Saturday, April 24, 2010

සිරස මාධ්‍ය ජාලය අනතුරේ


මහරාජා සමූහ ව්‍යාපාරයට අයත් MBC මාධ්‍ය ජාලයේ විකාශන අවසර පත්‍රය මේ වන විට බලවත් තර්ජනයකට මුහුණ දී ඇති බව වාර්තා වේ. MBC මාධ්‍ය ජාලයේ අභ්‍යන්තර වාර්තා පවසන්නේ MBC මාධ්‍ය ජාලයේ ජම්මාන්තර හතුරෙකු ලෙස ප්‍රසිද්ධියේ පවා පෙනී සිටින මර්වින් සිල්වා මහතාට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරය ලැබීම මෙයට හේතුව බවයි.
මීට පෙර වැරදි ප්‍රවෘත්තියක් විකාශය කිරීමේ කරුණ මුල් කර ගනිමින් එවකට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටි දුමින්ද සිල්වා මහතාගේ සොහොයුරාට අයත් ABC මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අහෝසි කළ ආකාරයට MBC මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අහෝසි කිරීමට අවශ්‍ය කරුණු රැස් කිරීමට මේ වන විට විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.
පසුගිය කාලයේදී සිරස මාධ්‍ය ආයතනයට කොටි ‍ලේබලය අලවා සිරස MBC මාධ්‍ය ඒකකය විරුද්ධව ප්‍රසිද්ධියේ උද්ඝෝෂන මෙහෙයවූ හා පසුගියදා එම ආයතනයට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මර්වින් සිල්වා මහතාටම ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති පදවිය ලබාදීම පිළිබඳව බොහෝ පිරිස් සිය විමතිය මෙන්ම හාස්‍ය ද පළ කර ඇත. MBC මාධ්‍ය ආයතනයට ප්‍රසිද්ධියේ කැලණිය ඩිපෝවට අයත් බස් රථවලින් හා කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හා කැලණිය අවට පිරිස් යොදවා පහරදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය මෙය බව මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති මාධ්‍යවේදියෙකු පැවසීය.lankatruth

අපෙන් කට්ටියක් ආණ්ඩුවට යනවා - රනිල් මංගලට කියයි


මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමු‍ණෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් ආණ්ඩුවට එක් වෙන බවත්, එහිදී පුරප්පාඩු වන පළමු ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයට ලබා දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතාට පවසා ඇත. ඊයේ සවස රනිල් වික්‍රමසිංහ මහතා හා මංගල සමරවීර මහතා දුරකතනයෙන් කතාබහ කොට ඇති අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සිය පක්ෂයට ලබා නොදීම ගැන මංගල සමරවීර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා මුඛයෙන් කතා කොට ඇත.
මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ධූරයන්හි පුරප්පාඩු වන පළමු අවස්ථාවේදීම එම මන්ත්‍රී ධූරය මංගල සමරවීර මහතාගේ පක්ෂයට ලබා ‍දෙන බවයි. මෙම පුරප්පාඩුව කුමක්දැයි මංගල සමරවීර මහතා විමසූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරමු‍ණේ මන්ත්‍රීවරුන්ගෙන් කිහිපදෙනෙකු ආණ්ඩුවට යාමේ සූදානමක් පවතින බවත්, එසේ ආණ්ඩුවට ගිය වහාම තමන් විසින් මැතිවරණයට පෙර ලබා ගත් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියට අනුව ඔවුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කරන බවත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සාකච්ඡා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ තමන් හමුවන ලෙස මංගල සමරවීර මහතාට පවසා ඇත. මෙහිදී මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීමටත්, එහිදී එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීමත් සම්බන්ධව ද සාකච්ඡා කෙරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. lankatruth

