Thursday, March 11, 2010

මීළඟ ඉලක්කය ගුණාත්මක අධ්‍යාපනයක්


රටේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම රජයේ මීළඟ ඉලක්කය වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රටේ ඉල්ලුමට මෙන්ම ජාත්‍යන්තර ඉල්ලුමට ද සරිලන අයුරින් ගුණාත්මක අධ්‍යාපනයක් දරු පරපුර වෙත ලබාදිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අද පස්වරුවේ කැලණිය හෙලේනා විජයවර්ධන බාලිකා විද්‍යාලයේ සංචාරයක නිරත වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.
අධ්‍යාපනයෙන් මෙන්ම අධ්‍යාත්මයෙන් ද සංවර්ධිත ජය පරාජය පිළිගත හැකි පිරිසක් රටට දායාද කිරීම, ගුරුවරුන්ගේ වගකීම වන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. පාසලක දියුණුව ඇති වන්නේ එහි විදුහල්පතිවරයාගේ මෙන්ම ආචාර්ය මණ්ඩලයේ කැපවීම මත බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.ada

යුද අධිකරණය 16 දා කැඳවයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නඟා ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා මාර්තු මස 16-17 යන දෙදින තුළ යුද අධිකරණය කැඳවීමට තීරණය කර ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන්කරයි.
මේජර් ජෙනරාල් එච්.සී.පී.එස් වීරතුංග මහතා එහි සභාපතිත්වය දරන බව සඳහන් වේ.
මේජර් ජෙනරාල් ඒ.එල්.එච් විජේතුංග,ඩී.ආර්.ඒ.‍‍බී ජයතිලක,යන මහත්වරුන් සහ රියාද් අද්මිරාල් ඩබ්.ඩබ්.ජේ.එස් ප්‍රනාන්දු යන තිදෙනා යුද අධිකරණයේ විනිසුරුවන් ලෙස ක්‍රියා කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
නාවික හමුදා මූලස්ථානයේදී මෙම යුද අධිකරණය කැඳවීම සිදුකෙරෙන බව අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හමුදා ප්‍රකාශකයා කියා සිටියේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි සාක්ෂි සම්පිණ්ඩන වාර්තා පිළියෙළ කර අවසන් බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ මාර්තු මස 10 දාය.
මෙහිදී ඔහුට එරෙහිව යුදාධිකරණය හමුවේ චෝදනා 7 ක් ගොනු කෙරී ඇති වග බව මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා කියා සිටි අතර යුද හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනයේ යෙදීම සම්බන්ධයෙන් චෝදනා 3ක් ද යුද හමුදා උපදෙස් පිළිනොපැදීම සම්බන්ධයෙන් චෝදනා 4ක් ද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කෙරුණු බව සඳහන් කරන ලදී..
යුද හමුදා පනතේ 124 වන වගන්තියට අනුව සක්‍රීය හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනයේ යෙදීම ආශ්‍රිතව චෝදනාවක්ද සහිතව හමුදා පනතේ 102(1)වගන්තිය යටතේ චෝදනා 2 ක්ද ෆොන්සේකා මහතාට එරෙහි එකී චෝදනා ත්‍රිත්වයට ඇතුළත් වේ.
සෙසු චෝදනා 4 ගොනු කර ඇත්තේ හමුදා පනතේ 104(ඊ)වගන්තියට අදාළවය.
මෙම චෝදනා වලට අදාළව යුද අධිකරණය දින දෙකක් තුළ කැඳවනු ලැබීම සඳහා විනිසුරුවන් පත්කර ඇත්තේ යුද හමුදාපතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසිනි.
ෆොන්සේකා මහතාට එරෙහිව 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර එයින් 22 දෙනෙකු හමුදාසේවයේ නියුතු වූවන් වන අතර 7 දෙනෙකු පොලීසියේද තවත් 06 දෙනෙකු සිවිල් පුරවැසියන්ද වේ.
මේජර් ජෙනරාල් එච්.සී.පී.එස් වීරතුංග මහතා සභාපතිත්වයෙන් යුතු හා මේජර් ජෙනරාල් ඒ.එල්.එච් විජේතුංග,ඩී.ආර්.ඒ.‍‍බී ජයතිලක,යන මහත්වරුන් මෙන්ම රියාද් අද්මිරාල් ඩබ්.ඩබ්.ජේ.එස් ප්‍රනාන්දු යන තිදෙනාගෙන් යුතු යුද අධිකරණයේ විනිසුරුවන්ට අමතරව තවත් සිව් දෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් පත්කර ඇතත් ඒ කවුරුන්ද යන්න හෙළිදරව් කළ නොහැකි බව හමුදා ප්‍රකාශකවරයා පවසන ලදී.
