Friday, August 6, 2010

සුමන රතන හිමිගේ උපවාසයට තවත් දෙන්නෙක්


නැගෙනහිර පළාතේ සිංහල ජනතාවට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා රැසක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

අද දිනයේ තවත් ස්වාමීන් වහන්සේ දෙනමක් මෙම උපවාසයට එක්වූ බව අද දෙරණ කළ විමසීමක දී උන්වහන්සේ සඳහන් කළේය.

මඩකළපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවට සිංහල භාෂාවෙන් රාජ්‍ය ආයතනවලදී කටයුතු කරගැනීමට‍ නොහැකිවීම, විනාශ වී ඇති බෞද්ධ වෙහෙර විහාරස්ථාන පිළිසකර කිරීම, අවතැන් වූ සිංහල ජනතාව යළි පදිංචි කරවීම උන්වහන්සේගේ ඉල්ලීම් අතර වේ.

සිංහල ජනතාව නියෝජනය කිරීම සඳහා නියෝජිතයෙකු පත්කරන ලෙස ද ජනාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිය ද ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව අම්පිටියේ සුමනරතන නාහිමියන් පෙන්වා දෙයි.

මේ අතර මඩකළපුව නගර මධ්‍යයේ මෙම භික්ෂූන් වහන්සේ උපවාසයේ නිරතව සිටින ස්ථානයට බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්‍.‍කේ.ඩී.එස්.ගුණවර්ධන මහතා අද අලුයම පැමිණ උන්වහන්සේලා සමග කතා බහ කළ බව ද සඳහන් වේ. adaderana.lk

0 comments:

Post a Comment