බැසිල්ගෙන් මර්වින්ට ටොක්කක්


පසුගිය 18 වැනිදා කැලණිය ප්‍රාදේශීය මභා මන්ත්‍රීවරයෙකු යොදවා වත්මන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් කැලණිය ප්‍රදේශයේ සියලුම සුරා සැල් සිය කැලෑ නීතිය යොදවා වසා දැමු අතර, ඊ‍යේ එසේ වසා දැමූ සියලුම සුරා සැල් නැවත විවෘත කිරීමට බැසිල් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නියෝග කර ඇත. මේ අනුව ඊයේ සවස සිට කැලණිය ප්‍රදේශයේ සියලුම සුරා සැල් නැවත විවෘත කර තිබෙණු දක්නට ලැබිණි.
නමුත් මේ අතරින් තවමත් විවෘත කර නොමැති සුරා සැල් කිහිපයක්ද ඇති බව පැවසේ. මොවුන් තවමත් සිය සුරා සැල් විවෘත කිරීමට කැමැත්තක් දක්වා නොමැත. කෙසේ වෙතත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම නියෝගයත් සමඟම ආචාර්ය මර්වින් සිල්වා මහතා දැඩි සේ කෝප වී ඇති නමුත් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කිරීමට ඇති නොහැකියාව නිසා නිහඬව සිටීමට තීරණය කර ඇත.
මේ අතර කැලණිය ප්‍රදේශයේ මෙතෙක් පැවැති අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ අණසකට බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම නියොගයක් සමඟ බොහෝ හානියක් සිදු ව ඇති අතර, බොහෝ ව්‍යාපාරිකයින් පවසා ඇත්තේ මින් පසු මර්වින් සිල්වාට ඕනෑ හැටියට තමන් කටයුතු නොකරන බවත්, තමන් වෙනුවෙන් මර්වින් සිල්වාට එරෙහිව රාජපක්ෂවරයෙකු සිටින බවත්ය. මේ අනුව කැලණිය ප්‍රදේශයේ මර්වින් සිල්වා මහතාට සිය ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමේ බලවත් අසීරුතාවයක් මතු වනු ඇතැයි ද පැවසේ.lankatruth

ස්ථානාධිපතිට අවනත නැතැයි කිරිබත්ගොඩ පොලිසියේ 44 කට ස්ථාන මාරු


කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 44 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලැබි ඇත. රාජකාරි අවශ්‍යතා මත යැයි පවසමින් අදාල ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එස්.දයානන්ද මහතා විසිනි. නමුත් වාර්තා වන අන්දමට මෙහි සැබෑ හේතුව වී ඇත්තේ අදාල පොලිස් නිලධාරීන් කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිට අවනත භාවයක් නොදැක්වීමයි.
මෙම ස්ථාන මාරුවීම් සඳහා වත්මන් රජයේ කැලණිය ප්‍රදේශයේ ඇමැතිවරයෙකු ඍජුවම සම්බන්ධව ඇත. ‍එනම් කිරිබත්ගොඩ පොලිසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති චමින්ද මහතා කිරිබත්ගොඩ පොලිසියට අනුයුත්ක කර ඇත්තේ වත්මන් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා විසිනි. චමින්ද මහතාට පෙර සිටි සමරකෝන් බණ්ඩා මහතා කිරිබත්ගොඩ පොලිසියෙන් මාරු කර යවන ලද්දේද අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අනුගතව සේවය නොකිරීම හේතුවෙනි. මර්වින් සිල්වා මහතා කැලණිය ආසන සංවිධායක ලෙස පත්වීම ලබා කිරිබත්ගොඩ මංසන්ධියට පැමිණි අවස්ථාවේදී එවකට කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කළ සමරකෝන් බණ්ඩා මහතා අදාල අවස්ථාවට සහභාගී නොවීම හේතුවෙන් සමරකෝන් බණ්ඩා මහතාට අමාත්‍ය මර්වින් සිල්වා මහතා බැන වැදුණු ආකාරය එදින මාධ්‍ය මගින් පළ කෙරිණි.
මෙයින් ආරම්භ වූ අමාත්‍ය මර්වින් සිල්වා මහතා පොලිසියට අත පෙවීමේ තත්ත්වය අවසන් වූයේ තමන්ට අවනත නොවන සමරකෝන් බණ්ඩා මහතාට ස්ථාන මාරුවීම් ලබා දී තමන්ට අනුකූල චමින්ද නමැත්තා කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති කිරීමෙනි. චමින්ද මහතා පසුගිය මැතිවරණයේදී ද අමාත්‍ය මර්වින් සිල්වා මහතාට ප්‍රසිද්ධියේ සහය දුන් බවත්, අමාත්‍යවරයාගේ නීති විරෝධී ක්‍රියා සාධාරණීකරණය කිරීමටත් කටයුතු කළ බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය.
මැතිවරණය අවසන් ව අමාත්‍ය ධූර ලබාගත් වහාම මේ ආකාරයෙන් කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරීන් 44 දෙනෙකු මාරු කිරීම ද, මැතිවරණ සමයේදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාට සහය ‍නොදැක්වීමත්, සහය දැක්වීම සම්බන්ධයෙන් වූ කිරිබත්ගොඩ ස්ථානාධිපති චමින්ද මහතාගේ නියෝගයන් නොසැලකීමත් බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.lankatruth

