Saturday, April 24, 2010

බැසිල්ගෙන් මර්වින්ට ටොක්කක්


පසුගිය 18 වැනිදා කැලණිය ප්‍රාදේශීය මභා මන්ත්‍රීවරයෙකු යොදවා වත්මන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් කැලණිය ප්‍රදේශයේ සියලුම සුරා සැල් සිය කැලෑ නීතිය යොදවා වසා දැමු අතර, ඊ‍යේ එසේ වසා දැමූ සියලුම සුරා සැල් නැවත විවෘත කිරීමට බැසිල් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නියෝග කර ඇත. මේ අනුව ඊයේ සවස සිට කැලණිය ප්‍රදේශයේ සියලුම සුරා සැල් නැවත විවෘත කර තිබෙණු දක්නට ලැබිණි.
නමුත් මේ අතරින් තවමත් විවෘත කර නොමැති සුරා සැල් කිහිපයක්ද ඇති බව පැවසේ. මොවුන් තවමත් සිය සුරා සැල් විවෘත කිරීමට කැමැත්තක් දක්වා නොමැත. කෙසේ වෙතත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම නියෝගයත් සමඟම ආචාර්ය මර්වින් සිල්වා මහතා දැඩි සේ කෝප වී ඇති නමුත් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කිරීමට ඇති නොහැකියාව නිසා නිහඬව සිටීමට තීරණය කර ඇත.
මේ අතර කැලණිය ප්‍රදේශයේ මෙතෙක් පැවැති අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ අණසකට බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම නියොගයක් සමඟ බොහෝ හානියක් සිදු ව ඇති අතර, බොහෝ ව්‍යාපාරිකයින් පවසා ඇත්තේ මින් පසු මර්වින් සිල්වාට ඕනෑ හැටියට තමන් කටයුතු නොකරන බවත්, තමන් වෙනුවෙන් මර්වින් සිල්වාට එරෙහිව රාජපක්ෂවරයෙකු සිටින බවත්ය. මේ අනුව කැලණිය ප්‍රදේශයේ මර්වින් සිල්වා මහතාට සිය ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමේ බලවත් අසීරුතාවයක් මතු වනු ඇතැයි ද පැවසේ.lankatruth

0 comments:

Post a Comment