යම් කිසි ගැටලුවක් පැන නැඟුණහොත් ක්‍රියාත්මකවීම සඳහා අතිරේක විනිසුරු මඩුල්ලක් ලෙස එය පිහිටවූ බවද හෙතෙම කියා සිටියේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා විභාග කිරීම සඳහා ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයින් සිටිය යුතු බවත්,එසේ නොමැතිව චෝදනා විභාග කිරීම නීති විරෝධී බවටත් ඇතැමුන් නඟන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ හමුදා පනතට අනුව ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ හෝ සම තත්ත්වයෙහිලා කිසිවෙකු නොවීනම් පහළ මට්ටමේ අයට පවා චෝදනා විභාග කළ හැකි බවය. යම් හෙයකින් ‍යුද අධිකරණයේ තීන්දුවෙන් ෆොන්සේකා මහතාට අසාධාරණයක් සිදුවී ඇතැයි ඔහුගේ පාර්ශවය විශ්වාස කරන්නේ නම් එකී තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ හැකි බවය.මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සිදුකර ඇති බවද ෙමහිදී අවධාරණය කෙරිණි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙබරවාරි මස 08 වෙනිදාය. ඔහු යුද හමුදාපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන අවධියේම විරුද්ධවාදීන් මෙන්ම ආරක්ෂක හමුදාව යොදාගෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කරමින් සිට බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීම සඳහා මේ අයුරින් අත්අඩංගුවට ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා එදින ප්‍රකාශ කර තිබිණි.
ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම යුද්ධයෙන් මුදාගත් රට තුළ යළි බෙදුම්වාදී තත්ත්වයක් ඇතිකිරීමට අහිතකර අන්දමින් බලපෑ හැකි යැයි අමෙරිකා එක්සත් ජනපදය පෙබරවාරි මස 09 වන දින අනතුරු අඟවන ලදී.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලාංකීය නීතියට අනුගතවේද යන්න පිළිබඳව තම දැඩි අවධානය යොමුකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක පිලිප් ක්‍රොව්ලි මහතා AFP වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණි. ---- ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අත්වූ ඉරණම පිළිබඳ තම අවධානයට ලක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා ද පවසා තිබුණි.
මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා වන මාර්ටින් නෙසර්කි පැවසූ පරිදි ශ්‍රීලංකාවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් සැලකිලිමත් බව බවත්,රජය නීතිමය ක්‍රියා මාර්ග ගන්නා අතරතුරදී ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව මහ ලේකම්වරයාගේ අදහස බවද මෙහිදී පෙන්වා දී තිබුණි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නුදුරේදීම මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරනු ඇති බවද මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා සඳහන් කර තිබුණත් එවැනි සාකච්ඡාවක් වූ බවට වාර්තා නොවුණි.
ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ මතවාද සමාජයේ විටෙන් විට ප්‍රකාශයට පත්වුවද එළඹෙන 16-17 දෙදින ඉතා තීරණාත්මක වන බව නම් අවිවාදිතය. ada

ලොකුම හෙරොයින් තොගය අත්අඩංගුවේ


ලංකා ඉතිහාසයේ ඉහළම වටිනාකමින් යුතු හෙරෝයින් තොගය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
හලාවත-මුතුපන්තිය ප්‍රදේශයෙන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශය විසින් කරන ලද වැටලීමකින් මෙම හෙරෝයින් තොගය සොයා ගැනීමට හැකි වූ බව හෙතෙම කියා සිටියි.
පසුගිය 06 වන දින ක‍ටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත මෙම හෙරෙයින් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙහි හෙරෝයින් කි.40 ක් සහ ග්රෑම් 812 ක් තිබී ඇති අතර වටිනාකම රුපියල් මිලියන 240 ක් පමණ වන බවද සඳහන් වේ. ada