නියෝජ්‍ය නායකකම හැර වෙන ඒව මට එපා - සජිත් කියයි


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය හැර වෙනත් කිසිදු තනතුරක් තමන්ට අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත. ඒ මහතා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අවස්ථාවකදීය.
මෙහිදී පිරිස පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට රුක්මන් සේනානායක මහතාගෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ උප සභාපති ධූරය භාර ගන්නා ලෙසයි. වත්මන් පක්ෂ නායකත්වය වහා වෙනස් වය යුතු බවත්, වත්මන් පක්ෂ නායකත්වය තිබෙන තුරු තමන්ට කිසිදු මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත නොහැකි බවත් මෙහිදී පිරිස පවසා ඇත. නමුත් ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ උප සභාපති ධූරයෙන් තමන්ට වැඩක් නොමැති බවත්, පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් මෙහා කිසිදු තනතුරක් තමන් භාර නොගන්නා බවයි.
කෙසේ වෙතත් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමුවී කළ රහසිගත සාකච්ඡාව පිළිබඳව මෙම පිරිස් සාකච්ඡා කර ඇති අතර, පක්ෂයේ අභ්‍යන්තර රහස් ආණ්ඩු පක්ෂය දෙනු ලබන්නේ පක්ෂ නායකත්වය විසින්ම යන චෝදනාවද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාට බරපතල ලෙස එල්ල වී ඇත. lankatruth

රට හදන අලුත් මණ්ඩලය


නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය. නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය වශයෙන් අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්හි අමාත්‍යවරුන් 39 දෙනෙකු දිවුරුම් දෙනු ලැබීය.adaderana

රාත්‍රී සමාජ ශාලා වැටලීමක්


කොළඹ නගරයේ පවත්වා ගෙන ගිය නීතී විරෝධී රාත්‍රී සමාජ ශාලා කිහිපයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් වැටලීම් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේ එවැනි රාත්‍රී සමාජ ශාලා 12 ක් වැටලීම් කළ බවය.
බලපත්‍ර නොමැතිව පවත්වා ගෙන ගිය රාත්‍රී සමාජ ශාලා සහ බලපත්‍ර උල්ලංඝණය කරමින් මත්පැන් විකිණූ රාත්‍රී සමාජ ශාලා මෙසේ වැටලීම් වලට ලක් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. කොළඹ නග‍රයේ මෙන්ම ‍අනෙකුත් ප්‍රදේශ වල පවත්වා ගෙන යන රාත්‍රී සමාජ ශාලා මෙලෙස පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් පරිදි වැටලීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

ලිපිය වහාම ඉල්ලා අස්කරගන්නැයි ඉල්ලයි


අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත නිකුත් කර ඇති ලිපිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ඉල්ලා සිටියි. ගුරු සේවයේ උසස්වීම් සහ අන්තර්ගහන ක්‍රියාවලිය මෙම ලිපිය මඟින් අර්බුදයකට ලක් කර ඇති බව එම සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් කියා සිටියි.
වැටුප් ලබා දීමේ ක්‍රියාවලිය ද යළිත් වරක් අර්බුදයකට ලක් වන බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා පවසයි. අදාළ ලිපිය අහෝසි කිරීමට ක්‍රියා නොකළහොත් ගුරු අයිතීන් රැක ගැනී‍ම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදු වන බවට එම සංගමය අනතුරු අඟවා සිටියි. adaderana

