Friday, August 6, 2010

සක්විති ලොක්කා ලංකාවට ආවේ මාස 6 ට කලින්



මහා පරිමාණ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සක්විති රණසිංහ නැමැත්තා සිය බිරිඳ සමග යළි ලංකාවට පැමිණ ඇත්තේ මීට මාස 06 ට පමණ පෙරාතුව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.-

ඔහු මීට පෙර ද ඉන්දියාවේ සිට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවට පැමිණ යළි ඉන්දියාවට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

එහෙත් දැනට මාස 06 ට පෙරාතුව ඔහු ලංකාවට පැමිණ ඇත්තේ "රංජන්"නැමැති දෙමළ නාමයකින් යුතු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් බවද වාර්තා වේ..

ප්‍රථමයෙන් වත්තල පිහිටි සක්විති රණසිංහ ට අයත් නිවසක මොවුන් පදිංචිව සිට ඇති මුත් අද අත්අඩංගුවට පත්ව ඇත්තේ නවගමුව ප්‍රදේශයේ ඔහුගේ බිරිඳට අයිති නිවසේ පදිංචිව සිටියදීය.

පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවසූ පරිදි අද දහවල් නවගමුව කොරතොට මාර්ගයේ අඹගහ හංදිය ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට පත්ව ඇත.

නුගේගොඩ ‍පොලිස් අධිකාරිවරයාට සිවිල් ආරක්ෂක නිලධාරී පිරිසකගෙන් ලැබුණු තොරතුරකට අනුව දෙහිවල මෙහෙයුම් මැදිරියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ජංගම සංචාරයේ යෙදුණු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ප්‍රථමයෙන්ම සක්විතිගේ බිරිඳ හඳුනාගෙන ඇති අතර පසුව ඇය සමග සිටි පුද්ගලයා තමා සක්විති රණසිංහ බවට පිළිගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සක්විති රණසිංහ නැමැත්තා හඳුනාගත නොහැකි ලෙස රැවුල වවා සිටි බව ද පොලිසිය පවසයි.

2008 වසරේ සැප්තැම්බර් මාසයේ දී රුපියල් කෝටි 500 අධික මූල්‍ය වංචාවක් සිදුකරන ලද බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ලාංකීය ඉතිහාසයේ එක් පුද්ගලයෙකුට එරෙහිව එල්ල වු විශාලතම මූල්‍ය වංචා චෝදනාව ද මෙය‍ ලෙස සැලකේ.

නුගේගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මූල්‍ය සමාගමක් හරහා මුදල් නීති විරෝධී ලෙස මොහු මුදල් ලබාගෙන ඇති බවට වාර්තා පළ වූ අතර ඔහුට එරෙහිව එල්ල වී ඇති පැමිණිලි සංඛ්‍යාව 4,000කට අධික බවද සඳහන් වේ.

ඉංග්‍රිසි ගුරුවරයෙකු ලෙස ප්‍රකටව සිටි සක්විති රණසිංහ ව්‍යාජ නමකින් පෙනී සිටියෙකු බව ද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබිණි.

එවක මොහුගේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු මිරිහාන පොලිසියේ අපරාධ අංශය විසින් මොහු විදේශකට පලාගොස් ඇති වග අනාවරණය කරගෙන තිබිණි. adaderana.lk

මේ මනුස්සයා කොයි නායකයාටද..?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායකයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය නිල වශයෙන් ලබාගත්තේය. සමරවීර මහතා සමග තවත් සාමාජිකයින් 21 දෙනෙකු සංකේතාත්මකව එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගනු ලැබීය. කෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙම පිරිස පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ. එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ හා ගාමිණී ජයවික්‍රම යන මහත්වරුන් සමග මංගල සමරවීර මහතා කතාබහක යෙදී සිටි අයුරු මෙසේ කැමරා ඇසට හසුව තිබිණි. adaderana.lk

කට්ටි පැනපු සක්විති නවගමුවේදී මාට්ටු


මූල්‍ය වංචාවන් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ සක්විති රණසිංහ නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

