Friday, August 6, 2010

කෙහෙළිය මරන්න හැදුවාට කඩිනමින් නඩු


අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඝාතනය කිරීමට උත්සාහ කළේ යැයි අත්අඩංගුවට ගෙන රඳවා සිටින සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කර තිබේ.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී රහස් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා මෙම නියෝගය සිදුකළේය. 2008 ව‍සරේ පිට‍කොටුව ‍පොලිස් බල ප‍්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ විශේෂ වැටලීමක දී අදාළ චෝදනා සම්බන්ධ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු ප්‍රභූවරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව සැකකරුවන් ලබන 25 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. adaderana.lk

0 comments:

Post a Comment