Friday, August 6, 2010

ධනුනගේ මවට අද චෝදනා පත්‍ර බාරදෙයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන කාර්යාලයට අයත් රුපියල් කෝටි 7කට අධික මුදලක් පෞද්ගලික බැංකු සේප්පුවක නීතිවිරෝධී ලෙස තැන්පත් කර තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ධනුන තිලකරත්න මහතාගේ මෑණියන් වන අශෝකා තිලකරත්න මහත්මියට අද චෝදනා පත්‍ර බාරදීමට නියමිතය. කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ මෙම චෝදනා පත්‍ර භාර‍දීමට නියමිතව තිබේ.

ඒ අනුව අද අධිකණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අශෝකා තිලකරත්න මහත්මිය වෙත පසුගිය දා නොතීසි නිකුත් කරනු ලැබීය. අදාළ මුදල් නීතිවිරෝධී ලෙස තැන්පත් කරතැබීම‍ හේතුවෙන් විනිමය පාලන පනත උල්ලංඝණය කරන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ. adaderana.lk

0 comments:

Post a Comment