ළමා සුබ සාධනයට වැඩි අවධානය


අවතැන් වූ කඳවුරුවල සහ යුද්ධයෙන් විපතට පත්වූ ළමුන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය වැඩි අවධානයක් යොමු කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ළමුන්ගේ ජීවිත පසුගිය දශක තුනක කාලය තුළ අනතුරකට ලක්වූ බව ඔහු පෙන්වා දෙයි. යුද්ධය හේතුවෙන් ආබාධිත වූ මෙන්ම මව්පියන් අහිමි වූ දරුවන් දහස් ගණනක් එම පළාත්වල සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරය‍ා සඳහන් කළේය.
එම දරුවන් වෙනුවෙන් විධිමත් අධ්‍යාපනයක් මෙන්ම යහපත් අනාගතයක් සකස් කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන බව හිස්බුල්ලා මහතා මඩකලපුව ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය. adaderana

එජාපයේ සැබෑ ප්‍රතිසංවිධානයක් ළඟදීම


එක්සත් ජාතික පක්ෂය තුළ මෙවර සැබෑ ප්‍රතිසංවිධානයක් සිදුවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
පක්ෂයේ නවක මන්ත්‍රීවරුන්ට නිසි තැන ලබාදීම අත්‍යවශ්‍ය බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. පක්ෂය තුළ තීරණ ගැනීමේ දී රට පිළිබඳව ගැඹුරින් සිතා බලා තීරණ ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බව ද මන්ත්‍රීවරයා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ප්‍රබලයින්ට පක්ෂය තුළ වැඩි වගකීම් ප්‍රමාණයක් ලබාදිය යුතු බව ද ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. adaderana

ජී.එස්.පී. ලබාගැනීමේ වගකීම තියෙන්නේ රජයට


ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාගැනීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා රජයට බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති බර්නාඩ් සැවේජ් මහතා පවසයි. ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද සැවේජ් මහතා සඳහන් කළේය. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි.
ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා පවතින බාධක ජයගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව සැවේජ් මහතා මෙහිදී පෙන්වා දී ඇත. යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජන ජීවිතය නගා සිටුවීම සඳහා සහය ලබාදීමට ‍යුරෝපා සංගමය සූදානම් බව ද සැවේජ් මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. adaderaana

චන්දන කත්‍රිආරච්චිගේ නිවසට ප්‍රහාරයක්


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගිය මහ මැතිවරණයට තරග කළ චන්දන කත්‍රිආරච්චි මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රබල ඇමතිවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බව චන්දන කත්‍රිආරච්චි මහතා පැවසුවේය. ඊයේ පස්වරුවේ මෙය සිදුවූ බව ඔහු කියා සිටියි. adaderana

තිබුණු ධුරයත් නෑ


මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කිසිඳු මන්ත්‍රීවරයෙකු ඇමති ධුරයන්හි දිවුරුම් දීම ඊයේ සිදුවූයේ නැත.
පසුගිය ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යධුර දැරූ කිහිපදෙනෙකුම මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ආචාර්ය සරත් අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල ඉන් ප්‍රධානය. පසුගිය ආණ්ඩුවේ බලශක්ති කැබිනට් නොවන අමාත්‍ය ධුරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියි. එස්.බී. දිසානායක මහතා ද මෙවර මහ මැතිවරණයෙන් එම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
මේ අතර පසුගිය අමාත්‍ය මණ්ඩලයේ තරුණ අභිවෘද්ධි හා සමාජ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය දැරූ ආරුමුගම් තොණ්ඩමන් මහතාට මෙවර අමාත්‍ය ධුරයක් හිමිවී නැත. පසුගිය ඇමති මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ධුරය දැරූ නවීන් දිසානායක මහතාට ද මෙවර ඇමති ධුරයක් හිමි නොවීම විශේෂත්වයකි. adaderana

රනිල්ව ඉවත් කිරීමේ යෝජනාවක් නෑ


රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිඳු යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බව ජාතික නීතීඥ සංගමය පවසයි.
පසුගිය දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති සාකච්ඡාවේ දී එවැනි කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොවූ බව එම සංගමයේ අජිත් පතිරණ මහතා අවධාරණය කරයි. adaderana