ෆොන්සේකා වෙනුවෙන් නීති විශාරදයින් සූදානම්


හිටපු අගවිනිසුරු සරත් එන්ද සිල්වා ප්‍රමුඛ නීති විශාරදයින් පිරිසක් විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ සහ යුද අධිකරණයට ඉදිරිපත් කිරීමේ සූදානමට එරෙහිව කටයුතු කරමින් සිටින බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජෙනරාල් ෆොන්සේකා මහතා ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා බවත් ඔහු යුද අධිකරණයේදී ප්‍රශ්න කිරීමට තරම් ජ්‍යෙෂ්ඨයින් නැති බවත් හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා 5 ක් යටතේ චෝදනා ගොනු කර ඇති බවට පසුගියදා මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූවද කිසිදු චෝදනාවක් මේ වන තුරුත් පැහැදිලිව ඉදිරිපත් කර නැතැයිද ඒ මහතා කියා සිටියේය.
මේ වන විට මූලික කරුණු 2 ක් යටතේ චෝදනා ගොනුකරන්නට උත්සාහ දරමින් සිටින බවට ආරංචි ලැබී ඇතැයිද අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ‍හමුදා බාරයේ සිටින ෆොන්සේකා මහතා හමුවීමට නිල වශයෙන් ලබා දී තිබුණු පැයක කාලය මේ වන විට පැයක් දක්වා වැඩි කර ඇති බවද හෙතෙම කියා සිටියේය. ada

පක්ෂ මාරුව රජය පෙරළීමටත් වඩා අපහසුයි


පක්ෂ මාරුකිරීම රජයක්‍ පෙරළීමටත් වඩා අපහසු කාර්යයක් බව එස්.බී. දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් දරමින් සිටියදී තමන්ට ඉවත් වීමට සිදුවූයේ පක්ෂ නායකත්වයේ තිබූ අඩුපාඩු නිසා බව ඔහු සඳහන් කරයි.
කුණ්ඩසාලේ මැණික්හින්න ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීන් පිරිසක් අමතමින් එස්.බී. දිසානායක මහතා මේ අදහස් පළ කළේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ද පක්ෂ සාමාජිකයින්ට ඇහුම්කන් නොදී බෙදුම්වාදීන්ට සහය ලබාදීම නිසා නැවත වරක් පක්ෂය මාරුකිරීමට තමාට සිදුවූ බව එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ada

දඹුල්ල, මහ නගර සභාවක් ලෙස සංවර්ධනයට පියවර


දඹුල්ල ප්‍රාදේශීය සභාව මහ නගර සභාවක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව සඳහන්ය. දඹුල්ල නගරය දිවයිනේ අනෙකුත් නගරවලට වඩා ශීඝ්‍රයෙන් දියුණුවීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. දඹුල්ල නගර සභා බල ප්‍රදේශය නියෝජිත කොට්ඨාශ 12 කින් සමන්විතය. ada

ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ජලය නෑMarch 11, 2010 09:10 am


ඊයේ(10) දිනයේ සිට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ජලය නොමැතිකම නිසා රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය නිසා නියමිතව තිබූ සැත්කම් කිහිපයක්ම අවලංගු කිරීමට ද සිදුව තිබේ. මේ පිළිබඳව අද දෙරණ කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ සඳහන් කළේ ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ පිරිපහදු කිරීමේ කටයුතු සඳහා මෙසේ ජල සැපයුම නවතා දමා ඇති බවය. නමුත් හෘද රෝග ඒකකයේ කටයුතු සඳහා කිසියම් තාවකාලික විසඳුමක් හෝ ලබාදී නොමැති අතර මේ පිළිබඳව දැඩි අවධානය යොමුකරන ලෙස ජාතික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී. ada

මඩකලපුවේ බස් රියදුරන් උද්ඝෝෂණයක


තම ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා මඩකලපුව, කාන්තන්කුඩි පෞද්ගලික බස්රථ රියදුරන් ඊයේ උද්ඝෝෂණයක නිතර විය.
පසුගිය දා රාත්‍රියේ සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක රියදුරෙකුට පහරදී ඝාතනය කළ අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස උද‍්ඝෝෂකයින් ඉල්ලා සිටියේය. උද‍්ඝෝෂණය හේතුවෙන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පෞද්ගලික බස්රථ ධාවනය ඇණ හිට තිබුණි. කෙසෙ‍්වෙතත් පෞද්ගලික බස්රථ රියදුරු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සමන්තුරේ පොලිසිය ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ada