Saturday, April 24, 2010

ලිපිය වහාම ඉල්ලා අස්කරගන්නැයි ඉල්ලයි


අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත නිකුත් කර ඇති ලිපිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ඉල්ලා සිටියි. ගුරු සේවයේ උසස්වීම් සහ අන්තර්ගහන ක්‍රියාවලිය මෙම ලිපිය මඟින් අර්බුදයකට ලක් කර ඇති බව එම සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් කියා සිටියි.
වැටුප් ලබා දීමේ ක්‍රියාවලිය ද යළිත් වරක් අර්බුදයකට ලක් වන බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා පවසයි. අදාළ ලිපිය අහෝසි කිරීමට ක්‍රියා නොකළහොත් ගුරු අයිතීන් රැක ගැනී‍ම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදු වන බවට එම සංගමය අනතුරු අඟවා සිටියි. adaderana

0 comments:

Post a Comment