්වයකි.
ඔවුන්ගේ ඉල්ලීම මත බඳවාගැනීම් පටිපාටි සංශෝධනය කිරීම හා මූලික තාක්‍ෂණ සේවයට අදාළ වැටුප් තලයන් ලබාගැනීම වැනි ඉල්ලීම් ඔබ රජයේ වැටුප් සංසන්දනය වන 06/2006 - 1 චක්‍රලේඛනය නිසා උද්ගතවූ බරපතල ගැටලු බව ද සිහිපත් කරන්නෙමු. මෙම ගැටලු හා අසාධාරණයන් උක්‌ත චක්‍රලේඛ නිකුත් කරන ලද 2006.04.25 වන දින ඇති වූ විෂමතාවන් සහ අසාධාරණයක්‌ වන අතර වසර 05 ක්‌ ගත වුවද අදාළ ගැටලුවලට විසඳුම් ලබා දීමට නොහැකිවීම බරපතල අසාධාරණයකි.
එසේම මෙම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය හරහා දුම්රිය එන්ජින් පරීක්‍ෂා කිරීමකින් තොරව හා ඒ මොහොතේ ධාවනයට සුදුසු බව සහතික කිරීමකින් තොරව මේ වන විට ධාවනයට යොදවන අතර එය මගී ජනයා අනතුරකට භාජනවීමක්‌ බව ද පැහැදිලිය.lankatruth

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොකරන්නැයි මැකොගෙන් මාධ්‍යට බලපෑම්


මහ මැතිවරණය අවසානයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% ත් 52% ත් අතර වූ අතර, මෙම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් මාධ්‍යයට නියෝග කර ඇත. මෙහිදී සමස්ථ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පිළිබඳව කිසිදු අවස්ථාවක කිසිදු මාධ්‍යයක් මගින් පළ නොකළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ අදාල නිවේදනයෙන් දක්වා ඇත.
පසුගිය සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන සවස 4.00 න් පසු ප්‍රකාශිත සමස්ථ ඡන්ද ප්‍රතිශතයේ ආසන්න අවස්ථාවක් ප්‍රකාශ කරන අතර, මෙවර එම අවස්ථාව වාරණය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඡන්ද නිරීක්ෂණ නිලධාරීන් පවසන්නේ මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා සිදු කිරීමේ අවස්ථාවන් මැතිවරණ කොමසාරිස්වරයා විසින්ම ලබා දී ඇති අතර, මේ අනුව මෙවර මහ මැතිවරණය සම්බන්ධයෙන්ද බරපතල සැක සංකා මතුවන බවයි.lankatruth