සක්විති රණසිංහ නැමති අය සහ ඔහුගේ බිරිඳ ද වෙස්වළාගෙන සැරිසරන බවට ලැබුණු තොරතුරක් මත නවගමුව ප්‍රදේශයේදී මිරිහාන පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා අත්අඩංගුවට පත් දෙදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකොට ඇති බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි. adaderana.lk

සෙබළුන් 15 ක් රෝහලේ-අයෙකුගේ තත්ත්වය බරපතලයි


ඒ-09 මාර්ගයේ වව්නියාව ඊරපෙරියකුලම් පොලිස් මුරපොළ ඉදිරිපිටදී යුද හමුදා බස් රථයක් අනතුරට ලක්වීමෙන් සෙබළුන් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

අද පෙරවරුවේ අනුරාධපුරය බලා ගමන් ගනිමින් තිබුණු මෙම බස් රථය පොලිස් මුරපොළ ආසන්නයේ දී පාරෙන් ඉවතට පැන පලු ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

වව්නියාව රෝහලට ඇතුළත් කළ සෙබළුන් 15 දෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

සුමන රතන හිමිගේ උපවාසයට තවත් දෙන්නෙක්


නැගෙනහිර පළාතේ සිංහල ජනතාවට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා රැසක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

අද දිනයේ තවත් ස්වාමීන් වහන්සේ දෙනමක් මෙම උපවාසයට එක්වූ බව අද දෙරණ කළ විමසීමක දී උන්වහන්සේ සඳහන් කළේය.

මඩකළපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවට සිංහල භාෂාවෙන් රාජ්‍ය ආයතනවලදී කටයුතු කරගැනීමට‍ නොහැකිවීම, විනාශ වී ඇති බෞද්ධ වෙහෙර විහාරස්ථාන පිළිසකර කිරීම, අවතැන් වූ සිංහල ජනතාව යළි පදිංචි කරවීම උන්වහන්සේගේ ඉල්ලීම් අතර වේ.

සිංහල ජනතාව නියෝජනය කිරීම සඳහා නියෝජිතයෙකු පත්කරන ලෙස ද ජනාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිය ද ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව අම්පිටියේ සුමනරතන නාහිමියන් පෙන්වා දෙයි.

මේ අතර මඩකළපුව නගර මධ්‍යයේ මෙම භික්ෂූන් වහන්සේ උපවාසයේ නිරතව සිටින ස්ථානයට බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්‍.‍කේ.ඩී.එස්.ගුණවර්ධන මහතා අද අලුයම පැමිණ උන්වහන්සේලා සමග කතා බහ කළ බව ද සඳහන් වේ. adaderana.lk

රනිල් මංගලට සාමාජිකත්වය දෙයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායකයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය නිල වශයෙන් ලබාගත්තේය. සමරවීර මහතා සමග තවත් සාමාජිකයින් 21 දෙනෙකු සංකේතාත්මකව එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගත් බව අද‍ දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

කෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙම පිරිස පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය විසුරුවා හැ‍රෙන අතර එහි සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂය සමග එක්වනු ඇත. adaderana.lk

රථ තුනක් එකට ගැ‍ටී එක් අයෙකු මරුට


කොළඹ - රත්නපුර ප්‍ර‍ධාන මාර්ගයේ අවිස්සාවේල්ල, තුන්මෝදර මංසන්ධිය ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් අයෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ‍කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ලොරි රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා යතුරු පැදියේ ගමන් ගත් අය බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana.lk

කෙහෙළිය මරන්න හැදුවාට කඩිනමින් නඩු


අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඝාතනය කිරීමට උත්සාහ කළේ යැයි අත්අඩංගුවට ගෙන රඳවා සිටින සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කර තිබේ.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී රහස් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා මෙම නියෝගය සිදුකළේය. 2008 ව‍සරේ පිට‍කොටුව ‍පොලිස් බල ප‍්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ විශේෂ වැටලීමක දී අදාළ චෝදනා සම්බන්ධ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු ප්‍රභූවරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව සැකකරුවන් ලබන 25 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. adaderana.lk

හෙරොයින් සමග රද්දොළුගමදී පුද්ගලයෙක් කොටුවෙයි


හෙරොයින් ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 790 ක් සමග සැකකරුවෙකු රද්දොළුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු බොරැල්ල, මැගසින් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රද්දොළුගම පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. මේ අතර වව්නියාව, පෙරියකෝමරසන්කුලම් වැව අසලදී අත් බෝම්බයක් සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙ‍ෙනකු වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට‍ ගෙන ඇත. ඔවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.adaderana.lk

ප්‍රභාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනවා


ප්‍රභා ගනේෂන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තමන් තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි. ආණ්ඩු පක්ෂයට එක්වීමේ ඔහුගේ තීරණය සම්බන්ධයෙන් තමන් හෝ පක්ෂය කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත්, එය ප්‍රභා ගනේෂන් මහතාගේ තනි තීරණයක් බවත් මනෝ ගනේෂන් මහතා පෙන්වාදෙයි.

මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමග යම් යම් මත ගැටුම් පැවතියද දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අරමුණු ඉටුකිරීමට තම පක්ෂය බැඳී සිටින බව ඒ හතා අවධාරණය කරයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමේ අවසරය ප්‍රභා ගනේෂන් මහතා වෙත ලබා දී තිබූ බව ද මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. adaderana.lk

ධනුනගේ මවට අද චෝදනා පත්‍ර බාරදෙයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන කාර්යාලයට අයත් රුපියල් කෝටි 7කට අධික මුදලක් පෞද්ගලික බැංකු සේප්පුවක නීතිවිරෝධී ලෙස තැන්පත් කර තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ධනුන තිලකරත්න මහතාගේ මෑණියන් වන අශෝකා තිලකරත්න මහත්මියට අද චෝදනා පත්‍ර බාරදීමට නියමිතය. කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ මෙම චෝදනා පත්‍ර භාර‍දීමට නියමිතව තිබේ.

ඒ අනුව අද අධිකණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අශෝකා තිලකරත්න මහත්මිය වෙත පසුගිය දා නොතීසි නිකුත් කරනු ලැබීය. අදාළ මුදල් නීතිවිරෝධී ලෙස තැන්පත් කරතැබීම‍ හේතුවෙන් විනිමය පාලන පනත උල්ලංඝණය කරන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ. adaderana.lk

මංගල ඇතුළු පිරිස අද එජාපයට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වීම අද සිදුවේ. පසුගිය දා රැස්වූ මහජන පාර්ශවයේ විධායක සභාව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය විසුරුවා හැරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයට එක්වන මංගල සමරවීර මහතා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද මාතර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ද පත්කිරිමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. adaderana.lk

ඉවසීමේ සීමාව ඉක්මවුවොත් නිලතල බලතල බලන්නේ නෑ


සමෘද්ධි නිලධාරින් සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් තමාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියහොත් නිලතල බලතල ගැන නොතකා ක්‍රියා කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි. කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

විහාරස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබේදැයි සොයාබැලීම සඳහා ද ඉදිරියේ දී නිරීක්ෂණ චාරිකාවල නිරත වන බව ද මර්වින් සිල්වා මහතා එහිදී පැවසීය. adaderana.lk

මන්නාරමේ තෙල් කැණීම් අදියර තුනකින්


මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුකරන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. එහි පළමු අදියරේ තෙල් කැණීමේ කටයුතු ලබන වසර මුලදී ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

2008 වසරේ දී රජය සහ පෞද්ගලික සමාගමක් අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව වසර 3ක් තුළදී පළමු අදියරේ කටයුතු නිමකිරීමට නියමිතය. මේ සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 172කි. adaderana.lk

ජනප්‍රිය පාසල් සංකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා


ජනප්‍රිය පාසල් පිළිබඳ සංකල්පය ලබන වසරේ දී සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රටක ජනප්‍රිය පාසල් කිහිපයක් ‍පමණක් තිබිය නොහැකි බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.adadeerana.lk